Friday, January 29, 2016

මට මුළු ලොවම ඔබයි

හීන පිරුණු හඳ
තෙත වළාවක හැප්පෙද්දි
අහම්බෙන් බිමට වැටෙන
හැම දාස්පෙති පාට සිතිවිල්ලකම
මැවී මැවී ඉන්න නුඹ.....


පෙර දිග රෝස අහසින්
රතු ඉර එබෙනකොට
බිඳෙන් බිඳ වැටෙන
සුදු පාට උණුසුම් හිනාවකම
නොවැරදී ඉන්න නුඹ

කිරි කවඩි විසුරවා
මුතු ඇට සඟවමින්
අඩන මුහුදේ හැම කඳුලකම
ලා කිරි පාට තෙතමනයේ රැඳී
මා අසලින්ම උන්න නුඹ

ළපළු සොලවමින්
මුමුනන හැම සුසුම් රැලකම
සීතල දුක් පවන් මැද
නොසෙල්වී ළඟින්ම හිඳ
අස්වැසිල්ලක් උනා නුඹ

කෙතරම් අකුරු ඇමිණුවත්
සිතිවිලි නිමා නොම වන
දෛවයෙන් මට උරුම
එකම එක දායාදය
සදා නොවෙනස් ආදරය නුඹ ..

28 comments:

  1. ආදරය එකමයි හැගීම විතරක් වෙනස්.. විඳිමත් වෙනස් එතකොට...

    නැද්ද

    ReplyDelete
  2. මේවා එයා කියවන්නේ නැති එක අපරාදේ.. :)

    ReplyDelete
    Replies
    1. නොකියවන එක හොදයි මචෝ

      Delete
    2. නොකියවන එක හොදයි මචෝ

      Delete
  3. මොකක්ද බන් මේ? කොමෙන්ට් දාන්න යනකොට 'මම රොබට් කෙනෙක් නෙවෙයි' කියල පින්සෙන්ඩු වෙන්න ඕනි නේ.. හෑ!

    ReplyDelete
    Replies
    1. අපිට එහෙම එන්නෙ නෑනෙ.
      ඒ කියන්නෙ ගූගලාට බොලාගෙ මොකක්හරි නස්කූනි වැඩක් මාට්ටු වෙලා වගේ. හැක්..

      Delete
    2. ඒක තමයි.. හැබැයි දැන් ඒක හරිගියා.. :)

      Delete
    3. අනේ මිත්තරෛ් මං ඔයි ටෙකි වැඩ නොදන්න බව දන්නවනෙ

      Delete
  4. හ්ම්ම්ම්...
    ආදරය... ජීවත් කරවන හැඟීම.
    ජයවේවා..!!

    ReplyDelete
  5. නලලෙ කොටල තියෙන කෙනානෙ හම්බෙන්නෙ.
    නියමයි.

    ReplyDelete
    Replies
    1. මගෙ නළලෙ කොටල තියෙන්නෙ කවුද කියල හොයාගන්න බෑ බං...එවුන්දෙ දමල ගහපු පිඟානක් වැදිල නළලට මැහුං හතක් දාපු කැළල හින්ද...

      Delete
    2. නලලෙ කොටපු සේරම එවුව මැකිල පලයං කියල වෙන්ඩෑ පාර දෙන්ට ඇත්තෙ

      Delete
  6. ලස්සනයි පද ටික......

    ReplyDelete
  7. ලස්සනයි. හමුවීම් වෙන්වීම්, හිමිවීම්, අහිමිවීම් අතර ගලා යන පොදු මිනිස් සබැඳියාවක අපුර්වත්වය..

    ReplyDelete
  8. මේකත් මට මගේ නොවන මගේම ආදරයක් තිබ්බා ජාතියෙ එකක් වගෙයි..
    අපඍු පද පේළි ටික

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මහේෂ් මේක මගේම ආදරේ තමයි

      Delete
  9. ට මුලු ලොවම ඔබයි..... කිවුවලු මැතිනි..
    ඉඳ හිට මමද ඔබයි.......කිවුවලු බන්ඩා...

    ReplyDelete
    Replies
    1. හික් හික්
      හපොයි....මට නං දැනුනේ අසභ්‍ය අදහසක් ඒකෙන්

      Delete
  10. හුටා...දැන් සුද්දට මොකෑ වෙන්නෙ? මොනව උනත් පව්..මට දුකයි...:(

    ReplyDelete
    Replies
    1. හුටා උන්දැට නේන්නං ලිවුවේ..

      Delete
  11. දාස්පෙති පාට සිතුවිලිත් තියෙනවද අප්පා??

    ReplyDelete
    Replies
    1. අනිවා...එක එක පාට සිතිවිලි කොයි තරම්ද,

      Delete
  12. බොහොම ලස්සන නිසඳසකි

    ReplyDelete
  13. ලස්සනයි මචන්...

    ReplyDelete