Tuesday, December 29, 2015

වාරයක් හමාර කලෙමි


පසුගිය මාසය පුරාම මට කැලේ පිපුන එක මලක්වත් දකින්ට නොහැකි පට්ට බිසී කාලයක් ගෙවා දැම්මෙමි.විභාග ශාලා ප්‍රශ්න පත්‍ර  ප්‍රගති වාර්තා පෙලපොත් යමර යුද්දය මැද්දට වවුචර් බලඇණියකුත් කඩා පාත් වී තිබීම නිසා අපි හොල්මං වී සිටියෙමු.


නමුත් ප්‍රශ්නපත්‍ර බැලීම ඉතා රසවත් යමක් වුනත් අප ගැන ආත්මානුකම්පාව ඇති කරන දෙයක් විය.ඒ ඇතැම් උත්තර නිසාය.


පලාත් සභාව විසින් සී.ඩී තැටියකට කවා සෑම පාසලකටම ලබා දී තිබුනි.එකිනෙක පාසල් ඒවා මුද්‍රණය කරගත්තේ පාසලට සමීපව ඇති මුද්‍රණ ආයතන මගිනි.ඉතින් පඒවා මගින් ප්‍රශ්නපත්‍ර පිටවීම කෙසේවත් පාලනය කල නොහැකි විය.නගරයේ එක් මුද්‍රණහලකට පැමිණි සිසුවෙක්


 *********පලාත් විභාගයේ ************ පන්තියේ ප්‍රශ්නපත්‍ර කට්ටලය දෙන්නැ“


යි කියමින් මුදල් නෝට්ටු කීපයක් දික් කලේ වෙනත් පාසලක ගුරුවරයෙක් බලා සිටියදීමය.තවද උත්තර පත්‍ර මුද්‍රණය නොකල නිසා අළුත් ගුරුවරුන් වූ අප අපහසු තාවයට පත්ව සිටියදී අසල පාසලක එක් ගුරුවරයෙකු පැවසුවේ


 “************ කඩේ උත්තර පත්තර තිබිල ලමයි අරන් තියනව.ඔයාලත් එතනින්ම ගන්ඩ“


 කියාය.අපි වාර අවසානයේදී අපූරු ලෙස විනිවිද භාවයකින් යුතුව වාර විභාගය පැවැත්වූයේ මෙසේය.
ප්‍රශ්ණ පත්‍ර බැලීමද අතිශය විනෝදකාරී දෙයක් වූයේ එහි පැවති විචිත්‍ර වූ පිලිතුරු නිසාය.
සුපුරුදු ලෙසම අති දක්ෂ යක්ෂ කොළුවෙකු වූ මගේ ගෝලයා(මගේ ගොලයා යනු කවුරුන්ද)
 මගෙන් හෝ ටියුෂන් ගුරුවරයාගෙන් ඉගෙන ගෙන ලකුණු 77ක් ලබා තිබීම මගේ සතුටට හේතුවිය.පටන් ගත් ගැම්මෙන්ම වසර දෙකම ගෙවා දැමුවේ නම් ඔහු නිසැකවම විශ්ව විද්‍යාල වරම් ලැබිය හැකි මට්ටටේ සිටී.


අවසානයේ ගුරුවරුන් වූ අප පිලිතුරු පත් පිළිබඳ බස් එකේ හෝ අහම්බෙන් හමු වී කතා කරමු.එකිනෙක විෂය සම්බන්ධයෙන් දරුවන්ගේ හාස්‍ය ජනක පිලිතුරු කරළියට පැමිනියේ එබඳු අවස්ථාවලදීය.


1.       විෂය - සිංහල

ප්‍රශ්නය - ගුත්තිල කාව්‍ය ලියැවී ඇත්තේ කවර යුගයේද?
පිළිතුර - පද්‍ය 578 කින් යුත් මෙය ලියවී ඇත්තේ එඩේර යුගයේය(දරුවා අසා නැති ප්‍රශ්නයකටද පිලිතුරු දී ඇත.



2.       විෂය - බුද්ධ ධර්මය

ප්‍රශ්ණය - ගැබිණි මවුවරුන්ට අංගුලිමාල පිරිත කියන්නේ ඇයි??
පිලිතුර - අංගුලිමාල ගැබිනි මවුවරුන්ද අත නෑරම ඇඟිලි කැපූ නිසාය.



3.       විෂය - ඉතිහාසය

ප්‍රශ්ණය - මහනුවර යුගයේ අය කරන ලද බදු වර්ග 02ක් ලියන්න
පිලිතුර - මහබද්ද,කුඩා බද්ද

(මහබද්ද යනු යුරෝපීයයන් මෙරට පාලනය කරන සමයේ කුරුඳු එකතු කල දෙපාර්තමේන්තුවයි.උඩරට රාජධානිය මුල්ම පාඩම හෙයින් එය අමතකව අවසන් පාඩමක් වූ ලන්දේසි පාලනය මාතෘකාවේ කරුනක් මෙහිදී යොදා ඇති අතර මහ එකක් ඇති විට කුඩා එකක්ද තිබිය යුතු නිසා කුඩා බද්ද කියා ලියන්නට ඇත

මෙම පන්තියට ඉතිහාසය උගන්වන්නා මා වන අතර දරුවන්ගේ මතකයේ රැදෙන ලෙස පාඩම ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම ගැන මා කණගාටු වුවත් මෙය දුටු විට මගේ මුල්ම ප්‍රතිචාරය හිනාවකි.
කණගාටුව හා ලැජ්ජාව දැනුනේ ඉන් පසුවය.

එවෙලේ මල වදයක් වුවද වාරාවසාන හොඳම විහිළුව වවුචර් පත් බෙදා දීමය.

ඒවා කලාපයට කවදා ලැබුනාදැයි නම් මම නොදනිමි.අපේ ගුරු මහතෙක් 2015/12/04 දින උදේ සිට කලාප කාර්යයාලයයේ ගතකර ඒවා රැගෙන පාසලට පැමිනෙද්දී  යාන්තමි වෙලාව සවස 03ට ආසන්න වූවා පමණි.අප පාසලට වවුචර් ලබාගැනීමට පැමිනෙන ලෙස දුන් දිනය නිවාඩු දෙන දාමය. 

 ඒවා ලද විගස විදුහල්පතිතුමා පංතිබාර ගුරුවරුන් කැටුව පංති කාමරයකට ගොස් ගුරුවරුන්ට ඒවා නිකුත් කරන්නට කටයුතු කරන අතර පංති බාරකාරත්වයක් නැති ගුරුවරු ප්‍රධාන ශාලාවට ගාල්කරන ලද දරුවන් බලා කිය ගැනීමෙහි යෙදුනි.පිරිමි දරුවන් සඳහා වවුචර් පත් දෙකකි.කලිසමට හා කමිසයට වන්නට ඇත.

ඉතින්  පංතිබාර ගුරුවරුන් වූ අප ආකෘති පත්‍රයේද වවුචර් වලද අදාල විස්තර පුරවා දී  දරුවාගෙන් අත්සන් ගත යුතුව ඇත.එකම දරුවාට කලිසමට හා කමිසයට වෙන වෙනම වවුචර් පත් 02ක් දීමේ හේතුවෙ මගේ ටිකිරි මොලයට නොවැටහෙන යම් විශාල හේතුවක්ම විය යුතුමය.එහි ඇත්තේ මුහුනත වටිනාකම පමණක් නම් ඒ වවුචර් වල වටිනාකම් එකතු කොට එකක් දුන්නා නම් කාට කාටත් පහසුවක් නොවේදැයි මට නිකමට සිතුනි.


ආකෘතියේ වවුචර් අංක දමන්නට තීරුවක් තිබුන අතර අප බැලූ බැල්මට දුටුවේ සියළු වවුචර් වල අංකය 1919ය බවය.සවස 04ටවත් පාසලෙන් පිට වීමට වරම් නොලත් නොසංසුන් වූ දුර බැහැර පදිංචි ගුරුවරුන් වූ අප හොල්මං වී ගියෙමු.වවුචරයේ හයිලයිට් කර තිබුනේ එයය.වඩා විමසිලිමත් අයෙක් එය රාජ්‍ය තොරතුරු කේන්ද්‍රෙයේ ඇමතුම් අංකය බව දුටුවිටයි අප සැනසීමක් ලැබුවේ.අනතුරුව වවුචරය නාහේ ලඟටම අල්ලා බැලූ එක් තරුණ ගුරුවරයෙකුට කූඹි කකුල් අකුරින් තිබූ වවුචර් අංකය හමු විය.

6 වසර ඒ පංතියේ සිට පිලිවෙලින් වවුචර් ගුරුවරුන්ට නිකුත් කෙරිනි.ඒ අතර කඩාපාත් වූ හිතුවක්කාර මුරුගසන් වරුසාව නොතකාම අප සිටි පංතියේ  දැල් වල එල්ලුන දරුවෝ බස් එක යන බව කියමින් කණුකුණු ගාමින් අපගේ ඉවසීම පරීක්ෂා කරන්නට විය.අප ප්‍රදේශ වල බස් සේවාවේ උත්කෘෂ්ට බව දන්නෝ දනිති.පාසලේ ගත කරන වේලාවට ආසන්න කාලයක් බසයක් බලාපොරොත්තුවෙන් රැඳුනු දිනයකට පසුව මම බෝඩිං ගත වීමම හොඳ උදාහරණයක් නොවේද?

අපේ පාසලේ  දරුවෝ 350ක් වීමත් එක පංතියක උපරිම දරුවන් 30ක් පමණ වීමත් කොතරම් භාග්‍යක්දැයි මං හිතෙන් විමසුවේ නන්ස්ටොප් ලිවීමෙන් රිදුම් දෙන දකුණු අත පිරිමැද ගන්නා ගමන්මය.එසේම ලබන වර නිවාඩුවට දින 2ක් 3කට කලින් වත් වවුචර් පාසලට ලැවේවායි පතමින්ය.

8 වසර ඒ පංතිබාර මම මගේ‍ දරුවන්ට වවුචර් දී අවසන් කොට සවස 05ට ආසන්න වී යන්තම් පාරට ආවෙමි. 13 වසරේ ගුරුවරයා හා දරුවෝ පාසලින් නික්ම ගිය වෙලාව මම නොදනිමි

ඒ අතර මගේ ලෙඩ පෝන් කටුව බැටරි ලෝ වෙලාය.සුවාමි පුරුසයාත් ගුරුවරයෙක් වුන හින්දාම මට උන සන්තෑසිය අනුමාන කොට හවස 6 සිටම බසයක් එන වෙලාවට පාරට එමින් යමින් හිටියාලු


මගේ ගුරු ජීවිතයේ පළමු වසර ඔයින් මෙයින් හමාර කලෙමි..................

32 comments:

  1. හරි ආදරේ හිතෙනවා ඇති රස්සාවට.. මන් කියුවේ ඔය වගේ වෙලාවට.. මොකෝ දැන් කොන්කිරිට් වැලි සිමෙන්ති එක්ක හැප්පිලා ඉවරෙයි?

    ReplyDelete
    Replies
    1. අඩේ..මේ මහගෙ කොන්කිරිට් , වැලි සිමන්ති බදාම එක්ක හැප්පෙන රාජකාරියකුත් කලාද? ඒ කොහොමද? විස්තර කියාපං බලන්ට...:)

      Delete
    2. ආදරේ නොහිතේද මිත්තරේ.දවල්ටත් නොකා රෑ 7-8 වෙනකල් බස් වල තැප තැප මුරුගසන් වරුසාවේ නාගෙන නිවාඩු පුරවපු තඩි බෑග් ගෙඩියකුත් කර ගහගෙන බස් 03ක් මාරුවෙවී එනකොට

      Delete
    3. නැතුව රවී සුදු මහත්තයාගේ පාරම්පරික නිවහන කඩ කඩා හදනවා...වැඩ කෝටියයි.ගෙදර උන්දෙලා කුස්සියටයි ගෝල වැඩේටයි සෙට් වෙද්දි මාත් ඉතින් පුල් සපෝට් එක දෙනවා.ගේ හදන වැඩේ කරන්නේ මගේ තාත්තම කොට විනාඩියකටවත් එයාගේ කනෙන් රිංගන්න බෑනේ .මගේ වැඩ කිඩ සේරම දන්නවනේ

      Delete
    4. පැට්ටෙකුත් එල්ලගත්තනම් උගෙ පොඩි කාලෙයි ගස්ලබ්බගෙ පොඩි කාලෙයි එක වගේ වෙනවා

      Delete
  2. මාර රාජකාරි ගොඩක් නේද? අපි නම් ඒ කාලේ ඔහොම ගුරුවරුන්ට වද දුන්නේ නෑ! කලින් ම ගෙදර ගියා!
    සෑහෙන දවසකින්!

    ReplyDelete
    Replies
    1. උන් පවු රූපෙ.මං මෙහෙම හරි ආවා.අර කැලේ පාර වල් වල බසුත් නැතුව මර වැස්සෙ පයිංම යන්ඩ ඇති
      ගේ හදනවා මලේ..දුං දාගෙන වැඩ

      Delete
    2. දැං කලිංම ගෙදර යනවට තමා වව්චර් එවල ළමයිට ඕටී ත් කරන්න කියල තියෙන්නෙ හිහි

      Delete
  3. ළමයින්ගෙ නෙවෙයි බොලාගෙනෙ වැරැද්ද..ගුත්තිලේ තියනවනෙ අර ආලවක යකා මහවුසද පණ්ඩිතයන්ගෙන් බණ අහල සකෘදාගාමී වෙලා ඒකගෙ එළු පට්ටියෙං කිරි දොවල උණු කරල පණ්ඩිතයන්ට පිළි ගැන්නුවයි කියල. ඉතිං එළු පට්ටි සීන් එහෙම එන්නෙ එඬේර යුගයෙ හින්ද ඒ ළමය හිතන්ට ඇති ගුත්තිලේ ලිව්වෙ එඬේර යුගයෙයි කියල. මීට පස්සෙ වත් ළමයින්ට ගුත්තිලේ කියාදෙනකොට බොහොම පැහැදිලිව කියාපං " දරුවනේ..පැහැදිලිව මතක තියාගන්ට. එළු පට්ටියක් ගැන කියවුනාට ගුත්තිලෙයි එඬේර යුගෙයි අතර කිසිම සම්බන්ධයක් එහෙම නෑ ඔන්න " කියල.

    ReplyDelete
    Replies
    1. මගේ වෙලාවට මං සිංහල කොරන්නෑ රවි උතුමෝ...ඇත්තට ලමයින්ට හිතට වදින්න උගන්නන්න ටෙක්නික්ස් අපේ ඔළුවට එන්නෙ නැති හැටි

      Delete
  4. ඒහෙනං අර අධ්‍යාපන ඇමටිය කිවුවෙ වවුචර් වැඩේ අටි සාර්ථකයි..බොහොම හොදයි කියල

    ReplyDelete
    Replies
    1. සාර්තකයි ඇනෝ..අපි නං කොහොම හරි දුන්න.

      ගත්ත සමහරු තමයි අමාරුවේ වැටෙන්න ඇත්තේ.ළඟ ඉස්කෝලෙක දීල තියෙන්නෙ විදුහල්පති අත්සන් වත් නොකර.කොහොම කරනවද කියල එක ඉස්කෝලෙට මාසෙකට කලින් හරි ලියුං කෑල්ලක් එවුවනං එහෙම නැත්තං නිවාඩු දෙන දවසෙම නැතුව දවසකට හරි කලින් අපිට වවුචර් අපිට ලැබුනනං මේ වගේ අවුලක් වෙන් නෑ

      Delete
  5. ඔන්න මමත් ආවා.....
    සුබ නව වසරක් වේවා!!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා!!!!

      ස්තූතියි මහේෂ්

      Delete
  6. දරුවන්ගේ පිළිතුරු ලිවිල්ල නම් මරුය. මට මතක් වෙන්නේ "රාවණාගේ දුන්න කඩපු" කතාවය. හැමදාම වගේ ඇවිත් බැලුවා. මට යන්තමට හිතුනා වත්සි හිරවෙලා ඇති කියලා අපොයි ඇති යන්තම් ඔයින් ගියා.

    ReplyDelete
    Replies
    1. හයි හයියෝ...
      ඔවු අෆ්ෆා ‍ෙගදර වැඩට හිර වුනානේ

      Delete
  7. පේපර් බලන එකත් සිරාම වැඩක් තමයි. අපේ අම්මා දැන් දහම්පාසලේ නේ උගන්නන්නේ. ලංකාවේ ඉන්න කාලේ ඉතින් පේපර් බලන වැඩේට මාත් සෙට් වෙනවා. ඒ උත්තර දැක්කම ඉතින් හිනා කාලා මැරෙනවා.

    ReplyDelete
    Replies
    1. ලමයින්ට අපි උගන්නන දේවල් ඔළුවට යන්නෙ නැති කොට පිස්සුත් හැදෙනවා හලෝ

      Delete
  8. අදයි මේ බ්ලොග් එක දැක්කෙ. අප්සට් මූඩ් වලට කියාපු බ්ලොග් එකක් වගේ.

    ReplyDelete
    Replies
    1. හපොයි සිඳූ..මාව ජින්ජර් බිස්කට් එකක් වගේ පෙනුනද?

      සාදරයෙන් පිලිගන්නව මගේ මල් වත්තට

      Delete
  9. මං මේ කම්පනා කොලේ ඒ කාලෙ අපි ලියපු උත්තර වලට ටීචල කෝම හිනාවෙන්න ඇද්ද කියල...
    අනික වාරාවසාන රිපෝට්ටෙක අපිට දෙන්න මොන කට්ටක් කෑවද.. සමහර විට ඊළග අවුරුද්දෙ තමා ඕක හම්බෙන්නෙ කොහෙ හරි ඩෙස්සෙකක් අස්සෙ තිබිල
    අපි ඒ තරං උනන්දුයි

    මේ වව්චර් වැඩේ නං පිටිං ඉදං බලං හිටිය මට හිතුනෙම මහ ඕනවට වැඩි ගොං පාට්ටෙකක් කියලමයි ඒත් ඉතිං ඇත්ත තත්වෙ දන්නෙ ගුරුතුමිල වෙන ඔයාලමනෙ

    ReplyDelete
    Replies
    1. අපිත් ලමයි කාලෙ ඔහොම නෙමෙයි.උදේ පේපර් එකට හවස ලකුනු ඉල්ලනව ගුරුවරුන්ගෙන්....දැන් අපිට මල පනින විදියටම ඒකාලෙත් එයාලට තද වෙන්ඩ ඇති.

      ඒක සංවිධානාත්මකව කොලා නං අවුලක් නෑ

      අනික සුදු වර්ණයේ ප්‍රබේධ සහිත පැෂන් ෂෝ එකක් ජනවාරි බලන්න ආසාවෙන් ඉන්නෙ මං

      Delete
  10. ඒ කියන්නේ අැත්තට ම වව්චර් බෙදාදීමේ ගැටලුවක් අැති වුණා තමයි නේද???? මේවා දන්නෑ වගේ ලොක්කෝ කතා කරද්දි අපිටත් හිතෙනවා ඒවා අැත්ත වෙන්ටැති කියලා.... අර උත්තර ටිකනං පට්ට....

    ReplyDelete
    Replies
    1. කකිසිම සංවිධානාත්මක බවක් නෑ

      Delete
  11. පෝස්ට් එකට ස්තුතියි...
    අර චව්චරේ ගැන මුකුත් කියන්නේ හිතෙන්නේ නැහැ, අද මමයි කමියයි බලපු වීඩියෝ එකක් නිසා ඔය චව්චරේ මොකක්ද කියල හිතුනා...
    ගොයියන්ට පොහොර සහනාධාරේ ගන්න ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න කියල කියන එක...
    සමහර ගොවියෝ ඉන්ටනෙට් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැහැ...

    පොඩි එව්වෝ මරු උත්තර දෙනවා වගේ...
    තනිකරම වගේ අපේ අධ්‍යාපන ක්‍රමයේ වැරදි...

    ReplyDelete
    Replies
    1. අපෙත් වැරදි කියල හිතෙනවා.ඊලඟට අපිට හරි පුහුණුවක් නොදුන් එකත් අධ්‍යාපන ක්‍රමයේම වැරැද්දක් කියල ඊ ලඟට හිතෙනවා

      වෙලාවකට යහ පාලනේත් ජහ පාලනයක් වගේ තමයි.(හරක් පාලනයක්)

      Delete
    2. ඔන්ලයින් රෙජිස්ටර් වෙන එක මොකද්ද ලොකු පුතේ? ගබඩාවට ගියා.... අනේ අපොයි.

      Delete
    3. @ ඩබ්.කේ
      ///වෙලාවකට යහ පාලනේත් ජහ පාලනයක් වගේ තමයි.(හරක් පාලනයක්)///
      හා හා, කට. දෙයියෝ කෝප වෙයි...

      @ ගස් ලබ්බ
      අපි මේ පාර කුඹුර කරන එක අත ඇරියා. පෝර ලාබෙට ලැබෙන්නේ නැත්නම් අපේ වගේ තෙත් කලාපේ පැති වල කුඹුරු කරන එක ගොඩක් පාඩුයි...
      කඩෙන් කන එක ලාබ උනත් අලුත් හාල් කන්නනම් කුඹුරක් නොකරත් බැහැ...
      වී විකුණන ඩයල් එකක් අල්ලාගෙන වැඩේ ගොඩ දා ගන්න බැලුවනම් හරි...

      Delete
  12. ඔහේට නිවාඩු කාලෙ සෙමිනා සෙට් උනේ නැතෙයි?
    ගස්ලබු මව්ගෙ ප්‍රාථමික අංශයේ සේවා කාලය වසර 30කට වැඩියි.ඒත් පහුගිය දිනවල තිබුනු පුහුණුවට නොගියා නම් පන්තියක් ලබා නොදෙන විදිහට නියෝග නිකුත් වෙලා තිබුනා.ළමා මනස ගැන ඉගෙන ගන්න එයැයි දවස් 14ක් පුහුණු උනා.. පට්ට ආතල්..
    දින සටහන්,සති,මාස,වාර සටහන්,නිපුණතා වාර්ථා... ඒවා කොහොමෙයි?
    හෙහ් හෙහ්..
    දිගටම ලියන්න ටීචර්..
    ජයවේවා..!!

    ReplyDelete
  13. ඔහේට නිවාඩු කාලෙ සෙමිනා සෙට් උනේ නැතෙයි?
    ගස්ලබු මව්ගෙ ප්‍රාථමික අංශයේ සේවා කාලය වසර 30කට වැඩියි.ඒත් පහුගිය දිනවල තිබුනු පුහුණුවට නොගියා නම් පන්තියක් ලබා නොදෙන විදිහට නියෝග නිකුත් වෙලා තිබුනා.ළමා මනස ගැන ඉගෙන ගන්න එයැයි දවස් 14ක් පුහුණු උනා.. පට්ට ආතල්..
    දින සටහන්,සති,මාස,වාර සටහන්,නිපුණතා වාර්ථා... ඒවා කොහොමෙයි?
    හෙහ් හෙහ්..
    දිගටම ලියන්න ටීචර්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. යකෝ ඔය පුහුණුව අපිට දියල්ලකෝ.ඉස්කෝලෙ දන්නලා පත්වීමේ ලිවුම ගෙදරටම එවුවා.අපි ඉස්කොලෙට ගිහින් වැඩ බාර ගත්ත.ඉස්කෝලෙං කාලසටහන දුංනා.අපි පංති වලට ගියා.

      අපෙත් කාර්යක්ෂමතා කඩයිමි සෙමිනා තියෙයි කියල පණ බයේ හිටියෙ තිබ්බෙ නෑ.

      ඔයි සටහන් ලියල එපා වෙලා.කලිං කරපු ලිපිකරු ජොබේවත් මෙචිචර ලියන වැඩ සෙට් වුනේ නෑ

      වෙනද නිවාඩුවට ඔයිවගෙන් ටිකක් ගොඩ දා ගන්නවා.මේ පාර බලධාරියෝ මොකක්ද 4මැට්ටුවක් දෙනව කියල ඒකත් කොරන්ඩ උන් නෑ.දැන් ඉස්කෝලෙ යන ගමං ඕවත් ලියපංකෝ
      ළමයින්ට වඩා හෝම් වර්ක් අපිට බලං ගියාම

      Delete
  14. මුල ඉදලා පහලට අකුරක් නෑර කියවගෙන ආවා කමෙන්ට් එකක් දාන්ට හිටං

    ReplyDelete