Tuesday, April 26, 2016

මෝඩ ටීචර්


මම උසස්පෙල පංති වලට උගන්නන අතරම 6,7,8 පංති වල ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂයේ ව්‍යාපාර කොටස උගන්වමි
.

අළුත් විෂය නිර්දේශයේ පෙල පොත දෑසින් දුටු විට මට තරු පංති පිටින් පෙනෙන්නට වූයේ මේ තරම් සංකීර්ණ විෂය කොටස් තාමත් සාරි පොටේ එල්ලී හුරතල් වෙන්නට තතනන පුංචි එවුන්ට අජීර්ණය නොසෑදෙන සේ ගිල්ලවන්නේ කෙසේදැයි කල්පනා වීමෙනි

විෂය නිර්දේශ පෙල පොත් සාදන්නේ ඊයේ පෙරේදා පත්වීම් ලැබූ සාමාන්‍ය ගුරුවරුන් වූ අපට වඩා “අථීශයිණ්ම විධ්වථ්“ පුද්ගලයන් නොවැ..ඒවා දරුවන්ට උගැන්වීම අපගේ රාජකාරිය නොවැ...රාජකාරිය දේවකාරියටත් වඩා උතුම්ම නොවැ...

අද මං උගන්වන්ට ගත්තේ “ ව්‍යාපෘති වාර්තා සැකසීම“යි...මම දන්නා තරම් සරල උදාහරන ගෙන දක්වමින් ඉගැන්වීම කලත් පීරියඩ් දෙකක් අවසාන වේගන යන ආසන්නයේ උස්මුරුත්තාවට ගියා සේ මුහුණු හදං උන් පුංචි උන් දැක මගේ පපු කැවුත්ත උණු වීම කරනකොට ගෙන විනාඩි 10කට කලින් පංතිය නවත්තා විහිළු කතා දෙක තුනකින් පොඩි උන්  හිනැස්සුවේ ඇත්තටම උනුත් මාත් අපි දෙගොල්ලම පවු කියල හිතුන හිංද
මගේ එක තේරවිල්ලකට පස්සේ පොඩි උන්ගේ තේරවිලි සුනාමියකට මං ඉබේම ගසාගෙන ගියා..

  • ·         ඔන්න මිස් එක මනුස්සයෙක් ජාත් තුනක් පටෝගෙන ලොරියක් එලවං යද්දි පොලීසියෙන් ඒක නැවැත්තුව.එයාල ඇහුව ප්‍රස්න දෙකක්...නම මොකක්ද???? ලොරියෙ මොනවද? ඔයා දෙකටම දුන්නෙ එක උත්තරයයි ඒක මොකක්ද?


ම්.......ම්ම්ම්ම්

නමයි ලොරියෙ පටවපු දේවළුයි

ම්ම්ම්ම්

අයියෝ මිස්

අනේ මං දන්නෑ පුතේ...

මිස් මුකුත් දන්නෑනෙ

උත්තරේ තමා......................යි

P.T.C  නිහාල්

පී.ටී .සී.නිහාල්

පිටි -සීනි -හාල්

  • ·         ඔන්න එක මිනිහෙක්  යාළුවෙක්ගෙ ගෙදර යනකොට යාළුවා මොනවද කනවළු.ඉතිං ඒ මිනිහ ඇහුවළු ප්‍රශ්න දෙකක්.මොනවද කන්නෙ   ....මාත් කන්න එන්නද?යාළුවා දෙකටම එකම වචනෙකින් උත්තරයක් දුන්නළු..පුළුවං නං මිස් කියන්ඩ බලන්න

හපොයි දරුවනේ මං දන්න දෙයක් ගැන අහන්ඩකෝ

ඒ කියන්නේ ඒකත් මිස් දන්නෑ
ම්හු

අයියෝ මිස්

ඉතිං කියන්ඩකො උත්තරේ

වරකා

වර - කා (වරෙන් කාපිය)

  • ·         කැලෑ ගමේ කතාව

ඔන්න මිස් කැලෑ ගමේ අලි පැංචිගෙ උපංදින උත්සවේ තිබුනළු.ඉතිං වෙන ගමක රස්සාවකට ගිය(අලි කරන රස්සාව මං නොදන්නා අතර දරුවාද එය කීවේ නැත.)අයියට කීවලු උත්සවේට කලිං දවසෙ එන්ඩ කියල.ඒත් වැඩ හංද අයියට එන්ඩ පුළුවං උනේ උත්සවේ දවසෙ දවල්ලු..අයිය දැක්ක ගමං නංගි දෙයක් කිවුවලු.ඒ ඉංගිරිස් අකුරු ක්..ඒ අකුරු මොනවද?

කියන්ඩ බලන්න මිස්

අයියෝ පුතේ දහයක්ම..එකක් දෙකක් නං හිතන්න තිබුනා

අයියෝ ඒ කියන්නෙ මිස් ඒකත් දන් නෑ

ම්හු

IOIAEANIQA

මොකක්

අයි-ඕ-අයි-ඒ-ඊ-ඒ-එන්-අයි-කිවු-ඒ

ම්ම්ම්ම්ම්ම්

අයියෝ අයියේ ඊයේ එන්නයි කිවුවෙ

ආහ්

  • ·         මිස් කියන්න බලන්න අලියෙක් ෆිජ් එකට දාන හැටි පියවර 03කින්

අලියා කෑලි වලට කපනවා දානවා

මිස් කීවේ පියවර දෙකයි

අනේ මංදා..

ඒ කියන්නෙ මිස් ඒක දන්නෙත් නෑ
ම්හු
1.       ෆිජ් එක අරිනව
2.       අලියව දානව
3.       වහන

ආහ්

·         ආ ඊලඟට ජිරාෆ් ෆිජ් එකට දැමීම පියවර අතරකින්
ආ ඒකනං පුළුවං ..මේ ජයග්‍රාහී අවස්තාවේ මගේ කැපිල ගිය ලකුණු සේරම දාගන්ඩ පුළුවන්

1.       ෆිජ් එක අරිනව
2.       ජිරාෆ් දානව
3.       බෙල්ල දෙකට නමනවා
4.       වහනව

අයි යෝ..මිස් ඒක දන්නෙත් නෑනේ

ඒ කියන්නෙ ඒක වැරදියි.

ඔවු මිස් ෆිජ් එකෙන් අලියව ගත්තෙ නෑ

අයියෝ....කටින් එලියට පනින්ට ආ “හුටා“ව අමාරුවෙන් ගිල ගනිමිං මං කිවුව

එතකොට පියවර හතර
1.                   ෆිජ් එක අරිනව
2.                   අලියව එලියට ගන්නව
3.                   ජිරාෆ් දානව.           
4.                   වහනව

  • ·         ඔන්න මිස් කැලේ ගමේ සාදයක් තිබ්බ.හැම සතෙක්ම ඒකට ගියා.එක්කෙනෙක් ගියෙ නෑ..ඒ කවුද

ගඟෙ මාළු

නෑ...

සිංහයා

අයියෝ මිස් ඒකවත් දන්නෑ

කියන්ඩ ඔයාම එහෙනං

ජිරාෆ්

ඇයි ඌ ලෙඩ වෙලාද

අයියෝ නෑ මිස් ඌව ෆිජ් එකට දාලනෙ

  • ·         ඔන්න මිස් ඔය ගමේ ලොකු ගඟක් තිබ්බ.ඒ ගගේ මිනි කන කිඹුලෙක් හිටිය.ගඟට එන හැමෝම මරං කනව.ඒත් එදා ආච්චි කෙනෙක් ගඟෙන් එගොඩ වුනා ..ඒ කොහොමද?

එදා කිඹුල සිල් අරගෙන

නෑ....කිඹුල්ලු සිල් ගන්නවය

කිබුලට එදා බඩේ අමාරුව හැදිල

අයියෝ මිස් ඒක දන්නෙත් නෑ

ම්හු

ඇයි මිස් කිඹුල කැලෑ ගමේ උත්සවේට ගිහින්නෙ

මේ දුර්දසාවෙන් මං බේරා ගනිමිං බෙල් එක නාද විය

අන්තිමට
අන්තිමට
අන්තිමට
මං පුංචි අටේ හපනෙකු තරං දක්ෂයෙක් නොවෙමි



61 comments:

  1. මරු ප්‍රශ්ණ ටික. මේවගේ දේවලදි ඒගොල්ලන්ට පොඩ්ඩක් දිනුම දෙන එකත් වටිනව. ඒක නෙමෙයි අර ජිරාෆ් ෆ්‍රිජ් එක ඇතුලෙ මැරිල යයි. එළියට දාල ඉන්න.

    ReplyDelete
    Replies
    1. ලමයින්ටම කියල බලමු..ඇත්තටම දැන්නං ඒ අසරණයා මැරිල ඇති තමයි ඉයන්

      Delete
  2. පැංචො පැංචියෝ දැන් වීරයො වෙලා ඇති නේද. අපරාදෙ අර අපේ දැති හුලහගෙ අලි කූඹි ප්‍රෙහේලිකා කියවලා මතක තියාගන්න වුණා නම් ටිකක් විතර ජාම බේරගන්න තිබුණා ඔයාට.

    ReplyDelete
    Replies
    1. අනේ සුජී...මට ඒක අහුවෙලා නැතුවාා...ලිංකුවක් දැම්මොත් බොහොම පිං

      Delete
    2. බ්ලොග් වසන්තයේ ඔයාගේ මේ පෝස්ට් එකට මං ඡන්දය දුන්නෝ..

      Delete
    3. මේ ඉන්නේ දැති හුළහ...

      http://drackey.blogspot.com

      Delete
  3. දැන් පොඩි පන්තිවල ඉන්නේ මාර පොඩි උන්. දහම් පාසලේ මම උගන්නන්න ගිහින් දෙව්දත් තෙර ගල පෙරලපු කතාවට එද්දී පොඩි එකෙක් නැගිටලා කියපි අපරාදේ එච්චර මහන්සි උනේ ග්‍රෙනේඩ් එකක් ගැහුවනම් එක සැරේ ඉවරයිනේ කියලා එදා මට ගුරු ජීවිතේ එපා වුනා අද වෙනකම් උගන්නන්න නම් ගියේ නෑ

    ReplyDelete
    Replies
    1. එල කිරි ළමයි පූසෝ...හැබැයි කම්මැලි නෑ ළමයි ඔහොම සංවාදශීලී වෙනකොට

      Delete
  4. Amthima tika ahala thibba.. mula tika hitha gannawath beri una. Ate panthiye punchi hapanek tharam mama hapanek nowemi.

    ReplyDelete
    Replies
    1. අනිවා මිත්තරේ...ළමයි අපි ළමයි කාලෙ හිටියට වඩා සෑහෙන ඉස්සරහින් ඉන්නව

      Delete
  5. /* ඔවු මිස් ෆිජ් එකෙන් ජිරාෆ්ව ගත්තෙ නෑ */

    එතැන අලියා ලෙස නිවැරදි කරන්න.

    ReplyDelete
  6. මෙන්න තවත් එකක්.

    ඔන්න මිස් දන්නවනම් කියන්න බලන්න සිංහල, දෙමල, ඉංගිරිසි භාෂා තුනේම වචන තියෙන කන දෙයක නමක්!

    ReplyDelete
    Replies
    1. Might be, if he is willing. Ask and see.

      //මෙන්න මේවට වෙන්නැති destructive comments කියන්නේ//
      suicidal comments කියලත් කිව්වහැකි. :-D Byeeeeee!

      Delete
    2. වරෙංකො කාල බලන්න. හැක්.. හැක්..

      Delete
    3. කන්න පුළුවන් දිරවන්නේ නෑ

      Delete
    4. හපොයි මලේ ඒක දන්නෙත් නෑ තමයි

      Praසන්ன කෑවට වැඩක් නෑ ..ලුණු ගම්මිරිස් දැම්මත් මෙලෝ රහක් නැතුව ඇති

      Delete
    5. ගෝවා මල්......ඔච්චර තමයි හිතට එන්නේ.

      Delete
  7. ටීචැර්ලගෙන් ඔවැනි ප්‍රශ්න අසා ඔෆිස් එකේ දනගහගෙන පාසල ඉවරවෙනකන් හිටිය අතීතයක් මටත් තිබිනි...

    ReplyDelete
    Replies
    1. ටීචර්ල ඔච්චර දරුණු නෑ මලේ

      Delete
  8. Replies
    1. දුකයි කසුන් ..ඔයා හූ කියලා ඒ දුක වැඩි කලා

      Delete
  9. අර දැති හුලහගෙ බ්ලොක් කට්ට කියෝල තිබුණනං ඔය ප්‍රශ්න වලට සුටුස් ගාල උත්තර දෙන්න තිබුණනෙ.
    ඔයැයිට තියා ඔය අථීශයිණ්ම විධ්වථ් පුද්ගලයින්ටවත් පොඩි උං අහන දේවල් වලට උත්තර‍ දෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. දැති හුලහ මට අහුවෙලාම නෑද්ද මන්දා..තැන්කුයි ඔත්තුවට

      Delete
    2. https://drackey.blogspot.com/2015/09/blog-post.html

      https://drackey.blogspot.com/2015/10/2.html

      https://drackey.blogspot.com/2015/10/3.html

      Delete
  10. Replies
    1. හිනා වෙන්ඩ එපා යාළු

      Delete
  11. හා හා... මගේ ජාතියෙ පොඩි එවුන් සෙට් එකක් ටීචර්ට හම්බවෙලා තියෙන්නෙ. මං වගේමනං ඉස්සරහට තව පරිස්සං වෙන්න ටීචර්. ඇම්බැරැට්ට ජාතියෙ මං. හික් හික්...

    ReplyDelete
    Replies
    1. අම්මපා හීනෙ..එහෙනං ජීවිතාරක්ෂක කට්ටලයකුත් එක්කම පංතියට ගොඩ වදින්න වෙයිද මන්ද

      Delete
  12. ඩබ්.කේ.විජේරත්න මිය,
    තුම්පනේ කණිෂ්ඨ විද්‍යාලය,
    අම්පෙගම,
    ගිලීමලේ,

    රාජකාරී වේලාවෙහි නියමිත ඉගැන්වීම් කටයුතුවල නොයෙදෙමින් සිසුන් හා නර්මාලාප දොඩමින් රාජකාරිය පැහැර හැරීම.

    ඔබ පසුගියදිනෙක ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂයය ඉහැන්වීමට නියමිත කාල පරිච්ඡේදයෙහිදී නියමිත විෂය කරුණු ඉගැන්වීම පැහැර හැර සිසුන් සමඟ විෂය නිර්දේශයට කිසිසේත්ම අදාල නොවන සම්ප්‍රප්ඵලාප දොඩමින් සම්පූර්ණ කාල පරිච්ඡේදයක් අපතේ යැවූ බවට මා වෙත වාර්තා වී ඇත.

    එලෙසම ශ්‍රී ලංකාව අන්තර්ජාතික වශයෙන් පිළිගත් ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ රජයේ අරමුණ සාර්ථක ලෙස සාක්ෂාත් කොට ගැනීමේ අරමුණින් තාක්ෂණ දැනුමින් පිරිපුන් ජාතියක් බිහිකරලීමේ උදාර චේතනාව පෙරදැරි කොටගෙන නව විෂය මාලාවට හඳුන්වාදුන් ව්‍යාපෘති වාර්තා සැකසීම් විෂයය සහ ඒ පිළිබඳ නිර්දේශ කල විද්වතුන් පිළිබඳව පිළිබඳ ඔබ අවඥාසහගත ලෙස අදහස් පළකොට අත.

    එබැවින් ඔබ රජයේ සේවක විනය පටිපාටියෙහි 3. අ.ආ. අහා..හා..හා.හා. වහන්තිය යටතේ ගැනෙන රාජකාරිය පැහැර හැරීම සහ 8. අහ්. ආ.ආ. වගන්තිය යටතට ගැනෙන රාජ්ය සේවය අපකීර්තියට ලක් කීරිමේ චෝදනාවන් පිළිබඳ වරදකාරිය බවට මෙයින් දැනුම් දෙමි.

    එහෙත් මීට ප්‍රථම ඔබ මෙවන් වරදකට චෝදනා ලබා නොමැති හෙයින් සානුකම්පිත ලෙස සළකා බලා දඬුවම් ලබාදීම වෙනුවට මින් ඉදිරියට මෙවන් විෂමාචාර ක්‍රියාවන්හි නියැලීමෙන් වළකින ලෙස තරයේ අවවාද කරමි.



    අධ්‍යාපන අධ්‍යක්ෂ,

    ReplyDelete
    Replies
    1. මෙන්න මේවට වෙන්නැති constructive comment කියන්නේ!!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මෙම ලිපිය ලද වෙලේ පටන් ඩබ්.කේ.විජේරත්න මිය, පිළිස්සූ සැවුලෙකු සමග අඩවුවක් ඇල්ලූ රවී වීරසිංහයන් දුටු අසෝකා මැණිකේ මෙන් තුෂ්නිම්බූතව බලාගත් අත බලාගත් වනම සිටින බව සිත් එෆ් එම් බැලුම්බෝල වෙත ආරංචි වී ඇත.

      Delete
    4. කාල වරෙන්කො.. මදැයි පොස්ට් එකක් ලියල කර ගත්ත හරිය.. ඔය රවී වීරසිංහ කියන ඩිරෙක්ටර් කාරයා හෙන වසයි.. හැබැයි ගැනු ටිචර්ලට නම් ඔහොම පාට් දාන්නේ වෙන වෙන යුතු ප්‍රයෝජන බලාගෙන.. කෝකටත් උඹ පරිස්සමෙන් නගේ..

      Delete
    5. හපෝයි රවී අද්දයක්ෂක තුමෝ..අමාරුවෙන් ගොඩ වෙච්ච ජොබ් කට්ටට උදැල්ල දාන්ඩ එපෝ...
      සානු කම්පිතව බැළුවට මැරන තුරාවට ඔයි අද්ද යක්ෂ පදවිය ඉහිලීමට වාසනාව පෑදේවා

      මිත්තරේ කියල කියෙන්නෙ ඇත්තෙයි?????
      ප්‍රසන්න නං කීවේ සහතික ඇත්ත.බයට දැන් වතුර ටිකක් වත් ගිලෙන් නැතෝ

      Delete
    6. ඔය කේස් එක ෂේප් කරගන්න පුලුවන් ගල් බෝතලයකුයි, වැව් මාලු පන්සීයකුයි අරන් යන්න. විවාහක නම් හස්බන්ඩ් සමගද, අවිවාහක නම් ගමේ චන්ඩියෙක් හෝ කැටුව යන්න.

      Delete
  13. බැරිවෙලාවත් ඔය ස්කෝලේ පැත්ත තියෙන ගමට නම් යන්න වෙන්න එපා. නමත් කියලා තියන්න. එතකොට නොගිහින්ම ඉන්න පුළුවන්.
    හපනා කියලා ඉස්සර කාලෙ ළමා පත්තරයක් තිබුනා. ඒකෙත් මේ වගේ ඒවා තිබුනා මතකයි...

    ReplyDelete
    Replies
    1. අැත්ත යාළුවා..මේ පුංචි උන් ඔවුව කොහොම හොයා ගන්නවද මන්ද

      Delete
  14. පට්ට කතා ටික..... දැන් ඉතින් පොර වගේ අපේ ගෙදර උන්දැට මේවා කියලා දෙන්න පුළුවනි..... හැක්.....

    ReplyDelete
    Replies
    1. ඔන්න ආදුරුසමත් කලත්‍රෙයා්

      Delete
  15. අයියෝ වස්සලා තීතර් නාලා වගේ

    ReplyDelete
    Replies
    1. ඇදගෛනම බං .........ඔවු හිටගෙන

      Delete
  16. ආයෙත් ඔය පන්තියට අනිවා යන්න වෙනවා නේද?
    එහෙනම් එදාටවත් ජාමෙ බේර ගන්න බලන්න...

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු...හෙට එක පීරියඩ් එකක් තියනව....හෙට නං උං නිදා ගත්තත් කතන්දර කියන්ඩ යන්නෑ

      Delete
  17. ආ එහෙනම් 'වත්සලා ටීච ගොඩක් පාටයි' කියල ඉංගිරීසියෙන් කියන්නෙ කොහොමඩ කියන්ඩකො!!!

    ReplyDelete
    Replies
    1. ආ චූටි මලයම කියමු බලන්ඩ

      Delete
    2. Wathsala teacher more dye
      ->වත්සලා ටීච මෝ ඩයි
      කෝමඩ....හි... හී!!!

      Delete
  18. තනියම නෙමේ කාරියාලෙ ඉන්න ඔක්කොමත් එක්ක ආතල් එකක් ගත්ත

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි...වැවේ....බොසා දැනගත්තොත් රාජකාරී කාලය තුල බ්ලොග් කියවනව කියල හම්බෙයි බඩ කට පුරා

      Delete
  19. සමහර ඒවා අහලා තිබුණා. ඒත් දැන් පොඩි එවුනුත් අලුත් ඒවා හදනවනේ.

    ReplyDelete
  20. සමහර ළමයින්ට ඉගෙන ගෙන විභාගෙ ලියන්න විතරයි බැරි අනික්වා පුළුවන්

    ReplyDelete
  21. සමහර පුංචි උන් එක්ක කතා කරන එක තරම් බයානක දෙයක් මේ තුන්ලෝකෙම නෑ...

    ReplyDelete
  22. ඔය දැති හුලහ කියන්නෙ අර ඩ්‍රැකියටනෙව වස්සලා අක්කෙ..
    ඔය අන්තිම ටික අලි කූඹි කතා කියල එයාගෙ බ්ලොග්එකේ තිබ්බ.
    ඒ නරත්තං අපිත් ඔය බෝට්ටුවෙම තමයි
    හිහි

    ReplyDelete
    Replies
    1. http://drackey.blogspot.com/2015/09/blog-post.html

      Delete
  23. කොහොම හරි පීරියඩ් එක ශේප් කරගත්තා නේද :D

    ඇත්තටම ඔබ සුන්දර ගුරුවරියක්!!!

    ReplyDelete
  24. ඔය අලි කූඹි කතා නම් හරිම ගොඩක් තියෙනවා. එකම එක පාරක් අහල මතක තියාගන්න පුළුවන්. ඊට පස්සෙ ඉතින් ඔස්තාර් වගේ උත්තර දෙන්නයි තියෙන්නෙ..

    ටීචර් නම් මරු ඈ!

    ReplyDelete
  25. අන්තිමේදී ටීච පරාදයි එහෙනම්////

    ReplyDelete