Wednesday, April 29, 2015

කැලයක උපන් මල් වත්තක මතක සුවඳ පොද - 08 කොටස


08.කුළුඳුල් කැකුලට ආදරෙයි
අද කුරුළු ගමට අවුරුදු කුමාරයා ඇවිත්.මම මල් වත්තේ මලක් වෙන්න කලින් කුරුළු ගමේ කුරුල්ලෙක් වෙලයි උන්නේ.කීචි බීචි ගගා පුරා අවුරුද්දක් එකට හිටිය කුරුළු රංචුව එක්ක හෝරා කීපයක් ගත කරන එකත්  සුන්දර අත්දැකීමක් වේවි.උණුසුම් හදවත් ඇති කුරුල්ලන් මැද ගෙවුනු සියළුම මතක චිත්‍රපටියක රූප රාමු පෙලක් මෙන් සිතට නගිද්දී මල් පෙති හලා දමා පසු නොබලා කුරුළු ගමට දුවන්න හිතෙනව.එත් මේ පුංචි මල් කැකුළු බලා ගන්න ඕන මම.මගේ සතුට වෙනුවෙන් චූටි මල් කැකුළු වල අනාගතය මට කැප කරන්න බෑ.ඒ නිසා කඳුළු පිරුණු දෑසත් අරගෙන කුරුළු ගම්මානය පෙනි පෙනීම මම මල් වත්තට ආවා.

සියළු සුන්දර අසුන්දර මතක කර පින්නාගෙන මම මගේ කුළුඳුල් කැකුල දකින්න ආයෙමත් මල් පාත්තියට ගියා.එදා වගේම අදත් ලස්සන හිනාවක් මට තෑග්ගක් හැටියට ලැබුනා.බොහෝ තාල දැනගෙන හෙට අනිද්දාම පිපෙන්න ඉන්න කැකුළක්.පෙත්තක් දෙපෙත්තක් දැනටමත් යාන්තමට දිග ඇරිලා.වහා වැටහෙන නුවණක් හිමි , මලක සියළු තාල හඹා යන ,වටිනා කැකුලක්.
කැකුළටවත් පිපෙන්න උවමනාවක් නැතිව තිබියදී ඒවාට පිපෙන්න කියා දෙන්න මම මහන්සි වෙන තරම්.ඒත් ඒ සියළු මහන්සිය දුක සේරම උඹ ඉස්සරහදී මිය යනවා.
මගේ මල් ලෝකයේ කුළුඳුල් මල් වත්තේ ,කුළුදුල් මල් පාත්තියේ පිපුණු හුදෙකලා චාම් මල.උඹ කැකුළු දාහකටත් වඩා මට වටිනවා.මුළු මල් වත්තටම වඩා මට උඹව වටිනවා.
උඹට වසන්තය අත ළඟයි.හරි ඉක්මනටම උඹ ලස්සනට පිපේවි.තව නොබෝ දිනකින් උඹ අපේ මල් වත්තෙන් මිදිලා වසන්තය දෙසට පාවෙලා යාවි.නුඹ ළඟ රැකගෙන ඉන්න සුවඳ පාට රැක ගන්න, නුඹට වසන්තය කැන්දන්න මාත් දායක වූ මතකය හැම විටම මට සතුටක් ගෙනේවි.ඉන් පසු වසන්තය පමණක් නොව ලෝකයම ලස්සන කරන්න උඹේ දායකත්වය මල් වත්තේ හැම සමන් මලකම සතුට කැන්දන බව මට නිසැකයි.ඒ දිනය වැඩි ඈතක නොවන බව මගේ විශ්වාසයයි.

උඹ දවසක මේ කැලේ මැද්දෙම පිපිලා රහසේ පරවෙලා ගියොත් මට ඒක දරා ගන්න බැරි වේවි. හෙට පිපිලා මේ කැලයට විතරක් නෙමෙයි මුළු ලෝකයටම නුඹේ  සුවඳ බෙදාපන්.උඹ ගැන මහා බලාපොරොත්තු ගොන්නකින් අපේ හිත් පිරිලයි තියෙන්නේ.....උඹ ඒවා සැහැල්ලුවට නොගන්නා බවත් මට විශ්වාසයි.

ඩබ්.කේ

6 comments:

  1. Replies
    1. එළ එළ අටමා ඔය තියෙන්නේ.. දාපං පහක්. වත්සලාගෙන් පාටියක් ගමු නේද?

      Delete
    2. දෙන්නම් දෙන්නම්... ගල්ද පොල්ද

      Delete
  2. මෙන්න මේක නම් මට තේරුනේ නෑ ටීචර්...

    ReplyDelete
    Replies
    1. මම ඉස්සරලම ගිය මල්පාත්තියේ පිපිලා තියෙන්නේ එකම එක කැකුලයි.හැමෝටම වඩා මම එයාට ආදරෙයි

      Delete