Saturday, March 12, 2016

ආයෙමත් එනවා නිවාඩුව

ජනෙල් කූරු අතරින්
කෑලි කැඩී වැටෙන ඉර දැක
අවදිව ඇඟ මැලි කඩන්න
හීන් හාදුවක් නලලත තවරා
ආයෙත් තුරුල්ව නිදියන්න

ආයෙමත් එනවා නිවාඩුව

රිමෝට් එකට රණ්ඩු කරකර
ටීවි බලන්න
සී.ඩී කඩ වල රස්තියාදු ගහන්න
ගේ දෙදරන සිංදු අහන්න  

ආයෙත් එනවා නිවාඩුව

පූස්ව උකුලට ගන්ඩ රන්ඩු කරන්න
එක එක කෑම හදා බඩ නරක්කර ගන්න
ආදරේ වැඩි කමට ලාවට රණ්ඩුවක් වෙන්න

ආයෙමත් එනවා නිවාඩුව

මිදුලෙ මල් පැල වෙනස් කරන්න
පොඩි උන් එක්ක ජම්බු ගහට පොරකන්න
ආදර උනුසුමක ගුලි වෙන්න

ආයෙමත් එනවා නිවාඩුව


12 comments:

  1. අන්න හොදයි....
    හිතේ බරත් සැහැල්ලු වී
    ජීවිතයට ජවය දෙන්න
    ආදරයට අරුත් දෙන්න
    නව වසරට පිය මනින්න
    ඔන්න එනව නිවාඩුව....

    ලස්සනයි කවි පෙල

    ReplyDelete
  2. හැබැට කවදද ඔය නිවාඩුව? දැනට තියෙන ප්‍රශ්න ගොඩකට තාවකාලික විසඳුම..

    ReplyDelete
    Replies
    1. ලබන 8 බං..ආසාවෙන් බලාපොරොත්තු වෙනව

      Delete
    2. හපෝයි.. 8 ද? පළවෙනිදා දුන්නා නම් හෙන ගහනවද? 4 වෙනිදා ඉඳලා 8-9 වෙනකම් ගෙදර උන්දෑගේ උදව්වට නවත්ත ගන්නේ කවුද දැන්?

      Delete
  3. ගුරුවරුන්ට නිවාඩු වැඩියි...ඉස්කෝල නිවාඩු කාලෙත් සතියට දවස් තුනක්වත් ගුරුවරු ඉස්කෝලෙ ඇවිල්ල වාර සටහන්, පැවරුම් අඛණ්ඩ අගැයීම්, වාර්තා ඔය අරව මෙව්වයෙ වැඩ කරන්ඩ ඕන කියලයි බොහෝ අධ්‍යාපන විද්වත්තු කියන්නෙ.

    මම දැක්ක ඔය කොහෙද පත්තරේක තියනව ලබන අවුරුද්දෙ ඉඳල ඒ වැඩේ ක්‍රියාත්මක කරන්ට ගරු අධ්‍යාපන ඇමති තැන්පත් අකිල විරාජ් කාරියවසම් මහත්තය අදහස් කරහෙන ඉන්නවයි කියල. මේ නොදන්න ඒඩ්ස් ගැන කතා කරන එක පැත්තක තියල අන්න එව්වයි කරනවනම් වැඩ.

    ReplyDelete
  4. පොටෝ එක දැක්කම හිතුණ නෝට්බුක් ගැන වෙන්නැති කියල.. කඩාගෙන ආව.. බැලින්නම් නිවාඩුවක් ගැන නොවැ..__

    ReplyDelete
  5. ඊරිසියාවේ බෑ.....අන්න වැඩේ.කරකාරෙට ගන්නවනම් ගන්න ඕනේ චීචර් කෙනෙක්ම තමයි....

    ReplyDelete
  6. එල එල... නිවාඩු කාලෙ තමා හොඳම කාලෙ
    ජයවේවා..!!

    ReplyDelete
  7. කවිය ලස්සනයි අදහසත් අපූරුයි ඒත් පිංතූර දාල තියෙන විදිට කවිය කියවන්න අමාරුයි
    ඒක පොඩ්ඩක් හදන්න බලන්න
    ජයවේවා

    ReplyDelete
  8. මට හැමදාම නිවාඩු...

    ReplyDelete
  9. අපිට නිවාඩු නෑ ...

    ReplyDelete