Sunday, March 26, 2017

දියවන්නාවෙදි තුං වෙනි නෙළුමත් පිපුනළු ඕං.....

වෝටර් ඒජ් “බුදු අම්මෝහ්!!!!!!! හිලාකතට සේම මටත් හිතුනි.යකෝ සම්මාන උලෙල බලන්ඩ බැරි වුනත් වෝටර් ඒජ් එක බලන්ඩ ලැබෙන එකම කොච්චර දෙයක්ද?අප වැනි මද්දියම පාංතිකයන්ට ඔවැනි තැනක වෙඩිමක්වත් ගන්ට ඇති හැකි යාළු මිත්තරයො නෑයෝ වේයො නැති කොට ඔහොම හරි ඔතැනට ගොඩ වැදුන එකම මදෑ සම්මානයක් වෙන්ඩ.

ඉතින් 25 පාංදර ඉඳන්ම මම ගමනට ලකලෑස්ති වෙනවාය.ඒත් ඇත්තටම පැය 3කින් මට එතෙන්ට ගොඩ බැසිය හැක.

උදේ න්ම ජංගමයාගෙන් එබුන කවරෙක් හෝ සංවිධායක අයෙක් මගෙන් ඇහුවේ නැවතීමේ පහසුකම් උවමනාද කියාය.ඇමතූ අය කවුරු වුවත් මං අන්දොස් අඤ්ඤකොරොස් සේ උත්තර දීම පිළබඳ මට සමාවන සේක්වා!!! 

ඇත්තටම මා මවිතවීමි.සංවිධායක වරු ඒතරම් දුර දිග සිතා බලා ප්ලෑන් කරන බව මම හීනෙන්වත් සිතා නැත්තෙමි.

අවසානයේ මම එතැනට ප්‍රාදුර්භූත වූයේ අතින් කටින් එල්ලා ගත් ප්ලාස්ටික් බඩු මල්ලක්ද සමඟය.කාට හෝ නෝන්ඩි වී මණි බඩු කාරයෙක් යැයි හිතන්නට පෙර එව්වා හිලාකතගේ කාර් ඩිකිය තුල හංගන ලදී.ඒක තුල ඔහුගේ සබ්බ සකලමනාවම වූ අතර නොතිබුනේ වයිපරේත් දරුවනුත් පමණි

මට හෝටලේ උදවිය කියූ පරිදි බෝලරූම් එකට ගියෙමි.එය බෝල රූමක් නොවේය.තරු පිරුන අහස වගේය.සැරසිලි නං මරුය.අපි ගිහින් සැප පුටුවල වාඩි ගෙන ජොලියේ උන්නට ඒ කාගෙ කාගේ හෝ මහංසියය.කැපකිරීමය.ඒ හැමෝටම බොක්කංම රෙස්පෙක්ට් ය.

ගියවර එද්දී මා බුකියෙං හෝ පුද්ලිකව අඳුනං උන් එකම කෙනා අටං හා හිලාකතය.දැං සුරංගයාය.මගේ පූරුව පිනකට ඒ දෙන්නාම එතැන උන්හ.

ඉන් පසුව ය එක එක්කෙනා හඳුනා ගත්තේ.පංතියේ පොඩි උං ඉස්සරහ වීරයා පාට් දැම්මට කුලෑටි හිතැති මං ඔහේ වාඩි වී ඉඳිද්දී බ්ලොග් ලෝකයේ දැවැන්තයෝම පැමින මට තමා හඳුන්වා දී කතාවට වැටුනහ.ඉයන්.සොබා රූ,ප්‍රාජේ,තිලක සිත,රොමා හා නම කී නොකී සියළු දෙනාම හඳුනා ගැනීමට ලැබීම මා එදා ලද මහඟුම සම්මානයයි.

ලවුපූසා,මහේෂ් රූපේ,ටෙක් සයුර  තරු රසී නං ගිය පාරම මීටරේට වැටුන හංද අදුන ගත හැකි විය.
අහසින් ආ කසුන් නිර්මාණී ජෝඩුව..උඹලා නං වැඩ්ඩෝමය.උඹලගේ නොසැලෙන ආත්මශක්තිය අබියස අප මොකුන්දැයි මටම ලැජ්ජා හිතේ.මං හිටියේ ඒ දෙදෙනා ලඟය.ඕනම තැනක අඩ සිහියෙන් පසුවන මට නිර්මාණී ඒ අවස්ථාවේ සිදුවීම් කනෙන් දැක අංගසම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කරන මට මවිත නොවී සිටිය නොහැකි විය.

නිවේදනය අපූරුය.හොඳය.(අර උණ කාරයා නූතන අහවලෙක් ලෙස නම් නොකරානං තවත් අපූරුය.)අපි මචංලා ත් නියමය.ප්‍රියාලාගේ විහිළු වලත් අපි අසා නැති විහිළු වූ බැවින් කිතිකවා ගන්නැතුවම මං හිනා වීමි.පොඩි එකාගේ නර්ථනය පූරුය.නැටුං ගැන හාංකවිස්සියක් වත් නොදත් මං පොඩි එකා දෙස කට බලියං බලා ඉඳිද්දී නිර්මාණී ඒ කතක් නැටුමක්දැයි මගෙං ඇසුවාය.මං එය දන්නේ නැත.

නිර්මාණි ලඟට විත් සෑහෙන වෙලා කතාකරමිං උන් පොඩි කෙලී කසුන්ගේ දතක් ගලවන්ට කතා කරන තුරුම ඒ සිතූ බව අදුන ගන්නට බැරි විය.සොඳුරු සිත මං එරංදි,නලින්ද,සුදීක,උඩුවා,දුමී,හංසි තව මෙකී නොකී උදවියද  අඳුන ගංට ලැබීම ගැන සතුටුය.

බෝධිනී ගැන නොලියාම බැරිය.රෝහලකදී සුළු සේවකයංගේ රැස්පොට් අනුව මං හිතං උන්නේ දොස්තරලා යනු අපේ ඉහට ඉහලිං දෙපා තබං ඉන්නා පිරිසක් හැටියටය.අපොයි එහෙම කිසි දෙයක් ඇගේ නැතිය.ඇය සරලය.නිරහංකාරය.ඈ මා දන්නා දොස්තරලට වඩා වෙනස්ය.ඔබ නෙළුං යාය තුලදී දොස්තෙරෙක් නොවී බ්ලොග්කරුවෙක් විතරක්ම ව උන්නාට මං ඔබට රෙස්පෙක්ට් කරමි..කොයි කොනට වුවද ඔබ මහඟු සම්පතකි.

මා දුටු පළමු ඔපෙරාව නෙළුං යායෙං දැක ගත්තෙමි.එය කතාකිරීමේ නිදහස හා සොක්‍රටීස්ට වසදීම අතර යමක් යැයි මං හිතමි.මා වැරදි නං තතු දන්නෝ නිවැරදි කරනු මැන.

මහින්ද දේශප්‍රිය මහතා සැබෑ ප්‍රිය මහතෙකි.සුන්දර මිනිසෙකි.සරල සාමාන්‍යව පැමින කාගෙදෝ කරට අත දමා පසුපසින් වාඩි වුන ඔහු කවුදැයි මට සෑහෙන වෙලාවකට මීටර් වූයේ නැත.සැබවින්ම ඔහු අපූරු මිනිසෙකි.ඔහු අතින් සම්මානය ගැනීමට ලැබීමම සම්මානයකි.ඉලෙක්ෂන් කාලයේ යකා සේ කෙලින් කතාකරන්නේ මොහුමදැයි මට හැබෑවටම සැකයක් ඇත...

“මං කලේ රටේ මිනිස්සු ගෙවන බදු වලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයෙකු විදියට මගේ රස්සාව.මං ඒකට වැටුපක් ලැබුව.මං කලේ එච්චරයි.“ඔබතුමාට තවත් රජයේ සේවකයෙකුගේ ශීර්ස ප්‍රනාමය පුදකරමි.

කරූ ජයසූරිය මහතා තොරතුරු දැනගැනීමේ පනත ගැන කතා කල අතර අර උණ කාරයා ගැන මුකුත් නොකියමි.උණ බව කියා ඉක්මනින් ගියත් උන්දෑට අද පමණක් නොව හැමදාම උණ ඇති බවත් උන්දෑගේ පුත්තරයාට සහලෝලා උණ බවත් නොදන්නෙක් අම්මට සිරිලංකාවේ ඉඳිය නොහැක.

අමුතු චතුර උන්දෑගේ පුතා බව මං අද දැන ගත් කරුනකි.

ඇත්තද???මං විමතියෙං අහද්දී අපූරු පිළිතුරක් ලැබිනි

“චතුර උන්දැගෙ පුතා තමයි..ඒත් උන්දෑ ට යි උන්දැගෙ හාමිනේටයි මගුල් කපුකම කරල තියෙන්නෙත් චතුරම තමයි“

මං අලිම අමාරුවේ වැටුනේ කෑම ගැනීමට යාමේදීය.මා ගෙනැවිත් තිබූ පිඟානේ ඇති දේවල් මොනවාදැයි දැන ගැනීමට නිර්මානීට උවමනා විය...

මොනවද කියල නොදැන කන්ඩ බෑනේ අක්කේ..ඇය කියයි.ඇත්තය..

ඒත් ඒ මොනවදැයි මං කෙසේ කියම්ද?සයිවර් කඩයක තෝසෙ වඩේ හා චූං පාං එකේ මාළු පාං රෝල්ස් වලට හුරු සමාජයක ගැවසෙන මං ඒවා වල නං මොනවදැයි හැබැවටම දන්නේ නැත.

ඉන්පසු මං ඒවගේ අන්තර්ගතය විස්තර කරමි.මේ චූටි කොප්පෙ බිස්කට් වගේ රහයි...ඒ වගේම අනිත් කෝප්පෙ පළතුරු පුරවලා..මේක මොකක්ද රෝල් එකක්..හැබැයි මං දන්න රෝල්ස් නං නෙමෙයි...මේ පොඩි රොටියක් වගේ එකක් උඩට සෝස් එක්ක එළවළු දාලා..ඉතින් අපි කෑවෙමු..

තරුනී පත්තරෙං රූපඔලිං විතරක් දැක ඇති කැම කන්ඩ අවස්තාවක් දුන්නට ඉස්කෝතුයි කිව යුතුය.අඳුන ගත්තේ ඉක්ලෙයාස් පමණක් වන අතර මං එරංදි ආපහු එන ගමනේ එවුවගේ නං කීවත් මට දැං එකක්වත් මතක නැත.සමහර විට නැවත කවදාවත් නොදකිනු ඇති ඔයි කෑම වල නං මතක තියාගංට වද විඳින්නෙ මොකටද?

මං ඊයේ සන්නස්ගලයන්ගේ අම්මා කියවා ඉවර කලා විතරය.ඔහු දෑසින් දැකගත හැකි විය.අවසානයේ තිබූ නාට්ටියට නං අවදානය දුන්නේ නැත.ඒ වෙලාවේ අළුත් මිතුරං හමුවීමි.

අවසානයේ සියල්ලෝම සතුටින් විසිර ගියහ.දැං ඉස්ටෝල් එකෙං ගත් පොත් කියවනවාය.හැමෝම හදුනා ගන්ට ලැබීම සතුටක්මය..මෙකී නොකී ඔක්කොම.

එන්ට බැරි වූ උදවිය නැති අඩුව දැනිනි.ඩයිනෝ හා අටමා නැති අඩුව විසේසයෙන් දැනුනේ ඔවුන් හා හිලාකත නොවන්නට මා එවෙලේ ඔතැන නොහිටිනු ඇති නිසාය.

අන්තිමේදී මං එරන්දිත් සමඟ ආපහු එන්ට පිටත් වුනෙමි.එය වෙනමම කතාවකි

සමස්ථයක් ලෙස වැඩේ එල කිරිය.ඒ එලකිරි වැඩේට පසුබිමිං හිඳ දහඩිය හෙළුවෝ බොහෝ වන්නට ඇත.

අප ඒ කටු ,මඩ,කුණු කසල,විෂ,මාළු කිසිවක් නොදුටිමි.අප දුටුවේ යායට පිපී සුවඳට හිනැහුන නෙළුං විතරමය.අර කටු මඩ කුණු පාදංට උඹලා හෙළු දහදිය බිඳුවක් ගානේ ඉස්තූතිය.

මේ වගේ නිදහස්...(හැබෑවටම නිදහස්) සුන්දර දිනයක ලබන අවුරුද්දේත් හමු වන්ට ලැබේවා!!!




42 comments:

  1. :))))) මං ඔය කාර් කතාව ගෙදර ඇවිත් අපේ උන්දටත් කියුව...

    ReplyDelete
    Replies
    1. හිකිස් උන්දැත් එකෙන්ම එකඟවෙන්ඩ ඇති

      Delete
  2. අක්කෙ, ඔය කලනසිරිට කියන නොපිට ගැහූ නම අවුල් වගේ. ඕකට වැරදි අර්ථකථන එන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. මගුලයි මලයෝ....මට ඒ අර්තකතනේ නං හිතා න්ඩ බෑ.ටිකක් ටියුබ් ලයිට්..ඒක ආයෙ නොකිය ඉමුකො එහෙනං

      Delete
  3. ජයග්‍රහණයට සුභපැතුම්..!!
    ජයවේවා..!!

    ReplyDelete
  4. ඔබ නොවිකුනොත් අපට ඒ හොඳටම ඇතිය .......

    ReplyDelete
    Replies
    1. සරල හෑලි විනා විකුනන් කන්ට හැකි දේ නොලීමි..නොලියමි

      Delete
  5. අතින් වියදම් කරගෙන, පෞද්ගලික විවේක කාළය වැයකරගෙන ලෝකෙට යමක් දෙන්න වෑයම් කරන අපි වගේ මිනිස්සුන්ට යම් වටිනාකමක් දෙන්නට මහන්සිගත් නෙළුම් යාය සංවිධායක මඩුල්ලට වගේම අනුග්‍රාහකයින්ටත් බොහෝම ස්තූතියි

    ReplyDelete
    Replies
    1. අනිවා..නෙලුං යායට ඉස්තූතිය

      Delete
  6. මේ ලියන ලියවිලි තරමටම සුන්දර ඔබ සියළු දෙනා හමුවන්නට අවස්තාව සලසා දීම වෙනුවෙන් නෙළුම්යයට මාගේ ත් "මං එයාගේ හස්බන්ඩ් " ගේත් හෘදයාංගම ස්තුතිය.

    ReplyDelete
    Replies
    1. අනිවා අක්කේ ඔයාලට දුන්න කරදරේට තාමත් මට අප්සට් අප්පා..ඉස්කෝතුයි ඈ...ඔයාගෙ හස්බන්ඩ් බ්ලොග් ලෝකෙට ගේන්නකෝ.නැත්තං සම කතෘ පට්ටමක් දෙන්නකෝ...සෑහෙන දේවල් හොයා දැනගෙන ඒව අපි එක්ක බෙදා ගන්නැත්තෙ අපරාදේ

      Delete
  7. සැබවින්ම සොඳුරු හෝරා කිහිපයක් ගත කරන්න ලැබුනු එක ගැන හරි සතුටුයි..

    ReplyDelete
    Replies
    1. අනිවා සුන්දර දවසක්

      Delete
  8. මොනව කරන්නද ඉතිං එන්න බැරි උනානෙ.

    ReplyDelete
    Replies
    1. ලබන පාර එමු හොඳේ

      Delete
  9. ඇයි ඔයාට මතකද අපි එලියට යනකොට මං මහින්ද දේශප්‍රිය මහත්තයා ඉන්නවා කියනකොට ඔයා පුදුම උනා:D
    ඊලඟ වසරෙත් හමු වෙමු.. හැබැයි අපි ඊට කලිනුත් මුනගැහේවා කියා පතමු...

    ReplyDelete
    Replies
    1. අනිවා නංගී ඔයාලා අඳුන ගන්න ලැබුන එකට නං මාර සතුටුයි..මගේ හිතේ ඔය දෙන්නා ඉන්නෙ ලොකුම පොරවල් 2ක් විදියට

      Delete
    2. නිර්මාණි,

      ලබන පාරවත් ගිහිල්ල ඉඳගන්නකොට ලඟ ඉන්නෙ කවුද කියල පොඩ්ඩක් හෝදිසි කරල ඉඳගං..මේ වගෙ නුහුගුණකාරියක් ගාව ඉඳගෙන වැඩක් ඇත?

      Delete
    3. වත්සලා සත්‍යා නංගි ළඟින්ම ඉඳන් දුක සැප හොයා බැලු හැටි දැක්කා සතුටුයි!! ගිය සැරේ කතා කරන්න බැරිවුනා. මේ සැරේ ඩිංගක් කතා බහ කරන්න ලැබුණා...

      ඔයාගෙ මේ ලිවිල්ල නම් මරු... සම්මානයටත් සුබ පැතුම්!!!

      Delete
  10. මේ වගේ සාර්ථක උත්සවයක් සංවිධානය කිරීම ගැන මේකට කැප වූ සියලු දෙනාට ස්තුතියි. මම බ්ලොග් ලියන්න පටන් අරන් වැඩිකල් නැති නිසා එදා ආවේ අටමව, මාතලන්ව අදුනගන්න. දෙන්නම එදා හිටියේ නැති එක අඩුවක්. ඉයන්ව අදුන ගත්තා. ඒක ලොකු දෙයක්. මටත් සම්මානයක් ලැබුනා. ගෙදර ගෙනාපු ගමන් දෝනි ඒක බාරගත්තා මේක මට කියලා.

    ReplyDelete
    Replies
    1. කුරහන් ඔයාව මං දැක්කේවත් නෑ නේ

      Delete
    2. මමත් ඔයාව දැක්කෙ නෑනේ

      Delete
  11. Replies
    1. ස්තූථියි ඉවාන්

      Delete
  12. යකෝ සරසවි සම්මාන උළෙල වගේ සුපිරියට වැඩේ ගිහිං , සංවිදායක මඩුල්ල ඇතුළු සම්මාන ලැබූ සැමටත් සුබ පතනවා. ලබන අවුරුද්දෙවත් බ්ලොග් ලියන අය දැකගන්ඩ එන්ට ඕනේ..
    සිංහල බ්ලොග්ගල (මෙහෙම එකක් තිබුනලු ...කලින්....)

    ReplyDelete
  13. වත්සලා ඉන්න පින්තූර ගොඩක් කමියා එෆ්බී දැම්ම මේ ලින්ක් එකේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්

      Delete
    2. මේ ලින්කුව බැලුවෙමි. පොඩි දොසක් ඇත. මුදලින් දුන් තැගි ගැන කියන තැන

      Delete
  14. /මා දුටු පළමු ඔපෙරාව නෙළුං යායෙං දැක ගත්තෙමි.එය කතාකිරීමේ නිදහස හා සොක්‍රටීස්ට වසදීම අතර යමක් යැයි මං හිතමි.මා වැරදි නං තතු දන්නෝ නිවැරදි කරනු මැන./

    ඔය කිව්වෙ..ඔන්න කිව්ව..ඔන්න කිව්ව...අඩේ ඒ කෙහෙම්මල් සොක්කරටීසෙක් නෙවෙයි. එදා ඒ පෙන්නල තියෙන්නෙ උම්මග්ග ජාතකය

    /මං ඒවා වල නං මොනවදැයි හැබැවටම දන්නේ නැත./

    කරූගෙං ඇහුවනං හරිනෙ බං...

    /.අඳුන ගත්තේ ඉක්ලෙයාස් පමණක් වන අතර /

    උඹට තිබ්බෙ ඒ අඳුනගත්තුවයිං විස්සක් තිහක්වත් ඉණේ ගහගන්ට. සුද්දටයි, නැන්දම්මටයි අර ඉන්නවයි කිව්ව බලු බලල් සේනාවටයි

    /මං ඊයේ සන්නස්ගලයන්ගේ අම්මා කියවා ඉවර කලා විතරය.ඔහු දෑසින් දැකගත හැකි විය./

    සන්නස්ගලත් ඇවිල්ල හිටියද?

    පලි - ලියවිල්ල නං විශිෂ්ඨය.

    ReplyDelete
  15. මෙහෙම ටිකෙන් ටික කට්ටිය අඳුන ගන්න එකයි තියෙන්නේ. ජයග්‍රහණයට සුබ පැතුම්.

    මම මේකේ නම වෙනස් කරලා තියෙන්නේ. මේ සුදීක.

    ReplyDelete
  16. මට ඔබ මේ නමින් නම් අදුනගත නොහැක. මා ඔබ හා කතා කරාද නොදනිමි. අනේ ඔක්කොමත් එක්ක එකග විය හැකිය. නදි නිවේදන කටයුතු කෙරුවේ නං ශාලාවක අසුන් ගත් අයට නෙමේ එළිමහන් ප්‍රසංග වෙිදිකාවක ඉන්න නටන ගයන අය කියලා හිතාගන. නදි යාළුවා එත් වරද කිය යුතුයි.

    ReplyDelete
  17. බොලේ එදා යායෙදි ඩබ් කේ දුටිමී
    කැලේ පිපුණු මල් වල පැහැයක් දුටිමී
    ඇළේ නටන දන්ඩින් සේ තුටු වුනෙමී
    දිළේ ඔබේ ජය හැමටම සුභ පතමී......

    ජයවේවා!!!

    ReplyDelete
  18. අපූරු විස්තරයකි. නැවතත් සුබ පැතුම්!

    /* අහසින් ආ කසුන් නිර්මාණී ජෝඩුව..උඹලා නං වැඩ්ඩෝමය.උඹලගේ නොසැලෙන ආත්මශක්තිය අබියස අප මොකුන්දැයි මටම ලැජ්ජා හිතේ. */

    එකඟයි!

    ReplyDelete
  19. ඔබව හමුවීමත් කතා බස් කිරීමත් ලොකු සතුටක්....මට ඔය ඕන ජාරා කොත්තුවක් වගේ කෑවට බඩේ අමාරුවක් හැදෙන් නෑ මලාට,ඌරෝ වගේ තමයි ඕන ජරාවක් කතෑකි. හැබැයි ඔය නම නොදන්න කෑම ජාති හෝටල් වලට ගිහින් කද්දි කන්න ඉස්සෙලෙම පොඩි බඩ බුරුල් ගතියක් ඇති වෙනවා. එහෙමැයි කියලා සංවිධානය කරපු මිනිස්සුන්ගේ හිත් සවුත්තු කරන්න බෑනෙ. ආයේ කෑවා කොත ගහලම....බොරුනම් අර දුමියගෙන් අහන්නකො,

    ReplyDelete
  20. ලබන පාර සොඳුරු බ්ලොග් කරුවන් හමුවීමට සිහින දකිමි. එතෙක් මේ පෝස්ට් කියවා සැනසෙමි.

    ReplyDelete
  21. බ්ලුක් මේසෙ නොවේනම් මට ඊට වඩා කතා බස් කරන්න තිබුනා.
    නිර්මාණී සහ කසුන් දෙන්නා ගැන පුදුම ආදරයක් තියෙන්නේ.
    අපි කවුරුත් මිනිස්සු නෙව... රැස්පට් එක, ස්ටේටස් එක තියා ගන්න කියා හා හා පුරා මට ලොකු ලෙක්චර් එකක් දුන් උත්තමයෙක් මේ ඊයේ පෙරේදා මට සොරි කීවා නොවැ. මගේ ක්‍රමය හරි කීවා නොවැ. ඇත්තටම ලංකාවේ විතරයි මේ ලොකු කමක් ඔළුවට අරන් ඉන්නේ. අනේ මන්දා... මං හිතන්නෙ ඒක මිනිස්සුන්ගෙ හිත් වල දෝශයක් !

    ReplyDelete
  22. හපොයි මගේ කොන්ද......!
    ;)

    ReplyDelete
  23. සුභ පැතුම්. මං ආසම කරන ලේඛන රටාවක් තියෙන කෙනෙක් ඔයා. ලොකු ඇසුරක් නැති වුණත් ඈතකින් ඉඳගෙන රසවිඳිනවා මං. දිරිය ශක්තිය පතනවා තව තව රසවත් නිමැවුම් බිහිකරන්න.

    ReplyDelete