Sunday, June 28, 2015

සිහිනය





වලා සේලයෙන් ඔතා 
සඳ ඔරුවේ නිදි කරවා

තරු කැට කැට එකතු කරන් සීන ගොතන්නයි
තෙරුවන් සරණින් සීනය සැබෑ කෙරෙන්නයි

සිනා අරන් සඳක් මගේ උකුලෙ නිදන්නයි

සුදු නෙළුමක් සොඩින් දරන්
සමන් කුලින් බිමට බසින



ඇත් රජෙකුට මගේ කුසේ යහන් බඳින්නයි
පත්තින් ගම්බාර දෙවිඳු බැල්ම හෙලන්නයි

සිනා අරන් සඳක් මගේ උකුලෙ නිදන්නයි

පින්න සීත කටු උසුලා
හිරුට හොරෙන් නෙළු මහනෙල්


කඳුළු දියෙන් දොවා පුදා පින් රැක ගන්නයි
මතු සක්විති රජෙක් මගේ කුසට වඩින්නයි

සිනා අරන් සඳක් මගේ උකුලෙ නිදන්නයි

11 comments:

  1. ඒක නම් මල් හතයි!!!!
    පට්ට!!!

    ReplyDelete
  2. ස්තූතියි මල්ලී

    ReplyDelete
  3. අපූරුයි කවිය
    හිතට දැනුන අපූරුවටම
    ලස්සනයි ජයෙන් ජයම වේවා

    ReplyDelete
  4. ප්‍රාර්ථනාව එලෙසින්ම ඉෂ්ඨ වේවා.. මෙච්චර ලස්සනට ප්‍රර්ථනා කරලත් ඉෂ්ඨ නොවුනොත් තමයි පුදුමේ. ජය!

    ReplyDelete
    Replies
    1. හායි මිත්තරේ තැන්කුයි වේවා!

      Delete
  5. ලස්සන අදහස ,

    වර්ඩ් වල ලියලා බ්ලොග් එකකට කොපි පේස්ට් කරන්නේ නැතුව . වර්ඩ් වල ලියපු එක නෝට්පෑඩ් එකට පේස්ට් කරලා ආපහු එතනින් කොපි කරලා බ්ලොගර් එකේ පේස්ට් කරන්න. එතකොට පය අකුරු වටේට සුදුපාට වෙන එක නැතිවෙනවා

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ඉවාන් උපදේසෙට.ඔය සුදු පාට අයින්කරන්න ෆුල් ට්‍රයියක් දාලා වැඩේ අතඇරලා තමයි ඔහොම දැම්මේ

      Delete
    2. @ඉවාන්
      මොකක් හරි දාහන්කො බ්ලොගේ. කමෙන්ට් දදා යනවා රෙද්ද.

      Delete
  6. නිර්මාණය ලස්සනයි. යහපත් ප්‍රාර්ථනාවක්.
    ජය වේවා!!!

    ReplyDelete