Friday, March 25, 2016

කොයි තරම් සහනයක්ද හිත බිඳෙන එක

කොයි තරම් සහනයක්ද හිත බිඳෙන එක
උන්නත් මලත් එක සේ හැඟෙන
මතකය හිත පතුලේම වළලන
කොයි තරම් සුන්දරද හිත බිඳෙන එක

සොඳුරු තනිකම විතරක්ම තනි රකින
දෑස් අහසෙන් අනෝරා ඇද හැලෙන
ටික දිනකින්ම උපේක්ෂා හිරු මුදුන් වන
කොයි තරම්ම මිහිරිද හිත බිඳෙන එක

සුසුම් උදම් හිත කණපිට හරවන
මොහොතකට දුක යටවී සතුට උඩ මතුවන
ආයෙ ආයෙත් සසර වෙරලේ
දුක් සිතිවිලි රළම ගැටෙන
කොයි තරම් සහනයක්ද හිත බිඳෙන එක



ලෝකයක් වැඩ අතපසු කරන
දෑස් පියාගෙනම මතකයේ කිමිදෙන
ඉඳහිට කඳුළු පින්නක් උව මතුවන
කොයිතරම් සුන්දරද හිත බිඳෙන එක


මල ගිය හීන මිහිදන් වන
අළුත් සිතිවිලි උපදින
වෙනස්ම හෙටක තිරපට ඇරෙන
කෙතරම් මිහිරක්ද හිත බිඳෙන එක

සතුට බිඳෙන් බිඳ මතුවන
දේදුන්නෙන් ආයෙත් හීන පාට වන
අළුත් ජවයකින් හිත වෙව්ලන
අහා....
මේතරම් සහනයක්ද හිත බිඳෙන එක

4 comments:

  1. සමහර විටකදී නම් හිත් බිඳෙන එක සහනයක් නොවෙයි මානසික පීඩනයක්

    ReplyDelete
  2. ඒ සමහර විටදිනෙ පූසෝ..බැඳීම් අඩු වෙන එකම මාර සහනයක්.ඒ එක්කම වගකීමුත් අඩු වෙනවනේ

    ReplyDelete
  3. හිත බිඳෙන එක ඒ බිඳෙන වෙලාවට සහනයක් වෙන්න පුළුවන්.. නමුත් දිගින් දිගටම හිත බිඳෙන්න ගියොත් ජීවිතේ වේදනාවක් වෙනවා..

    ReplyDelete
  4. Thanks,its for me :(

    ReplyDelete