Wednesday, April 29, 2015

කැලයක උපන් මල් වත්තක මතක සුවඳ පොද - 03 කොටස

03.මගේ කුළුඳුල් මල් කැකුළ
මටම මල්පාත්ති කීපයක් හිමි වුනා.සතුට දරා ගන්න බැරි තරම්.ආගන්තුක මල් හදවතත් එක්කම මම වේගයෙන් මගේ කුළුඳුල් පාත්තිය දිහාට පාවුනේ පුංචි තිගැස්මක් එක්ක නෙමෙයි කීවොත් ඒක බොරුවක්.එක එක පාට ,එක එක සුවඳ සුන්දර මල් කැකුළු තොගයක් මම හිතේ ඇඳ ගත්තා.ඒත් මල් පාත්තියට ලං වෙනකොටම මං ගැස්සිලා ගියා.අනේ මුළු මල් පාත්තියටම තිබුනේ හුදකලාව පිපුණු එකම එක මලක් විතරමයි.මගේ බලාපොරොත්තු බිඳ වැටුනා.වර්ණවත් මල් වත්තක් හිතින් මවාගෙන හිටපු මගේ හිත නොරිදුනාම නෙමෙයි.ඒත් ඒ හුදකලා මල ලස්සන හිනාවකින් මූන පුරවගෙන දිලිසෙන ඇස් දෙකින් මං දිහා බලද්දී මගේ සිතිවිලි ගැන මට ඇති වුනේ පසුතැවීමක්.
මේ මගේ කුළුඳුල් මල් කැකුළ.මං මගේ උපරිමයෙන් උඹව රැක බලා ගන්නම්.චණ්ඩ හිරු රැස් මගේ පෙති වලින් මුවා කරගෙන උඹව ආරක්ෂා කරන්නම්.පුංචි පුංචි පෙති නොරිදවා හෙමි හෙමින් පිපෙන හැටි කියලා දෙන්නම්.උපතින්ම ගෙන ආ සුවඳ රොන් සුනු පරිස්සම් කර ගන්නා හැටි කියලා දෙන්නම්.අන්තිමට අවු වැසි සුළං මැද පිපිලා ලෝකය සුවඳ කරන හැටි කියලා දෙන්නම්
මට එතකොටමයි මතක් වුනේ මේ දේවල් කරන හැටි මට කිසි කෙනෙක් කියලා දුන්නේ නෑ නේද කියලා.මගේ උදවුවට ඉන්නේ මගේ සහජ ඉව විතරයි.ඒත් මම කොහොම හරි ඒ දේවල් කරනවා

2 comments: