Monday, June 6, 2016

සාලාව කොස්ගම භීෂණය-ජීවිතය උදෙසා ගමක් සමඟ දිව්වෙමි


අද ඉරිදායි.මගේ නිවාඩු දවස් දෙකින් එකක්.ඊයේ දවස බේත් ගෙනෙන්නට යාමෙන් වියදම් විය.මා රස්සාවට ගොස් හෙමබත්ව පැමිනෙන හැමදාම කුස්සියේ හැලි වලං සමඟ ඔට්ටු වන නෑනාට වේලක විවේකයක් දීමට සිතා රෑ ආහාර පිසීමේ වැඩ මුරය මම බාර ගතිමි.

අපේ ගෙදර කඩා දමා නැවත හදමින් පවතින බැවින් අපේ පවුලේ හතර දෙනාටත් ආහාර පිසුවේ මීටර් 02ක් පමණ පහලින් ඉදිකර තිබූ ඔවුන්ගේ ගෙදරය.
මම කුස්සියේ සිටියෙමි.වෑංජන ලිපේ තිබ්බා පමනි.කරන්ට් එක ගියේය.

හුටා....මං කීවෙමි..බත් එක රයිස් කුකර් එකේ ගහල හමාරයි.දැන් පිඹපන්කෝ ලිපට ** ඉරාගෙන...
10 දෙනෙකුට සෑහෙන්න තරම් බත් මුට්ටියක් ලිපේ ඉදවීම ඇඞෙන වැඩකි.


ඩෝං...
යකෝ වහින්නෙවත් නැතුව හෙන ගහනවනේ...
ඩෝං....ගල්බෝරද???
ඩෝං ඩෝං ඩෝං........ඩෝං ඩෝං...ඩෝං... යකාගෙ හෙන ගැහිල්ලක්නේ..

මං කෝකටත් කියා මිදුල පැත්තට හොස්ස පෙව්වෙමි..මස්සිනාත් අක්කාත් බාසුත්...අහස දිහා බලාගෙන කට උඩට හරවගෙන

ඩෝං ඩෝං ඩෝං........

සාලාව කෑම්ප්පෙකේ ගින්නක්ලු...ආයුද ගබඩාවකලු


ඔත්තුව ලැබිනි.මස්සිනා කෑම්ප්පෙකේ  ඉඳන් ගෙදරට දුර කොච්චර දැයි ගණනය කිරීමට පටන් ගත්තේය.

ඒ අතර කරන්ට්ටෙක ආ නිසා මං රයිස් කුකර් එක ගැසීමට ගියෙමි.

ආපසු එන විට මස්සිනා ඕපා දූප බලං එන්ට පාරට ගොස්ය.බාසු හඞමින් සිටී
මේ මොකද?

“ඩෝං ඩෝං ඩෝං........“
ඒ නම් පෙරට වඩා සද්දයෙන්

මේ මොකද බාසුට්ටෝ...

“අනේ පුංචි මෙහෙට බෝම්ම ආවොත් ටෙඩියයි පෙත්තයි මැරෙයිද?ඊඊඊඊඊඊඊඊඊඊ

අපූරු කොළු පැංචා....තමනුත් මැරෙයි කියන එක අමතක කරපු අපූරුව ..

සාලාවෙ මිනිස්සු වගයක් පයිංම ඇවිත් පහල කඩේ ගාව ඉන්නවළු...පාරේ ගමන් ගත් අයෙක් වාර්තාව දුන්නේ නිවි සැනසිල්ලේය

පවු අනේ ...මොන ගිංදරකද ඉන්නව ඇත්තෙ...අපි එකඟ වීමු

බත් එක ඉදෙන්ට හැර පරණ බත් පිඟානක් බෙදා ගත් මං ගෙදර ආවේ දෝණීට කන්ට දීමටය..

දෝණී -අපේ බල්ලා...හරියටම කිවහොත් බැල්ලී(වසර හතරක අරගල නිම විය...අවසානයේ මට මගේම බල්ලෙකු හිමි විය)

බයික් පෝලිමක් හෝන් ගහගෙන පාරේ යයි

.යකෝ මුං සේරගෙම හෝන් හිරවෙලාද???....සුද්දා පාරට පැන්නේය...

ඒ වේගයෙන්ම ගෙට දිව්වේය..“කෝ මට ටී ෂර්ට් එකක්....බල්ලව ගන්න ..දං වැල දාන්න...අම්මලා කෝ...
මේ මොකදැයි... මම එලියට ආමි
ඩෝං ඩෝං ඩෝං........“
හිටං ඉන් නැතුව ලෑස්ති වෙනව...මිනිස්සුන්ට අයින් වෙන්න කියලා...දුවමු කන්දට...

ඔහු බල්ලා කිහිලි ගන්නා ගත්තේය.මම දංවැල දැම්මෙමි...පූසා ආ ගිය අතක් නැත..ඔවුන්ද පවුලේ සාමාජිකයෝය..මරනය සඳහා අත හැර දමා යා නොහැක

අයියේ පූසා නෑ..

ඌ හොය හොයා ඉන්ඩ බෑ යමු යමු...

නැන්දම්මාත් මාමාණ්ඩියත් නැත.

මා පාර අද්දර හිට්ටවූ ඔහු “අයියලාට කියලා එන්නම් යැයි කියා පහලට දිව්වේය..

ඒ වෙලාවේ ත්‍රිවිල් එකක් අරං ආ සුදු පුතා..නගින්න නැන්දේ කී විට මම නැග්ගෙමි....මොහොතකින් සුද්දාද දුව ගෙන ඇවිත් මං ළගින් ඉඳ ගනු ඇත
.
ඩෝං ඩෝං ඩෝං........“

හැමෝම තිරසාර ලෙස හැකි උපරිම වේගයෙන් ඉදිරියට ඇදෙති

මස්සිනා ෂර්ට් එකක්වත් නැතිව ඇවිත් රියදුරු අසුනේ වාඩි වුනේ බාසුත් කෙල්ලත් ඇදගෙනමය.නෑනා ටෙඩියා හරහට වඩාගෙනය...

බාසුගේ ඇස් වලින් කඳුළු බේරෙන්නේ ගිරවා ගැනීමට වෙලාවක් නැති වූ නිසාය

තවත් කවුද කවුදෝ තද බද වෙවී රිංගුවේය...10ක් පමණ තෙසක්රිය ඇතුලේය.

සුද්දාට තබා සුදුපුතාටවත් එහි ඉඩක් නැත

ආ...නැග්ගද?ඔහොම යං ..අපි එන්නං.... රිය ඉගිල්නි ..සුද්දා මඟය.
.
මගේ සැමියා මග දමා බළු මොටෙක් ආරක්සා කර ගන්ඩ මං ගමනේය....මා බැස්ස හොත් පයිං යන සුද්දාගේ ගමන් වේගය  හති අරින මා නිසා අඩු වීම අනතුරු දායකය.ඔහු රැක දෙන මෙන් මතක් වූ සියළු දෙවියන්ගෙන්ම ඉල්ලීමි.ඔහු මට කෙතරම් වටිනා වස්තුවක්ද,ඔහුගෙන් දුරස් වීම කෙතරම් වේදනාවක්දැයි මට මුල් වරට හැඟී ගියේ මෙහිදීය..
.පාර පුරා මිනිස්සුය..කෙතරම් හෝන් ගැහුවත් අයින්ද නොවේ

වාහන එන බවට ඔවුන් සංවේදී නැත. ඉදිරියට...වඩ වඩා ඉදිරියට...ඔවුන්ගේ එකම සිතිවිල්ල එය වන්නට ඇත.

සියල්ලොම උඩ බලාගෙනය.කොයි මොහොතේ හෝ කොහෙන් උන්ඩ කැබැල්ලක් ඒවිද?
පවුලේ ඉතිරි උදවිය අපිටත් කලින් පයින්ම ගමන් අරඹා ඇත.හිතට මද සැනසිල්ලකි....අපි ඔවුන් පසු කර ඉදිරියට ගියෙමු.

ඩෝං ඩෝං ඩෝං........“
කන්ද සැබවින්ම කන්දකි...හිටගෙනම දනඉස හපන්ඩ හැකි තරම් ආනතියක් ඇත.

රිය මග දමා අපි පයින්ම ඉදිරියට දිව්වෙමු....

කොහේ යනවාද නොදනිමි.මම පෙර හැර සමග ඉදිරියටම ගියෙමි..

සෙනග පාරේ එන්ඩ බෑ...වාහනේ දාලා පයිංම දිවිව..ඒ යකඩ ගොඩ වගේද ළමයි ටික...කවුදෝ කියනු ඇසිනි..එකිනෙකාගේ මුහුණු නොපෙනෙන තරමටම අඳුර බලවත්ය

මේ සා කන්දක් මේ සා වේගයෙන් මේ සා බර බල්ලෙකුත් උස්සන් කිසි දාක තරණය කර නුපුරුදු මම නිරායාසයෙන් පවුලේ උදවියගෙන් පසු බැස්සෙමි....මා වට පිටේ ඇත්තේ නන්නාදුනන උදවියය.ඔවුන්ගේද මුහුනු දැක ගත නොහැක.

“බලන්න අක්කේ...අම්ම නැති දරුව..මාත් නැති වුනොත් මොනව වෙයිද?එකෙක් අඞයි..මම ඔහු නොහඳුනනමි...කුඩා දරුවෙක් ඔහුගේ කර තබාගෙන හති අරිමින් ඔහු දුවයි....

“මේ ආණ්ඩුව ආව දවසෙ ඉඳන් කරදරමයි...ඉස්සරලාම ඉඩෝරෙ...ඊළඟට ගං වතුර....දැං මේක...තුහ් නොදකිං
යුද්දයක් අස්සෙත් මහිංද මහත්තයගෙ ආණ්ඩුව මේක පරිස්සං කලා...මුංට මේ කාලෙවත් බෑ..... පිළිතුරු ලැබෙයි...

කඳු උඩ ඉන්න හොඳනෑ..මුවා වෙලා ඉන්ඩ ඕනෑ...එකෙක් කියයි..ඒත් කන්දට යන පිරිස සමඟ ඔහුත් උඩටම ඇදෙයි..

“මාව දාල උඹල පලයල්ලා“....ආච්චි කෙනෙක් අඩමින් කියයි.ඇය දෙපසින් අල්ලන් ඉන්න මුනුපුරාත් මිනිපිරිත්-ඔවුන්ට වයස අවුරුදු දහයක් පමනය- ඈ ඇදගෙන මෙන් එයි..පුංචි උන් හති දායි.අපහසුවෙන් හුස්ම ගයි...ඒත් නැවතීමක් නැත.

ඒ මදිවාට මද වැස්ස..කරුවර..වහින එකේ වැහැපංකො යකෝ පහුගිය දවස් වල වගේ දෙගොඩතලා යන්ඩ...අර ගින්න නිම්ලම යන්ඩ

.යන්නේ පාරකද කැලේකද නොහැගේ.ඉස්සරහ එකා යන පාරේ මාත් යමි

මම පසු පස හැරි හැරී  බලමි.සුද්දාගේ සෙවනැල්ලක් වත් නැත.

ඩෝං ඩෝං ඩෝං........“තවමත් නොනැවතී ඇසෙයි

තව දුරටත් බල්ලා ඔසවන් යා නොහැක..මගේ හුස්ම හිරවෙයි...මගේ සැමියා ආ ගිය අතක් නැත...ඔහු ඉන්න දිහාට බෝම්බ කෑලි විසි වුනාද..ඔහුට තුවාල උනාද මම කිසිවක් නොදනිමි...ඔහු මා අසල උන්නා නං ඔහුත් මාත් මාරුවෙන් මාරුවට බල්ලා ඔසවාගෙන යමි.

අවසානයේ මස්සිනා මා සොයා ආවේය...වචන හොයා ගැනීමටත් බැරි තරමට විඩාපත් මම ඔහුට හිතෙන් බැන වැදුනෙමි.

“ළමයි දෙන්න පරිස්සං තැනකට එක්කං යන් නැතුව ආව මෙතන මාව හොයං

ඔහු බල්ලා ගත්තේය....අතර මැද ගෙයක අපි රැඳුනෙමු..
.
අපේ දරුවෝත් නෑනාත් සුරක්ෂිතව එහි වූහ

ටී.වී...එක දමලාය...
සිරස....
සුපර් ස්ටාර් අමතක කර සිද්දිය පිළිබඳ විස්තර විචාරයක් ගෙනෙයි.ගෙදර උදවිය තේ කොප්ප වතුර කෝප්ප අරගෙන ගෙය පුරා මිදුල පුරා පාර පුරා නොනවතින ගමනේය.

තවත් ගබඩාවත් තියනවළු...ආයෙත් කසුකුසු පැතිරෙයි...

අවසානෙයේ සුද්දාත් එතැනට ආවේ සීරිමක් වත් නැතුවය...

ඇතැම් පවුල් වල උදවිය මඟ හැරී ඇත..අම්මාත් තාත්තාත් මෙහි හිඳිද්දී දරු දෙදෙනෙක් කවුදෝ පිරිසක් සමඟ අවිස්සාවේල්ලටම පයින් ගොස්ය..

නෑනාගේ මොබයිලයා ඕල්වේස් වැඩය.

“ත්‍රිවිල් එකක් අරං ගෙන්ඩ ...අනේ පරිස්සං වෙන්ඩ...ළමයි පරිස්සං කර ගන්ඩ...ඇගේ අම්මා හඞයි.

මගේ චයිනීස් කටුව ගෙදර අමතක වීමත් ..ගං වතුර සමයේ අකුණක් වැදී අපේ මහගෙදර ටීවි එක පිච්චිමත් යන දෙකටම ස්තූති කරමින් සැනසුම් සුසුම් හෙලුවා පමණි.අම්මා නෑනාගේ මොබයිලයෙන් එබුනාය.කවුදෝ කේලමෙක් ඇය අවුස්සා ඇත...අප සියල්ලංම පණපිටින් බව මං කීමි

මෙහිදී  සිරස දෙරණ නාලිකා දෙකට විශේෂයෙන්ම ස්තූති කල යුතුය...ඔවුන් නිසි තොරතුරු අපට ලබා නොදුන්නා නං අප තීරණ ගන්නේ එහෙං මෙහෙං අහුලා ගන්නා ඔපා දූප මතය.එසේ නං අප කුමක් කරාවිද? රජයේ නාලිකා දෙකම නිදිගත් අයුරින් තමංගේ වැඩ සටහන් එලෙසම කරගෙන යද්දිත් අවධානමක් දරමින් නිවැරදි තොරතුරු අපට ලබා දුන් ඒ මාධ්‍ය වේදීන්ට අපගේ කෘතඥතාව හිමිවේ.

අවසානයේ අපි යලිත් ගෙදර ආවෙමු...ගමම පණ කඩං දිව්වාට එක උණ්ඩයක්වත් අහල පස් ගවුවක වැටී ඇති බවට තවමත් ආරංචියක් නැත.ගෙදර දමා ගිය පූසාත් ගිරවාත් ඇතුළුව සියල්ලෝම  සීරීමක් වත් නැතුවපණපිටිං සිටියහ.


34 comments:

  1. කමක්නෑ.. ඔයින් ගියා ඇති කියලා හිත හදාගමුකෝ....

    ReplyDelete
    Replies
    1. ඔවු සිත්තර..ඔයින් ගියා මදැයි

      Delete
  2. ජිවිත හානි අවම වීම ලොකු දෙයක්...
    ඉක්මණින් ජනතාව දැනුවත් වීම එයට හේතුවක් නේද...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා එයා ෆෝස් 03න් දෙනෙකුත් නැති වුනා කියල ආරංචි යනව.මීඩියා වල නං කීවේ නෑ

      Delete
  3. ඔබත් පවුලේ හැමෝමත් වගේම අහින්සක සතුන් පවා බේරුණු එක සතුටක්...
    ඔයා කියුව වගේ සිරසයි, දෙරණයි මිනිස්සුන්ව දැනුවත් කළා.. තාමත් එහෙමයි..

    ඒවගෙ නම් පෙන්නනවා ඒ ආසන්න ගෙවල්වලට හානි වෙලා.. සතුන් මැරිලා..



    ReplyDelete
    Replies
    1. අපිත් දන්නෙ මීඩියා වල පෙන්නන දේවල් විතරයි නිර්මාණි...සිරස නිසා තමයි අපි පිස්සු නොනටා බේරුනේ..ඔපා දූප වලට වැඩ කරන්න උනේ නෑනේ..එහෙනං දුවල නවතින්නෙ ඇඹිලිපිටි දිහා.ඇහැලියගොඩිං නවතින් නෑ

      Delete
  4. විස්තර පත්තරෙන්, ටීවී එකෙන් දැක්කට පෞද්ගලිකව අත්දැකපු විස්තරයක් ඇහුවමයි මේ... ඔයින් ගියා මදැයි...

    බාස් කවුද අක්කෙ...? ගේත් අලුත්වැඩියාවක් කිව්වම මං හිතුවෙ වෙන දෙයක්. ඒත් මේ ඇඳුවයි කිව්වම ෆුල් හොල්මන්

    ReplyDelete
  5. අර උඩින් විසිවෙලා ආපු කාල තුවක්කු උන්ඩ වල හිස් කොපු ටිකක් එකතු කරල තියාගනින් ලස්සනට පොලිස් කරල සාලෙන් තියාගත්තහැකි එතකොට ගේ හදල ඉරවෙලා

    ReplyDelete
    Replies
    1. හිකිස්...අපූරු සිහිවටන

      Delete
  6. ජීවිත ටික කාරිය බේරගෙන කාටවත් කරදරයක් නැතිගෙැලවුණ එකම වාසනාවක් අක්කා...

    ReplyDelete
    Replies
    1. අනිවා මල්ලී අනිවා

      Delete
  7. කාටවත් කරදරයක් නැති එක නම් ලොකු දෙයක්... මගෙ යාළුවෙක් කුරුණෑගලටම ගිහින් ඊයෙ. එයා කළුඅග්ගල..

    ReplyDelete
    Replies
    1. අනිවා සිතූ...මාරකයකින් පැන්න වගේ

      Delete
  8. හොඳ සටහනක්..මගෙත් දන්න කියන අය බොහොමයක් ගම් පිටින් ආරක්ෂිත තැන් බලා ගිහින් තිබුනා ඊයේ රෑ... උන්ටත් තිබුන ලොකුම ප්‍රශ්නේ හරි විස්තරයක් දැන ගන්න නැති වීම... රජයේ මාධ්‍ය ළමයෙකුට දෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. කියල මොකටද මාරයෝ....නිදා ගෙන ඉන්න මාධ්‍ය කාරයො ටිකක්..දන්නෙ දේසපාළුවො දෙසා බාන හරුප වර නගන්නයි උන්ට ප්‍රසස්ති ගයන්නයි විතරයි

      Delete
  9. යහතින් බේරුන එකම මදෑ.. ඒ උනාට මොන වගේ දැනෙන්න ඇද්ද කියලා යාන්තමට හිතා ගන්න ඇහැකි.
    ආයෙත් මේ වගේ දේවල් නොවේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනිවා...මගේ පැතුමත් එයමයි

      Delete
  10. හපොයි දෙයියනේ!.....බොලාගෙ ගෙවල් වලට කොච්චර විතර දුරද බං ඔය සාලාවෙ කෑම්ප් එකේ ඉඳල?

    ReplyDelete
    Replies
    1. හරියට දන්නෑ රවිතුමෝ.කෙලින් බැලුවාම ක් විතර ඇති මයෙ හිතේ

      Delete
  11. ඔයින් ගියා මදෑ. දැන් පතුරංනම් කොමිස් එක්ක ගේතැහැකි. වෙච්ච අනිත් හානි ගැනනම් දුකයි.

    ReplyDelete
    Replies
    1. අනිවා කසුන්..මට නම් සමස්ත ජාතියම ගැන දුකයි

      Delete
  12. apith sunami enawa kiyala e kale diwwe oya wistatr wagemai

    ReplyDelete
    Replies
    1. ඒක විඳලම බලන්න ඕන තමයි

      Delete
  13. දෙයියනේ, කොහොමට දැනෙන්න ඇද්ද කියලා හිතාගන්නත් අමාරුයි. කොයිතරම් විස්තර රූපවාහිනියෙන් පත්තර වලින් දැක්කත් මේ වගේ දෙයක් හැබෑවටම අත්දැකපු අයට දැනෙන දේ වචන කරන්න අමාරුයි. හැම දෙනාම කරදරයක් නැතුව ඉන්න එක ගැන සතුටුයි.

    ReplyDelete
  14. කරදයක් නොවුනු එක ගැන නම් සතුටුයි......ඔය උන්ඩ කෑලි ටිකක් එක් අහුලගෙන තියාගනින් අක්කෙ..

    ReplyDelete
  15. මේ අත්දැකීම මටත් කියනවා.මුලදි අපි විස්වාස කලේම නෑ. යුද්දේ කාලෙදිවත් කෑම්ප් එකට මුකුත් උනේ නෑ. අවිස්සාවේල්ට කොස්ගම ඉදන් පාරෙන් දුර 10කි.මි. ඒත් ඒ දුම, ගින්දර අහසෙ තියනවා දැක්කේ අල්ලපුගෙදර වගේ. එකපිට එක ආව පිපිරීම් සද්ද එන්න එන්නම වැඩි උණා. පලාතම දෙදරුවා. වටුන් එකේ මිනිස්සුන් ඒමේ අත දුවනවා.
    හරිම දුකයි. මගේ යාලුවො තාමත් ගෙවල් වලට ගිහින් නෑ. වෙනද උදේ හවස ලස්සනට දැකපු කෑම් එක, ගෙවල් අද දකින්නත් නැතුව ඇති. ජීවිත හානි අවම වුනු එක ගැන සතුටුයි.

    මම නම් බ්ලොග් එකට අලුත්. ඩබ්.කේ ත් මම ඉන්න ඒරියා එකේමයි කියලා දැන ගන්න ලැබුන එකට සතුටුයි.

    ReplyDelete
  16. ඇත්තටම සජීවී අත්දැකීමක් වගේ. උඩ ඉඳලා කමෙන්ට් බලාගෙන ආවම පෙනුණේ, ටෝයියෝ එකෙක්වත් නෑ වගේ. උන්ට මේක දේශපාලන සටහනක් වගේ පෙනුණා වත්ද ?

    ReplyDelete
  17. මුලින් ම ඔබට අත්දකින්නට වුණ දේ ගැන කණගාටුව පළකරන්න කැමතියි...... ඔය රාජ්‍ය නාලිකා වල හැටි ඔහොම තමා. කලින් ඡන්දය වෙලාවෙදි ඔය එක නාලිකාවක හිටපු ගමන් ප්‍රථිපල කියන එකත් නැවැත්තුවා.... එහෙව් නාලිකා වලින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.....

    ReplyDelete
  18. සන්වේදී අත්දැකීමක්.ඔන්න මමත් ආව මේ පැත්තෙ......... හරිම අපූරුයි ලියමන

    ReplyDelete
  19. ඔක්කොමල කරදරයක් නැතුව බේරිච්ච එක ලොකු දෙයක්.
    කිසිම විස්තරයක් දැනගන්න බරුව කැලේ අස්සෙ දුවන මිනිස්සුන්ට තිබ්බ එකම දැනුවත්වීමේ මාර්ගය රේඩියෝ එක විතරයි. ඒ වගේ වෙලාවකදි මාධ්‍ය හැසිරෙන්න ඕන ආකාරය සිරස රටටම පෙන්නුව.

    ReplyDelete
  20. කොහෙමද අප්පේ දිව්වේ???

    ReplyDelete