Sunday, January 17, 2016

පහත් නිම්නයේ පිපුන නන්නාඳුනන මල

හිරුගෙ ඇස නොගැටෙන පහත්ම නිම්නයක
වැරදීමකින්දෝ පිපුන පෙර නොදුටු සුවඳ මල
ජීවිතේ සොය සොයා දුරට පිය මනිනවද
කෙතෙක් දුර ඉගිලෙන්න සුමුදු පෙති සවි ඇද්ද

එදා දැක්කා වගෙම බිත්ති හතරම ගොළුයි
මේසයෙන් බිමට පැන හුණු කැටය ඉකිබිඳියි
මඟ හැරුණු පොත් මිටිය මතක සිතුවම් මවයි
හුරු පුරුදු හිනාවට මගේ නෙතු මග බලයි...

ජීවිතේ සුන්දරයි උඹ ඒක දන්නවද
නුඹ සතුට නුඹ ලඟයි - අනෙකු සතු නෑ නේද
කොහෙන් හෝ සොයාගෙන ලෝකයේ හොඳ දේම
ඔය සුවඳ පොද හෙටක ලෝකයට  දන් දෙන්න

නුඹ යනෙන මාවතේ කටු බෝම මල් සේම
ඇහිඳගත් අකුරු පොඩි බුමුතුරුණු වෙයි දිනක
බැඳී ඇති මකුළු දැල් මගැර පෙරටම යන්න
යම් දිනක නුඹට හැක අරුණැල්ල දැක ගන්න



16 comments:

  1. //ජීවිතේ සුන්දරයි උඹ ඒක දන්නවද
    නුඹ සතුට නුඹ ලඟයි - අනෙකු සතු නෑ නේද//
    බොහොම එකඟයි.
    ජයවේවා..!!

    ReplyDelete
  2. ලස්සනයි..................

    ReplyDelete
  3. ගුරුවරියක් නිසාම මේවගේ අත්දැකීම් බහුල ඇති.තමන්ට අතපොවන්න හැකි සීමාවේ ඉදන් අත දිගුකලනොහැකි සීමාවට හෙළන සුසුම ඒ දරුවාට ශක්තියක්ම වේවා...

    ReplyDelete
    Replies
    1. සුට්ටං කසුට්ටා ගොඩ කාලෙකට පස්සේ..වෙල්කම් වේවා

      Delete
  4. බොහොම අපූරුයි...:)

    ReplyDelete
  5. //ජීවිතේ සුන්දරයි උඹ ඒක දන්නවද
    නුඹ සතුට නුඹ ලඟයි - අනෙකු සතු නෑ නේද// ...

    හරියටම හරි, හැබැයි මේ දේ තේරුන් ගන්න ගොඩ දෙනෙකුට ගොඩ කාලයක් යනවා, සමහරුන්ට නම් මොනවා කරලවත් තේරුන් කරලා දෙන්නත් බැ කරන්නත් බැ..

    ReplyDelete