Thursday, May 26, 2016

මක් හිතුනාද අම්මේ


කඳු කපා හැලෙන සීතට
ඇ‍‍ඟේ ඇනි ඇනී දැවටී
හිතත් රිද්දන හී ගඩු මල
දාඩිය පිපෙනකොට
පරවෙලා බිම වැටුනට
දුක හිතුනාද අම්මේ

            ඒ ගැන හිතලමද
            ඉරත් අහසට  නැංගේ

බදු වගේ ඇඟේ එල්ලී
කූඩැල්ලො ලේ බොනකොට
ජීවිතේ තරං උස
රබර් ගස වටේ වන්දනාවෙදි
කකුල් රිදුනාද අම්මේ

            ඒ ගැන හිතල මද
            නිදිකුම්බ අතු පාවඩව බිම වැවුනේ

තරු රටා ඇඳි අහස
මැටි  බිත්තියට ඉහලා
කුඹුරකම මඩ ඇති බිම
එළුන වැරහැලි පදුරට
රෑ කරුවලත් ඇරගෙන
වත්තෙ මහත්තය එනකොට
බය හිතුනාද අම්මේ

            අහසටත් දුක හිතිලද
අනෝරා කඳුළු වැටුනේ

පනහක අරන් ලෝදිය
මිලියන පහක් වෙරි උන
උඹේ මුර දෙවියා
කානුවක  බුදියන කොට
පාං බාගෙට පොරකන
හීං උන්ගේ කෙඳිරිය
කනට කටු අනිද්දී
දුක හිතුනාද අම්මේ

            ඒ ගැන හිතිලමද
            කිරි පැනිත් නැති පුර හඳ

            වලාකුලකට වැහුනේ

16 comments:

  1. ඊයෙත් ඇත්ත අදටත් ඇත්ත.. අවාසනාවකට හෙටත් ඇත්ත මේකමයි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනිද්දටවත් මේක බොරුවක් කරමු ගස්..හැබැයි දැන් නං වතු ජනයාගේ ජීවිත මීට වඩා හොඳයි.හොඳ ගෙවල් එහෙම අදලා අපේ පැත්තෙ අය නං..

      Delete
  2. ඇත්තටම දැනුන කවි පෙලක්.....ස්තූතියි අක්කෙ..

    ReplyDelete
  3. දැං ටිකකට කලින් මාර ප්‍රවෘත්තියක් ගියා

    ReplyDelete
  4. කිරි ගස් යට කඳුළු කතාව.. ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ...

    ReplyDelete
    Replies
    1. මං නං ගැහුවෙ නෑ ඕං..හැබැයි කන්දක් පල්ලට පැන්නා කියල ආරජචියි

      Delete
  5. /////පනහක අරන් ලෝදිය
    මිලියන පහක් වෙරි උන
    උඹේ මුර දෙවියා
    කානුවක බුදියන කොට
    පාං බාගෙට පොරකන
    හීං උන්ගේ කෙඳිරිය
    කනට කටු අනිද්දී
    දුක හිතුනාද අම්මේ//////////

    ඇත්ත ඇති සැටියෙන්ම... රබර් කිරි කඳුළු...ඒ කඳුළුවලට මිළක් නැහැ අගයක් නැහැ..හ්ම් කියනවා හැරෙන්න වෙන මොනවා කියන්නද....

    ReplyDelete
  6. හරිම ලස්සනයි............ ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යිාළුවනේ

      Delete
  7. සොබාදම් මව කම්පාවී...

    හිතට දැනෙන කවිපද ගැලපුම.

    මේ ඛේදවාචකය ගැන ගැඹුරු ලිපියක් දිවයින පත්තරේ පලවී තිබුණා:
    http://www.divaina.com/2016/05/28/feature.html

    ReplyDelete