බතාගේ කතාව
දැන් ඉහ නිකට පැහිච්ච සුදු සීයා කෙනෙක්
වුනාට ඒ කාලෙ බතා මහ මොරංගානි වස එකාය....තමංගේ නංගිලා වූ ලතා හා කතා සමඟ ඔහුගේ
බාලේ විස්තර අහං ඉන්නට වටිනවාය...
ඒ කාලයේ දැන් මෙන් එක පවුලක සිටියේ ළමයි එකා
දෙන්නා නොවේ...එදා බතාගේ ඉස්කොලේ ළමයි අතර මෙහෙම කවියක් තිබුනාළු.
“අල්ලිසා ජොහා ජෝනා මැයියා
වෙල්ලිස දවල් බත කා දොයියා“
මේ උදවියගෙන් අල්ලිසා හිටියේ බතාගේ
පන්තියේය.ඉතිරි ළමයි සේරමත් පාසල් ආවෝය.ඔය කයිය කියමින් අල්ලිසා ඇවිස්සීම බතාගේ
ලොකුම විනෝදාංශය විය.
බතාලා සෙල්ලම් කරන පිට්ටනිය තිබ්බේ කැලයකට
මායිම්වය.එහි පිට්ටනිට පෙනෙන නොපෙනෙන මානයේ වූයේ අති විසාල දෙබරයකි...
“කූඩළු දෙහි ගෙඩියකින් ගැහුවොත් දෙබරේ වෙන
තැනකට අරගෙන යනවාළු“ දවසක් මේක දිහා බලාගෙන එකෙක් කියපි.ගෙදරදී නංගිලා සමග ඉලක්කයට
දෙබරයකට ගල් ගසා යස පාඩමක් ඉගෙන ගත් බතාට මේ සම්බන්ධව කටයුතු කිරීමේ නායකත්වය
නිතරඟයෙන් හිමි වූයේ ඒ පලපුරුද්ද නිසාමය.එකෙක් කූඩළු දෙහි ගෙඩියත් ගෙන ඒමට පොරොන්දු
අතර බතා එකෙක්ට රතු ලූණු ගෙඩි කිහිපයක් ගෙන ඒමට කිවුවේ අවදානමට පෙර සූදානමක් තිබිය
යුතු නිසාවෙනි..
ඉස්කෝලෙ හාමිනේගේ දුර නෑයෙකුගේ මරණය බතාලාට
මහත් අත්වැසිල්ලක් වූයේ මෙහෙයුමට ඇති තරම් කාලය ලබා ගත හැකි වූ නිසාය.සියළු
ආම්පන්නත් අරගෙන මෙහෙයුමට බට හමුදාවට එක වරම වූයේ අබග්ග දෙකකටම කර ගැසීමය.එකක්
දෙබරු පස්සෙන් පන්න පන්නා කෑමය....දෙවන එක හැම එකකටම හොට දමන කමලාවතී ඉස්කොලෙ
හාමිනේට මාට්ටු වීමය.වඩා බරපතල දෙවැන්නය.කොල්ලන් රැල දුටු ඇය උන් කරන නසරානි වැඩේ
ගැන ලොකු ඉස්කෝලෙ මහත්තයාට ගතු කීමට පස්සෙන් ආවත් දෙබර ප්රහාරයෙන් වැඩිම ආපදාව
වූයේ ඇයටය.කොහොමත් මහත මූණ ඒ වාගේ දෙකක් වී තිබිණි.කොල්ලන් විත් ගලවා දමා
රතුලූණු ගාගත්හ.මූන දෙක කරගෙන කඩා වැදුනු ඉස්කොලෙ හාමිනේ ගෙන් වේවැල් ගුටි පූජාවක්
රස විඳිමට කොළු රැලටම පින පෑදිණ.
සාක්කුවේ රතු ළූණු පුරවන් හිටි බතාට ඒවා ඉස්කෝලෙ හාමිනේට දෙන්නට
සිත් වූවත් තවත් ගුටි කෑමට වෙතැයි බියෙන් නොදීම සිටියේය.
බතාලගේ ඉස්කෝල වත්තේ මෙන්ම අහල පහල වතු වලද
ඕනෑ තරම් පොල් ගස් තිබිණ.ගෙදරත් පොල් ගස් හත අටක් තිබුනත් හොර පොල් රසට අලගු
තැබීමට ඒවාට හැකි වූයේ නැත.පංතියේ කොළු රෑන කොතනින් වත් හොයා ගන්ට බැරි නම් පොල්
ගස් උඩ බැලීම සුදුසුය
.
පංතියේ මේ නසරානි අතර ඇළි නසරානියෙක්ද
හිටියේය.මොන අලුගුත්තේරු වැඩේට ගියත් සුද්දා පන්තියේ තබා යන්නේ ඌ දැක්කොත් පංතිය
කුමක්දැයි පැහැදිලිව අඳුනා ගත හැකි
නිසාය.නමුත් තමන් හැර සියල්ලෝම අවදානම බාර
ගැනීමත් තමන්ට ප්රතිලාභය පමණක් හිමිවීමත් සුද්දාට රිස්සුවේ නැත.මේ කියන දවසේ මේ
මෝඩයා ඔවුන් පසු පස ආවේ එපා කියද්දීය.අනුන්ගේ වත්තකට පැන පොල් කඩා ගෙහිමියාට අහු
වීමට ඔන්න මෙන්න කියා තිබියදී යන්තම් පංතියට පැන ගත්තා පමණි...ලොකු ඉස්කෝලේ
මහත්තයා එතැනට කඩා වැදුනේ වේවැලත් සමගිනි...පසුව දැනගත් පරිදි ගෙහිමියා පැමිනිල්ල
දමා ඇත්තේ “අර සුදු ළමයා ඉන්න පංතිය“ කියාය.එදි සිට හොරපොල් කැඩීමේ පළමු පියවර
වූයේ සුද්දා පන්තියේ තබා තනියට ආයම්මා කෙනෙකු පත් කිරීමය.
තවත් වරක් හොර පොල් කඩා අතටම මාට්ටු
විය.අවාසනාවකට ඒ පාසල් වත්තේන්මය. ලොකු ඉස්කෝලේ මහත්තයා බතා ඇතුළු පිරිස පෝලිමට දණ
ගස්වා පොල් ගෙඩි ටික ඉදිරියෙන් තබා වේවැල් පූජාව සමඟ හොඳ ධර්ම දේශනයක්ද කලේ කොළු
රැලේ අම්මා මුත්තාද සිහි කරවමිනි.කේන්තිය ඉහවහා ගොස් සිටි ඉස්කෝලෙ මහත්තයා දැන්
ඉතින් මේ ටික කාපියවු කීවේ තරහටමය.වහා නැගීසිටි බතා ඇතුළු පිරිස වහා වහා පොල්
භුක්ති විඳින අයුරු ලොකු මහත්තයා බලා හිටියේ කට වැරදීම ගැන පසුතැවෙමින් විය යුතුය.
ඒ ක්රීඩා උත්සව සමයයි.නිවාස සැරසීමට රාත්රියේ
පාසලේ නතර වූ කොල්ලෝ විය යුතුම පරිද්දෙන් එදත් පොල් ගසකට නැග ගත්තහ.මිටි ගසක් වූ
එයට එකෙකුගේ කර මත එකෙකු බැගින් පොල් එකින් එක බිමට බාන්නට විය.“තග්“යන අනුනාදයෙන්
පොලය බිමට වැටීම වලක්වා ගැනීමට සුදුසුම ක්රමය එයයි.නැත්තම් එයත් මෙන්න අපි
හොරපොල් කඩනවෝ යි කියා කෑ ගසා ගසට නැගීමත් අතර කිසිඳු වෙනසක් නැත.මේ ඉණිමගේ යටම
හිටි එකාගෙන් පොලය ගැනීමට තවත් එකෙක් හිටියේය.අවසානයේ සියළුම පොල් බිමට බෑ පසු බිම
හිටි එකා දෙස බැළු බතාලාගේ දණහිස් වෙවුලන්නට විය...ලොකු ඉස්කෝලේ මහත්තයා....නමුත්
එදා නම් එතුමාත් බතාලා සමඟ පොල් සංග්රහයට එකතු වූවාළු.
එදා පොල් ගසට නැගීමට බතාගේ වාරයයි.පාසල්
වත්තේ පොල් ගසට නැගි බතාට පෙනුනේ ඈතින් එන ලොකු ඉස්කෝලේ මහත්තයාය.යට හිටි සඟයන්ට
අනතුරු ඇඟවූ ඔහු වහා උඩටම නැඟ පොල් පිති අතර වහං විය.සඟයෝ මුකුත් සිදු නොවුනා සේ
පැයක් තරම් වෙලා එතුමා සමඟ කදේ වැටී සිටින අතරේ අසරණ බතාට වූයේ දුකසේ පොල් ගස උඩ
හිඳ බලා සිටීමටයි.
බතාලගේ කුඩා අවධියේ වාහන එතරම් සුලභ නැත.හෑම
කොල්ලෙකුගේම හීනය වූයේ සුපර් මෑන් කෙනෙකු වී ලැම්බෝගිණියක් ගැනීම නොව එක් වතාවක්
වත් බයිසිකලයේ නැග රවුමක් යාමය....ඒ වයසට පොදු ඒ පිස්සුව බතාටත් තදින්ම වැළඳි
තිබිණි.ඒ අතරේ මිතුරෙක් ගෙනාවේ අපූරු ඔත්තුවකි..ශත විසිපහකට බයිසිකලයක් කුලියට ගත
හැකි තැනක් ඇත.දෙදෙනාම වහ වහා ඒ දෙස දිවූහ..“ඔය ළමයි බයිසිකල් පදින්න දන්නවද?“
හිමිකරු ඇසුවේ සැකයෙනි...ජීවිතයට බයිසිකලයට නැග නැති බතා වහාම ඔවු කීවේ අවස්ථාව
අහිමි වෙතැයි බියෙනි.පලපුරුදු කාරයෙක් ලෙස ආසනයේ ඉඳගත්තත් දැන් දෙකකුල්
වෙවුලයි...සුළු වෙලාවක් අයාලේ ගිය බයිසිකලය එක්වරම කුඹුරට පෙරළුනේ බතාත් සමඟිනි...අළුතින්
හාපු කුඹුරේ මුදු මඩ තට්ටුවක වැටුන හින්දා බයිසිකලයටත් බතාටත් වැඩි හානියක් වී
නැත.ඒත් ආයෙත් කවදාවත් බයිසිකල් ගෙදර හතර මායිමට ඒමට අයිතිකරු බතාලාට ඉඩ තිබ්බේ
නැත.
බතාලාගේ වැට මායිමේ බුරම්පි ආතාගේ වත්තේ
පොල් වෙරළු ගහේ කොල නොපෙනෙන්නම වෙරළු වැහි වැහැලාය.අච්චාරුවකට කියාපු වෙරළු...ලතා
බතා කතා තුන් දෙනාගේම කට දිව වල් නලියනවාය.අවසානයේ හොරෙන්ම වත්තට පැන වෙරළු කැඩීමට
තිදෙනා කතිකා කර ගත්තේ සැර පරුෂ බුරම්පි ආතාගෙන් ඉල්ලා සිටීමක් ගැන බලාපොරොත්තුවක්
තැබිය නොහැකි නිසාය.නංගිලා දෙන්නා ගහ යට තැබූ බතා ගහට නැග සිත්සේ වෙරළු කඩන අතර
ඈතින් එන ආතා දුටු ලතාත් කතාත් අයියා අමතක
කර එතනින් අන්තරස්ධාන වූහ.බතා රෙළු අත්තක් බදාගත්තේ කකුල් වෙවුලා ඇද වැටෙතැයි
බියෙන්...
මද දුරක් දුවගොස් අයියා එනතුරු නැවතී සිටි
නංගිලා අයියා පරක්කු බැවින් බයෙන් බයෙන් වැට ළඟට කිට්ටු කලේ බුරම්පි ආතා අයියා පණ
පිටින්ම කා දමා ඇතැයි යන සැකයෙනි...ඔහු නිවාඩු පාඩුවේ වෙරළු කඩයි...නංගිලාගේ
මවිතයට හිනා වුනු බතා “ආතා මට බැන්නේ නෑ...අතු කඩන් නැතුව ඇති තරං කඩා ගන්න
කීවා...“යි දැනුම් දුන්නේ උද්දාමයෙනි...
එදා බතාගේ දවසයි...පදමට ලුණු ගම්බිරිස් හා
කොච්චි දමා කොටා ගත් වෙරළු අච්චාරුව නංගිලා දෙන්නා දෙපසින් තබාගෙන රස විඳින අතරේ
ඔවුන් දෙන්නාගේ වීරයා තමා නොවේදැයි බතාට හිතුනාළු
හහා බතාගේ කතාවනම් මරු!
ReplyDeleteතැන්කූ බස්සියෝ
Deleteහහ්...වත්සලාගේ "සුදු මහත්තයා" ගැන ලියලා....
ReplyDeleteඅයියෝ.... නෑ නෑ සුදු මහත්තයාගේ මාමා ගැන....තව එයාගේ අයියගේ වැඩ කිඩ 2-3 කුත් තියනවා....මෙයා ඔවුවට සයිඩ් සපෝට් විතරයි...අහිංසක බබෙක් නේ
Deleteමරු කතාව. නියමයී..........
ReplyDeleteතෑන්තූ වේවා !!! පූසෝ
Deleteමරු කතාව. නියමයී..........
ReplyDeleteකුඩා කාලයේ දී ගම්බද ජීවිතය කොයි තරම් සුන්දරද, මතක් වෙනකොටත් හිතට සෞම්යයක් දැනෙනවා.
ReplyDeleteමං හිතුවෙ බතා ලියනව කියල. බැලින්නං බතී කෙනෙක් ලියල තියෙන්නෙ.
ReplyDeleteඅර සුදු ළමය වගේ එකෙක් අපේ පන්තියෙත් හිටිය. පාට නං වෙනසක් නෑ. උගේ මූන බලල කියන්න පුළුවන් වැරදිකාරයද නැද්ද කියල. ඒ නිසා ඌව කපල තමයි අපි මොනව කලත් යන්නෙ.
මටද රාජෝ බතී කිවුවෙ.....විරාගයේ එක්කෙනාද දන්නෑ....ආවට ස්තූතියි
Deleteබතා ගැන කතා බතා ගොඩයි... මවාගෙන කියෙව්වා :)
ReplyDeleteස්තුතියි දිලෝ
Deleteබතාගේ කතා ටික මරු.. තව තියෙනවනම් ලියමු..
ReplyDeleteස්තූතියි...ලියමු ලියමු
Deleteමරු බතෝ................. කතා බතා..........
ReplyDeleteඇයි ලතා....?ස්තූතියි පවුරේ
Deleteනියම බතාගේ විත්ති ටික නෙව.
ReplyDeleteඔය කතා කියනකොට මාමණ්ඩියාගේ ඇක්ෂන් ටිකත් අකුරු කරන්න තියනවනම් තවත් මරු
Deleteමුක්කාද අප්පා මේ ලතා ලයි බතාලයි
ReplyDeleteවෙලාවට බුලත හිටියෙ නැත්තෙ නැත්තං තවත් ජරමරයක් බුහි හිහි හී...............
උප්ස් ඒක නං කැතයි වගේ නේ
නෑ නැ මං කීවෙ මේ හිනාව
(ලතා කවුද ඇහුව ඇයි දෙය්යනේ අර කලිං ලතෙක් ගැන කොටල කොටල කොටල ආයෙත් කොටල තිබ්බෙ
වෙලාවට තමයි බුලතෙක් නැත්තේ....හී....හී...ස්තූතියි ආවට
Deleteඅදයි මට එන්න ලැබුණේ. ගොඩක් ලස්සනයි. ලියන්න. තව දිගටම ලියන්න.
ReplyDeleteස්තූතියි ....සාදරයෙන් පිලිගන්නවා
Deleteබතා පට්ට ඩෑල් එක.. එදා බුරම්පි මාමා සිල් අරංද දන්නෑ ඉඳල තියෙන්නේ..
ReplyDeleteඅපිට වතාවක් ඉස්කෝලේ ඇරිල එද්දි කොකෝවා කඩල ඔහොම සීන් එකක් උනානේ බං.. තාප්පෙකින් ඇතුල් පැත්තේ වත්තේ ගහ තිබ්බේ.. දවස් ගානක්ම රෙකී කරල දෙන්නෙක් තාප්පෙන් එළියේ ඉඳන් අමාරුවෙන් අනිත් එකාව උස්සල තාප්පෙන් තියල ගහට නැග්ගුවා විතරයි.. හේයි හෝයි ගාගෙන ආපි තඩි ගෑනු මිනිස්සු දෙතුන් දෙනෙක්. වළහා දැකපු යාළුවා වගේ අපි දෙන්න ඔරේ රන්. අරූ ගහ උඩ කියල මතක් උනේ සෑහෙන දුරක් ගියාම.. ආපහු මලත් එකටම කියල හිතල ඈතින් ඈතින් ඇවිත් ඔත්තු බැළුව.. අම්මට අරූ කිසි ගේමක් නැතුව ගහේ ඉඳන් හොඳ ගෙඩි තෝර තෝර කඩනවා.. 'අනේ බං මේ අංකල්ලා හරි හොඳ මිනිස්සු වෙන්නැති අපි බය වෙලා දිව්වට කියලා අපිත් ශේප් එකේ ගේට්ටුව ගාවට කිට්ටු උනා. 'ආ.. මෙහෙ වරෙව් හොර කොටියෝ දෙන්න' කියල වලහැඩියෙක් වගේ එකෙක් ඇවිත් අපිව අල්ලං ගිහින් ගහ පේන මානෙන් දන ගැස්සුවා අරූ පැහිච්චි ගෙඩි ඔක්කොම කඩල ඉවර වෙනකම්.. ගෙඩි ඔක්කොම කඩල අරූ තුන් මුනින් දාඩිය දාගෙන බැස්සට පස්සේ ඌව හිටවලා අපි දෙන්නව දණ ගස්සලා පැයක් විතර ලෙක්චර් එකක් දුන්නා. ඊට පස්සේ ඌට හොඳ ගෙඩියකුයි අපි දෙන්නටම වැරදිලා කැඩිච්චි භාගෙට පැහිච්චි එක ගෙඩියකුයි අතට දීල තුන්දෙනාවම පන්න ගත්තා ආයි අහු උනොත් පොලීසියට අල්ලලා දෙනවා කියල.. හැක්. (පස්සේ දවසක රෑක ඒකට රිටර්න් එක දුන්නත් එදා නම් පට්ටෙටම චාටර් උනා..)
හරි ලස්සන මතක නේද?
ReplyDeleteඅපේ යාළුවෙක් දවසක්, එයාගෙ ගෙදර බෝඩ් වෙලා හිටිය අයියත් එක්ක ඉස්කෝලෙ වත්තෙ හොරෙන් කුරුම්බා කඩන්න ගියා. මුරකාරයට අතේ මාට්ටු.
ReplyDeleteපහුවදා මුරකාරයා කඩමණ්ඩියෙදි සිද්ධිය එතන හිටිය අයට කියලා. මිනිස්සු ඇහුවලු, “ඉතිං ග්රාමසේකර මහත්තයට අල්ල දෙන්න එපැයි?“ කියලා.
මුරකාරය කියනවලු:
“එකෙක් ගමේ ලොකුම පොල් වත්තෙ අයිතිකාරයගෙ පුතා වෙච්චි. අනිකා ග්රාමසේකර මහත්තයා වෙච්චි. ඉතිං කාටද ඕයි කියන්නෙ?“