Saturday, May 9, 2015

කැලයක උපන් මල් වත්තක මතක සුවඳ පොද - 09කොටස


09.එක් සුවඳක් පමණක් උරුම නොවූ කැකුළු දෙකක්


පළමු කැකුළ



පිපෙන්න අර අදින පාත්තියේ කොනටම වෙලා හිටිය හුරතල් චූටි මලක් උඹ.තව පොඩ්ඩෙන් මගේ ඇස නොගැටීම වසන් වෙනවා.උඹේ සුවඳ මට දැනුනේ හරි අහම්බෙන්.

සුන්දර ගීතයක් වගේ පුංචි කැකුලක්.නිහඩවම නිසලවම මල් පාත්තියේ අන්තිම කෙලවරේ හැංගිලා ඉන්න ලැජ්ජාශිලී කැකුළක්.අහම්බයකින් හරි මම උඹ හොයා ගත්තා.

දැන් මට ඕන අහම්බයෙන් හරි මට දැනුන උඹේ සුවඳ මුළු ලෝකයටම බෙදන්න.ඉතින් ලෝකයට අවසරයි ඒ සුවඳ විඳින්න.
 


                                        මවු ගුණ

ගුරු ගෙදරට යන්න කලින්
අ ආ ඇ ඈ
කියා දුන්න පුංචි මගේ ගුරුවරියයි
                                                     ආදර අම්මා......
 
පිරිසුදු ඇඳුමක් ඇඳලා
වටිටියකට මල් නෙලලා
බුදුන් වඳින හැටි මා හට
කියා දුන්නු අම්මා....

උදෑසනම අවදි වෙලා
මා හට ආහර හදලා
පුංචි මාව ගුරු ගෙදරට
ඇරලන මගෙ අම්මා......

පිවිතුරු හදවත නුඹගේ
වතුසුදු මලකී........
නුඹ මට දුන් ඒ සෙනෙහස
මහ සමුදුරකී........

එස් .ඒ.ගීතිකා ඩිලානි සතරසිංහ
08 වසර ඒ
**** මහා විද්‍යාලය



තවත් අපූර්ව මල් කැකුළක් මට මුණගැසුනේ යන්තම් දළපත්‍ර වලින් මිදීගෙන එන කැකුළු අතරින්...ඒකත් කලින් වගේම අහඹු සිදුවීමක්...හැම නැටුමකම තාලයකම අළුත් රිද්මයක් එක් කරන්න හැම වෙලේම උත්සහා කරන කැකුළක්.මා විඳගත් ඒ සුවඳ පොදේ මිහිර ඔබත් සමඟ බෙදා ගන්න ඉතින් මට අවසරයි.



 උදෑසනක අසිරිය
හිරුකුමරා කඳු අතරින් නැගී එන්නේ මුළු පරිසරයම ආලෝකමත් කරමිනි.නිදි යහනෙහි උන් පුංචි පුංචි මල් කැකුළු විකසිත වන්නේ මුළු පරිසරයම සුවඳවත් කරමිනි.රාත්‍රි කාලය පුරා නිහඩව නිදා සිටි විහඟුන් කීචි බීචි හඩ නගමින් කෑමසොයා යද්දී මිනිස්සුද හනි හනිකට තම වැඩ කටයුතු අරඹති.පාසල් ඵමයි මල් පොකුරු සේ සිනා සෙමින් පාසල් යති.
ශාක පත්‍ර වල ඇති පිණි බිඳු හිරු රැසින් දිලිසෙන්නේ මුතු කැට මෙනි.උදෑසනම වැඩ අරඹන මී මැස්සාගේ ගුම් ගුම් හඩ මල් අසලින් යන විට අපට ඇසෙයි.මලක් මත වසා මලෙන් පැණි උරාබොන සමනළයාද අපූරු චමත්කාරයක් පරිසරයට එක් කරයි.මේ උදෑසන ලේනුන්ද ටිං ටිං ගාමින් අතු මත දුව පනිති.ඉදුණු පළතුරු වල රස බලති.පුංචි ළමයිද මේවා බලා සතුටක්  ලබති.

හෝ හෝ හඩ නගමින් ගලා බසින දිය ඇළි ගංගා මේ උදෑසන දක්නට ලැබීම කාටත් සතුටකි.පොකුණු වල පිපි ඇති ඕළු නෙළුම් මානෙල් සුවඳ ගම පුරාම පැතිරෙයි.මෙම පියකරු උදෑසන කාටත් සතුට සාමය ගෙනදේ..

නඳුනි අපූර්වා
7- ඒ
/***** මහා විද්‍යාලය



උඹේ පුංචි වයසට ඔය සුවඳ හොඳටෝම ඇති.දවසක වඩා ලස්සනට  වඩා සුවඳට පිපියන්.......



8 comments:

  1. වත්සලා.......................

    අැත්තට ම මේ නිකම්ම නිකං ළමයි නෙමයි.... මහා හැකියාවක් සහිත දරුවන්..... මේ ළමයින් මග පෙන්වන්න.... ජීවිතයේ කවදා හරි සතුටු වෙන්න පුළුවනි... අැත්තට ම .. මේ දරුවන්ට දෙදෙනාටම අපිත් සුභ පැතුවාය කියන්න

    ReplyDelete
    Replies
    1. ඇත්ත එයාලගෙන් ගොඩ දෙනෙක් ඕනවටක් වඩා සුවඳ තියන ලස්සන කැලෑමල් පොහොට්ටු.එකම වෙනස එයාලගේ සුවඳ කැලෙන් එපිටට දැනෙන් න තියන අවස්ථා අඩුයි.එයාලට එලියට එන්න අවස්ථාවක් ලැබුනොත් ලෝකයටම සුවඳ බෙදාවි...ඔයාලා ඔහොම කියනකොට මගේ මල් කැකුළු ගැන මට ආඩම්බරයි

      ස්තූතියි කුරුටු...ඔයා එහෙම කිව්ව බව මං එයාලට කියන්නම්

      Delete
  2. ඒත් එහෙම කරන්නෙ කීයෙන් කී දෙනාද? ගුරුවරු විතරක් නෙමේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවම අද නිර්මාණශීලිත්වයෙන් අෑත් වෙලා. සමහරක් ගුරුවරුන් කියන්නෙ ළමයින්ගෙ පාඩම් ටිකවත් ඉවර කරගන්න නොහැකි මට්ටමක්ලු අද තියෙන්නෙ කියල. ඒ ළමයින්ට කලාව, සාහිත්‍ය රස වින්දනයට නිර්මාණශීලිත්වයට අද කිසිම අවස්ථාවක් නෑ. සියල්ල අවසාන විභාගය මතම රදා පවතී. එහෙව් අධ්‍යාපන රටාවක් තුළ , කෙටිකතාකරුවන් නවකතාකරුවන් කවි කිවිදියන් විචාරකයින් බිහිවීම සිහිනයක් නොවන්නේද? ගුරුවරුන් (සියලු දෙනාම නොව) විශේෂයෙන් වත්මන් ගුරුවරුන් පොතේ ඇති දේ උගන්වා නියමිත වෙලාවට පාසලෙන් නික්ම යයි. ඒ යන්නේ අමතර පන්ති වල ඉගැන්වීම සදහාය. මහ රෑ වන තුරු ටියුෂන් දී ගෙදරට එන ගුරුවරයා කෙරෙන් කෙසේනම් සර්ව සම්පුර්ණ වු දැනුමක් පාසල් ශිෂ්‍යයා ලබයිද? පාසල නියම පාසලක් කිරීමේ කාලය දැන් එළඹ ඇතැයි මට සිතේ. ඒ සදහා ගුරුවරුන් මෙහෙයවීම දෙපාර්තමේන්තුවේ මෙන්ම දෙමාපියන්ගේ හා දරුවන්ගේද යුතුකමකි. අද පාසලක සාහිත්‍ය සමිතියක් පවත්වන්නේ නැති තරම්ය.කවියක් කියන්නට කතාවක් කරන්නට කිසිම ළමයෙකුට අවකාශ නොවන්නේය. දැනුමින් පෝෂිත ළමයා පෞරෂත්වයෙන් දුප්පත් වන්නේය.

    ReplyDelete
  3. ඒත් මං හිතන් නෑ කිසිම ගුරුවරයෙක් උවමනාවෙන් ඒ වගේ දේවල් කරනවා කියලා.ඇත්තටම අපිව අගයන අය බලන්නේ විෂය නිර්දේශය ගැන.අපේ උසස්වීම් වැටුප් වර්ධක තීරණය කරන්නේ ඒවනේ..මේ තරඟකාරී ආර්ථිකය තුල කිසිම වෘත්තිකයෙක්ගෙන් පරමාදර්ශී චරිත බලාපොරොත්තු වෙන්න බෑ වැවේ....සමස්ථ ලෝකයේම උඩු දුවලා තියන හොරි දද සේරම අධ්‍යාපන ක්ෂේත්‍රෙයත් තියනවනම් බලතල බෙදී යන ගැලීම් සටහනේ අන්තිම කෙලවරේ ඉන්න ගුරුවරයාට පුළුවන් තමන්ව රැක ගන්න එක විතරයි තමයි.විලි ලැජ්ජයි...ඒත් ඇත්ත ඒකයි.......

    ReplyDelete
    Replies
    1. අනික එකකින් එකකට ලමයි ටියුෂන් දුවන හැටියට ළමයින්ටත් කෝ ඕවට වෙලාවක්.ඔය මොනව කලත් අන්තිමට ජීවිතයක ඉරණම තාමත් තීරණය කරන්නේ පැය 3 ප්‍රශ්ණ පත්තරේ....මුළු අධ්‍යාපන ක්ෂෛ්ත්‍රයම කැරකෙන්නේ වැරදි විදියට කියලා අපි කාටත් දැනෙනවා..රටේ වෙන දේවල් දැක්කාම..ඒත් වැරදිලා තියෙන්නේ කොතනද කියලා තාම කාටවත් හොයා ගන්න බැරි වෙලා වගේ

      Delete
  4. "කැලේට පිපුනු මල්" හරි අපූරුයි වත්සලා.

    ඔයාගෙ උත්සහයෙන් මේ කැලෑ මල්වල සුවද ගම් නගර පහු කරලා ඈත එපිට රටවලටත් දැනෙනවා. යාන්ත්‍රිකරණය වු දරුවන් බිහිකරන අධ්‍යාපන පසුබිමක මේ දරුවන්ගෙ අපූරු හැකියාවන් ඔප් නංවන්න ඔයා දරණ උත්සහය හදවතින්ම අගය කරනවා.
    ඒ වගේම ආඩම්බරයි අපිට හිටියා වගේම දරුවන්ගෙ දක්ෂතා අගයන හොද ආදරණීය ගුරුවරුන් තාමත් අපේ රටේ ඉන්නවා කියලා දැක්කම.

    ReplyDelete
  5. ස්තූතියි ඔයාට....

    ReplyDelete
  6. Hi there I am so delighted I found your site, I really found you by accident,
    while I was browsing on Askjeeve for something else, Nonetheless I am here now and would just like to say thanks for a incredible post and a all round interesting blog
    (I also love the theme/design), I don’t have time to look over it all at the minute but I have saved it and also added in your RSS feeds, so when I have time I will be back to read
    a lot more, Please do keep up the excellent b.

    My web site ... Innovative Android Puzzle Game

    ReplyDelete