විත්යා මගෙ නංගියේ
එකින් එන හැඩ අකුරු
අමුනා
හීන ඇහිඳින වංගියේ
විත්යා මගෙ නංගියේ
දෙපා තබනා වැලි කැටත්
අද ගොළුව ඉන්නා
සන්දියේ
එදා ගිණි ගත් උතුර
අදටත්
නිවී නෑ මගෙ නංගියේ
විත්යා මගෙ නංගියේ...
දිනක මල් යහනකදි
සැතපෙන
සීනයෙන් නුඹ නංගියේ
මල් සමයෙ මල් හීන පොදි
බැද
තනිව ඉන්නා වංගියේ
නොදැනුනිද මරු සැඟව
හිටි බව
නුඹට හුරු ඒ හන්දියේ
එකින් එක සළු ලෙහී
යද්දී
කුමක් හිතුනද නංගියේ
අවදි වුනු සර්පයන් නුඹ
තුල
රසය සොයනා වංගියේ
නුඹේ කෙඳිරිලි මියුරු
ගී ලෙස
උන්ට දැනුනද නංගියේ..
ගිණි වැදුනු ගත
සතවපන්නට
උන්ගෙ මවු නැති
සන්දියේ
පුංචි කැකුලක් විෂ
දලින් තැළු
සැපය ඉතිරිද වන්දියේ
විත්යා මගෙ නංගියේ
උඹත් මිය ගිය වංගියේ
කඳුළු පමණයි අපට දෙත
හැති
මක් කරන්නද නංගියේ
කුරිරු මතකයක් අවුස්සන අපූරු පැදි පෙලක්..
ReplyDeleteඔවු මිත්තර අයියේ...බඩ පපුව දාලා ගියා මුලින්ම සිද්දිය අහනකොට
Deletehttp://nelumyaya.com/?p=2887
ReplyDeleteඉස්කෝතුයි
Deleteමේ දේවල් අවම කරන්න මීට වඩා තද නීති තියෙන්න ඕනෙ...
ReplyDeleteපිස්සුද අපේ මේ සල් අඩ නීතිය ඉටු කොරාවි අපි වගේ 2.50 ඈයන්ට නම්.නීති එලෝ කෝටියක් තිබුනත් වැඩක් තියද එකක් වත් හරියට ක්රියාත්මක වෙන් නැති කොට
Deleteඅපි හැමෝම කතා වෙනවා.. ඒත් නිතීය තාම නිහඬයි..
ReplyDeleteඅපේ රටේ නීතිය දෙයාකාරයිනේ.නීතියේ දෙවඟනගේ ඇස් බැඳලානේ.ඉතින් ඒ අසරණ ගෑණි ඇත්ත නැත්ත දකින්නේ කොහොමෙයි
Deleteනීතිය නිහඬයි කියනවට වඩා නීතිය නොසමානයි කියන එකයි ඇත්ත. විත්යා සහ එවැනි දෑට මුහුන දුන් අනිකුන්ද ඇතුළුව නීති දෙවඟනත් මේ නොමිනුස්සුන් කෙලෙසා ඇති සේක.
ReplyDeleteසහතික ඇත්ත..උන් අතින් දූෂණය වුනාට වඩා මේ අහිංසක කෙල්ල නීතියෙන් දූෂනය වුනා
Deleteහරිම ලස්සනයි ...ජාතියක් ජන්මයක් නැති උන්
ReplyDeleteස්තූතියි වැවේ
ReplyDelete