Friday, April 7, 2017

සල්ලි වලට විකුනන උපාධි හා පිං තකා දෙනු ලබන උපාධි


මට රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුලත් වීමට ලකුණු මදි විය.තැන්පත් කොට තබන ලද මහා ධනයක් නැති අම්මාට තාත්තාට තවත් අවුරුද්දකට මගේ බර පැටවීමට නොසිතුනාට වඩා ගෙදර ඉඳන් ගිරි දුර්ග වන දුර්ග ජල දුර්ග පසු කරමින් පංතියාම මට පත්තියං වුනේ නැත.ඒ නිසා ඒ ලෙවල් වලින් ඉවත්ව දෙහිවල උසස් තාක්ෂන ආයතනයේ උසස් ජාතික කලමනාකරන ඩිප්ලෝමාවට බැඳුනෙමි..අනතුරුව ඩිප්ලෝමාවකට වඩා වටිනාකමින් යුතු යැයි සිතූ නිසා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය )උපාධිය ලබා  ඒ සහතිකය මත පළාත් සභා පාසලක ව්‍යාපාර අධ්‍යයන ගුරුවරියක වශයෙන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 -1 (අ) පංතියට පත්වීමක් ලදිමි.

ඔවු ඉතින් මගේ එක බාහිර උපාධියකි...

මගේ පැටිකිරිය දිග අරින්නේ මොකදැයි ඔබට සිතෙනු ඇත.

මේ සඳහා  පසුබිම් වූයේ ගුරු විවේකාගාරයේ ඇතිවූ සුහද වලියකි.පුංචි වාදයකි.එය සිදුවූයේ  මිතුරු ගුරුවරියක් සමඟ වුවත් ඉන් අප අමනාප නොවූ බව වෙසෙසින්ම ලියා තැබිය යුතුය.අප ගැටිය යුත්තේ අදහස් සමඟ විනා මිනිසුන් සමඟ නොවන බව අප දෙදෙනාම දනිමු.

දරුවන් ඉදිරියේ විනා “නෝ කතා නෝ සිනා“වත නොකඩන මගේ මාධ්‍ය හඞ නොවේ.අකුරුය.එබැවින් මම මගේ දර්ශනය ඇයට මෙසේ කියන ගමන් මම වැරදිදැයි ඔබෙන් විමසමි.

ඇය කියන්නේ අභ්‍යන්තර උපාධියට “මාර “වටිනාකමක්  දිය යුතු බවය.උසස් පෙල විභාගයෙන්  සමත්ව “ස්පිරිට්“ මොල ටික කැම්පස් යනු ඇති අතර ඉතිරි රොඩු සල්ලි දී උපාධි මිලදී ගනී.

කැම්පස් එකට යන කෙනා මාරම වැඩ්ඩෙකි.එහි උප  සංස්කෘතිය ඊට ත් වඩා “මාරය“.එහිදී ලබා ගන්නේ රත්තරං වටිනා අත්දැකීම්ය.එබඳු රත්තරං අත්දැකීම් කැම්පස් නොගිය එකාට නැත.කැම්පස් ගිය එකාට වෘත්තීය ලෝකයේ වැඩි වටිනාකමක් හිමිවිය යුතුය.රජයේ රස්සා ගෙඩි පිටිංම පිදය යුතුය

කොළඹ පේරා කැම්පස් වල උගන්නන අද්‍යාපනවේදී උපාධිය විවෘත විශ්වවිද්‍යාලයේ සල්ලි වලට අලෙවි කිරීම වැරදිය.“ස්පිරිට්“මොල නැති වුන් ගුරුවරු උනාම ළමයිගේ අධ්‍යාපනය කාබාසිනියා වෙනවාය.සයිටම් කාරයෝ එල්ලුං ගස් යැවිය යුතුය

රස්සා දීමේදී ඉස්සරලාම කැම්පස් ගිය උන්ට රස්සා දී ඉතිරි වෙන රොඩු බොඩු වලට අහු මුව වලින් සූරා ගත් රොඩු බොඩු රස්සා දිය යුතුය.

මෙවුවා ගඟේ මාළු මගේ ඇඟේ නටන සයිස් එකේ අවකැපෙන අදහස්ය

මා මෙහි කැම්පස් පොරවල් ලෙස හඳුන්වන්නේ  නිදහස් අධ්‍යාපනයෙන් සෙවන ලබා රාජ්‍ය විශ්ව විද්‍යාල වල නොමිලේ ඉගෙන ගෙන උපාධි ලබාගත් අය ගැනය.

.
උන්දෙලා ගැන මගේ කිසිඳු ඉරිසියාවක් තරහක් මරහක් නැත්තේය.අවුරුදු 13ක කැපකිරීම් නිදිවැරීම් වල අග්‍ර ඵලය ලබා ගත් උන්ට මම සිරස නමා රෙස්පෙක්ට් කරමි.දහසක් ආර්ථික ප්‍රශ්න තව තව හදා ගන්නා ප්‍රශ්නත් මැද උපාධිය ලබා ගොඩ ගිය එකට ඊට වඩා රෙස්පෙක්ට් කරමි

උන් ඔය මවා පෙන්වන තරම් සුපිරි වූවා හෝ නොවූවා මට පාං නැත. 

එහෙත් මට ඇති අවුල නම් තමං සුපිරිය අනුන් රොඩුය යන අදහසයි.

“ එස්“ තුනක් ඇති ඕනෑම ගස් ගෙම්බෙකුට සරසවි වරම් ලැබිමට සුදුසුකම් ඇතැයි ලියැවිල්ලකින්ම සහතික කර දෙන්නේය .අපි එයට රිසාල්ට් ෂීට් එක යැයි කියමු.ඉතින් එසේ නම් ඔවුන් රොඩු බොඩු බවට හැරෙන්නේ ඇයි.

අංක එක - ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියේ ඇති අඩුපාඩුයි.සුදුසුකම් ලබන හැම දෙනාටම ඇතුලත් විය හැකි පරිදි ඒවායේ සම්පත් නැත.

එම නිසා තරඟ විභාගයකින් වැඩිම ලකුණු ලබාගත් උදවිය විසිපන්දහසක් පමණ ඇතුලට දාගෙන ලක්ෂ කීපයක් සමාජයට විසි කර දමනු ලබයි.ඉතින් උන් වටින්නේ නැද්ද..රොඩුද?උන්ගෙන් රටට ජාතියට ප්‍රයෝජනයක් ගැනීමට උවමනාවක් නැත්ද?උන් කහල ගොඩට විසිකිරීම හෝ ගොඩ ගසා පුළුස්සා දැමීමද කලයුතු දෙය

සාමාන්‍යෙයන් උසස් පෙල විෂය ධාරා තෝරා ගනු ලබන්නේ සාමාන්‍ය පෙල ප්‍රතිඵල අනුවය.

හොඳම රිසාල්ට් ඇති උන්  සයන්ස්  මැත්ස් කරන අතර ඊලඟ උන් ටෙක් කොමස් ආට් තෝරා ගනු ලබයි.(මා මේ කතාකරන්නේ බහුතර ළමයි ගැනය.ඒ 9 තියාගෙන ආර්ට් කරන උන්ද ඕනා තරම් ඇත.)

එතැන ඒ 9 අරං සයන්ස් කරපු එකා ෆේල්ව මහා සංස්කෘතිය මැද්දට විසිවෙද්දී,ඒ 2-3 අරං ආර්ට් කරපු එකා කැම්පස් උප සංස්කෘතියේ සෙවනට තුරුල් කර ගන්නා අවස්ථා ඕනා තරම් ඇත.

මන්ද සයන්ස් හා මැත්ස් විෂයන් සාපෙක්ෂව සිරාවටම ඇඩ්වාන්ස් බව ප්‍රායෝගිකව හිතනා ඕනෑම එකෙකුට සිතෙනු ඇති බැවිනි.

එතැනදී මට මතුවන ප්‍රශ්න දෙකකි.

1.       සාමාන්‍යෙපලදී ඒ 9ක් අරං පොර වුන එකා ඊට අවුරුදු  2ක් යනකොට රොඩ්ඩක් වන්නේ කෙසේද

2.       එතකොට පොරවල් තෝරන මෙසිරිලක ඇති එකම මිනුම් දන්ඩ උසස්පෙල විභාගය පමණක්මද
ඉතින් තෝරාගන්නා මහා ගුණ ඇති ස්පිරිට් “වලට නොමිලේම අධ්‍යාපනය ලැබේ..හරි උන්ගේ කැපවීම සමඟ එක්වුන වාසනාව.ඒකට අපි ඉරිසියා කල යුතු නොවේ...

ඒත් උපාධි ලැබිය හැක්කේ උන්ට විතරද???එතකොට අධ්‍යාපනය අයිති උන්දැලාට විතරක්ද?ඒක උන් අම්මලා අප්පලාගේ බූදලයක්ද?

අනිත් සේරටම අධ්‍යාපනය අකැපද?

මට ඇති ප්‍රශ්නය එයයි..

ඔවුන් තෝරාගෙන නොමිලේ අධ්‍යාපනය දිම හරිය...කිසිඳු තර්කයක් නැත.ඒත් අන් උදවියටත් අධ්‍යාපන අයිතිය ලැබිය යුතුය.පැය තුනේ ප්‍රශ්නපත්‍ර තුනකින් අවුරුදු හැට හැත්තෑවක මුළු ජීවිතේම තීරණය කිරීම තරම් විහිළුවක් තවත් තියේද?

ඔවු ඔවුන්ට තවත් අවස්ථාවක් ලැබිය යුතුය.

කලයුත්තේ ඔවුන් රොඩු බොඩු ලෙස විසි කිරීම නොව ඔවුන්ටත් වටිනාකම් එකතුකර ගැනීමට අවස්ථා ඇති කිරීමය.අභ්‍යන්තරව උපාධි දීමට තරම් සම්පත් රටේ නැත්තං ඒ අධ්‍යාපනය වෙනත් ක්‍රමයකින් ලබා ගැනීමට  අවස්ථා සැලසිය යුතුය.

ඒවායේ ප්‍රමිතිය ගැන වගකිව යුතු පාර්ශව වෙනමම ඇත.ඒකට බාහිර උපාධි ධාරීන් පලි නැත.

නිදහස් අධ්‍යාපන අයිතිය“ රැක ගැනීමට පෙර “සැමට අධ්‍යාපන අයිතිය“ රැක ගැනීම වැදගත්ය

හරිනං අන්තරේ පිකට් කල යුත්තේ“ සයිටමයට ප්‍රමිතියක් හදනු..බාහිර  උපාධි වල ගුනාත්මක බව වැඩි කරනු“ යන සටන් පාඨ අතේ දරාගෙන විනා ඒවා “තහනම් කරනු“ කියා නොවේ..

වෙළඳ පල යම් භාණ්ඩයක් සුලභ නං එහි වටිනාකම පහල බහින බව ඒනෑම අයෙකු දනී.සමාජවාදී සටන්පාඨ දෙසුවත් මේ උදවිය සිතනුයේ ද මේ “වෙළඳපල තියරියට“ අනුවය.

තමන් ලක්ස කීපයකින් විසි දහසකට පමණ අයත් නං එහි දී තමන්ට වටිනාකම වැඩිය.නමුත් ලක්ෂ දෙක තුනකින් එකෙක් නං කවුරුවත් ගනන්ගන්නේ නැත.

බහුතරයක් සයිටමයට හා බාහිර උපාධි වලට බාල්දි පෙරලන්නේ මේ පොර මානසිකත්වයට කෙල වෙතැයි බියෙනි.

ඔවුන් මවා පෙන්වන්නේ කැම්පස් උප සංස්කෘතිය නිසා ඔවුන් මනා ලෙස හික්මී ඇති බවත් අන් අයට එම වාසිය නැති බවත්ය.එහි බස රැස වෙනස් බවත් එය ඉතා වටින බවත්ය.මම මෙසේ කියමි.වැද්දන්ටත් දකුනටත් අනන්‍ය බසක් ඇතිවා මෙන්ම පාතාලයටද වෙන් වූ වෙනම වචන සෙට් එකක් ඇත.

ඔවු ඕනෑම සංස්කෘතියක හර පද්ධතීන් ඇත.උන් උන් විසින්ම වියා ගන්නා උප සංස්කෘතිය නම් රත්තරං කූඩුවක  දැල් අතරිනි වසර හතරක් ලෝකය දෙස බලා ඇත්තේ.

බාහිර උපාධි දාරින් සෘජුවම මහා සංස්කෘතිය හා මිශ්‍ර වන අතර  අර අත් දැකීම් නොලදත් වඩා ප්‍රායෝගික ලෝකයක් දකී. විෂමාකාර විවිධාකාර පුද්ගලයන් හා ගැටේ.බාහිර උපාධි ධාරීන් අභ්‍යන්තර උපාධිධාරීන්ට වඩා වසර ක් හෝ 4ක් වැඩිපුර කාලයක් මහා සමාජයෙන් රැග් වේ.තව ඉගෙන ගෙන වටිනාකමක් එකතු කර ගන්ඩ,එදා වේල හොයා ගන්ඩ ඔවුන් කන්නේ පට්ටම රැග් එකකි.මාර රැග් එක ඒක විනා කැම්පස් එක තුල ජේෂ්ඨයන් දෙන එක නොවේ.

මට තාමත් හිතාගන්ඩ බැරි දේ නං ඔවුන් තමංට රස්සා සපයා දී ම රජයේ වගකීමක් බව හිතං ඉන්නේ ඇයිද  කියාය.අවුරුදු 4ක් නොමිලේ ඉගැන්නුවා මදිවට තව රස්සාවලුත් හොයලම  දියල්ලකො...

අනෙක අභ්‍යන්තර හෝ බාහිර වේවා උපාධි සහතිකය මහා බක්කක් ලෙස මම නොදකිමි.උපාධි ලැබූ බහුතරයක්  ඒකත් කර පින්නාගෙන රස්සාවල් ඉල්ලාගෙන යන්නේ කා ළඟටද?එක්කෝ සාමාන්‍ය පෙල අසමත්ව පාසලෙන් ඉවත් වූ එකෙක් ආරම්භ කර පවත්වාගෙන යන ආයතනයක විය හැක.නැත්තං කතාවට කියන විදියට අට පාස් නැති දේස පාළුවෙක් ලඟටය.

නොමිලේ හො සල්ලි වලට හෝ මොකා වුනත් හරි දේ හරියට ඉගෙන ගත්තා නං ඒ ඉගනගත් දෙයෙහි වටිනාකම ඌට ලැබිය යුතුම බව මම තරයේ විස්වාස කරමි.

අනෙක අධ්‍යාපනය යනු නොරිදවා නොරිදවී ජීවත්වීමේ කලාව ප්‍රගුන කිරිම බැව් මම තරයේ විස්වාස කරමි.
මිනීමරන MBBS ලා හෝ ගැහැනුන් දූසනය කරන BA ,ලා හෝ මූල්‍ය වංචා සිදුකරන B Com ලා ගෙන් ලෝකෙට වැඩක් නැත.ඊට වඩා සති පොලේ මුට්ට කර ගහන එක නම්බුකාරය.ඒකට සහතික ෆයිල් මිටි පිටින් ඕනා නැත.

එබැවින් ඉගෙනීම යනු ජීවත් වීමට පුරුදු පුහුණු වීමයි.ලෝකය වඩා ලස්සන තැනක් කරන අයුරු පුහුණු වීමයි.
අප ඉගෙන ගත යුත්තේ දුකින් ඉන්න අයට හිනාවක් තිලින කරන ආකාරයයි.කඳුළු පිසින ආකාරයයි.
ඉගෙන ගන්නා දෙයට සමාජය ඉදිරියේ මූල්‍ය හා සමාජීය වටිනාකමක් හිමිවිය යුතු බව සැබැවි.නමුත් ඒ සහතිකය නිසා තමන් ස්වර්ගයට යාමට තෝරා ගත් අති විශේෂ අයිතිවාසිකම් ඇති උන් සේ නොසිතිය යුතුය.තමාට අන් අයට සාපේක්සව වැඩි අවස්ථාවක් ලද බව පමණක් සිතිය යුතුය.

අනෙක මුදල් ගෙවා ඉගෙන ගන්න උන් ඉගෙන ගන්නේ තමන්ගේම මුදල් වියදම් කරගෙනය.

ඔවුන් ඉගෙන ඇත්තේ මුදල් ගෙවා ඉගන ගන්නවුන් ඇතුළු අනෙත් උන්  ගෙවන බඳු මුදල් වියදං කරගෙනය.ඒ විදියට බැළුවොත් එය පිනට කා දානය දුන්න එකාටම  දත නියවීමක් බඳුය.ඒ කියන්නේ මෙව්වා සල්ලි ගෙවා හරි හම්බ කරගන්නා උපාධි වන අතර අරෙව්වා පිං තකා ප්‍රදානය කරන උපාධි වන්නේය....

මම තරයේ කියමි..නොමිලේ හෝ වේවා සල්ලී ගෙවා හෝ වේවා  එකෙක් හරි දෙයක් හරියට  උගත්තා නං ඒ උගත් දෙයේ සමාජීය හා ආර්ථික වටිනාකම ඌට ලැබිය යුතුමය.

අනෙක සුපිරිම මොල යනු උපාධිය ලබන උදවිය නොවන බව මම කියමි.ඔවුන්ගෙන් වැඩි හරිය සුපිරිම ගිරව්ය.සුපිරිම මොල ශිෂ්‍යත්වයේදී සා/පෙ දී ඉවතට හලන අධ්‍යාපන ක්‍රමයකි අපට තවමත් උරුමව ඇත්තේ.නිදහසේ හිතන එකා...අළුත් දෙයක් තතන්ට උත්සහකරන එකා එක වරක් ඉන් ෆේල් වෙද්දී ඌට තව අවස්තාවක් නොදී මැට්ටෙකු ලෙස ලේබල් කිරීම අද්‍යාපන ක්‍රමයේ සිරිතයි

ඉගනීම යනු ජීවිත්වීමට  පුහුණු වීම විනා වෙන කිසිවක් නොවේ...ඉගනීමෙන් මිනිසාට වටිනාකමක් එක්විය යුතුය.ඉගනගත් දෙයෙහි නම්බුව ඉගෙනගත් එකාට ලැබිය යුතුය.

නමුත් ඌ අනිත් උන් ඉදිරියේ මාර සුපිරි චරිතයක් රඟයි නං තමං තරං උගත් නැති යැයි සිතන උන්ට මහන්තත්ත කම් පෙන්වමින් සුපර් මෑන්ගේ චරිතය ඇක්ට් කර උන්ට හීන මානයක් ඇති කිරීමට කැසකවයි නම් අනිවා එහෙව්  එකෙක් ලෝකය ඉදිරියේ නිකංම මිස්ට බීන් කෙනෙකු වනු ඇත

මම නැවත නැවතත් තරයේම කියමි.පිනට හො සල්ලි වලට හෝ ඉගෙන ගත් දෙය ඉගෙන ගත්තාමය.එහි  වටිනාකම ද එමමය.එසේමය


29 comments:

  1. අම්මට හුඩු නැන්දට මල පැනලා !

    ReplyDelete
    Replies
    1. හපොයි නෑ.....මේකත් අර කුල ක්‍රමයේ ජාතිවාදයේ අළුත් වර්ෂන් එකක්

      Delete
  2. තවත් කුමක් කියුමට මා හට නොදැනේ
    එහෙත් ලිපියෙ විස්තරයේ හරය දැනේ
    රොඩුත් කියා ඇමතීමත් ගුණ නැහැනේ
    හෙටත් මීට පිළියම් ඇතිදැයි නොදැනේ......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ වචනෙ තමයි මටත් ගොඩක් අවුල්

      Delete
  3. හරිනං අන්තරේ පිකට් කල යුත්තේ“ සයිටමයට ප්‍රමිතියක් හදනු..බාහිර උපාධි වල ගුනාත්මක බව වැඩි කරනු“ යන සටන් පාඨ අතේ දරාගෙන විනා ඒවා “තහනම් කරනු“ කියා නොවේ..////// +++++++

    ReplyDelete
    Replies
    1. අනිවා ඩිප්ලෝමා උපාධි සහතික පත්‍ර පාඨමාලා වල ගුණාත්මක බව සැකසීමට වෙනම පිරිස් ඇත.නොකෙරෙන්නේ එයාලගෙ රාජකාරිය නම් ලංකාවෙ ඉන්න බුද්දිමත් දක්ෂ සමාජය වෙනස්කරන්න උත්සහා කරන රාජ්‍ය විවි සිසුන් ඒ තත්වයක් වෙනස්කිරීමට පෙරමුණ ගත යුතුයි.එවා නැැවැත්වීම නෙවෙයි කල යුත්තෙ ගුනාත්මක කිරීමයි

      Delete
  4. ඕක ගැන වැඩිපුර කතා කරන්න බෑ , මගෙ හිතට දුකයි බන් ,, o/l හොඳටම පස් වෙච්ච මම කොමස් කරල දැන් ආයි ලියන්න ට්‍රයි කරනව.. o/l අනූ නමෙන් ගොඩ ගිය එවුන් ආට් වලින් කැම්පස් තේරිල මට හිනාවෙනව... උන්ගෙ අදහස o/l මිම්මක් නෙවෙයිලු , පාස් වෙන එකා මොන විෂය කලත් පාස් වෙනවලු ,, මම ආට් කරන්න තීරණය කල,, ඒත් ගෙදර කට්ටිය කියපු නිසා ආයි කොමස් වලින්ම ට්‍රයි කරනව...😂🔫

    ReplyDelete
  5. අධ්‍යාපනේ හරි තැනකට ගේන්න මේ කපේක පුලුවන් වෙයි කියල මම හිතන්නෑ

    ReplyDelete
  6. බන් කියල කියවුනාට , මම අදමයි බ්ලොග් එකට ආවෙ 😂😂😂

    ReplyDelete
    Replies
    1. බං කිවට මොකෝ බං.කොමස් කරල චාටඩ් සිමා වගේ දෙයක් කලා නං එකෙන්ම ගොඩ.සල්ලි ටිකක් යනවා.කැම්පස් ගියත් ඒ දෙකෙන් එකක් කරන්න.ඔයාට ලොකු වටිනාකමක් ලැබෙයි

      Delete
  7. අන්තරේ ඉන්න මහා උගතුන්ගෙ උගත්කම T 20 මැච් එක වෙලාවෙ දැක්ක.කරුමෙට ඒ වෙලාවෙ තව රටවල් තුනක එවුන් හිටිය මාත් එක්ක, පොලව පලාගෙන යන්න තරම් ආඩම්බරයක් දැනුනෙ අපේ රටේ සුපිරිම උගත්තු ටික චියර් කරන්න ඇවිත් හිටිය විදිහ දැකල.

    ReplyDelete
    Replies
    1. සුපිරි උගත්තු අනෙත් අයටත් ගරු කල යුතු බව මගේ හැඟම වන අතර අප උපදිධාරීන් වීමට ප්‍රථම මනුශ්‍යෙයා්ය

      Delete
  8. යමක් සුළභ වනවිට එහි අගය අඩුවේ. ඒ නිසා තමුන් සතු වස්තුව දුර්ළභ දෙයක් කොට පවත්වා ගන්නට අදක්ෂයා උත්සාහ කරයි. බාහිර උපාධි දෙනවාට විරුද්ධ, තමුන් කරන රස්සාවට අලුතින් එන්න තියෙන මාර්ග අහුරන, ඒ දෙකම බැරි වුනහම "තොපේ එක පොඩියි අපේ එක ලොකුයි" කියා හිත හදාගන්නා හැම එකාම අදක්ෂයෝය. දක්ෂයාට ගොඩ යන්නට ඔය එකක්වත් ඕනෑ නැත.

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම ගරුත්වයෙන් යුතුව ජීවත් වීමට අවශ්‍යයි මල්ලී...

      Delete
  9. දැඩි වේදනාවකින් ලියල තියෙන බව පේනවා. අන්න ඒකට තමා ජීවිතේ කියන්නෙ.ඉවසන්න වෙනව අපිට බොහෝ තැන්වලදි.හැම තැනකම ඔය සිස්ටම් එක තියෙනවා. ඕක ජාතිවාදෙටත් වඩා භයානක දෙයක්.ඇතැම් මිනිස්සුන්ගෙ වැඩවසම්වාදි රදළ ගතිගුණ තාම ඇරිල නෑ.එහෙම මිනිස්සු ඔය පාසලේ විතරක් නෙමෙයි හැම පාසලකම ඉන්නවා. හැම පාසලකම විතරක් නෙමෙයි සමස්ථ ආයතන පද්දතිය තුළම පුද්ගලික රාජ්‍ය බේදයක් නැතුව ඉන්නව. හැබැයි ඒ ඒ අයට කවදාහරි සිද්ධ වෙන්නෙ ඒ පුහුදුන් පඩත්තර මානසිකත්වය හිතේ තියාගෙනම මැරිල යන්න.
    උගත් පුද්ගලයාට සමාජය ගරු කරනව සැබවි.එහෙත් මතක තියාගතයුතු කරුණක් තමයි ඒ ඔහුගෙන් සමාජයට ඔහුගේ උගත්කමින් වන සේවයට මිසක් ඔහුගේ උගත්කමට නෙමෙයි. විශ්ව විද්‍යාල උපාධියක් අරගෙන ඉස්කෝලෙකට උගනවන්ට ආවාට පමණක් මදි. ඒ පුද්ගලයා සතුව මනා වූ ඉගැන්වීමේ සහජ කුෂලතාවයක් තිබිය යුතුමයි. ඉගැන්වීම පමණක් නෙමෙයි ඒ පුද්ගලයා තුළ ආදර්ශමත්කම තිබිය යුතුයි. මොකද අවවාදයට වඩා ආදර්ශය උතුම්වන නිසා.ඔහු තුළ යහපත් ආචාර ධර්ම පද්දතියක් තිබිය යුතුයි.උගත්කමට පමණක් අද සමාජය ගරු කරන්නෑ.හැම අතින්ම යහපත් වෙන්න ඕනෙ.තමන් විසින්ම ඇති කර ගත් ශීක්ෂනයක් උගත් පුද්ගලයා තුළ තිබිය යුතුයි. ඒකයි එලද බ්‍රා මෙන්ඩ එදා සන්නස්ගල මහත්තයා කියපු කතාවට විරුද්ද වෙන්න ඇත්තෙ. ඒකෙන් කියන්නෙ උගත් පුද්ගලයා තුල හැම අතින්ම සංවර බවක් තිබිය යුතුයි. අනිත් කාරණය තමා පුද්ගලයෙක් හැම අතින්ම දියුණුවක් ලබන විට, උගත්කමින් බුද්ධිමත්කමින් නැණ නුවණින් වගේ හැම දේකින්ම, නිහතමානි පුද්ගලයෙක් වෙන්න ඕනෙ හරියට මනාව වැඩුණු ගහක් උස යන්න යන්න පහතට නැමෙනවා සේ.

    මට විතරක් නෙමෙයි ශිෂ්‍යයන් බොහෝ දෙනෙකුට සිංහල විෂය ඉගැන්වූ සිසිර සර් බාහිර උපාධි ගුරුවරයෙක්. එයා ඉගැන්වූ ශෛලිය,වාග් කෙෘශල්‍ය, විෂය බාහිර දැනුම හා ශිෂ්‍ය තම දේශනයට නතු කර ගැනීම වැනි නොයෙක් තැන්හි ඔහුගේ පරිචය එවකට පාසලේ ඉගැන් වූ වෙනත් අභ්‍යන්තර උපාධී සතු ගුරුවරයෙකු තුළද තිබුණාදැයි මගේ සිහියට නො‍ඒ. ඉතින් කාට නම් කිව හැකිද උගත් පුද්ගලයාට පමණක් සමාජයේ ගෞරවය හිමි විය යුතු යැයි කියා.

    හොදම දේ මෝඩ පුද්ගලයින්ට එසේ කියන්නට සිතන්නට ඉඩ දී කරබා ගැනීමය.

    ReplyDelete
    Replies
    1. හිත ටිකක් රිදුනා...උපාදි පමනක් නොවේ ඩිප්ලොමා සහතික පත්‍ර ඒ හැමදේකින්ම කෙරෙන්නේ මනුස්සයා සවිබල ගන්නන එකයි..මං අහන්නෙ ඇයි ඒකටත් වර්ගවාදයක්

      Delete
  10. කුකුළාගේ අදහසනම් පිනට අද්‍යාපනය ලබා ආණ්ඩුවේ රස්සාව ඉල්ලන උන් රටට ණය අමුම අමු අපතයන් බවය. ඔබගේ මිතුරා ගෙන් අහන්න ඔය ඉහලින් වර්ණනා කරන රජයේ කැම්පස් වර්ගකිරීමේ ලිස්ට් එකේ කීවෙනි තැනද තියෙන්නේ කියා...

    ReplyDelete
    Replies
    1. Machan uba 1-13 wenakan egena gaththae salli delada ???
      Uba kade yana SAITM eka Asiyawae rank eka 3600 tath eha kiyala uba dannawada ???
      Laksha 120 k dunnama upadiyai job ekai exam nathuwa dunnata kamak nadda ???

      Delete
    2. ඒක තමයි මම කීවේ ඒවා ප්‍රමිති ගත කරන්න කියල පිකට් එකක් කරන්න බැරිද අන්තරේට.ඒකනේ වෙන්න ඕන දේ.

      Delete
  11. //අනෙක මුදල් ගෙවා ඉගෙන ගන්න උන් ඉගෙන ගන්නේ තමන්ගේම මුදල් වියදම් කරගෙනය.

    ඔවුන් ඉගෙන ඇත්තේ මුදල් ගෙවා ඉගන ගන්නවුන් ඇතුළු අනෙත් උන් ගෙවන බඳු මුදල් වියදං කරගෙනය.ඒ විදියට බැළුවොත් එය පිනට කා දානය දුන්න එකාටම දත නියවීමක් බඳුය.ඒ කියන්නේ මෙව්වා සල්ලි ගෙවා හරි හම්බ කරගන්නා උපාධි වන අතර අරෙව්වා පිං තකා ප්‍රදානය කරන උපාධි වන්නේය....///
    Let's give government jobs for SAITM students with out any exam. Because they have spend 12 millions.
    That's what your point is. Right ?
    Don't be that much ANGRY with government UV students. They took BETTER marks than you. Don't be jealous with them.

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඒක මං හිතන්නෙ ඊ්ර්ෂ්‍යව පදනම් කරගෙන කියපු දෙයක් නෙමෙයි.අනිත් එක ඔබ මොන නිර්ණායක පදනම් කරගෙනද කියන්නෙ ව්ශ්ව විද්‍යාල උපාධිධරයෙක් ගන්නා ලකුණු ප්‍රමාණය බාහිර උපාධියක් ගත් පුද්ගලයෙකුට වඩා වැඩියි කියල. නමුත් ඔබේ පළමු වාක්‍ය කොටස් දෙක තුලින් ගම්‍යමාන වෙන්නේ මැයද අඩු සංයමයකින් යුතුව ලිපිය ලියා ඇති බවක්.නමුත් ඔබත් සමග සියයට සියයක් එකග විය නොහැකියි.මොකද ඒ මගේ මතයය වන බැවිණි....ජය වේවා

      Delete
    2. අැනෝ...මම කීව දේ තේරුම් අරං නෑ.සයිටමය ඔය තියන විදියටම පිලිගැනීම නෙමෙයි කල යුත්තෙ ඒක ගුනාත්මක කිරීමයි

      රටේ හැමදේටම හොට දාන ඔයි අති දක්ෂ උදවිය ඇයි ඒක නවත්තන්න කියල උද්ගොෂනය කරන්නෙ.එයාලට පුළුවන්නෙ ඒකෙ නියමිත ගුණාත්මක බව ඇති කරන්න කියල පිකට් කරන්න...එතකොට රෝගී ජීවිත අනතුරෙත් නෑ...පුරප්පාඩු ඇති රෝහල් වලට වෛද්‍යවරු බඳවගන්නත් පුළුවන්නෙ...

      ඇයි එහෙම නොකරන්නෙ..ඇයි තහනම් කරන්නම කියන්නෙ

      මට ඉරිසියාවක් නැත.
      මුදලට උපාධි දිය යුතු නැත.මුදල් ගෙවා ඉගෙන ගත්තත් සුදුසු ප්‍රවීනතාවය නැත්තං උපාධිය ලබා දිය යුතු නැත.
      එහි යම් අසාධාරණයක් දුප්පතුන්ට සිදු විය හැකි නමුත් රටක් හැටියට ශ්‍රමබලකාය ඒ ආකාරයට හෝ ගුණාත්මක කිරීම ඔවුන් අතහැර දැමීමට වඩා වැදගත් නැද්ද?
      මෙය මගේ ලකුණු පිලිබඳ ප්‍රශ්නයක් නොවේ..සාමාන්‍යෙපලට මට වඩා බොහෝ අඩු ප්‍රතිඵල තිබූ උදවිය ආර්ට් කර කැම්පස් ගියහ...
      එතකොට මං වෙනත් විසය ධාරාවකින් උ/පෙ අඩු ලකුණු ගනිද්දී අප දෙපිරිසේ සා/පෙ ප්‍රතිපල තුට්ටුවකටවත් ගනන් ගත නොහැකිද
      නිදහස් අධ්‍යාපනයට වඩා හැමට අධ්‍යාපනය සංකල්පය වටින බව මම අදහමි.

      Delete
  12. අන්න ඒ අයට කියනවා කුහකයො කියලා.
    දැන් බලන්න OL කාලෙට හොදම බ්‍රයිට් කේස් හැලිලා
    AL වලට සිතියමේවත් හිටියෙ නැති වුන් කැම්පස් යන්නෙ නැද්ද. ඒ අවුරුද්ද දෙක හරියට කරපු එකා ගොඩ යනවා එච්චරයි.

    මගේ පෞද්ගලික හැගීම තමයි අපේ වගේ බහුතර දුප්පතුන් සිටින රටකට මුදල් පදනම අසාධාරණයි කියන හැගීම(හැබැයි ඒ කියන්නෙ නිකන් දියව් කියන එක නෙවෙයි. සාධාරණ විදියකට දියව් කියන එක)

    ReplyDelete
    Replies
    1. එකඟයි රොමා ..ඒත් ඒ සාධාරණ ක්‍රෙම් ඇතුලෙත් අසාධාරණ කම් වෙන්න පුළුවන්..කිරිසුදු ලෝකයක් මේ පෘතග්ජනයො අතරින් හැදෙන්නෑ...හැමොටම සාධාරණ කරන්න බැරි නං බහුතරයකට සාධාරණයක් කරන්න ඕන.

      Delete
  13. පුද්ගලයින් අතර විවිධ මත පැවැතීම හොඳය. ඒත් අන් බොහෝ දේවල් වගේ ඔපීනියන් කියන මත ද සාපේක්ෂයි.

    උදාහරණයක් හැටියට 80 දශකයේ මුලදී ලාංකීය ඉහළ අධ්‍යාපන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ පරිගණක තාක්ෂණය ගනිමු. (ඒ වෙද්දි පේරාදෙණිය සරසවියේ කොම්පියුටරයක් තිබූ බව දැන සිටියෙමි). අතලොස්සක් පුද්ගලික ආයතන කොම්පියුටර් කොස් පටන් ගනිද්දි NIBM පුරෝගාමියෙකු විය. පසුකාලීනව කොළඹ සරසවියේ ද පාඨමාලාවක් පටන් ගැනිනි. රජයේ ආයතන වන මෙ දෙතැනම මුදල් අයකරමින් මෙම කෝස් කරගෙන ගියේ. විශේෂයෙන්ම NIBM එකෙන් පිට වූ උදවිය දේශීයව මෙන්ම පිට රටවලද ඉහළ පිළිගැනීමක් ඇති වෘත්තීකයින් වශයෙන් බැබලුනා. වසර 1998-2000 කාලයේ මුහුණ පෑමට වූ ‍Y2K හා බැඳි ප්‍රොජෙක්ට් වල, විශේෂයෙන් බැංකුවල බාවිතා කර මහා පරිමාණ කොම්පියුටර් සිස්ටම් වල ප්‍රමුඛයෝ වූයේ මොවුන්. අද ද ජාත්‍යන්තර බැංකුවල ඔවුනට ඒ තැන තියෙනවා. එදා මුදල් ගෙවා ඉගෙනගත් මොවුන් හැමදෙනාම හෝ බහුතරය ලාංකීය නිදහස් අධ්‍යාපනයේ විශ්ව විද්‍යාල වරම අහිමු වූ උදවිය, මව්බිමට විදෙස් මුදල් කන්දරාවක් ගෙනෙන උදවිය. සීමිත සම්පත් මැද්දේ ඔවුනට තම රුචිය, හැකියාව දියුණු කරගන්න මාර්ගයක් තිබුණ නිසා තැනකට එන්න පුළුවන් වූ අය. අද තත්වය වෙනස්, රජයේ වි.වි. වල මෙන්ම පුද්ගලික වි.වි. වලද ඕනතරම් පරිගණක උපාධි ප්‍රධානය කෙරේ, එය ගැන විමසීමක් මින් අදහස් නොකෙරේ.

    ReplyDelete
    Replies
    1. අනිවා ..කොහෙන් කොහොම උගත්තත් ඒ උගත්දෙයෙහි සාමාජීය ආර්ථික වටිනාකම ඌට ලැබිය යුතුමය.
      ඒක නොමිලේ ඉගෙන ගත්තද සල්ලි දීල ඉගෙන ගත්තද කියන එකට වඩා ඉගෙන ගත්තේ මොකක්ද ..ඒකෙන් සමාජයට දෙන්න පුළුවන් යහපත් දේ මොකක්ද කියන එක වැදගත් නැද්ද

      Delete
  14. ඔබ මතු කරන අදහස හරිම කාලෝචිත හා බරපතල සමාජ අර්බුදයක විමසුමක්.
    ලංකාවේ වසරකට විශ්ව විද්‍යාල වලට ඇතුලු වන 25000 හැරුනු කල අඩුම ගනනේ එක් ලක්ෂ පණස් දහසක් දෙනා විශ්ව විද්‍යාල වරම් අහිමි වුවත් ඊට සුදුසු කම් ලද්දන්. මේ පිරිස ගැන දැඩි අවතක්සේරුවකින් තමයි රාජ්ය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබන්නන් බහුතරය කථා කරන්නේ. ඒත් ඔබ කියන පරිදිම ඒක ඇත්ත නෙවෙයි ඒ උන්ගේ හීන මානය නිසා, විවෘත්ත සමාජයේ අභියෝග වලට මුහුණ දෙන්නටැ අති බය නිසා ගොතන විප්‍රකාර. උන් දන්නවා සමාජයේදී උසස් පෙලින් නැවතුනු බොහෝ දෙනෙකු උන්ට වඩා ඉහලට ගමන් කර ඇති බව.

    මා උදාහරණ කිහිපයක් දක්වන්නම්
    1990 දී පමණ මා වැඩ කල ආයතනයට සම්බන්ධ වූවා යාපනයේ දමිල තරුණයෙකු. ඔහු වාණිජ විශයයන් හදාරා විශ්ව විද්‍යාල වරම් නොලද්දෙකු. ඉතා දක්ශයෙකු වූ ඔහු රැකියාව කරමින් CඓMඇ විභාගයට පෙනී සිටියා. අවසන් විභාගයෙන් ඔහු ලෝකයෙන්ම පළමු වැනියාව සමත් වුනා. ඔබගේ මිතුරියට අනුව ඔහුත් අර කී වර්ගයේ "රොඩ්ඩක්"

    මගේ එකම පන්තියේ උගත් මිතුරෙකු පළමු වරම උසස් පෙළට පෙනී සිටීමෙන් පසු රජයේ විශ්ව විද්‍යාලයට පිවිසීමේ වරම් අහිමි වීම නිසා බල්ගේරියාවේ විශ්ව විද්‍යාලයකට ඇතුලුව වෛද්‍ය විද්‍යාව හදාරා වෛද්‍යවරයෙකුව ලංකාවට ආවා. නැවතත් වසර කිහිපයක් විදෙස් රටලය සේවය කිරීමෙන් පසු ලංකාවට පැමිණි ඔහු කොළඹ වෛද්‍ය පීඨයේ ආචාර්‍ය වරයෙකු ලෙස සේවය කලා. ඔහුම මා හා කී පරිදි, ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගැනීමට නුසුදුස්සෙකු වූ ඔහු ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගැන්වීමට සුදුස්සෙකු වී තිබුනා ඔහුත් අර කී වර්ගයේ "රොඩ්ඩක්"

    තවත් මෙවැනි උදාහරණ ඕනෑ තරම් දිය හැකියි.
    උන්ගේ හීන මානයට සත්‍යය සැමදා සැඟවිය නොහැකියි.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා නයනේ..එයාල අති මානයෙන් හිටියට මට අවුල් නෑ..ඒත් අනිත් අයගෙ අනන්‍යතා වලට ගරු කරන්න ඉගෙනගත්තොත් හොඳයි..
      හොඳයි පාර අතුගාන කෙනා පහත් කියල නොසලකා ඇරිය කියමු..ඒත් එයා එයාගෙ රාජකාරිය නොකලනං ඔය ලොකු පුටු වල ඉන්න කාටවත් නහය තියාගෙන තමන්ගෙ රාජකාරි කරන්න පුළුවන්ද

      හැමෝගෙම රාජකාරි සුවිශේෂයි..සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍යයි.අපි කොහොමද ඒක උස් පහත් කියල වර්ගීකරණය කරන්නෙ...

      Delete