Saturday, April 15, 2017

ඇන්ටි - අවුරුදු


මේසයක් උඩ පුටුවක් තබා හදපු පුංචි එවරස්ට් කන්ද ජීවිතාරක්ෂක කට්ටල නැතිවම තරනය කර දැකුළුමල් නෙලාපු,
රෙදි කෑල්ලක් නාහෙ බැඳ කටින් හුස්ම ගනිමින් අවුරුද්දක දූලි එක්කරාපු,
කැවුම් බදින ගමන් තාච්චිය ඉස්සරහට වී කැවුම් වලට වඩා මාව බැද ගත්තු
, කොකිස් අච්චුවෙන් ගැලවෙන් නැති කොට ඉරට්ටෙන් අනින කල යකා නැගපු,

                                                                අමුතු උත්සවයකි අවුරුද්ද



උදේ පාන්දර කිරිබත් කන්දක් කලින් කා දවසම නිදි කිරාපු,
පිච්චෙන හැම රතිඥ්ඥ කරලටම උඩ ගොස් බිම වැටී උණ ගැනුන බල්ලට සාත්තු සප්පායම් කොරාපු,
ටී වී කියවෙන අවුරුදු පඞි කතා අජීර්ණව වැසිකිලියේ ලැගපු,
හදපු කමට කැවුම් ගිල බර ගැන විස්කෝප වෙච්ච



                                        අමුතු විශ්ම ලන්තයකි අවුරුද්ද



 ටෙක්ස්ටයිල් සිටි වල ඇවිද හිත පුරවං සේල් වලින් ගත් රෙදි වලින් බෑගය පුරවාපු,
කලින් හම්බුන අප්‍රෙල් පඩියත් ඉවර කර ඉතිරි මාස බාගේ ගැන හිතමින් නිදි වරාපු
                                                          ලබන මැයි වෙන කං පණ ගැට ගහගන්න දුෂ්කර ක්‍රියා ප්ලෑන් කොරාපු
                                                            කැඳ බේරා ගැනීමට ගොස් රැවුල කපා දමාපු

                                       මහා තොවිලයකි අවුරුද්ද


රතට රතේ එරබදු ඇහැට දකින්නට නැති,
පැණිපි රී එල්ලෙන පලතුරු කඩා කටට දාගන්ට වෙලාවක් නැති,
අවුරුදු උත්සව සද්දෙට පොතක් පතක් වත් කියවගනු බැරි...
මියුෂිකල් ෂෝ වල සද්දෙන් රෑටත් නිදාගනු

බැරි මහා කරදරයකි අවුරුද්ද


රට බීම සමඟ පාර දිගේ ගලන කුණු හරුප කෙලවරක් නැති,
ටවුමේ සේල් වන අවුරුද්ද ගෙදරට ගන්න වත්කමකුත් නැති,
හවසට කඩන් පයින වහින මුරුගසන් වරුසාවට මුවා වෙන්ට ගෙයත් ඉඩ මදි
හෙන එන නෑයින්ට සලකන්නෙ කෝමද හිතේ සාමයක් නැති


                                                මහා වදයකි අවුරුද්ද

අනේ නේනවානං ලබන අවුරුද්දෙවත් අවුරුදු

7 comments:

  1. ඒ වුනාට ලබන පාරත් අවුරුදු එනවනෙ. එතකොට ලබන පාරත් ඔය විදිහටම බැන බැන ඔය ටිකම කරන්වනෙ

    ReplyDelete
  2. ඒ වුනාට ලබන පාරත් අවුරුදු එනවනෙ. එතකොට ලබන පාරත් ඔය විදිහටම බැන බැන ඔය ටිකම කරන්වනෙ

    ReplyDelete
    Replies
    1. බඩු හරි. බොට කම්මලේ ලෙඩේ හැදිල අවුරුද්දට. හැම තැනම දෙක දෙක හල හල යන්නෙ.

      Delete
  3. අනිවා අනිවා..අනේ හපොයි

    ReplyDelete
  4. ආපස්සට හැරිල බැලුවත් ඊළග අවුරුද්ද කල්පනා කරල බැලුවත් ඔච්චරම තමා.
    බයිනව ඒත් බැන බැන ඒකම කරනව
    කාට කියන්නද නේ
    හෙහෙ

    ReplyDelete
  5. දවසින් දවස කලකිරෙන අමුතු අමුත්තෙකි අවුරුද්ද..

    ReplyDelete
  6. ඉස්සර අමුතු වෙසක් කිවුවට දැං ඒක කියන්න වෙන්නෙ අවුරුද්දට ද

    ReplyDelete