..
01 පළමු දවස 2019 ජූනී 22
අද සිහිනමය සුන්දර දවසක්..දිව්‍යමය දවසක් කියල කියන්නත් පුළුවන්.සමහර විට මගේ ජීවිත කාලයම මැව්ව සිහිනය සැබෑ
වෙන්න හෝ බොඳ වෙන්න තියෙන්නෙ හරියටම දවස් දහ
අටයි.මේක ඇත්තක් කියල හිතා ගන්නත් බෑ.යාළුවෙක්
කතා කරල මට දරුවෙක් දෙන්න කැමති අම්මෙක් ඉන්නව කියපු දවස වත් ,මම ඉස්සරලම ඒ අම්ම
බලන්න ගිය දවසවත් ගැන හරි මතකයක් නෑ
.ඒත් අද 2019 ජූනී 22 මට ගලක කෙටුව
අකුරක් වගේ මතක හිටියි.හරියටම
කීවොත් දැන් 23 වනදා උදේ 2.08 යි.ඒත් සතුටට නින්ද යන්නෑ
සැමියෙක් ගැන හීනයක් පවා නොතිබුන කාලෙකයි මගෙ හීන වල චූටි පැට්ටෙක් හිටියෙ.එයාට ආදරේ දෙන හැටි එයා එක්ක ඉස්කෝලෙ යන හැටි ,සෙල්ලම්
කරන හැටි ඡායාවක් වගෙ හිත ඇතුලෙ කොතන හරි ඇඳිල මැකිල යමින් තිබුන. උඹට ඕන කරන දේවල් ේකතු කල බැන්ද දවස ඉඳලමයි.ඒත් ආඩම්බර උඹ මං ළඟට එන දවස දවසින් දවස කල්
දැම්ම
දෙපාරක් ඒ හීනෙ ඇස් අද්දරටම ඇවිත් මැකිල ගිය දුක තාමත් හිතේ
ඉතුරුයි.කාටද හිත හදාගෙන
තමන්ගෙ අතට එන සුර දූතයන්ට
පිටුපාන්න පුළුවන්...
ජීවිතෙ ලොකුම හීනෙ දවසින්
දවස හීනයක්ම වෙනකොට විකල්ප අවස්ථා
සලකා බැලුවෙ වාණිජ විෂයයන් වලින් ලැබුන පන්නරය හන්දම වෙන්න ඇති.
පරිවාස කාර්යයාල වල රස්තියාදු,ලෝයර්ල ලඟ පණ බයෙන් කරපු සාකච්ඡා ,බඩු ලිස්ට් ගන්න කඩවල් ගානෙ ගියපුව...ගමේ මිනිස්සු නොදකින්න බෝඩිමට හොරෙන්ම ගෙනත් හෝදපු නැප්කින් එකක්වත් මට හැබෑ ඒවා
විදියට දැනුන් නෑ.
අද උඹ දරාගෙන ඉන්න අම්මගෙ ඇමතුම ලැබෙනකම්...
අක්කෙ කෙල්ලෙක් නෙමෙයි කොල්ලෙක්ලු...
.
මට හැමදාම ඕන වුනෙ පුංචි දඟ
පුතෙක්...ඒකයි රෝසපාට දැක දැකත්
නිල්පාට තෝරගත්තෙ.
එදා ඒ දුප්පත් ගෙදර
මං දැක්කෙ අවම අවශ්‍යතාවත් සම්පූර්ණ නැති ජීවිත තුනක්....එකම එක සෙල්ලම් බඩුවක්
වත් නැති අවුරුදු දෙකක පැටියෙක්...උඹටත් ඒ ජීවිතේ නොදෙන්නයි ඒ අම්මටයි
තාත්තටයි ඕන වුනේ...වල් කම් කරල නෙමෙයි . ආදරේ අහඹු ප්‍රතිඵලයක් විදියට අහම්බෙන්
ආව පැටියට ලස්සන
ජීවිතයක් දෙන්නයි එයාලට ඕන..එයාල ඒකට මාවම තෝරගත්ත ඒක දෛ වයේ හාස්කමක්...
ඔයා වෙනුවෙන් විතරයි මම මේක ලියන්නෙ...මං
වාසනාවන්ත නම්..ඔයා මං ළඟට ඒවි.සමහර විට මගේ හිත රිදෙයි කියල ඔයාට දැනගන්න ම ඕන ප්‍රශ්නයක් දවසක ඔයා මගෙන් නාසා
ඉඳීවි...
එදාට මම ඔයා ළඟ හිටියත්
නැතත් ඔයාට මගෙ බ්ලොග් එක උත්තර දේවි...මං ඔයා මා ලඟට
එන්නත් කලින් ඉඳල මං
ඔයාට කොච්චර නම් ආදරේ කලාද කියල සමහර විට ඔයාට තේරුම් යාවි.ඒත් ඔයා මගේ ජීවිතයට ගෙනාවෙ කොච්චර ආලෝකයක් ද කියන්න නම්
විශ්වයේ සියළුම භාෂා වල
වචන වලින් වත් පැහැදිලි කරන්න නම් බැරි වේවි...
අපි තුන්දෙනා එකතු වෙලා ආදරය පිරුණු පුංචි ලෝකයක් හදා ගමු
..අගෝස්තු නම වෙනිදා ඔයා මේ ලෝකෙට එනකල් අපි මඟ බලාගෙන ඉන්නෙ.
අපේ ජීවිත දෙකට අරමුණක්...ලෝකයට ආදරෙත් පුංචි අත් දෙකේ ගුටි කරන් ඔයා එනකල් අපි බලන් ඉන්නවා...මගේ රං කැටේට බුදු සරණයි..දොස්තර මාමලා එන්න කියනකල් ඔය අම්මගෙ බඩ ඇතුලෙ සනීපෙට ඉන්න..පරිස්සමින් මේ ලෝකෙට එන්න.ඊට පස්සෙ මේ අම්මයි තාත්තයි ඔයාව හුස්ම පොද වගේ රැක බලා ගන්නවා
රං කැටේට බුදු සරණයි.
ReplyDeleteGood luck... Happy for you!
ReplyDeleteබැඳිම් හරිම පුදුමාකාරයි. ඔයාගේ සුන්දර සිහිනය සැබෑවක්ම වේවා!!!
ReplyDelete