Tuesday, March 29, 2016

ළමයි ගැයූ රී මික්ස් සිංදු ,පොදු සරල කුණුහරුපය හා වැසිකිලි යාම


සිංදු රී මික්ස් කිරීම අද ඊයේ පටන් ගත් දෙයක් නොවේ..

මා හිතන හැටියට අපට රෙකෝඩ් බාර් එකකට ගොස් පපුව පුම්බා

“දෙන්ට මට ජෝතිගේ අළුත් සිංදු “ කියා ඉල්ලා හිටින්නට හැකි වී ඇත්තේ මේ නිසාය.නැත්තං දශක දෙකකට පමණ පෙර මිය පරලොව ගිය මිනිසෙකුගේ අළුත් යමක් මිහිපිට තිබිය හැකිද?

අනෙක පුරාණ සිංහල චිත්‍ර පට බොහොමයක හිංදි තනුවක ට සිංහල වචන ඔබා ඒ තාලයට ගයන සිංහල සිංදු බොහොමවක් දැකිය හැක...

ඉතින් අනුකරණයේ දක්ෂ අපේ යක්ෂ ලමයි සිංහල සිංදු වලටම වෙනත් පද යෙදීම අරුමයක්ද?

මේ සිංදු බොහොමයකටම ආහාර ජීර්ණ පද්දතියේ අවසන් කෙලවර හඳුන්වන අකුරු දෙකේ වචනයක්  හා ඒ වචනයට අදාල ක්‍රියාව ආශ්‍රිත පද නිතරම යොදා ගන්නේ ප්‍රසිද්ධියේ කිව හැකි “මහා කුණුහරුපය“එය යැයි ළමුන් සිතන නිසා වද්ද????
1.       බාලිකාවියන් ..තක්සලා දොරෙන්
ඉස්සිලා හොරෙන් බලාවි ගස්සලා නුවන්....
මේ අපි අසා ඇති ගීයයි.
බාලිකාවියන් ලැට් එකේ ඉඳන්
ඉස්සිලා හොරෙන් බලාවි වතුර ගේන කං...........

මේ ලමයි ගයන ගීයයි

2.       එදා තරම් මගේ හිතේ රැඳුනේ නෑ තව දවසක්...මගේ මතකයේ හැටියට මෙය ගයන්නේ ඉන්ද්‍රානි පෙරේරාය

එය අපේ ළමයි ගයන්නේ මෙසේය

එදා තරම් මගේ  *කේ රැඳුනේ නෑ *න්ඩ බරක්
මගෙ *ක වට කර හිටියා නිල මැස්සෝ දස දහසක්
සැනකෙලියේ කිසිම තැනක තිබුනේ නෑ වැසිකිලියක්
තිබුනෙ එකම වැසිකිලියයි - ඒකෙත් තඩි * තලියක්






3.පිණි බර යාමේ සැවුලන් හඩලනවා
    අම්මා වට කර  ලිප ගිණි මෙලවෙනවා
කොළඹ කෝච්චිය රජ ගමනට යනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා
මේ මවු ගුණ කියවෙන ලයාන්විත ගීයකි

පිණි බර යාමේ සැවුලන් හඩලනවා
    අම්මා වට කර  ලිප ගිණි මෙලවෙනවා
කොලඹ බාප්පා පිළි කන්නේ *නවා
නැගිටින් පුතුනේ * ගඳ ගෙට එනවා
අපේ ලමයි  ගයති



4.       කවියන්ගෙ රස හැඟුම් පුබුදා තියා
සුදු නංගියා  මාගෙ හිනැහී ගියා

මේ ගීයද අපේ  ළමයි මග හැරියේ නැත

මම  *න්නෙ පිලිකන්නෙ කොලයක් තියා
තටමන්න ඉස්සරම *ඩයක් ගියා
*කෑලි හැම තැනම විසිරී ගියා
නිල මැස්සො මා එක්ක හිනැහී ගියා.


5.      හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනෙත් පුරා ....

මට ගීයේ ඉතිරි පද මතකයට නොඑයි

නමුත් ළමයින් ගැයූ ඊට සමාන ගීයක් මට මතකය

හොරෙන් රෑට පොල් කඩනා පිස්සු ජෙමා
එදා රෑම ගහෙන් වැටිල එතන මලා
මල ගේකුත් වුනා
තුන් මාසෙත් ගියා
හඳ පායන කාලේ ඔබ මතක් වෙලා

මෙහි අවසන් පදය වෙනස් නොකලේ මන්දැයි මට වැටහෙන්නේ නැත.


මේ ඇතැම් කවි අපි ළමයි කාලයේ ද ඇසූ ඒවාය.එ කල ඇම්ඩන් කතා රැල්ලක්ද විය.මං 11 වසරේ සිටියදී තදේටම ඇදී ගිය මේ රැල්ල පංතියට ගෙනාවේ පංතියේ පෙම්වතියන්ය.උන්ගේ කොල්ලන් උන්ට මෙම කතා හා සිංදු කියාදී ඇති අතර උන්ගෙන් අපි උගත්තෙමු...

අපේ ජාතිය නිර්මාණශීලී නැතැයි කීවේ මොකාද???ඌට මේ කවි ටික පෙන්නමුද
.
****** ලකුණු තම තම නැණ පමණින් දැන ගත යුතුය.



31 comments:

  1. හම්මේ බොහොම හොඳ ළමයි ටිකක්.. ලොකු ලොකු කුණුහබ්බ මොකුත් කියලම නෑ..

    මට මතකයි අපි ඒ කාලේ.. නෑ එක්කෝ ඕනේ නෑ..

    ReplyDelete
    Replies
    1. එවුව අපි ඉන්න තැං වල කියන් නෑ මිත්තරේ

      Delete
  2. ඇයි නරි බෑනා.
    තණ අග දිලිසෙන පිණි කැට අරගෙන ඔබෙ මුව දෝවන්නම්..
    - කක්ක දානකොට වල ලඟ ඉඳගෙන ඔබෙ *ක දෝවන්නම්..
    ආයෙ හොඳටම ප්‍රසිද්ධ එකක් 'සුදු අසු පිට නැගලා' ඒක සැර වැඩි වෙයි වගේ..
    ම්ම්ම්.. තව...
    නුඹෙ සුවඳ පිරුනු පුංචි කුස්සියේ
    සුදු ළුෑණු සුවඳ පැතිරිලා ගියේ
    බත හාල් උනේ ඇ‍යි දයාවියේ
    මේ ගෑස් ලිපේ ගෑස් ඉවරනේ...

    ජයවේවා..!!

    ReplyDelete
  3. සුදු අසු පිට සැර වැඩියි තමයි...
    අප්ප ඔය තියෙන්නෙ තව ඒව

    ReplyDelete
  4. අනේ මගේ කට හොදනැ බං මං යනවා

    ReplyDelete
    Replies
    1. කටෙන් මුකුත් කීවට බ්ලොගේ ලියවෙන්නෑ අයියේ

      Delete
  5. හරිනේ........... හද මෝරද්දි පිස්සු තද වෙනවා කියලා කතාවක් තියෙනවානේ....

    ReplyDelete
    Replies
    1. මටද කුරුට්ටෝ පිස්සු තද වෙලා තියෙන්නේ...හඳ මෝරන්නේ කෙහෙද?තාම අවපස නොවැ

      Delete
  6. ඇයි ‍රැලෙන් නාලා..... තව තියෙනවා...

    ReplyDelete
  7. ටීචර්...අපි නන් මෙහෙමත් කීව...අඹ ගහ මුදුනේ ටකේ බදින්නේ ටකේ ලනුව ගෙන *කෙ බදින්නේ..............
    කොඩි ගහ යට මම *කන්නේ නම ගිය තැනකි රටේ..........
    ලේන ජම්බු ගහේ ආය නගී අය බසී.......
    හිරුට කලින් *ක කූඩාරන් ගසනා...

    ReplyDelete
    Replies
    1. හපොයි මං අහල නැති එවුව සෑහෙන තියනව වගේ

      Delete
  8. ඔය රැල්ලෙ පේමස්ම අයිටම් එක තමා අමරදේව මහත්තයගෙ සිංදුව රීමිස් කරපු එක.
    සිංදුව නං ස්වර්ණ විමානෙන් එහා ලෝකයට
    රිමිස් එකේ මුල ටික මතක නෑ...

    ReplyDelete
  9. ඕයේ.... වත්සලා රීමික්ස් ප්‍රඩක්ෂන්.....

    ඒ කාලෙ අපිත් හොස්ටල් එකේදි හදපු සින්දු හැක හැක. එක එක ලමයට එක සින්දුව විතර තිබුන මගෙ හිතේ.

    ReplyDelete
  10. අර පිනිබර යාමේ එක මමනං අහල තියෙන්නෙ
    'පිනිබර යාමේ වවුලන් වැල කනවා
    අම්මා වටකර කොස්ඇට පැලවෙනවා' කියල.

    මොනව උනත් අපි හරිම වෙනස් ජාතියක් කියන්නෙ නිකං යැ. ඒකනෙ අච්චර මහන්සිවෙලා දාල තියෙන ස්‍ට්‍රීට් විව් එකේ අපේ එවුවො චූ දාන එවුවයි, පුක කහන එවුවයි හොය හොය යන්නෙ. හැක්

    සැ.යු. පුක යනු කුණුහරුපයක් නොවේ. -ක.කා.-

    ReplyDelete
  11. හප්පා රිමික්ස් කරපු සිංදුනම් එමටයි....,නෑ එක්කෝ ඕනේ නෑ ,,,ටීච කෙනෙක්ගේ බ්ලොගක්නේ...

    ReplyDelete
    Replies
    1. වැඩි පුර අසභ්‍ය එවුව නං එපා තමයි බංගවෙලාවකට ලමයිනුත් කියවනව

      Delete
  12. අපෙ අයිය රිමික්ස් කරල තිබ්බ අර ජොලිසීයගෙ සිංදුවක්:

    “සොඳුරිය ප්‍රේමිය දයාවි අම්මට ^&%$...“

    ReplyDelete
  13. නොබලන් කුමරිය නිසසල මා දෙස
    සසල ඔබේ දෙනෙතින්,

    නොබලන් කුමරිය අබලන් මා දෙස
    වපර නුඹේ දෙනෙතින්

    ReplyDelete
  14. තව තිබුණ යථාර්ථවාදී රිමික්ස් එකක් - සුසීම ටෙලියෙ ක්ලැරන්ස් ගෙ සිංදුවකට හදපු:

    “දෑස පියාගත් කල මට මුකුත් පේන් නැතෝ...“

    ReplyDelete
    Replies
    1. “ඈත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ වතුරය...“

      Delete
  15. ආ.... මෙන්න හරි එක හම්බුනා.මම දාල තිබුනු එක වැරදියි.
    https://www.youtube.com/watch?v=-AjE4OfSb8U

    ReplyDelete
  16. අතිශයින් හිනා වීමටම පමණයි

    ගීත ලෝකයේ විශේෂ සිද්ධි

    නිර්මාණ මංකොල්ලා කෑම චරිත් හර්ෂණගෙනි

    + නීල් ආම්ස්ට්‍රෝංග්ට පෙන්නන්නම බැරි ගීතය
    - සඳ මිදුලට එනවා

    + දරුණු රෝගයක් ගැන කියැවෙන ගීතය
    - කෝමා පැතූ ඔබෙ ආදරේ

    + සමාජවාදය හා සම්බන්ධ ගීතය
    - ඔබ මන්ද ලෙනින් පිටවෙලා ගියේ,මං සිංහයාට බයයි නංගියේ.

    + රූම් ගිය කෙල්ලෙක් ගැන කියැවෙන ගීතය
    - නැතිවෙන්න දෙයක් නෑ මට තව මේ ලෝකේ

    + සහතික ඇත්ත කියැවෙන ලෝකයේ එකම ගීතය
    - සඳ සඳ වගේ,තරු තරු වගේ

    +තනිකරම බොරුවක් උන ගීතය
    -තෝරු මෝරු පොකිරිස්සෝ අපෙ දුක සැප විමසනවා
    තොරතුරු ගැන කම්පා වී අපේ දැළට ළංවෙනවා

    + ගණිතමය මූලධර්ම වලට පටහැනි ගීතය
    - පිණි වැටුනට සුදු නෙළුමක බර වැඩිවෙන්නෑ

    + මානව හිමිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධ ගීතය
    - හිංසා කරන්නේ,වෙන්වී ගිහින්

    + කොටු පනින අක්කියෙක් ගැන කියැවෙන ගීතය
    - යන්න රට වටේ,එන්න මා ප්‍රියේ

    + ජොයින්ට් පොඩ්ඩක් ගැසූ අවස්ථාවක් ගැන කියැවෙන ගීතය
    - පියඹා... යනවා මා ආකාසයේ

    + අසභ්‍ය වීඩියෝ පට ගැන කියැවෙන ගීතය
    - සිලිං තුනයි වැල,උඩහ ගෙදර මැගි නෝනට මේ දැන් වික්කේ

    + නෙට් එක ඇතුලට මදුරුවෙක් ආපු වෙලාවක් ගැන කියැවෙන ගීතය
    - ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ

    + ජීවිතේට සිද්දවෙන්නෙ නැති දෙයක් ගැන කියැවෙන ගීතය
    - දවසක්දා...හැන්දෑවක,පොතක් බලන්නට සිතුනා

    + හොරෙන් පැන යාම දිරිමත් කිරීම සඳහා ගැයුණු ගීතය
    - හඳපානේ ගමන් යන්න,සවනට කොඳුරා කියන්න

    + ගිනි නිවන හමුදාවේ ජාතික ගීතය
    - ඇවිලුනු ගිනිදැල්,නිවි නිවි යා දෙන්
    .
    + බාර් එකේ මාමා නිතිපතා ගයන ගීතය
    - ආදරයේ වේදනාව හදට දැනෙන යම් දවසක,හුදෙකලාව නොතැවී යලි එන්න මා සොයා.

    + රූමත් සමලිංගික කාන්තාවක් ගැන කියැවෙන ගීතය
    - දේදුනු පාටයි මුහුණ ඔබේ,ලස්සන සමනලියේ

    + අක්කි පාරක් ටෝක් කරගැනීමක් ගැන කියවෙන ගීතය
    - අක්කෙ ටිකක් ඉන්නකෝ,ඇවිදින් ඉඳගන්නකෝ,පුංචි කතාවක් කියන්න තියෙනවා.

    + යුගයේ ලියවුණු කුපාඩිම ගීතය
    - කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා.ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා.මගේ මල්ලියා සුරතලා චන්ඩියා.

    + ජොයින්ට් එකක් ගැන කියවෙන ගීතය
    - පත්තර පිටුවක ඔතලා තිබුනා.

    + එන්රිකේ අයියා ගැයූ මුල්ම ගීතය
    - සීගිරියේ අප්සරාව දුටුවම.මට දුක හිතෙනව අවිහිංසක මං ගැනම.

    + හොල්මන් ගැන කියවෙන අද්භූත ගීතය
    - ඔබ ඇස්පිය නොහෙලා බැලුවා,ඔබ ඇස්පිය නොහෙලා බැලුවා

    + දැල්ලෙකු විසින් බූවල්ලෙක අමතා කියන ගීතය
    - අපේ ජීවත මේ මහ සාගරේ,ගෙවිලා යනවා අයියේ.

    + ජංගම දුරකථන සමාගමක් ගැන කියවෙන ගීතය
    - ආවාට "නොකියා"ම ජීවිතෙන්,නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.

    + සනී ලියෝන් අක්කි බබා ගැන කියවෙන ගීතය
    - රෑ තුන්යම හිත අවුලන නපුරු සඳවති.

    + විභාගෙට ගිහිං පේපරේ අතට ගත්තු කුජීත මොහොත ගැන කියවෙන ගීතය
    - මට සිතන්න බෑ,අදහගන්න බෑ.හිතන්නවත් හිත නෑ.

    + ගොළු පුද්ගලයකු කතා කල බව සනාථ වන මානව ඉතිහාසයේ එකම ගීතය - ගොළු දරුවෙක් උනා කියල අනේ අම්මෙ මාව.දාල ගියේ ඇයි මේ ලෙස ළමා නිවාසයක

    ReplyDelete
    Replies
    1. /+ හොරෙන් පැන යාම දිරිමත් කිරීම සඳහා ගැයුණු ගීතය
      - හඳපානේ ගමන් යන්න,සවනට කොඳුරා කියන්න/

      මේ සිංදුවෙ ඇත්තම තේරුමත් ඒකම තමයි. උඹ මාත් එක්ක පැනල යන්න එනවද? නැත්තං මං බොන්ඩද? කියල කලාත්මකව අහන්නෙ...

      Delete
    2. තව තියෙනව ග්‍රහ‍ලෝකයක් සිවුපාවෙක් බවට පත්වීම ගැන සිංදුවක්. දන්නවද?

      Delete
  17. සම්මානයට සුභ පැතුම්!!!

    මට හිතෙන දෙයක් තමයි බ්ලොග් එකේ ලිපි පෙළ (Blog Index / Blog Archive), බ්ලොග් එකේ ඉහලින්ම තිබුණා නම් හොඳයි කියන එක. එහෙම තියනවා නම් අලුතෙන් බ්ලොගයකට ගියහම පරණ ලිපි කියවන්න වඩා පහසුයි.

    ReplyDelete