Sunday, March 6, 2016

ගුරු දිවියේ රසවත් කතා



දහතුනේ පංතිය

මෙවර අගෝස්තුවේ විභාගෙට වාඩි වන 13 පංතියේ ටියුෂන් යාම මට හිසරදයක් වී ඇත්තේ සතියට දවස් 03ක්ම පංතියේ ඩෙස් පුටු වලට ඉගැන්වීමට සිදු වන නිසාය.

පන්තියටම ඇත්තේ එකම එක ගෝලයකු වීම තත්වය තවත් නරක් කලේය.කරුමයකට හෝ ඒකා ඇණ ගත්තා නම් පාසලේ කොමස් ප්‍රතිඵලය 100% ඩවුන්ය.ඒ හින්දා අපි කොළුවාට බලහත්කාරයෙන් ඉගැන්වීමේ පියවරක් මේ දින වල අනුගමනය කරමු.උදේ පාසලට එන කොළුවාව අපි නිදහස් කරන්නේ හවස 5ටය.ඒ අසරණයාත් අපට හොරෙන් ඈණුම් ඇර ඇර ඉගන ගන්නා බව මවා පායි.

එක් පංති නොයන දිනකත් මූ පාසල් නොපැමිණීම මට පුෂ්පය ටොන් ගානක් ජම්ප් කරවන්නට හේතු වූ අතර අඛණ්ඩව මුදා හල දරුණු එස්.එම්.එස් රැසකින් පසුව 1.45න් පසු පාසලට පැමිණීමට කොළුවා එකඟ කර ගතහැකි විය.

එදින වෙනදාට වඩා වැඩි වෙලාවක් නිදා ගැනීම නිසාදෝ කොළුවාගේ මුහුනේ ප්‍රබෝධමත් බවක් විය...

“අද පාඩම ඉවර කරල මිසක් යන්න දෙන්නෑ...කම්මැලිකමට ඉස්කෝලේ නාවට දඩුවම ඒක“

මම සැර පරුසව මගේ අවම බලය පාවිච්චි කලෙමි/

අසරණ කොළුවා දුක්මුසුව හිස වැනීමෙන් මගේ අධිකාරී බලයට හිස නැමුවේය
.
මම විෂය නිර්දේශයේ අග සිට පටන් ගත්තේ මුල් පාඩම් ටියුෂන් එකෙන් කල පසු ප්‍රශ්න පත්‍රයක් දී ඒ දැනුම පරීක්ෂාකරනවා කියා හිත හදාගෙනය.කොළුවාගේ සීමිත කාල සම්පත අසීමිත ටියුෂන් පංති මැද දියව යන විට අසරණ පාසල් ගුරුවරුන් වූ අප ලද දෙයින් සැනසෙනු විනා වෙන මක් කරන්නද?

ඉතින් මා පටන් ගත්තේ කලමනාකරණ තොරතුරු පද්ධති පාඩමයි.

මෑතකදී අපේ පාසලට අපූරු කලමනාකරණ තොරතුරු පද්ධතියක් හඳුන්වා දී තිබීම මගේ කටයුතු පහසු කරන්නක් විය.නැතහොත් ව්‍යාපාර පරිසරය ගැන පොතේ දැනුමට අමතරව කිසිඳු ප්‍රායෝගික දැනුමක් නැති කොළුවෙකුට මේවා කියා දීමට ගොස් මා වැටෙන්නේ අලි අමාරුවකය.මා ඔහුට සමීප උදාහරණ සොයාගත යුතුය.

“යම් ගුරුවරයෙකු පීරියඩ් එකේ මුල් විනාඩි 5 ඇතුලත පංතියට නොගියා නං දරුවකු විසින් කාර්යාලයට ගොස් එහි ඇති කොලයක කතිරයකින් ඒ බව සලකුණු කිරීම මෑතකදී හඳුන්වා දුන් කලමනාකරණ ශිල්ප ක්‍රමයකි.

“සමහර දරුවන් උගන්වන ගුරුවරුන් ගැන ඔෆීසියට කේලම් කීමට අකමැති වීමත්,දරුවන් ගුරුවරුන්ගේ ඇද කුද හෙවීම අප මදක් අපහසුතාවයට පත්කිරීමට හේතු වීමත් මැද එය යම් තරමකට සාර්ථක වෙමින් පවතී.

“අවාසනාවට මා උදාහරණයට ගත්තේ විදුහල්පතිට තොරතුරු ලබා ගැනීමට සකස්කල මෙම පද්ධතියයි“

මම තොරතුරු පද්ධති වල වාසි උගන්වමින් සිටියෙමි.එතෙක් සියල්ල යහපත්ව සිදුවිය.

  • 1         නිවැරදි තොරතුරු නිසි වෙලාවට ලබා ගත හැකි වීම

පංති කාමර වල නිසි පරිදි උගැන්වීම් කටයුතු නොකරන පන්තිකාමර ගැන විදුහල්පති දැන ගන්නා අතර වහා එම අඩු පාඩුව මඟ හැරවීමට ක්‍රියාත්මක විය හැකි වීම
  • 2.       නිවැරදි තීරණ ගත හැකි වීම

විදුහල්පති තුමාට රාජකාරීය හරියට නොකරන ගුරුවරුන් ගැන දැන ගෙන ඔවුන් නිවැරදිකිරීමට ක්ෂනිකව ක්‍රියාතමක විය හැක

ඩංඩ ඩංඩ ඩං.... ඩංඩ ඩංඩ ඩං .....
ඔන්න එවිට ඊළඟ කරුණ
  • 3.       නිෂ්පාදිත වල ගුණාත්මක භාවය වැඩි වීම


හොඳයි පුතේ නිවැරදි තොරතුරු නිසි වෙලාවට දැන ගැනීම නිසා නිෂ්පාදිත වල ගුණත්වය ඉහල යනවා..හොඳයි කියන්න බලන්න පාසලේ නිෂ්පාදනය කරන්නේ මොනවද කියලා....


 ළමයි......

කටින් වචනය පිටවෙන්නා හාම තමා කියූ දෙයෙහි වෙනස් අර්ථයක් ඇති බව ඔහුට වැටහෙන්නට ඇත.මහ හිනාවක් දරුවාගේ මුවින් පිටවෙද්දී  උසස්පෙල පංති වලදී ගුරු ගෝල පරතරය වහා අමතක වෙන සුළු මමද නිරායාසයෙන්ම ඊට එක් වීමි

දැන් දීපල්ලකෝ උත්තර...
.
මම වහලයේ උළු ගනිමින් කල්පනා කලේ ඊට ඉහලින් වූ දේව මණ්ඩලයෙන් වත් සහයක් ලැබේවායි පතමිනි
හදිසියේම ...හදිසියේම...හදිසියේම... ඉතා හදිසියෙන් .... බිත්තියේ ගසා ඇති පාසලේ දැක්ම අහම්බෙන් මගේ ඇස ගැටින.

පාසලෙන් බිහිවන නිෂ්පාදිතය “තිරසර හෙටක් තැනුමට සුපසන් දරුවෙක්“(පාසලේ දැක්ම) විනා “ළමයි“ නොවන  බව කියමින් මං යාන්තමට ජාමේ බේරා ගත්තෙමි.

12 පංතිය

අඛන්ඩව කැලෑ මල් සමඟ රැඳුන අය නම් මගේ ගොලයාගේ වැඩ කිඩ දැනටමත් දනිති.සතියකට වරක් හෝ අප හොල්මන් කරවීමේ පුරුද්ද තවමත් ඔහු අත් හැර නැත.ඔහුගේ සියළු නස්කූට්ටු වැඩ මැද ඔහු ගැන වූ ආදරය නොසෙල්වී තිබීමම පුදුමයක් වුවත් ඒ කරුමය පලදී ඇති පාසලේ එකම ගුරුවරයා මා පමණක් නොවන බව ස්ටාෆ් රූම් එකෙදී හුවමාරු වන ඕපා දූප ඔස්සේ මා දැන ගත්තේ මෑතකදීය.

මගේ ගෝලයා 12 පංතියේය.පාසලේ ක්‍රිඩා නායකයා ශිෂ්‍ය නායකයෙකු මෙන්ම මාර්තු 21 වනදා පවත්වන කොන්සට් එකේ රැඟුම් ගැයුම් කීපයකට ද මේ දවස්වල පවත්වන කොට්ඨාස ක්‍රිඩා තරඟ වලටද සහබාගී වීම නිසා අතිශය කාර්යය බහුල වී ඇති ඔහු මේ දින වල ඇහැට දැක ගැනීම පවා අසීරුය...ඔහු පංති කාමරය තුල දුටු දින පසුවී බොහෝ කලක් ගතවී ඇත.


කොටින්ම කිවහොත් වෘත්තීමය ජීවිතයේ මගේ වටිනාම බලාපොරොත්තුව ඔහුය

එබැවින් නිකමට හෝ දින කීපයකට වරක් ඇමතුමක් දී ඔහු පාඩම් කරන බව අසා ( පාඩම් නොකලත් කලත් එය දැන ගැනීමට මට ක්‍රමයක් නැති බැවින් මට ඔහුගේ වචන විස්වාස කිරීමට සිදුවේ) හිත සනසා ගැනීමට මම පුරුදුව සිටිමි.

කොට්ඨාස තරඟ වලදී ඔහු සහබාගී වූ එල්ලේ හා වොලි බෝල් යන තරඟ 2න්ම අප පාසල පරාජය වීම ඔහුගේ හිතට දුකක් ඇතිකරවන්නක් වන්නට ඇත.

මා නිකමට ඔහු ඇමතුවේ මූ ක්‍රිඩා නොකරන දින වත් පාඩම් කරනවාදැයි සිතමිනි.

මිස්...

ඉතින් පුතේ අද මොකෝ ඉස්කොලෙ නාවේ..

ඊයෙ බෝල ගහල අමාරුයි මිස්...

ඉතින් ඔය දැන්ද නැගිට්ටේ...

නෑ දැන් ටික වෙලාවක් මිස්...

ටී.වී එක ඉස්සරහ විවේක ගන්නවා ඇති නේද?

නෑ ..නෑ මිස් ... ‍ටියුෂන් පන්තියේ පේපර් එකක් දෙනවා කිව්වා.ඒ හින්දා මේ ටිකක් පාඩම් කරනවා...(නියමයි ෂෝක් කොල්ලා...මං මටම කියා ගත්තේ සතුටිනි.)

දැන් ලබන සතියෙත්  තරඟ ඇති නේද?ඒ සතියෙත් උගන්නන්න වෙන්නෑ...සිලබස් කවර් කරන්න ගියාම තමයි ඇඩෙන්නේ...මං මගේ දුක් ගැනවිලි ඉදිරිපත් කලෙමි..

තරඟ වලට ගියාට වැඩක් නෑ මිස්..හැමදාම පරාදයිනේ මිස්...

අපෝ එහෙම හිතන්න එපා පුතේ ...ජය පරාජයට වඩා වැදගත් වෙන්නේ සහභාගීත්වයනේ..“මං උපදේශාත්මකව පණ්ඩිත හෑල්ලක් දෙසාබෑවෙමි.

ඒක ඇත්ත වෙන්න ඇති  හැමෝම එහෙමනේ කියන්නේ...නේද මිස්....කොල්ලාගේ කටහඩ පරම අහිංසක විය..

ඒකනේ එහෙම හිතන්නෙපා පුතේ

මිස්..ඒක ඇත්තනං විභාගෙ පාස් වෙන්න ඕනත් නෑ...සහබාගිත්වයනේ වැදගත්....නිකමට ගිහින් ලිව්වාම ඇති

මං යලිත් වතාවක් කට උත්තර නැතිව ගොළු වී ගියෙමි


38 comments:

  1. //මිස්..ඒක ඇත්තනං විභාගෙ පාස් වෙන්න ඕනත් නෑ...සහබාගිත්වයනේ වැදගත්....නිකමට ගිහින් ලිව්වාම ඇති//
    මේ කැල්ල තරුණ කලේ දැනන් හිටියනම් කොච්චර ප්‍රයෝජනයට ගන්නතිබුණද?

    ReplyDelete
    Replies
    1. කියල මක්කටද ඉයන්...අපිත් දැන් දැන්නේ ඔවුව ලමයින්ගෙන් ඉගෙන ගන්නේ

      Delete
  2. නියමයි. personalised teaching? ලංකාවේ මෙහෙම උගන්නනවා කියල ඇහුවමයි.

    ReplyDelete
    Replies
    1. අද ඇහුවනේ ඇනෝ..ඒ මදැයි

      Delete
  3. ඇත්තටම එක ළමයෙකුට උගන් වන්නේ අනිත් ළමයි ටියුෂන් යන නිසාද? මට වැඩිය තේරුනේ නැහැ ඒ ටික. මොනවා වුනත් ගුරුතුමියගේ කැපවීම ශ්‍රෙෂ්ඨයි. ඔහොම එක ගුරුතුමෙක් හිටිය මට පහේ පන්තියේදී. මගේ බ්ලොගයේ ඒ ගැන ලියල තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඒ ලබා උපන් හැටි..අපේ ඉස්කෝලෙ 13 වාණිජ පංතියේ ඉන්නේ එක ලමයයි.12 වාණිජ පංතියේ 02න්නයි.මුළු අංශයටම ළමයි 03ක් විතරයි

      Delete
  4. ෂා.. මෙහෙම පස්සෙන් එළවල උගන්වන ගුරුවරුත් ඉන්නව එහෙනං..!

    ReplyDelete
  5. හයි හයියො හිනාවෙනවලකෝ..මං ඔයාලට හිනා වෙන්න විහිළු කතාවක් කියල හිතල මේක දැම්මෙ.ඹයාල කවුරුත් හිනා වෙන් නෑතතතවෙන වෙන ඒවනේ කියන්නේ

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. මේකට හිනා ගියා... සිරාවටම

      Delete
  6. අපිට කොහෙද මෙහෙම ටීචර්ල

    ReplyDelete
    Replies
    1. ඔයා ඔරොප්පුයි නේද ගුරුවරු එක්ක

      Delete
  7. මෙන්න ළමයි කියලා තමා කියන්න තියෙන්නේ... මොනවා වුණත් අපි ඉගෙන ගන්න කාලයට වඩා දැන් උන් පැහිලා කියන්නේ නිකමට නෙමෙයි නේද????????

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා..ඒකමයි උන්ට ආදරේ හිතෙන්නෙත්.නිදි මතයො වගේ මුල්ලකට වෙලා ඉන්නව නං අපිට රස්සාවත් එපා වෙනවනේ අනේ

      Delete
  8. අන්න ඒකනේ.ලඟක් වෙනකම් ඉස්කෝලෙට ගිහින් පරණ පංතිබාර මිස්ව හම්බුනහම එයා හැමදාම කියන්නේ "දැන් ඉන්න එවුන් උඹලා වගේ නෙමෙයි.මෙලෝ රහක් නෑ" කියලා.ඒ වුනාට ඉස්සරනම් කිවුවේ "තොපිවගේ කාලකන්ණි ටිකක් මට හම්බවෙලාම නෑ" කියලා.

    ReplyDelete
    Replies
    1. අපිත් ඕකම තමයි වර නගන්නේ කසුටු

      Delete
  9. බොලාගෙ ඇමටිය නම් නියමයි. බොලා ආඩම්බර වෙන්න ඕන එහෙම ඇමටියෙක් ලැබිච්ච එක ගැන. අන්න දැක්කද ඊයෙ එතුමා නව සොයාගැනීමක් කරල. ඒඩ්ස් හැදිච්චි අම්මෙක්ගෙ උකුලෙ ඉන්න දරුවෙකුටත් ඒඩ්ස් හැදෙන්න පුලුවන්ය කියල.

    ReplyDelete
    Replies
    1. ඔයල තමයි ඔයි ඇමටියට කතිරෙ ගහල ඔහේ යවල තියෙන්නෙ.හරි නං අපි ඔයාලට විරුද්දව නඩු දාන්ඩ ඕන ඔයි වගේ එකෙක් අපේ ඇමටිය කරවපු එක ගැන..උන්දෑ හතරවරංම නේන්නං ගහනනේ.නිලඇඳම් කූපනේ අමතක වෙන්ඩ තරං කාලයක් ගිහිල්ල නෑ නොවැ

      Delete
  10. Replies
    1. හපොයි මිත්තරේ...උන්දැලාගෙ තව මරු මරු කතා තියනව...වෙලාවක් බලල දාන්නංකො තව ඒව්ව.12 පන්තියෙ එකාගෙ වැඩ ගැනනං වෙනම බ්ලොගක් ලියන්න තරං තියනව..හැබැයි මුළු ඉස්කෝලෙන්ම මං වැඩි පුර ආදරෙත් ඌටම තමයි

      Delete
  11. Replies
    1. කියල වැඩක් නෑ ඉන්ද්‍රෙ.රස්සාව කම්මැලි නැතිව කරන්ඩ පුළුවන් වෙලා තියෙන්නෙ ඔයි වගේ උන් හන්ද තමයි

      Delete
  12. //මිස්..ඒක ඇත්තනං විභාගෙ පාස් වෙන්න ඕනත් නෑ...සහබාගිත්වයනේ වැදගත්....නිකමට ගිහින් ලිව්වාම ඇති//
    අම්මට පෙන්නනව මේ දැන්ම............

    ReplyDelete
    Replies
    1. හපොයි මං හොඳ ලමයින්ව නොමග යවලා වත්ද

      Delete
  13. හපොයි මු ගැන ඉරිසියාවක් හිතුණා.....

    ReplyDelete
  14. ඒලෙවල් පලවෙනි සැරේට ලියන්න ගියේ සහභාගීත්ව අත්දැකීම ගන්නම තමා.ඔය කතාවම කිය කිය.කාලෙකින් පැය තුනක් එකදිගට වාඩි වෙලා හිටියෙත් පේපර් එකටමයි. කොටින්ම කෙමෙස්ට්‍රි සර්ට වඳින්න යනකොට මට කිව්වෙ
    'මේ පාර වත් පාඩම් කරලා පාස් වෙනවා.. ගිය පාරත් නෑ නෙ නේද?' කියලා.
    මම ඉතින් කිව්වා...
    'නෑ සර් මේ ෆස්ට් ශයි එක' කියලා.. හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගෝලයා ඒ තරමටම පංතියේ ඉඳලා තියනවා වගෙයි ඈ

      Delete
  15. ඒ ඉක්කොලේනම් මල් හතයි.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා අපි එහෙමයි

      Delete
  16. හිහි
    ටීචත් මරු ගෝලයත් මරු...
    ළමයි ලොඩාරියක් ඉන්න ඉස්කෝලෙකට ගියා නං සමහර විට මේම පෝස්ට් නොදකින්නත් ඉඩ තිබ්බ. ඒ හිංද අපි නං කැමතී ඔන්න වත්සලා අක්ක මෙහේම ඉන්නවට
    ඔව් ඉදගෙන

    ReplyDelete
    Replies
    1. හපොයි මහේෂ් මං මේ ගේ ලඟ ඉස්කෝලෙකට මාරුවකි ගන්න ට්‍රයි අප්පා...
      ඒත් ඔයාගෙ කතාවෙත් ඇත්තක් තියනව

      Delete
  17. Oya wagema teacher kenek hitiya apitath. E ape panthibhara teacher. Hariyatama amma kenek wage. Meeta awurdu dekakata vithara kalin e teacher nathiuna... naheta ahanne nathi kolloma 25 k eka tharawatuwak nathuwa control karagaththa ethumiya niwan dakinna ona.

    ReplyDelete
    Replies
    1. ආදරනීය ගුරුතුමියක්..ඈ අපිට ආදර්ශයක්..අම්බලං.ඇගේ ආශිර්වාදය ඔයාගේ ජීවිතය පුරාම හැමදාම තියේවි

      Delete