Wednesday, November 11, 2015

සරසවි සිහිනය


යෞවනයේ කෝල සිතුම්
ආවස්ථික පිරිවැය කොට
කාලය ශ්‍රමය පූර්ණ උපයෝජනයෙන්
ළඟා විය හැකි ප්‍රශස්ථම ලක්ෂයය නුඹ....

විභාගය හර කොට
අවිනිශ්චිත ගිණුමට
බැර කොට මවුගෙ කණ කර
හන්දියෙ හෙට්ටි කඩයට...

උගත් වත්කම් හඹා
ඉපයුනු නොහිම් වගකීම්
දරා ගනු නොහැකිව
බුන්වත් ජීවියෙකි මා............

අසීමිත උවමනා
සීමිත කරනු බැරිවම
දහඩිය වියදමින්
කඳුලැල් හෙලයි පියතුම...

දුන්නත් දේව වරමක්
සරසවි මෑණියන් මට
දුප්පත් කමේ සිත්කම්
තවමත් ඇඳෙයි සිත යට

20 comments:

  1. වැඩි දෙනෙකුගේ කතාවක්.. හැබැයි මතක තියෙන්නේ ටික දෙනාටයි..

    ReplyDelete
    Replies
    1. අනිවා මිත්තරේ.අනික ඕක මතක තිබ්බැයි කියල මක් කරන්ඩද.එතනින් එහා ජීවිතේට මූන දෙනවා මිස

      Delete
  2. අද දවසේ බොහෝ දෙනෙකුට සමානකළ හැකියි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි වර්ණ .උ.පෙ ලියන අයගෙන් 2% නේ කැම්පස් යනව කියන්නෙ

      Delete
  3. අපූරු සංකල්පනාවක් ඩබ්.කේ.....:)

    තරහ වෙන්න එහෙම එපා ඔන්න...ප්‍රශස්ථම, ලක්ෂ්‍යය, අවිනිශ්චිත,කණකර,

    ReplyDelete
    Replies
    1. මලා රවි.මගේ අක්ෂර වින්‍යාසය අජූතයි.ස්තූති වේවා.මෙන්න හදන්ට යනවා.

      Delete
  4. හිතට වැදුනා ... හරිම ලස්සනයි වත්සි.. අපුරු සංකල්පනාවක්...

    (බොඳව ගිය සරසවි සිහිනයක
    සේදූනු පාට අතරින්
    ජීවිතය සිත්තම් කරමි..

    වත්කම්ද බැරකම් ද ලෙජර් කොට
    ජීවිතේ ශේෂ පත්‍රය
    තුලනය කරමි.)

    මං- සුජීවා අබේගුණවර්ධන - දෙණියාය.

    ReplyDelete
    Replies
    1. නියමයි....හැබැයි තරහ වෙන්න එපා මං හිතන් හිටියෙ ඔයා මල්ලියෙක් කියල.සොලි හොඳේ

      Delete
  5. ලස්සනයි...... නියමයි.........................

    ReplyDelete
  6. දෙමව්පියෝ අපට උගන්නලා සමාජයේ හොඳ තැනකට ගෙනෙන්න හදනවා.ඒත් මේ පවතින ක්‍රමයත් එක්ක අපට පුළුවන්ද කවදාහරි අම්මා තාත්තව ඉන්න තැනින් උඩට අරන් දශමයක්යත් සැප සම්පත් ලබා දෙන්න...? කැම්පස් ගියපු හැමෝගෙම සුසුම් සහ කදුළු තමයි මේ කවියෙ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනිවා...කැම්පස් ගිය නොගිය හැමෝගෙම....ඒත් වෙලා තියෙන්නෙ උ.පෙ උගන්නන ගුරුවරු විදියට අපේ ටාගට් එක ළමයි කැම්පස් යවන එකනේ.ඒ හින්ද කැම්පස් කියන්නේ යන්න පුළුවන් පාරවල් තොගයක් අතරින් එකම එකක් විතරයි කියල ළමයින්ට කියා දෙන්න අපිට විදියක් නෑ.

      Delete
  7. සංවේදී කවි පෙළක්.

    ReplyDelete
  8. ආවස්ථික කියන්නේ මොකක්ද

    ReplyDelete
    Replies
    1. එක් තෝරා ගැනීමකදී කැප කරන්න වෙන ඊලඟ හොඳම දෙය

      Delete
  9. යන්තම් එහෙන් මෙහෙන් වචනයක් දෙකක් තේරුනා!! කොමස් නම් ඉතින් ඊයාාාා.....
    එත් මේක නම් පට්ට!

    ReplyDelete
    Replies
    1. .මගේ සබ්ජෙක්ට් එකට අපහාස නොකර හිටු

      Delete