Wednesday, April 29, 2015

කැලයක උපන් මල් වත්තක මතක සුවඳ පොද - 06 කොටස

06.කැකුලක්ව  සිටියදී පවා සුවඳ විහිදවන කැකුලක්
අද තවත් දවසක්.වෙහෙසකර සතියක අවසානය.හෙට නම් මම කවුරු කීවත් පිපෙන්නේ ඉරට පස්සෙ තමයි.
මං අද ගියේ තාම දළ පත්‍ර වලින්වත් ම්දිලා නැති පුංචි මල් කැකුළු දකින්න.මං ඉස්සරලාම එයාලට කියා දෙන්න ඕන පෙති වලට වත් දළ පත්‍ර වලටවත් රිද්දන්නේ නැතුව එලියට එන්නේ කොහොමද කියලා.හැමෝම මං කියා දුන්න සියළුම තාලවල් වලට නැටුම් පෑවා.ඒත් එක ළඟ ඉන්න කැකුළු දෙකක් හොඳටම ප්‍රමාදයි.හැම තාලයකටම එයාලගේ නැටුම පටන් ගත්තේ අන්තිමට.මේ දෙන්නා මං කියන දේවල් අහන්නෙ නැතුවද?මං මල්පාත්තිය වටේ රවුමක් යන මුවාවෙන් එයාලට කිට්ටු කලා.එක කැකුළකට බෑ මගේ තාල එක පාරටම තේරුම්  ගන්න.අනිත් කැකුළ එයාගේ නැටුම පැත්තක තියලා යාළු කැකුළට උදවු දෙනවා.
මගේ හිතට උනපු මධු බිංදුවක් කඳුලක් වෙලා බිමට වැටෙන්න කලින් මට එතනින් එහාට වෙන්න පුළුවන් වුනා.
පුංචි කැකුළ, උඹට තිබ්බා උඹේ යාළුවගේ නැටුම එයාටම බලා ගන්න කියලා කලින්ම මට නැටුම් පෙන්නලා ලකුණු ගන්න.ඒත් උඹ එහෙම කලේ නෑ.අනිත් කෙනාට උදවු කරන්න තමන්ගේ අවස්ථාව නැති කර ගත්තා.

උඹ මට ආඩම්බරයක්.කැකුළක්ව ඉඳිද්දී උඹ මේ තරම් සුවඳ නම් පිපුණු දවසක ලෝකය වඩාත් සුන්දර තැනක් කරාවි.තවත් කැකුළු දහස් ගණනක් එදාට උඹෙන් පාර අසා ගනීවි.

ඩබ්.කේ

4 comments:

  1. අලුත් අත්දැකීමක් ...... ගහකොළ සමග කතා කරන කෙනෙක්...... ලස්සනයි වත්සලා..... හැගුම් දිගහැරුම......

    ReplyDelete
  2. ස්තූතියි නිහිංසා....ඇත්තටම මම මල් වත්ත කීවේ ඉස්කොලෙකට.මල් කැකුළු කීවේ මගේ දරු පැටවු ටිකට

    ReplyDelete
  3. ආ.....ටීචර් කෙනෙක්.....
    අලුත් ටීචර් ලා හොදයි...

    ReplyDelete