Saturday, June 20, 2015

කැලයක උපන් මල් වත්තක මතක සුවඳ පොද - 11 කොටස

11.දඟකාර අළුත් කැකුළ

අද තවත් අළුත් දවසක්.අළුත් මල් පාත්තියක් හදපු දවසක්.මගේ මල්පාත්තියේ ඉඩ තිබුනේ එකම එක කැකුළු දෙකකට විතරක් බව මට දැනුම් දීලයි තිබුනේ.ඒත් ඉන් එක කැකුළක් විතරක් හුදකලා වෙලා අහස දිහා බලා ඉන්නවා.මේ අවුරුද්දෙත් මට මුළු පාත්තියටම එකම කැකුළක් විතරද?මං මගෙන්ම ඇහුවා.ඒ ලඟම පාත්තියේ හුදකලාව වැනෙමින් හිටි මගේ කුළුඳුල් කැකුලෙන් ලැබුන ඇස් කොන වක්වෙච්ච සුපුරුදු සිනාවේ තෑග්ගෙන් සතුටු හිත් ඇතිව අළුත් මල දිහාවට හැරුනා.

බැළු බැල්මට කිසිම විශේෂත්වයක් නෑ.පිපෙන්න හොඳටෝම ළඟයි.මට මේ කැකුළට මගේ ආදරේ දෙන්න බැරි වෙයිද?මං උගන්නන නැටුම් කොහොම අවබෝධ කර ගනීද?පුංචි බයකුත් හිතට දැනුනා.


ඒත් ඒ බය නොපෙන්නා සුපුරුදු විදියට මල ඉස්සරහින්ම ඈඳි ගත්තා.නැටුම් පාඩම් කියා දෙන්න පටන් ගන්නවද?මල් කිනිත්තේ විස්තර කතා කරලා මලත් එක්ක සුහද වෙනවද?මං දෙගිඩියාවෙන් සැළුනා.අළුත් මලත් මං දිහා තුෂ්නිම්භූතව බලා හිටියාම විතරයි.මං සුපුරුදු හිනාව සොයා ගත්තා.


මට උඹේ මල් කිනිත්ත ගැන නම් අහන්න බයයි.කැකුළු වල මල් කිනිති ගැන අහන්න ගිහින් සිද්ධ වුන අන්තිම අත්දැකීම තාමත් හිතට වද දෙනවා...ඇයි මම පුංචි කැකුලක් ලවා බොරු කියවන්නේ.

එතකොට..උඹටත් පව් ........මටත් පව්


ඒත් මං උඹ ගැන දැන ගන්න ඕනමයි.උඹත් දවසක ලෝකෙට සුවඳ බෙදන්න ඕන.ඒකට මං උඹව අඳුන ගන්න ඕන.මට ඕන උඹට උදවු කරන්න විතරයි.උඹේ කඳුළු කතා වලට හිනා වෙන්න තරම් කුරිරු හිතක් මට නෑ.මං උඹට උදවුකරන්න නම් උඹේ දුර්වලතා වලදී මම උඹව ආරක්ෂා කරන්න ඕන.උඹට තර්ජනයක් වෙන්න පුළුවන් දේවල් වලට ඈතින් ඉන්ඩ උඹට කියා දෙන්න ඕන.උඹට ජය ගන්න පුළුවන් අවස්ථා උඹට උදා කරල දෙන්න ඕන.උඹත් නොදන්න උඹේ ශක්තීන් උඹට පෙන්නල දෙන්න ඕන.

උඔ හැමදේකටම හරි කෙලින් උත්තර දුන්නා.....පිය මල ගැන උඹ මුකුත්ම කීවේ නෑ...මගේ කුළුඳුල් කැකුලේ නීරස අත්දැකීම උඔටත් උරුම වෙලාද?මට අහන්න බයයි.ඒත් මට ඒක දැන ගන්න ඕනා...උඹේ කිනිත්තේ ආර්ථිකයේ පදනම ඒ  පිය මලනේ.

“රොන් සුනු එකතු කරන්න පිය මල මොකක්ද කරන්නේ“

උඹට ඒකටත් උත්තර තිබුනා .

“පිය මල කිනිත්තෙන් වෙන් වෙලා දුර ඈත පාවෙලා ගියා.කොහේ ඉන්නවද...කොහොම ඉන්නවද කියලා අපි දන්නේ නෑ“

උඹ උත්තර දුන්නේ ගහෙන් ගෙඩි එන්නා වගේ.මගේ පපුව හිර වෙලා ගියා.මගේ එකම ප්‍රශනෙට කුළුඳුල් කැකුලත් උඹත් උත්තර බැඳපු පරස්පර විරෝධී විදිය සන්සන්දනය නොකර ඉන්න මට බැරි වුනා.

මගේ පුංචි කැකුළ උඹ මාව විශ්වාස කරලා මට ඇත්තම කිව්වා.මං උඹව ආරක්ෂා කර ගන්නවා.උඹ ගැන මගේ හිතේ තියන බය එමටයි.උඹ මොන පැත්තකට හැරුනත් ඒ ඔස්සේ අසීමාන්තිකව ඉදිරියට යන බව මට දැනෙනවා.එදාට උඹට ආපහු හරවන්න කාටවත්ම බැරිවේවි.ඒ නිසා මට උවමනායි උඹව හරි පැත්තටම හරවලා තියා ගන්න.මට ඒක කරන්න පුළුවන් වේවිද?


අනිත් අතට බලනකොට අළුතින් හදපු හැම පාත්තියකම කැකුළු වලින් හරි අඩකටත් වඩා උඔට වගේම කඳුළු කතාවක් තියනවා.

කොනක ඉඳන් නිශ්ශබ්ධවම ඉන්න එක මලක් පුරා වසරක්ම රොන් සුණු එකතු කර කර ඉඳලා තියෙන්නේ කිනිත්තේ කුස් පුරවන්න.ඒ හැම දෙයක්ම කැප කරගෙන ආයෙත් මල් වත්තට ආවේ වඩාත් ලස්සනට පිපෙන්න ඕනම කියලා හිත කියපු හින්දා....


තව කිනිත්තක කැකුළු අටයි.ඒ කිනිත්තේ වර්ග ඵලයට ඒතරම් කැකුළු ගානක් ඔරොත්තු දුන් නෑ.ඒ හින්දා කිනිත්ත බිමටම නැමිලා මල් පෙති වල මඩත් තැවරිලා.

උඔල හැමෝගෙම කතා ඔයාකාරයි.


පස්සෙයි මට ආරංචි වුනේ උඹේ පිය මල මේ ඉසව්වට ආගන්තුකම මලක් බව.නුපුරුදු පරිසරයෙන් හෙම්බත් වෙලා පුරුදු පරිසරයට කැකුළු පහක්ම එක්ක කිනිත්ත දාලා පලා ගිය බිය ගුල්ලෙකු බව.ඒත්  එඩිතරවම ඊට මුහුණ දුන් බව උඹේ සෘජු පිළිතුරෙන්ම මට වැටහුනා.

මේ අහිමි වීම් උඹට විතරක් උරුම දෙයක් නෙමෙයි.උඹේ ඔය දඟ කාර කම කටකාර කම කියන්නේ ඒ අහිමි වීම ගැන උඹ නොතැවෙන බවද?

කවුදෝ කියලා තිබුනා “වැඩිපුර සද්දෙට හිනා වෙන්නේ හදවතින් ගොඩක්ම අඩන අය “ කියලා

.මට හනික කියාපන් .උඹ ඉන්නේ ඒ ගොඩේ නෙමෙයි නේද?මට ඕන උඹ හදවතින්ම හිනා වෙනවා දකින්න.උඹේ මහවුන්ගේ අඩු පාඩු, දවසක ලෝකය උඹේ අඩුපාඩු ලෙස දකීවි.උඹට ඒ අඩුපාඩු නිවැරදි කරන්න බැරි උනත් ඒ අඩුපාඩු වලට චෝදනා නගන්න බැරි තරමට අනිත් හැම දෙයකින්ම උඹ සන්නද්ධ වෙයන්.

ආයෙත් කියනවා ...මට ඕන උඹ හදවතින්ම හිනා වෙනවා දකින්න.මගේ ආදරණිය කැකුළ, අද මාත් උඔ එක්කම අඩන්නම්.අපි දවසක ලස්සනට හිනාවෙමු.




8 comments:

  1. ජීවිතේ බරයි කටුකයි.. මල් කිනිත්තකට උනත් ඒකේ වෙනසක් නෑ.. සමහර මල් කිනිති මලින් බර වෙලා කියල 'ලස්සනට' අපි දැක්කට සමහරවිට ඒ පිටිපස්සේ කතාව මේ වගේ කඳුලින් බර වෙන්න පුළුවන්..
    උණුසුම් සුභ පතුම්!.. කතාවට අදාලව නොවේ :)

    ReplyDelete
  2. හයි හයියෝ...කතාවට සුභ පැතුම් නැත්තේ කතාව හොඳ මදිද??හැබෑටම මක්කටෙයි අයියේ එහෙනම් සුභපැතුවේ

    ReplyDelete
  3. "වැඩිපුර සද්දෙට හිනා වෙන්නේ හදවතින් ගොඩක්ම අඩන අය" ඔය කතාවනම් ඇත්ත කියලා කීප වාරයක් අත්දැකලා තියෙනවා, හැබැයි අඬ අඬා ඉන්නවට වඩා ඔහොම හිනාවෙන එකත් වාසනාවක්.
    පොඩ්ඩක් ඉන්න මුල ඉඳන් කියවන් එනකං ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඉවාන්..ඒත් එයාට තාම 17යි.(වයස)ඔය විදියට කොච්චර කල් තව ජීවත් වෙන්නද?එයාට හැබෑවටම සතුටක් විඳින්න ලැබෙන්නයි මට ඕන...

      කියවල එන්න .....කියෙව්වත් නැතත් ඔයා ආව එකට සතුටුයි.

      Delete
  4. man nam hithanne aththatama me jeewithe aththama natakayak witharai....hinawenawa....andanawa dekama karanawa....hithannama apa " අපි දවසක ලස්සනට හිනාවෙමු." kiyala samaharawita wennath puluwan nowennath puluwan....ath oya hari oya danathmakawa hithala thiyenawa

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැවේ ආවට......ඇත්ත....ඒත් මේ හැම දෙයක්ම ඉස්කෝලෙ යන කොල්ලෙකුට බර වැඩියි....මේ දෙමව්පියෝ ගැන වෙලාවකට තරහයි මට

      Delete
  5. මොනව හරි කියන්නතු හිතුණ ඒත් ඕන නෑ සමහර වෙලාවට සමහර දේවල් නොකිය ඉන්නෙක මයි හොද... කියල දාන එක අවුල් යන්න පුලුවං හිහි

    ReplyDelete
    Replies
    1. කියන්න මහේෂ්.ඹ්නම දෙයක්.කිසි අවුලක් නෑ.ගල් මල් ඕන දෙයක් සාදරයෙන් බාර ගන්නවා

      Delete