Sunday, September 4, 2016

මගේ භයානක හෙම්බිරිස්සාව සමඟ සුරංගනා ලෝකයක ඉබාගාතේ ගිය හයේ පන්තියේ පුංචි උන් ටික


01 කොටස


මගේ ගෙදරත් රාජකාරී ස්ථානයත් අතර මහා දුර දිනපතාම ආ ගිය මම සති අන්තය කිට්ටු වන විට හොට බිම ඇනෙන තරමටම හෙම්බත් වී සිටීම නොවිය හැක්කක් නොවේ.හිස මත පදිංචිව  ඉන්න හිසේ ඇම්ම පැත්තකින් තබා සුද්දාත් සමඟ එක්ව ගේ දොර වැඩ අහවර කරන කොට අඩුම ගානේ රෑ 7.30 වත් වෙයි.නා කියාගෙන පුටුව මත පශ්චාත් බාගය සතපවමින් විවේක සුවයක් ලබන්නට නම් අඩුම ගානේ තවත් පැයක් වත් ඉවසිය යුතු වෙයි. ඊට පසු හෙට  පාඩම් සඳහා ලෑස්ති විය යුතුය(මොකාද යකෝ ගුරු රස්සාව නිදහස් කියල කීව එකා)


මේ මොලේ අවුල් කරවන දින චර්යයාවත්, තෙත කොණ්ඩය පිටින්ම නිදි දෙවු දුව සොයා සවාරි ගැසීමත් කරණ කොට ගෙන හෙම්බිරිස්සාවක් විසින් නහය බදු ගැනීම පුදුම විය යුත්තක් නොවේ.මගේ නැන්දම්මාට අනුව නම් පුදුම විය යුත්තේ මට නිව්මෝනියාව නොහැදීම ගැනය.

බස් 03ක ගමනෙන් දූවිලි දාඩිය කුණු නාගෙන ගෙදර එන මං හෙම්බාට කුද ගසා ගන්න යැයි කියා නෑවේ වෙහෙස කර දවසක් අවසානයේ  ඉන් හිතට ලැබෙන ප්‍රබෝධය හුඟක් වටින හන්දාය.

අන්තිමට තද බල උගුර අමාරුවකින් හා නොනවතින කැස්සකින් බෞතීස්ම ලද මං කෙදිරියක්වත් නොනගා හිටියේ මගේ අසාමාන්‍ය දරා ගැනීමේ හැකියාව නිසා නොව “සැමියාගේ නම් දෙවියාගේ වදන් නොසලකා හරින හිතුවක්කාර වයිපරේලාට ඔහොම වී මදියැයි “ ඇනුම් පද කියන සුද්දාගේ කට වසා දැමිය හැකි එකම මග මං ෆුල් ෆිට් එකේ ඉන්නා වග මවා පෑම නිසාය.

දවසකට අඩුම ගානේ පීරියඩ් හතක් වත්ඉගැන්විය යුතු ව තිබුනත් පාසල අමතක කර දමා ටියුෂන් සරණං ගච්චාමී වූ උසස්පෙල දරුවන්ට පාසල් නොපැමිණීම ගැන  පිං දෙමින් ඔවුන් යලට මහට හෝ පැමිනි දිනට පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර දී යන්තම් පීරියඩ් කවර් කර ගතිමි.මේ වන විට පාසල් දින වලද ටියුෂන් පැවැත්වීම ගැන ටියුසන් ගුරංගේ මවු දෙමව්පියන් සිහි කරමිං හිටි මං එයද නවතා දැම්මේ මෙබදු  අවස්ථාවක දරුවන්ට උගැන්වීමට තිබිනා නම් මං පත්වන අපහසුතාවය සිහිකරමිනි.

එක පීරියඩ් එකකට වතුරබොතලය ගානේ පාවිච්චි කරමින් අමාරුවෙන් කටහඩ හොයාගෙන ඉගැන්වූ මං වහාම එය නවත්තා 6,7,8,9 පංති වලටද ප්‍රශ්න පත්‍ර තියරිය ක්‍රියාත්මක කලේ එහා පංතියේ උගන්නන අළුත් සර් කවුද කියා බලන්ට එබී බැළු බව කිවූ 9යේ කොල්ලෙකුගේ කට කැඩුන කතාවකින් පසුවය.(මේ වන විට මගේ හඩ ඉතා ගොරෝසු වී  තිබිණි.)

අප පාසලේ ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂය උගන්වන්නේ  A හා B පන්ති 02 කොටස් 5කට කඩා ගුරුවරුන් 5 දෙනෙක් විසිනි.ආහාර තාක්ෂණය,ව්‍යාපාර,රූපන,කෘෂි කර්මය,ආරම්භක තාක්ෂණය යන පරිඡේද සඳහා විශේෂ දැනුම ඇති ගුරුවරු ඉන් කොටස බැගින් බාර ගන්නා අතර අදාල පාඩම ඉවර වූ පසු ගුරුවරුන් අතර දරැවන් කණ්ඩායම් මාරු කර ගනී.එය ඉතා සාර්ථක ක්‍රමයක් බව මගේ පුද්ගලික හැඟීම වන අතර මුළු විෂය නිර්දේශයම එක් ගුරුවරයෙක් උගන්වනවාට වඩා  දරුවන්ට වාසි දායකද වේ.පාසලේ ව්‍යාපාර අධ්‍යයනය ගුරුවරයා වූ මට ව්‍යාපාර කොටස හිමි වී ඇත.

ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා සේ මේ ගුරුවරුන් දෙදෙනෙක් පුහුනුවක් සඳහා ගිය අතර ඒ කණ්ඩායම් දෙකද රිලීෆ් හැටියට  මටම ලැබීම නිසා මං හොල්මං වී ගියෙමි.එයද හය වසරය.ඉන්නේ දඟ මළුය.අපේ අවධානය එක් තප්පරයකට හෝ බිඳුනොත් වහලේ උළු උඩ යැවීමට තරම් සද්ද කිරීමට ඔවුන් නොපැකිලෙති.

සති තුනක් ගත වීලාත් මගේ කට හඩ තාම අවුල්ය.ප්‍රශ්න තියරිය දැමිය නොහැක්කේ ව්‍යාපාර කොටසේ දරුවෝ ඒවාට උත්තර ලියන විට අනිත් කන්ඩායම් දෙකම යකා නටන බව අනිවා ඩෙෆා හින්දාය.ඒ මදිවාට ඩබල් පීරියඩ්ය.මට ත් පිස්සු ඩබල් වී යන්ට එනවාය.

අවසානයට අවසානයට අවසානයට එය ආවේය.මගේ ටිකිරි මොලයට කල යුත්තේ කුමක්දැයි  අවසානයේදී වැටහිනි.

මම පොල් අකුරෙන් මෙසේ කළු ලෑල්ලේ ලීවෙමි.
·         එඩිතර කුමාරයෙක්
·         ගින්දර ගලන ගඟක්
·         මකරෙක්
·         කතා කරන මල් සත්තු ඉන්න කැළයක්
මේ චරිත ඇතුලත් කර කොළයක කතාන්දරයක් හදන්න.

“අයියෝ මිස්  කළු ‍බෝඩ් එකේ ලියල තියනව ඇදයි“ එකෙක් කියයි.
මම පංතිය දෙස බලා හිටියේ ඊළඟට යකා නටන්ට පටන් ගත්තොත් කල යුතු දේ ගැන කල්පනා කරමිනි.
“මිස් අද අනිත් කණ්ඩායම් වල ලමයි ඉන්නවනෙ.අද ත් කතන්දරයක් කියල දෙන්නකෝ....“
“පේන් නැද්ද මිස්ට සනිප නෑ කට හඩත් වෙනස් වෙලා“
කෙල්ලක් සැරෙන් කියයි.
කතා ඇති දැන් ඔය ටික ලියන්න.අද ඔයාල මට කතාවක් ලියල දෙන්නනෝ...
ඉන් පස්සේ ඇහුනේ පොත් වලින් කොල ඉරෙන සද්දය පමණි.අතරින් පතර පුටු පුටු සද්ද හිකි හිකි සද්ද ටක් ටොක් සද්ද නෑහුනාම නෙමෙයි....ඒත් සමස්ථයක් හැටියට සියළු දෙනාම ඔළුව නමාගෙන වැඩය.මම පංතිය වටේ රවුම් ගසමි.කොළවලට එබෙමි.
පීරියඩ් දෙක අවසානයේ කොපි කොල ගොන්නක් මගේ අතේ විය.අද මේ  පෝස්ට් එකේ ඉඩ ඒ දරුවන්ගේ නිර්මාණ වලින් මට රහක් දැනුන ඒවාටය.


01.   එලියන්ට් කුමාරයා    - පී.කේ .ගිහාන් පුතු විසින්

ඔන්න එක රටක එඩිතර කුමාරයෙන් හිටියා.එයාගේ නම එලියන්ට්.කැලේ ඉන්න හැම සතෙක්ම එලියන්ට් කුමාරයා එක්ක යාළුයි.කුමාරයාට හරිම  ආදරෙයි.ඒත් එක නපුරු සිංහයෙක් හිටියා.සිංහයාට කවුරුත් කැමති නැති හංදා ඌ හිටියේ එලියන්ට් කුමාරය ගැන ඉරිසියාවෙන්.දවසක් කුමාරයා කැලේ යාළුවො ටික බලන්ට ආවා.මාලිගාවෙන් අරං ආපු අළුත් පළතුරු ගොඩකුත් අරගෙන.සිංහයා ඈතින් එන කුමාරයා දැක්කා.අනිත් සත්තු කවුරුත් ලඟ නෑ.කුමාරයා මරන්ඩ හොඳම වෙලාව.සිංහයා හිතුවා. සිංහය දැකල කුමාරය බය වෙලා කෑ ගැහුව.ඒ සද්දෙ ඇහුන එතනින් ආපු මකරෙකුට.කුමාරයාගෙ කරුණාවන්ත කම අහල ඒ මකර ඈත රටක ඉඳල කුමාරය බලන්නමයි ඇවිත් තිබුනෙ.මකර සිංහය මරල කුමාරය බේර ගත්තා.
කුමාරයා මකරගෙ පිට නැගිල මාලිගාවට යන ගමන් මකරගෙ විස්තර ඇහුව.මකරුන්ටත් වඩා බයානක ගිනි මකරු ජාතියක් මකර රටට ඇවිත් බවත් මකරු සේරම එකතු වෙලා උන්ව පොලවේ වැළළුවත් ඒ රට හුඟක් රස්නෙ හංද මකරුන්ටවත් එහෙ ඉන්ඩ බැරි බවත් මකර කිව්ව.
“ඔයා අපි එක්ක ඉන්ඩ“ - කුමාරය කිවා.පිය රජතුමත් ඒකට කැමති වුනා.
“ඔයාගෙ නම මොකක්ද“ පිය රජතුමා ඇහුව.
“මං මකර“
“නෑ නෑ නම..“.
“මකරම තමයි...මගෙ තාත්තත් මකර, අයියත් මකර ,මල්ලිත් මකර, මාත් මකර...“.මකර කීවා
අපි ඔයාට අබියෝග් කියමු“...කුමාරයා කීව.මකර කැමති වුනා
අබියොග් ලස්සන නම...පිය රජුත් කීව.
කුමාරයට ගිණි මකරු ඉන්න තැන් බලන්ඩ ඕන උනා.
“ළඟට යන්ඩ බෑ පිච්චෙනව.. වලාකුලකට මුවා වෙලා ඈතින් ඉඳන් බලමු..“මකර කීවා.
දෙන්නම මකර රටට ගියා.එක තැනකින් මලක් වගේ ගින්දර විසික් වෙලා ඒව ගඟක් වගේ ගලන හැටි මකර කුමාරයට පෙන්නුව.
අදත් පොළව යට ගිනි මකරු වැලලිලා ඉන්නව.උන්ට කේනිති ගියාම ගින්දර ගංගා ැදෙනව.අපි අද ඒවට කියන්නෙ  ගිනි කඳු කියල.හොඳ මකරු මේ ලෝකෙන් යන්ඩ ගිහින්



02.වීර ගනේෂ්  -  වී .එම්.අශාන් දිනුක පුතු විසින්

“සුභ උදෑසනක් ..ගනේෂ්“- මකර කිවා
“සුභ උදෑසනක්...අදත් අපි අහසේ රවුමක් යමුගනේෂ් කීවා
“අහසේ පියාඹන්න එපා නපුරු රාජාලියෙක් අහසේ ඉන්නවා...“කුරුල්ලෙක් කීව..
“කුමාරයා එඩිතරයි..රාජාලියෙකුට බය නෑ- ඇවිත් පැණි ටිකක් බොන්න -අපි පරවෙන්ඩ කලින් “මලක් කුරුල්ලට කීව
“මට අදත් ගිණි ගඟ උඩින් ගිහින් කුමරිය බලන්ඩ ඕන. මකරෝ මට උදවු කරනවද ?“ගනේෂ් ඇහුව.
“අපෝ මහ රජතුමාගෙ දුවද.රජතුමා හරි නපුරුයි..අපේ ලොකු අයිය මරල කැලේ ඉඳන්ම පුච්චං කෑව...“මුවෙක් කීව.
“ඒත් කුමාරි එහෙම නෑ.. ලස්සනයි වගේම අහිංසකයි...“ගනේෂ් කීව
මකරයි ගනේෂුයි කුමරිය බලන්ඩ ගියා.ඒ දෙන්න කතා කර කර ඉන්න අතරෙ මකර නිදා ගත්ත.
ඒ වෙලාවෙ රජ්ජුරුවො ගනේෂ් අල්ලගෙන උල තියල මරන්ඩ නියම කලා...
එතනට ආපු මකර ගනේෂ්ට යන්ඩ දුන්නෙ නැත්තං මාලිගාවම ගිනි තියනව කියල රජ්ජුරවො බය කරා..
රජ්ජුරුවො බය වෙලා කුමරිය ගනේෂ්ට කසාද බන්දල දුන්න.රජ්ජුරුවො මැරුනට පස්සෙ ගනෙෂ් රජ වුනා.සත්තු මරන්ඩ මස් කන්ඩ රටේ මිනිස්සුට තහනම් කලා.එළවළු කුඹුරු වවලා මිනිස්සුන්ට ඇති කරම් කන්ඩ දේවල් දුන්න.නපුරු රාජාලියා මරල කැලෙත් බේර ගත්ත.අද එයාට රටේ මිනිස්සු කියන්නෙ වීර ගනේෂ් කියල


02.  එඩිතර කුමාරයා  -  කවීනා ෂෙහානි දියණිය විසින්

එකමත් එක රටක එඩිතර කුමාරයෙක් හිටියා.එයාගෙ නම ඇලඩින්.එක දවසක් එයාගෙ රටටකවදාවත් දැකල නැති අමුතු සතෙක් ආවා.මිනිස්සු දැනගෙන හිටියෙ නෑ මේ මොන ජාතියේ සතෙක්ද කියල.ඒත් ඒ සතාට කතා කරන්න පුළුවන් නිසා මිනිස්සුන්ට පුළුවන් වුනා මේ සතාගෙ නම ලේසියෙන් දැන ගන්න.එහෙම වුනේ කොහොමද කියල ඔයාල දන්නෙ නැතුව ඇති.ඒ සතා කෑගහනවා “මම තමයි ලෝකෙ ඉන්න ලොකුම මකර “කියල.මකර ගිණි බෝලයක් පිම්බම ඒ බෝලෙ පිපිරිලා ගින්දර ගඟක් ගලාගෙන ගියා.ඒකෙන් රාජධානියෙන් බාගයකම මිනිස්සු උණු වෙලා දියවෙලා මුහුදට ගලාගෙන ගියා.ඇලඩින් කුමාරයා ඉදිරිපත්වෙලා මකර මරල රට බේරගත්ත.හැමෝම කුමාරයට ආදරේ කරන්න ගත්ත.ඊට පස්සෙ හැමෝම හොඳින් ජීවත් වුනා.


03 . එඩිතර කුමාරයා -  චතුමිණි ෂෙහාරා දියණිය විසින්

දවසක්දා එඩිතර කුමාරයෙක් කැලයක් මැදින් ගමන් කරන විට කතා කරන මල් සත්තු කුරුල්ලෝ ගොඩක් හමු විය.ඔහු එයාලා සමඟ සෙල්ලම් කලේය.
අතර මගදී මකරෙක් ඔහුට පහර දුන්නේය.ඔහු ගඟ ලඟටම දිව්වේය.
දුවන්න දුවන්න මකරෙක්...කියමින් කුමාරයා ගඟෙන් එතෙර(“එතෙර “වචනය මගේය.දරුවා ලියා තිබුනේ“පාස් කර“ යන වචනයයි) වී දිව්වේය.මකරා තමන් පසු පස නාව හින්දා කුමාරයා ආපසු ඇවිත් බලන විට ගගේ වතුර වෙනුවට තිබුනේ ගින්දරය.මිනිස්සු පිච්චෙමින් කෑ ගසති.කුමාරයා එක කඩු පහරින් මකරා මරා දැම්මේය.ආයෙත් ගඟේ වතුර ගලන්නට පටන් ගත්තේය.මිනිස්සු කුමාරයට ස්තූති කලෝය.කැලේ සත්තු මල් සේරම ස්තූති කලෝය

04.නාන්ඩ ගිය කුමාරයා- සමිත පැතුම් පුතු විසින්

එක කුමාරයෙකුට කැලේ  ගඟෙන්  නාන්ඩ යන්න ඕන වුනා.රජතුමා යන්ඩ දුන්නෑ.
“නපුරු මකරෙක් ඒ කැලේට යන හැම මිනිහෙක්ම මරං කනව..“රජු කීවා.කුමාරයා හිතුවේ තාත්ත බොරු කියනව කියල.ඒ හංද  කුමාරය මාලිගාවෙන් හොරෙන් පැනල ගඟට යන්න ගියා.
“යන්ඩ එපා යන්ඩ එපා..“මල් සත්තු කුරුල්ලො කුමාරයව ආපහු හරවන්ඩ ගොඩක් උත්සහ කලා.
කුමාරයා ගඟලඟට ඇවිත් නාන්න බැළුවා.ඒ ගඟේ වතුර නෑ.තිබුනෙ ගින්දර.මකරෙක් ගලක් උඩ ඉඳන් ගින්දර පිඹිනව
“ගොඩ කාලෙකට කලින් මකර ගඟේ වතුර සේරම බීල ඉවර කලා“ලඟ තිබුන ලොකු ගහක් කුමාරයගෙ කනට නැමිල කීව
කුමාරයා පණ එපා කියල දිව්ව..
“දෙමව්පියො කියන දේවල් අහන් නැති නරක ළමයි ඔහොම බය කරන්ඩ තමයි ඕන  “ කුරුල්ලෙක් මකරගෙ කන ලඟ ඉඳගෙන කීව.මකරත් හයියෙන් හිනා වුනා...ආයෙත් ගින්දර වෙනුවට ගඟ දිගේ වතුර ගලාගෙන ගියා...
මේ වහින කාලෙ හිංද වතුර පාර හුඟක් සැරයි.පුංචි කුමාරයා බැස්ස නං මැරෙනව..ස්තූතියි මකරෝ...ගඟේ පීන පීන හිටපු මාළුවෙක් කීව.
ආයෙ කවදාවත්ම කුමාරයා කැලේට ගියෙත් නෑ.අම්මලා කියන දේවල් අහන් නැතුව හිතුවක්කාර උනෙත් නෑ


05. යාළුවෝ -  සහන් කාවින්ද ජයවර්ධන පුතු විසින්


සුභ උදෑසනක් යාළුවනේ..රොබින් කුරුල්ලා කීවා
යාළුවා මං පරක්කු වුනාද කියලා අහමින් සැලලිහිනියා ආවා.
අන්න මකර මල්ලිත් එනවා ෆීනික්ස් කුරුල්ලා කීවා
අපි ගින්දර ගලන ගගේ නාන්න යං - මකර මල්ලී කීවා
අපෝ බෑ අපිව පිච්චිලා මැරෙයි..සැලලිහිනියා බය වෙලා කිව්වා..
ගින්දර උඩ රස්නෙ උනාට ගින්දර ගඟේ යටට කිමිදෙනකොට එච්චර රස්නෙ නෑ..හීතල වතුර නානවට වඩා සනීපයි..ෆීනික්ස්  කීවා.
 යටට ගිලෙන කල් මගේ බඩ යට එල්ලිලා ඉන්ඩ මකරා අනිත් අයට කීවා..
සේරමලා ඇති වෙනකල් විනෝද වුනා
මට නං බඩගිනියි...මකරා ඈනුම් ඇරියා..යහපත් සුරංගනාවියකට ඒක ඇහුනා.එයා සුදු පාට පුළුං වගේ අයිස්ක්‍රීම් වැස්සක් වැස්සුවා.දේදුන්න ඉක්මනට ඒවා පාට කලා.මල්  තමන්ගෙ පැණි දාලා ඒවා රස කලා.හවස හැමෝම සතුටින් ගෙදර ආවා

 මේ අභියෝගයම බාර ගත් 8 වසර දරුවන්ගේ කතා ටික අංකුර ඔස්සේ අනාගතේදී බලාපොරොත්තු වන්න


38 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ආ චූටි ටීචර් කොහොමද ඉතිං? ලස්සන කතන්දර ටික. බලාගෙන ඕවා බුද්ධිමය දේපල.....!

    ReplyDelete
    Replies
    1. ආ උඹට මල්ලි කියන්ඩද පුතා කියන්ඩද මන්දා 2017ද විභාගෙ.උඹ මාව දෑහිංම දැකල තියෙද්දිත් චූටි චීටර් කියනවනෙ...

      Delete
    2. මං හිතන්නෙ ඕක මේ අවුරුද්දෙ විභාගෙ අනුභව කළා. හැක්..

      Delete
    3. ඇත්තෙම්ම කිව්වොත් කෑවා....

      Delete
    4. ඇ පොඩි එකෝ තොට ලගමාන්දමද

      Delete
    5. ලගමාන්දම වනාහි කවරක්ද අටම් තුමෝ

      Delete
  3. හය හත පංති කියන්නෙ ආතල්ම කාලෙ මිස්..සිස්සත්තෙත් ඉවරයි.OL වලට කල්ප කාලාන්තරයක් තියනව..එහෙන් මෙහෙන් මුවො ගෝන්නු ටෝච් එලියට ඇහැ දෙනවත් එක්ක.ඒ මදිවට ඉස්කෝලෙ යන්නෙ බැට් එකත් අරං.. අම්මප එහෙම කාලයක් :D

    ReplyDelete
    Replies
    1. උඹලට ආතල්...අපට පොල්තෙල්...පන්තියට උගන්නන්ඩ යනව නං ෆුල් සූදානම් පිට යන්ඩෝනෑ.නැත්තං මොකක් හරි තොප්පියක්..ෂුවර්

      Delete
  4. පත්තර මල්ලිට වගේ මටත් එක පාරටම මතක් වුණේ මගෙ හත වසර.එච්චර ලස්සන කාලයක් කවදාවත් මගෙ ජීවිතේට උදා වෙන එකක් නෑ.ඒ තරම් විනෝදජනක කාලයක් ඒ.හරි පිරිසිදු විනෝදයක්.. මේ පුංචි උන්ගෙ කතන්දරවලින් මගෙ හිත ඒ අතීතෙට ගහගෙන ගියා..

    ඒ වාගෙම අක්කාටත් ඉක්මණට සනිප වෙන්න කියා ප්‍රාර්ථනා කළා ඕං.. මහත්තය පොඩ්ඩටත් ඇනුම්පද කියන්න නොහිතේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගෝ......මම නං ඒ කාලෙ දරුවොත් එක්ක ආයෙ ආවෙ විඳිනව

      හිතුවට වඩා අමාරුයි..ඒත් හිතුවට වඩා ලස්සනයි

      Delete
    2. නගේ ඔයාගෙ මල්හාර මං ආසාවෙන් කියෙව්වා..අන්තිම කොටස් යනකොට කියවන්ඩ බෑනේ ඇයි ඒ

      Delete
  5. හය හත වසර කියන්නෙ ආයෙ . මේ මොනව කියනවද බෝල ටීචර්. මම හයේ ඉද්දි අම්ම හැම සතියෙම දවස් තුනක්වත් ඉස්කෝලෙ එනව. අපේ විනය බාර මැඩම්ගෙ පණිවිඩ වලට. මොකද මම තරං මැඩම්ගෙ හිත දිනාගත්ත එකෙක් අහල පංති හතක හිටියෙ නෑ.

    ඒක නෙවේ බෝල ටීචර් අර ලමයින්ගෙ පරිකල්පනයන් නම් ඉතාම ඉහලයි. ඉදිරියට ඒ දක්ශතාවයන් ගෙනියන්න වෙන්නෙ ටීචර්ලගෙ ප්‍රතිචාර මත තමා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හේහ් ..කැහිල්ල තියන එකා තමයි දනගහල අදින්නේ ‘‘


      කියන කතාව ඇත්ත කලා එහෙනං

      Delete
    2. අපොයි ලවු පූසෝ...උඹේ පැට්ටෙක් එහෙම මං ඉන්න ඉස්කෝලෙකට එහෙම නෙමෙයි ඕං

      Delete
  6. හැක්.. අයිස් තියරිය නියමෙට පුරුදු වෙලා තියෙනව ටීච.
    ඒ මදිවට ටීචට 1 ඉඳං 6 ට ගණං කරන්නත් බෑ වගේ හැක්..

    //හොඳ මකරු මේ ලෝකෙන් යන්ඩ ගිහින්// මාර සිතුවිල්ලක් තියෙන කොල්ලෙක්.

    ReplyDelete
  7. 6 පන්තියෙදි මම පන්ති නායකය කියනකොට කොහොමද තියෙන ආතල් එක.‍
    උසස්පෙළ පන්ති දෙකේදිත් නායකය වෙලා හිටියට මගේ රාජකාරි වැඩ ඔක්කොම කළේ ප්‍රින්සිපල් විසින්. හැක්..

    ReplyDelete
    Replies
    1. පංති නායක දෙමල ණයන්න

      Delete
    2. පංති නායක දෙමල ණයන්න

      Delete
    3. ඊට වඩා ලස්සනයි කොනදෙමලා කියන නම

      Delete
  8. හය හත වසර කියන්නෙ ආයෙ . මේ මොනව කියනවද බෝල ටීචර්. මම හයේ ඉද්දි අම්ම හැම සතියෙම දවස් තුනක්වත් ඉස්කෝලෙ එනව. අපේ විනය බාර මැඩම්ගෙ පණිවිඩ වලට. මොකද මම තරං මැඩම්ගෙ හිත දිනාගත්ත එකෙක් අහල පංති හතක හිටියෙ නෑ.

    ඒක නෙවේ බෝල ටීචර් අර ලමයින්ගෙ පරිකල්පනයන් නම් ඉතාම ඉහලයි. ඉදිරියට ඒ දක්ශතාවයන් ගෙනියන්න වෙන්නෙ ටීචර්ලගෙ ප්‍රතිචාර මත තමා.

    ReplyDelete
    Replies
    1. උඹටනං කම්මල සින්ඩ්‍රෝම් එක බොහොම දරුණුවට වැළඳිලා තියෙන හැඩයි. වහාම ඩබල් ආදිපාද කම්මල තුමා අමතා නොවරදින ගුරුකමක් කරගන්න.

      Delete
    2. අඩේ බලපං බං ප්‍රසායියෙ. මේකෙ මල්ටිපල් වදිනවනෙ

      Delete
    3. අඩේ බලපං බං ප්‍රසායියෙ. මේකෙ මල්ටිපල් වදිනවනෙ

      Delete
    4. අඩේ බලපං බං ප්‍රසායියෙ. මේකෙ මල්ටිපල් වදිනවනෙ

      Delete
    5. අඩේ බලපං බං ප්‍රසායියෙ. මේකෙ මල්ටිපල් වදිනවනෙ

      Delete
    6. අඩේ බලපං බං ප්‍රසායියෙ. මේකෙ මල්ටිපල් වදිනවනෙ

      Delete
    7. අඩේ බලපං බං ප්‍රසායියෙ. මේකෙ මල්ටිපල් වදිනවනෙ

      Delete
    8. අඩේ බලපං බං ප්‍රසායියෙ. මේකෙ මල්ටිපල් වදිනවනෙ

      Delete
    9. අඩේ බලපං බං ප්‍රසායියෙ. මේකෙ මල්ටිපල් වදිනවනෙ

      Delete
    10. මං හිතන්නෙ කම්මල හරියන්නෑ. වෙනිවැල් අයියගෙන් ඇහුවනං බෙහෙතක් දෙයි. හැක්..

      Delete
    11. හපොයි ඩබල් නෙ‍ෙමයි දහ බල් විතර

      Delete
  9. හරිම නිර්මාණශීලී කතන්දර ටික පොඩි උන්ගේ...වීර ගනේෂ්ගේ කතාවට තමයි බොහොම හිත ගියේ...

    ReplyDelete
  10. දක්ෂ ළමයි ටිකක්.. ටීච කතන්දර කියල දීල ළමයි ට්‍රැක් එකකට දාල වගේ තියෙන්නෙ.කාටුන් කීපයක හෙවනැලිත් කතා අස්සෙ තිබුනා.ඒව ලස්සනට ගලපලා.
    6,7,8 කාලෙ අයිය සර්ල,අක්ක මැඩම් ල (පුහුණු වලට එන අය.) එහෙම පංතියකට ආපුවාම ආපහු යන්නෙ ඇස් වල කඳුළු පුරෝගෙන.. මුළු පංතියම එකා වගේ ගේමට සෙට් වෙනවා නෙව.. චැහ්ඃ.. මතක් වෙනකොට අවුල් වගේ.. හෙහ් හෙහ්
    දවසක් වර්ක්ශොප් එකක් හැන්ඩ්ල් කොරන්න සිද්ධ වෙලා ඔය වගේ ගේමක් ගහල ගොඩ දාගත්තු කතාවක් තියනවා.හෙමින් සැරේ කියන්නම්කො..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කියමු කියමු..ආසාවෙන් බලා හිඳිමි අසා ගන්න
      ළමයි දැන් වැඩිපුර ඉලන්නෙ කාටුන්නෙ..එවුව හොඳ නෑ කියල කතාවකුත් හරියට යනව නේද දැං

      Delete
  11. කාලෙකින් ආවේ. ලස්සන කතා පෙලක් සිදුවීමක්. මේ පොඩිවුන්ගේ කතා කියවද්දි මට ලස්සන වසිලිස්සා මතක් වුණා.

    ReplyDelete
  12. ළමයින්ගේ ලස්සන කතා ටික. ඔය දරුවා බෙහෙතක් ගන්න තවම අසනීප නම්. ඔහොම වැඩ කළ හැකිය?

    ReplyDelete