Wednesday, March 2, 2016

මං ආදරේ කලේ ඔය හිතට

මං ආදරේ කලේ ඔය හිතට
ඔය කොලපාට රාක්ස සරීරෙට නෙමෙයි
චාමේන් දුෂ්ටයෙක්
උගේ අම්ම සුරංගනාවියක් නෙමෙයි
නපුරු කොට මායා කාරියක්
දැක්කද තාත්තව ගෙම්බෙක් කරපු අපූරුව
මං රැක්ක මකරාට උනත්
තියනවද කොච්චර ආදරනීය හිතක්
කටේ ගින්දර තිබුනත්
දැක්කද බූරුවාට හාදු දෙන අපූරුව
ආදරේ කියන්නේ සුරංගනා මතු මහලක
සේද කොට්ට උඩ විතරක් පිපෙන දෙයක් නෙමෙයි...
ගන කැලෑවක් මැද මඩ වගුරක වුනත්
යස අපූරුවට පිපෙන්න පුළුවන් දෙයක්
ශේරේක් මං ආදරේ  ඔය හිතට
ඒ හිත මොන ශරීර කූඩුවක් ඇතුලේ තිබුනත්
මං ආදරේ ඔය හිතට



21 comments:

  1. මෙන්න ෆියෝනා කවියක් ලියලා.කොහේද බන් නංගියේ ගිහින් හිටියේ? අන්තිමට දාපු පෝස්ට් එකේ මාතෘකාවත් එච්චර හොඳ නැතිනිසා ඇග සීතලවෙලා හිටියේ.

    කවිය සිරා හොඳේ.හිත ගියතැන මාලිගාව කියනවනේ.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ගේ කැඩුවා අයියේ ..ටෙලිකොම් ලයින් එකත් කැඩුනා...පුළුවන් තරම් දරා ගත්තා...බැරිම තැන සල්ලි සල්ලි කියල නොබලා ගත්ත ඩොංගලයක්..තැන්තූ හොඳේ

      Delete
  2. //ශේරේක් මං ආදරේ ඔය හිතට
    ඒ හිත මොන ශරීර කූඩුවක් ඇතුලේ තිබුනත්
    මං ආදරේ ඔය හිතට//
    හිරිගඩු පිපුනා...
    ජයවේවා..!!

    ReplyDelete
  3. අම්මට හුඩු ෆියෝනා....

    සුපිරියි ඈ////

    ReplyDelete
  4. කාලෙකින් ඇවිත් ශේප් වෙන්න කවියක් දාලා ගිහිං

    ReplyDelete
  5. ලස්සනයි.............

    ReplyDelete
  6. ශ්‍රෙක් ෆිල්ම් එකේ මාර විදිහට පෙන්නනව ශ්‍රෙක් කියන්නෙත් සාමාන්‍ය තරුණයෙක් වගේම හැඟීම් ඇති පෙම්වතෙක් බව...

    ReplyDelete
    Replies
    1. අනිවා...ඉරිසියාව ආදරය කැපවීම හැමදෙයක්ම

      Delete
  7. //මං ආදරේ ඔය හිතට//
    wow....

    ReplyDelete
    Replies
    1. හපොයි ලලිතෝ අපේ සුද්ද මොනව කියයිද

      Delete
  8. "ආදරේ කියන්නේ සුරංගනා මතු මහලක
    සේද කොට්ට උඩ විතරක් පිපෙන දෙයක් නෙමෙයි..." හ්ම් හ්ම්. ලස්සන පද ගැලපුම්. ඉතින් මොකද වුණේ. ආයේ ගේ ගලවා දැම්මවත්ද?

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්
      මේ දවස් ටිකේ වහලේ ගැහුවා සුජී

      Delete

  9. පද ටික ලස්සනයි.. ඒත් ඇසින් දුටු යතාර්ථය නම්..

    ශ්‍රෙක්ගෙ හිතට ආදරේ කරපු කුමාරිකාවි ඔය වගේ සුරංගනා කතා කියල අන්තිමේ රාජකුමාරයෙක් දුටු ගමන් ශ්‍රෙක්ව අමතක කරලා රාජකුමාරයා එක්ක පැනල ගියා.. කුඩු පට්ටම් වෙච්චි හිතත් එක්ක නන්නත්තාර වෙච්චි ශ්‍රෙක් කුලී වැඩක් කරගෙන හවසට නහුතෙට කසිප්පු ගහල කොහෙහරි කඩ පිලක වැටිල බුදියනවා...

    ReplyDelete
    Replies
    1. එල එල ලියමු අම්බලන්ගොඩයෝ ඒ ශේරේක් ගැන කවියක්

      Delete
  10. ආදරේ කියන්නෙත් සුරංගනා කතාවක් නෙවෙයි..

    ReplyDelete
  11. පුංචි දැරියක් දන්න දේවල්

    ReplyDelete