Saturday, April 15, 2017

මං මිණි මරුවෙක්, නෑ ...නෑ අසාධාරණයට ලක්වෙච්ච අහිංසකයෙක් - හෘද සාක්ෂියේ හඞ

මම මිනී මරුවෙක්මි.

මට සමා වන්න..

මම ගිණි මද්දහනේ මං මාවත්  දිගේ ඇවිද යන කොට අයිස්පලමක් ලෙව කන්ඩ ලැබුනොත් මට ඒක එවෙලෙට දැනුනෙ අමෘත්තයක් වගේ...

ඒකෙ කොලේ මං මහ පාරෙ දැම්මෙ බෑක්කෙකට දැම්මොත් මාස ගානක් ඒක ඇතුලෙම රැඳිල තියන නිසා..ඊට වඩා ලේසියි එතැනම  විසි කරල දාන එක.බස්සෙකේදි කාපු රටකජු පොතු ,ටිපිටිප් බෑග් එහෙම එතනම දැම්මෙ  එව්ව ගෙදර ගෙනල්ල පුච්චන්න තිබුන කම්මැලි කමට.

 අද විසි කල යුතු දේ අදම විසි කරන්නයි පොතේ තියෙන්නෙ..

ඒකයි මං එහෙම කලේ.ඒත් මෙච්චර අපරාධයක් වෙයි කියල මං හීනෙන් වත් හිතුවෙ නෑ..

ඒක හංද අද පංසීයකට වැඩි පිරිසකට ගෙවල් දොරවල් අහිමි වෙලා

 .එකොලහකට විතර ජීවිතේ අහිමි වෙලා..

අනේ දෙවියනේ මට සමා වෙන්න

ජන්දෙදි තට්ටුමාරු ක්‍රමයට තාප්ප දිගේ ඇලවෙන පෝස්ටර් දිහා බලං උන්නෙ විනෝදෙන්.එයාලගෙ එක එක පණ්ඩිත පාඨ ඉස්පිලි පාපිලි එකතු කොරල අඩු කොරල විකුර්ති කරල යාළුවොක් එක්ක මං විනොද වුන තරං කියල නිම කරන්ඩ බෑ..

එව්ව කොහොම වුනත් වැඩි පුරම හීන පෙන්නපු එවුන් ට මං අකමැතියි කියල ඡන්ද පොලට ගිහින් වැරැද්දක් දාන්නත් මං අමතක කලේ නෑ.
.
මං හිතුව උන් පෙන්නපු හීන අපේ ඇස් පනා පිට හැබෑ වෙයි කියල.මිහිපිට සුවර්ගෙ මැවෙන දවසට ඇහැ අරින්නං කියල හොර නිංදක මං උන්නෙ..

ඒත් මං ඇහැරෙන කොට මං මිනී මරුවෙක් වෙලා..

මට පොරොංදු දුන්න උන් එක එකාට බෝලෙ පාස් කරනව...

 ඒත් උන් එකෙකුටවත් බැරි වෙලා කුණු කන්දක් විනාස කරල දාන්ඩ.
කුණුකන්ද අපේම උන් විනාස කරල දානකල්

 මං උන්ව විස්වාස කරල වැරදි දැම්මට මට මෙහෙම වෙලා මදි ...

මාව මිනී මරුවෙක් කරල මදි
-------------------------------------
නෑ..නෑ... මං වැරදි නෑ.

.මං මිනී මරුවෙකුත් නෙමෙයි...

මං සමාව ඉල්ලන්නෙත් නෑ

මං වැරදි අවබෝදෙක හිටපු මන්දබුද්ධිකයෙක්..

දැනුයි මගේ මොලේ පෑදුනේ...

මං සීනි බෝල කතා වලට රැවටුන අහිංසක පුංචි ළමයෙක්..

එයාල කියපු සුරංගනා කතා විස්වාස කරල ගමරාල වගේ අලියගෙ නැට්ටෙ එල්ලිලා දිවිය ලෝකෙ යන්ඩ බලං උන්න.

ඒත් අලියෙක් තියා කූඹියෙක්වත් මං ගාවට ආවෙ නෑ..වරෙං මගෙ නැට්ටෙ එල්ලිලා  දිවිය ලෝකෙ යන්ඩ කියල.

.ඉතිං ඒකට මං වැරදිද??

මමයි මෙතන අසධාරණයට ලක් වෙච්ච කෙනා.
.
ඇයි ඔයාල කුණු කන්ද යට හිටියෙ.ව

ර්ග මීටර් හැට පන්දාස් ගානක වර්ග පලයක් තියන අම්මට සිරි ලංකාවෙ වෙන තැනකට ගියේ නැත්තෙ..

ඔයාලට සියදිවි නසා ගන්න නේද උවමනා වුනේ.

.ඒක නීතියට පටහැනියි..ධර්මයටත් පටහැනියි...

බලධාරීනි මී තොට මුල්ල කුණු කන්ද යටට රිංගා සිය දිවි නා ගත් උන් හා ඊට උත්සහා දරා හොස්පිටිතාලයේ ලගින උන් වහා අත් අඩංගුවට ගනු...


(මී තොට මුල්ල කුණු කන්දෙන් හිරිහැරයට පත් උදවිය වෙනුවෙන් මගේ හදවතේ ගැඹුරිංම උපන් ශෝකය ප්‍රකාශ කරමි..උඹලාගේ කඳුලේ අළුත් අවුරුද්දු ප්‍රිතිය දියවී ගියේය..දැන් වත් අදාල බලධාරීන්ගේ ඇස් ඇරේවා!!අපේ කුණු අපිම විනාශ කරමු.එවිට අනුන් අපේ කුණු වලින් පීඩාවට පත්වෙනු නැත)



16 comments:

  1. හැමදාම උනේ මුලාව ඒ ගැන නම් විවාදයක් නැහැ. ඒක එදා වගේම හෙටත් වෙනසක් නොවන දෙයක් - අවාසනාවට. පසුගිය කාලේ මේ කුණු කන්ද පිටරටකට විකුනන කතාව, ඊට විරුද්ධ වූ පලාත් සබාවේ ලොක්කා හා මෙගා පොලිෂ්කාරයාගේ කඹ ඇදිල්ල වුන දෙයක් නැහැ. අන්තිමේ දී කවුරු හෝ අසරණයෝ වන්දිගෙවන්නේ.

    මාස කිහිපයකට උඩ දි //කසළින් තොර දකුණු පුරවරයක්// කියලා ලීෆ්ලට් ගහගෙන හිටු කියලා දකුණේ පලාත් පාලන ආයතන වැඩපිළිවෙළක් පටන් ගත්තා. මේ අවුරුදු සමයේ ගාල්ල නගරබද හැම පාරකම කුණු ගොඩවල් -- කුණු දාන්න තැනක් නැතිලු!

    ගාල්ල - කොළඹ පාරේ මහමෝදර පාලමින් ගොඩබිම පැත්තේ ලොකු කුණු සානුවක් දකින්න පුළුවන්.

    නාය ගියේ එකකි!

    ReplyDelete
    Replies
    1. නාය ගියේ එකකි!
      නාය යන්නට තව බොහෝ කුණු කඳු ඇත?????

      Delete
  2. මං මිණි මරුවෙක් නෑ ...නෑ

    පලවෙනි නෑ එකට කලින් තිත් ටිකක් තියන්ටෝ නැත්තං කියවනකොට

    මූව මරන්ට,එපා ගේන්ට
    මූව මරන්ට එපා , ගේන්ට

    වාගේ පේනවෝ

    ReplyDelete
    Replies
    1. තැන්කුයි අයියෙ ඔන්න හැදුව..

      Delete
  3. මාත් මිනීමරුවෙක්.. කවදාවත් සමාවක් නම් ලැබෙන එකක් නෑ..

    ReplyDelete
    Replies
    1. මටත් .....අපි හැමෝටමත්

      Delete
  4. අපි ඔක්කොම මිනිමරුවෝ තමයි.ඒ කුනු දාපු නිසාම නෙමෙයි. මිනිස්සු දෙසියගානක් තෝරගන්න බැරුව හැමදාම හරක් රැලක් චන්දේ දීලා මහතැනට යවන නිසා

    ReplyDelete
    Replies
    1. අනිවා කසුටු......ඉන්න හයිබ්‍රඩ්ම හරක් ටික ඒකට යවනවා....උන් උම්බෑ කියනකොට අපි සාධු කාර දිදී ඉන්නව..එච්චර තමයි..ඔයි කුණු සේරම ගෙනිහිං දියවන්නාව මැදට හැළුව නං ඉවරයි...මේ කුණුයි ඒ කුණුයි අතර මහ වෙනසක් නෑනෙ

      Delete
  5. .උඹලාගේ කඳුලේ අළුත් අවුරුද්දු ප්‍රිතිය දියවී ගියේය....නැන්දට හොන්දටම දුක හිතිලා

    ReplyDelete
    Replies
    1. ඔවුවොව්

      කවුද අප්පේ මේ ටිකිරි පුතා

      Delete
  6. මේ කථා පැත්තක තියල 'හෙල්පිං මීතොටමුල්ල' කියල අක්කගෙ නමින් අකවුන්ට් එකක් දාගෙන කීයක් හරි හොයාගනිමු. ඔය මැරිච්ච ගෙවල් කැඩිච්ච වුන්ට හෙන ගැහුවත් මොකද?

    ReplyDelete
    Replies
    1. අප්පද බොල ඉයන්..අපේ ගෙයි ඉතුරු ටික හදාගන්ඩවත් බැරුවයැ..මීතොට මුල්ලෙ ගෙවල් උන්දෙලා හදා ගන්නැතෑ

      හෙල්පිං මීතොට මුල්ල ...$$$$$ බැංකුවේ $$$$$$$$$$$ ගිණුමට ඔබේ ආධාර බැරකරන්න

      Delete
  7. වත්සලා බොහොම නිර්මාණශීලියි. මේ සිද්දිය ගැන නම් මුකුත් කියන්න යන්නේ නැහැ. මිනිස්සු දිගටම උද්ඝෝෂණ කළත් පත්කළ හැම ආණ්ඩුවක්ම හරියට කලෙත් නැහැ. ඒ ආණ්ඩු පත් කලෙත් මේ ජනතාව මිස වෙන කවුරුත් නොවේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියෙ

      වැඩේ කියන්නෙ ඕකෙ බූමි දෝසයක් වත් ඇති...හොඳට එක වුනුත් රට හරක් වෙනව ඇති..නැත්තං පුර වැසියො රට හරක් වෙන්ඩ ඇති..225කින් එකෙක්වත් හොඳ එකෙක් යවාගන්ඩ බැරි

      Delete
  8. ///බස්සෙකේදි කාපු රටකජු පොතු ,ටිපිටිප් බෑග් එහෙම එතනම දැම්මෙ එව්ව ගෙදර ගෙනල්ල පුච්චන්න තිබුන කම්මැලි කමට.///

    ලංකාවේ මිනිස්සු තුළ කුණු ගැන තියෙන ටිපිකල් මෝඩ අදහස් කීපයක් තමයි මේ...
    පොලිතින් වර්ග පරිසරයට මුදා හැරීම අවම කරන්න ඔවුන් ඒවා ගිනි තියනවා, එතනින්
    සිද්ධ වෙන දැඩි වායු දුෂණය ගැන ඔවුන්ට අවුලක් නැහැ...
    මොකද දැන් පොලිතින් කොළේ පේන්න නැහැනේ...
    ඉබේ දිරා ගිහින් පරිසරයට පොහොරක් වෙන්න අරින්න පුළුවන් දේවල් ගිනි තියන එකත් හෙණ ගහන අපරාධයක්...

    ///අපේ කුණු අපිම විනාශ කරමු.එවිට අනුන් අපේ කුණු වලින් පීඩාවට පත්වෙනු නැත///
    කුණු විනාශ කරනවා කියන්නේ ඊටත් වඩා පරිසර දුෂණයක් සහ හානියක්. කරන්න ඕනේ කුණු නිපදවීම අවම කරගෙන නොවැලැක්විය හැකි හේතු නිසා ඇතිවෙන කුණු නියමිත අයුරින් කළමනාකරණය කිරීමයි...

    ගෙවල් වල කුණු ගිනි තියන එකට දඬුවම් දෙන ක්‍රමයක් හදන්න පුළුවන්නම් ඊටත් වඩා හොඳයි...

    හැබැයි, අඩු ගානේ ලිපක් පත්තු කරන්න හරි පොලිතින් ටිකක් පුච්චන අපේ කාන්තා පාර්ශවය එතනින් කවද එළියට එයිද කියල හිතා ගන්නවත් බැහැ...

    ReplyDelete
    Replies
    1. එකඟයි ලොකූ..ඒත් මාත් ඇතුළු බහුතරයක් කරන්නෙ ඕකම තමයි..පොලිතින් භාවිතය අවම කරනව කියල ඉතිං මං ටිපිටිප් කොලෙත් කන්නයැයි...ඕක දිරන මොකක් හරි එකක ඔතල එවන්න පුළුවන් නං ඕං ගොඩ

      Delete