Thursday, January 14, 2016

House meet අතුරු සිතා කතා බතා


මේ දවස් House meet දවස්ය.උදේ කෑමටවත් නොහිට 6.30 ටත් පෙර ඉස්කෝලෙට දුවන දවස්ය.පොත් ගුල්ලෝ ස්ට්‍රයික් කරන දවස්ය.දඟයෝ රජ කරන දවස්ය.ගුරුවරුන්ට ගිණි පත්තු වී ඇති දවස්ය.මේ සියල්ල අස්සේ පස්ට ආතල් දවස්ය.

මේ පාර තරඟ සංවිධානය කිරීමේදී පුරාණ කතා ඇදී ඒම වැලැක්විය නොහැක.මේ ඉන් කීපයකි.

පසුගිය වර පාසලේ  මැරතන් තරඟය සඳහා විධානය දීමට සිටියේ ගම් පලාතේ එක් වැදගත් පුද්ගලයෙකුය. තරඟයට දුවන ළමයි ටික සීරුවෙනි.අතර මඟ වැටෙන ළමයි ඇහිලීමට යන වාහන ටිකත් සීරුවෙනි.වතුර පැකට් අත දරාගෙන පස්සෙන් දුවන ලමයි ටිකත් සීරුවෙන්.ප්‍රථමාධාර දෙන්න ගුරු මණ්ඩලයත් සීරුවෙන්.

ඒත් අදාල විධානය එන්න එන්නම පරක්කුයි.තරඟ කරුවෝ නොසංසුං.ළමයි නොසංසුං.ගුරුවරුත් නොසංසුං.
අදාල වැදගතා කෝට්ටක් ඉහලට ඔසවං හැමෝම දිහා මාරුවෙං මාරුවට බලන්නේ ඇස් ගෙඩි පොල්ගෙඩි තරං කරගෙන.තාමත් විධානය නෑ...විධානය ලැබෙන පාටකුත් නෑ...

හදිසියේම එක ගුරුවරයෙක් දැක්කේ බිම ලොකු ලේන්සුවක් වැටිල තියනව

බැලිංනං කොඩිය බිම වැටිල.වැදගතා කෝට්ට උස්සං ඉන්නේ ඒ ගැන හාංකවිස්සියක්කත් නොදැන.කෝට්ට අගිස්සේ කොඩිය එල්ලිලා ඇති කියල හිතං.තරඟකාරයෝ කොඩිය වැනෙනකං බලං ඉන්නවා.ඒත් වැනෙන්නේ කෝට්ට.

අන්තිමට මේ පැටලිල්ල හංදා විනාඩි 20ක් විතර පහු වෙලා තරඟය ආරම්බ කරන්ඩ උනාලු


ගියපාර එල්ලේ මැච් එකත් වාර්තා පිට වාර්තා තියපු එකක්.හැබැයි ඒ ක්‍රීඩකයෝ නං නෙමෙයි.විනිසුරු.....


එල්ලේ තරඟයක රතුපාට කොඩියෙන් දැවී යාමකුත් සුදු පාට කොඩියෙන් ලකුණකුත් කියැවෙන බව දන්නෝ දනිති.


උණුසුම් තරඟය අතර මැද අවස්තාවකදී විනිසුරු එය දැවී යාමක් බව සටහන් කලත් අදාල නිවාසය බාර ගුරුවරු ඒකට එකඟ වුනේ නෑලු.අනිත් නිවාසවලත් ගුරුවරු ඒ තීරණය ගැන සැක සහිත වුනාලු.අන්තිමට එක ගුරුවරයෙක් ඒ තීරණයට කෙලිංම විරුද්ධ වුනාලු.

“නෑ...නෑ සර් ..ඒක අවුට් එකක් නෙමෙයි ...ලකුණක්“


“ආ.....ඇත්තදැයි “ කී විනිසුරු වහාම ඔසවන් උන්න රතු කොඩිය පාත දමා අධිරාජ්‍යක් ජය ගත් වීරයෙකුගේ උදාරම් බවින් වහාම සුදු කොඩිය එසවූවාලු...


තවත් වරක් විනිසුරු සුදු කොඩිය ඔසවන් හුන්නාලු.කිසිම අදාලත්වයක් නැති ඒ ලකුණට විරුද්ධව අනිත් පිලේ හැමෝම කෑගැසුවාලු....

විනිසුරු වික්ෂිප්ත මුවෙන් පැවසුවේ...

“නෑ ...නෑ ...ඒ ලකුණක් නෙමෙයි...මං ඔළුව කැහුවා විතරයි“ යන්නය

හවුස් මීටියේ කවදත් ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ නිවාසාන්තර පොළයි.නිර්මාණාත්මක අපේ දරුවෝ ගමේ ගොඩේ එලවළු වලට අමතරව තවත් විශේෂාංග ඊට එක්කලහ.

වීඩියෝ ගේම් ඉන් එකක් පමණි.

රුපියල් 10ක් වැනි මුදලකට විනාඩි 20ක් සෙල්ලම් කර ජය ගතහොත් බීම බෝතලයක් හිමි වේ.වෙලාව ගණනය කිරීමට ඔරලොසුවක් ගෙන ඒමට අමතක වූ 10 පංතියේ ඉලංදාරි 6 වසර පොඩි එකෙකුගේ ඔරලෝසුවක් ඉල්ලාගෙන තිබිනි.

පොල පවත්වා දවස් 4කට පසු මගේ පංතියේ දරුවෙකුගේ ආච්චම්මා පරලෝකෙට ගිය බැවින් මගේ පංතියේ පැටවුන් තිදෙනෙකු හා මලගෙදර නෑයෙකු වූ 10 වසරේ කොලුවෙකු සමග පිටත් වන විටම අර 6යේ පුංචි එකා 10කොළුවා පසුපස ආවේ ගලිවරයාට මරණ තර්ජනය කරන ලිලිපුට්ටෙක් වාගේය.

“අනේ අයියේ ඔරලොසුව දෙන්න...“

“සඳුදා දෙන්නම්“

“මගෙ ඔරලෝසුව දෙනවද නැද්ද“

“සඳුදා දෙන්නං යකෝ“

“මට ඒක දීපං යකෝ..දැන් කීදවසක් දෙනවා කිවුවද“ ලිලිපුට්ටා සැරය.අතඅරින පාටක් නැත

තව දුර දිග යන්ඩ පෙර මං එතනට හෙමිංම කිට්ටු කලෙමි.

“ඇයි පුතේ...මොකද වෙලාතියෙන්නේ...“

“බලන්ඩ මිස් මේ අයිය ඔරලෝසුව අරං..
“මං ඒක සඳුද ගෙනත් දෙන්නං“

“අනේ මට අදම ඕන මිස්“

“දැන් අයිය ගාව නෑනේ පුතේ..සඳදා දෙයි“

හරිම හේතුව ආවේ ඉන් පසුවය...

අනේ මිස් තාත්ත කිව්ව මට ඔරලෝසුව නැතුව ආයේ ගෙදර එන්ඩ එපා කියල..ගහනව කිව්ව .මට ඊයෙත් ගැහුව සෙල්ලං කරල වතුර බෝතලේ බිම වැටුනා කියල“

මගේ හදවත මේ පැංචා වෙනුවෙන් හඩා වැටින.දරුවට ඕනෑ ඔරලෝසුවක් නැත.ඔහුට ඕනෑ ගුටි නොකා බේරීමටය.ගෙදරට කතා කර මෙය බේරීමට ගෙදර දුරකතන අංකයක් මේ පුංචි එකා දන්නේ නැත.පංති වාර්තාපොත් පෙරලා ඒවා හෙවීමට ලඟ ලඟම ආ බසය ඉඩ දුන්නේ නැත.මං මේ ගැටළුව ඒ දරුවාගේ ගෙවල් ලඟ පදිංචි 11 වසර ලමයෙකුට බාරදී මං මලගෙදර ගියෙමි.

මේ පුංචි එකා තාම 6 වසරේය.ඔහුගේ ගෙදර තත්වය මෙබඳු නං යම් දිනක බෝතලය බිඳුනාට,ඔරලෝසුව නැති වුනාට වැඩි යමක් වූ දාටද එය ගෙදරින් රහසක්ව තබා ගනු ඇත.දෙමාපියන් තමංගේ ගැලවුම්කරුවන් බව නොසිතනු ඇත.වැඩිහිටියන් මෙතරම් නොසැලකිලිමත් ඇයි????


22 comments:

  1. ඔරලෝසුව අරගෙන නොදී ඉන්න එකා ගැනත් හිතුවොත් නරකද...
    ඌත් යන පාර හොඳ මදි...

    ///මේ පුංචි එකා තාම 6 වසරේය.ඔහුගේ ගෙදර තත්වය මෙබඳු නං යම් දිනක බෝතලය බිඳුනාට,ඔරලෝසුව නැති වුනාට වැඩි යමක් වූ දාටද එය ගෙදරින් රහසක්ව තබා ගනු ඇත.දෙමාපියන් තමංගේ ගැලවුම්කරුවන් බව නොසිතනු ඇත.වැඩිහිටියන් මෙතරම් නොසැලකිලිමත් ඇයි????///

    සහතික ඇත්ත...

    ReplyDelete
    Replies
    1. අනිවා ලොක්කා ඌටත් සත්තමක් දැම්මා..මං සඳුදා ඒක ගෙනත් දුන්නද කියල බලන්නයි ඉන්නේ

      Delete
  2. ‍යකෝ අර වැදගත් පුද්ගලයගෙ රෙදිද ගැලවිලා වැටුණත් ඌ දැනගන්න එකක් නෑ.
    අන්තිම කතාවනං සෝචනීයයි.

    ReplyDelete
    Replies
    1. ඔවු ප්‍රසා....ලඟ පාතක තිබුන ගෙදරක නං මං ගිහින් කතා කරනව...මුන්ට පිස්සු.දරුවෙකුට වඩා බෝතලයක් ඔරලෝසුවක් වටිනවද?
      වැදගත් පුග්ගලයා ගැන නං කියල වැඩක් නෑ.

      Delete
  3. පොඩි උන් ගෙවල් ඇතුලෙ මොන තරම් හිර වෙනවද කියන එකට පොඩි උදාහරණයක් විතරයි ඔය. තව මොන තරම් දේවල් ඇද්ද.

    ReplyDelete
    Replies
    1. අනිවා යශ්.....මටත් අහපුවම අප්සට් වගේ

      Delete
  4. //ඔරලෝසුව නැති වුනාට වැඩි යමක් වූ දාටද එය ගෙදරින් රහසක්ව තබා ගනු ඇත.දෙමාපියන් තමංගේ ගැලවුම්කරුවන් බව නොසිතනු ඇත.වැඩිහිටියන් මෙතරම් නොසැලකිලිමත් ඇයි????//
    මේ ගැනනම් ගොඩක් හිතන්ඩ වෙනවා, ගුරු දෙගුරු රැස්වීමකදී හැමෝටම පැහැදිලි කරලා දෙන්ඩ පුලුවන්නම් හොදයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔවුව අහන්නෙ නෑ...අපි කොච්චර කියනවද?

      Delete
  5. උඹේ හවුස් මීට් කතා නම් මරු...ඔය වගෙ මැරතන් කතාවක් මතක් වුනා ....වෙලාවක ලියන්නම් සවිස්තරව..

    මම කලින් රස්සාව කරපු ආයතනයෙ අපි එක පාරක් කලාප කාර්යාල අතර මළල ක්‍රීඩා උත්සවයක් පැවැත්තුව. ඒකෙ හැමෝම උනන්දු වුනේ මැරතන් එකට. අපෙ ඔෆිස් එකේ චෙක් රෝලෙ ගෝලයෙක් තමයි මැරතන් එක දිනුවෙ.

    ඔන්න මූ ඉස්සරහින්ම දුවනව කඟවේනා වගෙ. මමයි තව මගෙ යාලුවෙකුයි වතුර බෝතල්, ග්ලූකෝස්, දෙහි ඔය වගෙ රටේ නැති එව්ව අරගෙන මෝටර් බයික් එකක් ඌ කිට්ටුවෙන්ම පස්සෙන් යනව. ඔන්න නියමිත දුර ප්‍රමාණයෙන් තුන් කාලක් වගෙ ගියාම මේකා අවසිහියෙන් වගෙ රටේ නැති විකාර කියවන්ට ගත්තෙ නැද්ද? අම්ම පොඩි කාලෙ ගහපුවයි, කෙල්ල තරහ වුන එකයි...අනම් මනම්...මගෙ යාලුවටයි මටයි හීන් දාඩිය දැම්ම. හෙන කැලේ මැද. මූ පාරෙම ඇදගෙන වැටිල මලොත් එහෙම මොන දෙයියන්ට කියන්ටද....:)

    ReplyDelete
    Replies
    1. හපොයි හපොයි....ලියමු ලියමු රවී...අපි බලං ඉන්නව කියවන්ඩ

      Delete
    2. ඇත්තටම ඇයි රවි එහෙම වෙන්නේ

      Delete
  6. ලමයාගේ ලඟම ගැලවුම්කරුවා සහ මිත්‍රයා දෙමාපියන් නොවුනාම ඒ දරුවන් කොතන හරි වැරදි තැනක නවතින්න තියන ඉඩකඩ බොහොම වැඩියි කියල බහුතරයක් දෙමාපියන් තේරුම් නොගන්නා සත්‍යයයක්..

    පාසල් සතිය සහ අපි මැරතන් දුවපු හැටි ඔන්න මම අලුත් පොස්ට් එකේ ලිව්ව ..ගිහින් බලන්නකෝ..

    http://ambalangodakatha.blogspot.com/2016/01/blog-post_13.html

    ReplyDelete
    Replies
    1. මේ බලන්ට යමි ගමං

      Delete
  7. හුගක් පොඩි එවුන්ට අපේ කාලේ තරම් නිදහසක් නෑ කියලා හිතෙනවා. ස්පෝට් මීට් නිදහස අස්සේ දැන් මේ පොඩි එකා හිර වෙලා ඔරලෝසුවක් හන්දා. ඔළුවේ වැඩ කරන්නේ ඒක ගිහින් දීලා ගුටිනොකා ඉන්න විදිහ.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ...මටත් හරි තරහයි මේ වැඩේට.ඔරලෝසුව ගත්ත එකාටත් සත්තමක් දාන්න ඕන

      Delete
  8. අනේ මේ වගේ දරුවන්ගේ හෙට දවස. පවු

    ReplyDelete
    Replies
    1. ඇයි සුජී.....අද දවසත් පවු.

      Delete
  9. /යම් දිනක බෝතලය බිඳුනාට,ඔරලෝසුව නැති වුනාට වැඩි යමක් වූ දාටද එය ගෙදරින් රහසක්ව තබා ගනු ඇත//
    -මේ කතාව නම ඇත්ත තමා.
    එත් ඕකේ අනිත් පැත්ත ඒ කියන්නේ මොකක්හරි නැතිකරගෙන ආපුවාම " ඈ කමක් නෑ පුතේ . ,මම මයේ පුතාට ට්ව එකක් අරන්දෙන්නම් " කියලා කියන්න පුරුදු වුනොත් සහ එහෙම අරන්දෙන පුරුදු වුනොත් තව ටික කාලයක් වෙද්දී ළමයා ඊටත් වඩා ලොකු දේවල් නැති කරගෙන ආවොත් මොකද කරන්නේ...

    මම කියන්නේ ඔය දෙපැත්තම බැලන්ස් කරන්නන පුළුවන් වෙන්නේ දෙමවුපියෝ තමන්ගේ දරුවන් ගැන හොයා බලන විදිය අනුව තමයි.

    පොස්ටුවේ ඔබේ කතාවත් කමෙන්ටුවේ මගේ උදාහරණයත් තියෙන්නේ අන්ත දෙකක.

    මම හිතනවා ඔබට මගේ අදහස වැටහුනා කියලා..

    ReplyDelete
  10. වැටහුනා විභීෂණ...දෙමාපියන් ඔය අන්ත දෙකේ මධ්‍ය ලක්ෂයේ ඉන්න ඕන කියන එකයි මගේ පුද්ගලික හැඟීම.පොඩි එකාගේ ඇස් වල තිබුන බය දැක්කනං ඔයාටත් මට හිතුන දේම හිතේවි

    ReplyDelete
  11. පොඩි එකාගෙ ඔරලෝසුව හොද නෑ මට හිතෙන විදියට මේ දවස්වල (තිත් දෙකයි කැපිටල් ඩී)

    ReplyDelete