Friday, April 15, 2016

මාමා බැලූ හින්දි පිචෑර්


ඔබ වර්ෂ 1980-1990  දශකය තුල උපන් අයෙකු නං ඔබ

  • ·         ළමාකාලයේදී ෆොටෝ කෑල්ලක් ගැනීම දුෂ්කර ක්‍රියාවක් වූ අවසන් ළමා කණ්ඩායමට අයිතිය
  • ·         කොළපත් පැදීම වැලි සෙල්ලම් බත් ඉවීම පොල් පිති හරකා බැඳීම වැනි සෙල්ලම් කල අවසන් ළමා කණ්ඩායමට අයිතිය
  • ·         ඇලේ දොලේ නෑමට මිතුරන් හා සෙල්ලම් කිරීමට ටියුෂන් වලින් අවහිරයක් නොවූ අවසන් ළමා කණ්ඩායමට අයිතිය
  • ·         ටී.වී බැලීම සුඛෝපභෝගී දෙයක් වුන අවසන් ළමා කණ්ඩායමට අයිතිය


එකල හූනියම් පෙට්ටිය යනු මැජික් එකකි.මුළු ගමටම තිබුනේ එක හූනියම් පෙට්ටියකි.නැත්තං දෙකකි.

මං ඉතා කුඩා කාලයේ දී හුළු එලියක් දල්වා ගෙන කූඩැල්ලො කඩාගෙන බෙඩ්සීට් පොරෝගෙන මල්ලිවත් කරේ හිඳුවාගෙන(තාත්තාගේ) කෝපිකඩේ බලන්ට අසල්වැසි ගෙදරකට ගිය අයුරු තාමත් මතකය.අපේ අසල් වැසි නිවාස එකිනෙක තිබුනේ සෑහෙන ඈතීන් ය

සමහර විට චාර්ජ් කල හැකි බැටරියකින් ටී.වී බැලූ අවසන් ළමා පරපුරත් අප විය හැක.

එදිනට ටී.වී එක අයිති ගෙදර උදවිය සාලයේ පුටු අයින් කර බිම පැදුරු එලන්නේ ඉඩකඩ පිරිමසා ගැනීමටය.
එක් විශේෂ වෙලඳ දැන්වීමක් මට මතකය.මං හිතන හැටියට එය ටාටා හෝ මොන යම් හෝ වාහන ඇඩ් එකකි.

ඈත සිට එන ලොරියක් වැනි වාහනයක් තිරය ඉදිරියටම එන විට අපේ මලයා පසු නොබලා දුවන්නේ ඒ වාහනය තමා යට කරාවි යැයි පණ බියෙනි.පසුබිමින් “හිරු ඉපදෙන විට නෙළුම් පිපෙන ලෙස මට ඔබ විස්වාසායි“කියා ගායනයක් ඇහෙන ඇඩ් එකක්ය ඒක

අපේම ගෙදරට ටී.වී එකක් ගෙනා පසු මල්ලිත් මාත් රහසින් කතිකා කොර ගත්තේ රත්තරං බඩු සාප්පුවක ඇඩ් එකක් යන වෙලාවක ඒකෙ තිරය බිඳීමටයි.එවිට වීදුරුවෙන් එහා ඇති රත්තරං වලින් අපට පෝසත් වීමට හැකි බව අපි හිතුවෙමු..තාත්තාගේ වාසනාවට එය ක්‍රියාත්මක නොවීය.

මේ අතුරු කතාය.

මේ අපේ ගෙදරට හූනියං පෙට්ටිය ඒමට කලින් වූ සිදු වීමකි

ඒ වන විට මං ලඟ ගෙදර අක්කා කෙනෙක් සමග මගේ මුල්ම හින්දි චිත්තරපට අත් දැකීම ලබා හිටියෙමි.එහි නම මට මතක නැතත් මීදුමින් පිරි රබර් වැනි ගස් ඇති විසාල වත්තක කොන්ඩය උඩට බැඳගත් ගෑනු කෙනෙකු “අයියෝ ගියෝ ගියො මුජ ප්යාර්කෝ“ වැනි වචන ඇති  ගීයක් ගයමින් වැලපෙමින් පාවෙන්නා ලෙස ඇවිද ගිය දර්ශනයක්  මතකයේ ඇත.

ඊට පසුදා අපේ දුරින් නෑයෙකු වූ මාමා කෙනෙක් අපේ ගෙදරට නෑගං ආවේය.

මගේ චිත්තරපටි අත්දැකීමෙන් ප්‍රමුදිතව උන් මං ඒ ගැන වහාම ඔහු හා වර්නනා කරන්න ගතිමි

මක් නිසාද යත් අම්මත් තාත්තත් මා කට අරින්ට හදන හැම වෙලේකම “අපි දැං ඕන සිය වතාවක් ඇහුවානේ“ කියා අනිත්පැත්තට හැරී ඔවුන්ගේ වැඩක් බලා ගැනීම මගේ කෝපයට හේතු වුන නිසාය

ඒකෙ ගෑනු කෙනා හලීලීලීලී ලාත්තනයි...

හ්ම්..හැම නිලියක්ම ලස්සනයි

එයා කොන්ඩෙ බනිස් ගෙඩියක් වගේ බැඳල මලකුත් ගාල හිටිය

හ්ම්

ඒ අයිය හලී ලස්සනයි..ගෙවල් ලත්තනයි...මල් වතු ලත්තනයි

හ්හ්හ්හ්ම්

මෙයා මේ එකක් බලල අපිට කනක් ඇහෙන්ඩනෑයියෙ...

අපෝ මං නං ගොඩක් බලල තියනවා

මං පිනා ගියෙමි..

අනේ මාමේ මට ඒ කතා කියන්නකෝ..

එව්ව කතන්දර නෙමෙයි මාමාට තේ ටිකක් බොන්ඩවත් දෙන්නෑනේ මේ ලමයා

කමන්නෑ නංගි පොඩි එකාගේ ආසාවනේ

ආ....මමත් ඉතින් පසඟ පිහිටුවා වාඩි වුනේ සැදැහැ සිතින් කතා ටික අහ ගන්ඩය

පළවෙනි එක තමයි “ගුළු බායි ගුලල් බායි“.

ග්ගුලුබායිගුලල්බායි  මං කියද්දී අම්ම අංසක 90ට බෙල්ල අනිත්පැත්තට හරවනවා ලාවට දැක්ක

ඔවු

ඉතින් කතාව කියන්නකෝ මාමෙ

“හින්දියෙන් බායි කියන්නෙ සහෝදරයට.මේ අයියෙක්යි මල්ලියෙක්ගෙයි කතාව...

ඉතිං

මාමා ටිකක් ඇඹරුනේය...

මට ඉතුරු ටික මතක නෑ..

බෑ...කියන්නම ඕනෑඈඈඈ...තාත්තාගේත් මාමාගේත් ඇස් ක්ෂනිකව එහේ මෙහේ විය

ඉතිං...තාත්තා කතාව පටන් ගත්තේය....

තාත්තත් දන්නවද

ඔවු මාත් බැළුව
ආන් දැක්කට මට කීවෙවත් නෑ

ඉතිං කරදර නොකර කතාව අහගන්ඩකො..නැත්තං තාත්තටත් අමතක වෙයි...

දවසක් සෙල්ලං කර කර ඉද්දි අයියයි මල්ලියි හුලඟකට අහුවෙලා දෙපැත්තකට ගහං ගියා..

ඉතිං

මල්ලිට හිටිය බලලෙක්..අයියට හිටිය බල්ලෙක්...ඒ දෙන්න ඉවෙන් හොයාගෙන අයියයි මල්ලියි මුන ගැස්සුව...

ඉතිං තාත්තේ අර හුලඟට බල්ලයි පූසයි ගහගෙන ගියේ නැද්දැයි ඇසීමට තරම් මොලයක්  ඇති දියණියක් නොසිටීම තාත්තගේ වාසනාවකි.

ඇයි අනේ “හින්දියේ ජලක්“ ඒ සැනින් අම්මාද එක්කලේ හිනාවෙන් පිපිරෙමිනි

ඔයාල අලි නරකා...චිත්තර පටි ගොඩක් බලල මට කතාව කීවෙ ලෑ.ලෑලෑලෑ

ආ ඒක අම්මයි තාත්තයි බඳින්න කලින් බලපු චිත්තර පටියක්නෙ...මාමා තාත්තට ඇහින් ඉඟි කරමින් කියයි

මේ මල්ලි ඕන නැති කතා කියන්ඩ එපා...අම්ම තරහක් පායි

අලේ අම්මෙ ඒකෙ කතාවත් කියන්ඩකෝ.....මම බැගෑපත් වෙමි

ඒක මේ රෙදි කඩයක් කරන ගෑනු ලමයෙක් ගැන තියන එකක්

අලේ ***********මාමලාගේ රෙදි කඩේ වගේ එකක්ද

නෑ...නෑ ඊට වඩා ගොඩක ලොකු එකක්.අනික ඒක තිබුනෙ ඉන්දියාවේ....

ඉතිං කතාව කියන්ඩකෝ

මේ..මේ  ඒ ලමය කම්මැලි කමට රෙදි මහල තිබුනේ බාගෙට...ඉතින් එයා ට විකුනන්න උනේ ඉරුන රෙදි

ඉචිං

අන්තිමට ගමේ මිනිස්සු එයාගෙ කඩේ කඩල එයාව ගමෙන් පැන්නුව

පවුනේ

කරන වැඩ හරියට නොකරන කම්මැලි ලමයිට වෙන්නෙ එහෙම තමයි...

“පූකිනකේබෙල්තේරේ“

ඒ මොකක්ද තාත්තේ

ආ ඒ මාම බලපු තවත් හින්දි චිත්තරපටියක් වෙන්ඩ ඇති

මොකක්ද මාමේ ඒකෙ නම

පූකි නකේ බෙල් තේරේ

දැන් ඉතින් උඹම කියහං කතාව....

මම අහන්ඩත් කලින් තාත්ත කීව

ඇයි තාත්ත ඒක බලල නැද්ද?

නෑ

අලී...මාම එහෙනං අපිට ඇහෙන්ඩ ඒක තියන්ඩ..තාත්ත බලලත් නෑලු

ඒ..මේ...ඒ..මේ

මොකද අදින්නේ..කියහං ඉතිං ළමයට

මේ...මේ ..ඒ හෝටලයක් කරපු වයසක මනුස්සයෙක් ගැන එකක්...

ඉචිං

ඒ මනුස්සයට සෙනසුරාදා උයන්ඩ ඕන කරන තෙල් කඩෙන් අරන් තියන්ඩ බැරි වෙලා.ඉරිද නිවාඩු දවසනෙ...තෙල් කඩ වහල..ඉතින් උයන්ඩ තෙල් නෑලු

ඉචිං ඉවුවේ කොහොමද

මිනිහට තෙල් හම්බුනා අන්තිමට

කොහොමද?

දෙයියො දීලා

අනේ තව බලපු එකක කතාව කියන්ඩ මාමේ

තව අළුත් එකක් ආව මං හිතන්නෙ..කළු අයිය දන්නව

මොකක්? ඒ අම්මාය

මිනිහගේ කඩෙත් ගහලා තිබුනෙ

??????අම්මගෙයි තාත්තගෙයි ඇස් නලලේය..

අනේ පලයං අයියෙ ඒ විංකලේ ඉන්න මනුස්සයයි මායි බලන පිචෑර්

අම්මප නංගියේ මිනිහගෙ කඩේ ඉස්සරා ගහල තිබ්බ බයිසිකරෙ පෙයාර් කෙරේ කියල

අනේ මාමෙ ඒ කතාවක්...

මං ඒක බලල නෑ...

අනේ අම්මෙ..

මං බලලත් නෑ..අම්ම කීවෙ හිනාව හංගෙගෙන බව මට හොඳටම විස්වාසයි

තාත්තෙ???

මාත් බලල නෑ ලමයෝ...තාත්තයි මාමයිත් හිනා වෙනව...එයාල චිත්තර පටිය බලල මට ගනං උස්සනව කියල දැං නං මට හොදටම විස්වාසයි

ඔයාල බොළු කියන්නෙ...මං තලාම තලායි.......මං ලොකු වෙලා සල්ලි ගොඩක් හම්බ කරල ඔය සේරෝම බලනව.ඔයාල බලල නැති එවුවත් ගොඩක් බලනවා


52 comments:

  1. ඉතිං ඒ හිතාගත්තු විදිහට බැලුවැයි?

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ අර අහිංසකයාගේ සේසතම ඉවරවුනේ ෆිල්ම් හෝල් වල බොක්ස් වලටලු.

      Delete
    2. මොනවද බං බොක්ස් කියන්නේ

      Delete
    3. පවු අනේ මේ අටං දන්නෙම නෑලු... වැඩිය ඒ ගැන හිතන්න එපා අටං. හැක්...

      Delete
    4. කටුස්සෝ්-- මොන බොක්ස් ද බං..ඒ කාලෙ මං ජොබ කලේ මහරගම.උන්දැ අම්මට ඉස්කෝලෙ යනව කියල ඇවිත් මහරගමට එනවා.එහේ වැඩිය යන්ඩ එන්ඩ තැන් නෑනේ...138 පාරෙ තියන හොල් එකෙන් 10.30 බලල දෙහිවල පාරෙ හෝල් එකෙන් 2.30 බැලුව.

      අටමාට - අනේ පවු.නොදරුවා..බොක්ස් කියන්නේ පෙට්ටි වලටනේ බං

      පොඩි මල්ලි - පවු තමයි බං ඉස්කෝලෙ යන උඹත් දන්නව.අටම දන්නෑ

      Delete
  2. ඕකට තමා කියන්නෙ පුංචි ලමයින් එක්ක ගනුදෙනු කරද්දි ප්‍රවේශම් වෙනු කියලා.

    ReplyDelete
    Replies
    1. මං හොඳයම මැඩවිලානේ සුජී

      Delete
  3. මටත් තිබුනා ඔය වගේම ලොකුවෙලා කරන වැඩක්.ඒ කාලේ ඉඳන් සීනි කෙසල් වලට හෙන ආසයි.පොඩි කාලේ කවුරුහරි නැන්දෙක් අහලා තියනවා රස්සාවක් කරලා මොනවාද කරන්නේ කියලා.මේකා කියලා තියෙන්නේ පලවෙනි පඩියෙන් සීනි කෙසල් කැනක් ගෙනත් කනවා කියලා.තාම ඒක කරගන්න බැරිවුනා.මොකද තාම මම පොඩි එකානේ.

    ReplyDelete
    Replies
    1. අනේ පවු පොඩි උනාට සල්ලි හම්බ කරන එකෙක්නේ...ගෙනත් කාහං ලෝබ නැතුව

      Delete
  4. පොඩි කාලෙ ඔහොම මඩවනකොට තමයි එපා වෙන්නෙ.. හොඳම වැඩේ කියන්නෙ එයාල තාමත් අප් ඒ විදිහමයි කියල හිතාන ඒ ආකාරයේ ට්‍රික්ස් ම දාන එක නෙව.අපටත් හොඳ රඟපෑමක් කරන්න වෙනවා තත්වය තාත්විකව පවත්වගන්න.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හිකි හිකි...අම්මල තාත්තල නං තාම හිතංනේ එහෙම නොවැ

      Delete
  5. ඒ අම්මයි තාත්ත යි ඔයින් බේරුන එක වාසනාවක්...
    අර වගේ සහෝදරයෙක් ඉන්න එක ඊටත් වඩා වාසනාවක්...
    -----
    අපිත් ඔය කියන 80 90 අතර මැද ප්‍රම්ප්‍රාව ට අයිතියි.
    මොකක්දෝ අහේතුවකට අපෙන් පස්සේ ප්‍රම්ප්‍රාව හරි අමුතු ලෝකෙක අත්අඩංගුවට පත් වුනා.

    ---------
    "හිරු ඉපදෙන විට නෙළුම් පිපෙන ලෙස මට ඔබ විස්වාසායි"
    -------ඕක ඔය ටාටා බස් ගැන ගිය දැන්වීමක් නේද? අනූ ගණන් වල ගියේ ඕක. මට හොඳට මතක මොකද ඒ කලේ ක්‍රිකට් පිස්සුව තදින්ම තිබ්බ කාලේ නේ. ලංකාවයි ට්ව මොකක්ද රටකුයි ගහන මැච් එහෙක ඔව්ර්ස් අතර තිබ්බ පුංචි බ්‍රේක් හැම එහෙකම වගේ ගියේ ඔය දැන්වීම. ඒ හින්දා කට පාඩම්.

    ----------------
    පූකිනකේබෙල්තේරේ.
    -අනේ බන්...ඔහොමද හැදෙන ගෑනු ළමයි..?

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ විබී.....
      අපෙන් පස්සෙ පරම්පරාවෙ පොඩි උන් පවු.

      කියල වැඩක් නෑ..බං...ගෑනු ලමය හැදිල ඉවරයි

      Delete
    2. //ගෑනු ලමය හැදිල ඉවරයි//
      ---------එක නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපි දැක්කා හැදිලා හිටියා...:)

      Delete
    3. https://www.youtube.com/watch?v=tYA3o0ap3iU

      Delete
    4. තැනක් යූ Praසන්ன

      Delete
    5. විශ්වාස කරහන් මම මේ දැන්වීම බලලම නෑනේ.. ඒකෙ තියෙන අවුරුද්ද හරිනම් ආයි හෝදන්න දෙයක් නෑ.. 96 ඉඳලා 2000 වෙනකම් මම TV එකක් බලලම නෑ. ට්‍රේනින් කාලේ.. :( බැලින්නම් අපි හෙන වයසක එවුන් නේ බං)..

      Delete
  6. තිත්තපටී පිස්සි....තිත්තපටී පිස්සි.......

    ReplyDelete
    Replies
    1. රසිකයො උඹ පොඩි එකා හිංද පිචෑර් වල නං කනපිට ගහල බලනව එහෙම නෙමෙයි

      Delete
  7. හොඳ වෙලාවට කනපිට ගහල බැලුවෙ නැත්තෙ... හින්දි ‍ෆිල්ම්!

    ReplyDelete
    Replies
    1. දැන් පොඩි ලමයි මාර පණ්ඩිතයි අප්පා...මේ වගේ උන්ව පංතියකට ගාල් කරගෙන උගන්වනව කියන්නෙ ඇඟ කිලිපොලා යන බය හිතෙන දෙයක්

      Delete
  8. තාම ඔය මාමා ඉන්නවාද දන්නේ නෑ....
    හික් හික් හික්

    ReplyDelete
  9. ඔය හූනියං පෙට්ටිය කියන නම ඇත්තට ම හරියට ම ගැලපෙනවා නේද????

    ReplyDelete
    Replies
    1. අනිවා කුරුටු හූනියං පෙට්ටියන්ම තමයි

      Delete
  10. පව් පොඩි එකී එහෙම සවුත්තු කොරාපු එක නං හරි නෑ.. මං නං හරි බයයි පොඩි උන් එක්ක ගනුදෙනු කරන්න.ඔයා වගේ ඇට්ටර කෙල්ලෙක්ට ඕකේ ඇත්ත නැත්ත නොතේරුණු එක තමා මට තියෙන පුදුමේ..)))

    ReplyDelete
  11. මං ඇට්ටරයි කිව..මං සත්තලං වගේ අහිංසක ලමේක් නොවැ වර්සියෝ

    ReplyDelete
  12. ඔයාලගේ පවුල මහා වනචර පවුලක් නේ... අපේ පවුල් වල නම් ඔහොම කතා වෙන්නේ නෑ... කෙලින්ම ඇදලා අරිනවා මිසක්ක...

    ReplyDelete
  13. ඔන්න අපිත් ආව එහෙනම්

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගනිමි

      Delete
  14. අපිනං අර විදියට එක ගෙදරකට (ඇත්තටම කඩේකට) එක්කහු වෙලා බැලුවෙ නන්දන වින්දන තමයි.
    අර හින්දි චිත්‍රපටි වල නං සිංහලට පෙරලල බලන්න හිතුනෙ නැත්තෙ තාත්තගෙ වාසනාවට වෙන්ටැ.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ...ප්‍රසා....

      Delete
  15. අර කියපු ටාටා ඇඩ් එක මෙතනිං බලාගන්න පුලුවන්.

    https://www.youtube.com/watch?v=tYA3o0ap3iU

    ReplyDelete
  16. හරිම නරකයි හැබැයි පොඩි එකීව වාත කරපු එක.. :P

    ReplyDelete
    Replies
    1. ඔවු සිත් පවු මං පුංචි එකා

      Delete
  17. සෝචනීයයි සුගායනීයයි. හැක්...
    අර විදියට ටීවි බලන එකෙත් හෙනව ගතියක් තිබ්බ ඈ..
    ඇයි අප්පා දවස් දෙකක් තුනක් යනව නෙ බැට්ටිය බැස්සම චාජ් කරන්න. ඒ දවස් දෙක තුනේ ඉතිං හෙනම අප්සට් කට්ටියට. හොඳ නාට්ටියක් හෙම තිබ්බ නං ඔය දඬුබස්නාමානය වගේව... හෙහ්...

    මේ ළමය ඒ දවස් වල නරක් වෙලා හිටිය කෙනෙක් නෙවී වගේ. ඒකනෙ අර වගේ ලස්සන ලස්සන හිංදි පිලුම් බලල නැත්තෙ
    හැක්

    ReplyDelete
    Replies
    1. ඇයි මහේෂයෝ මං දැන් නාකද?

      Delete
  18. ඉස්සර මට තිබ්බ ප්‍රශ්නයක් තමයි කොහ‍ොමද ටීවී එක‍ේ නිතර නිතර යන දැන්වීම් වල ඉන්න අය හැම වෙලේම එකම විදිහට රඟපාන්නෙ කියා (රෙකෝර්ඩින්ග් ගැන අදහසක් නෑ)....

    ඒ ඉස්සර මතකෙට මං පට්ට විදිහට අාසයි... වෙලාවකට youtube එක‍ේ පරණ කතා.. ඇඩ් පැය ගණන් බලනවා එක දිගට..

    මොනවා කිව්වත් 85/90 ඉපදුණ උං තරං ආතල් ගත්තු සෙට් එකක් මේ ල‍ෝකෙ නැතුව ඇති..

    ReplyDelete
    Replies
    1. අනිවා රයිටර්...අපි ලෝක දෙකක් අතර ජීවත් වුනා.පරණ දේවළුයි තාක්ෂණයයි එකට කලවම් වෙලා විඳින්න ලැබුන

      Delete
  19. මටත් මතක් උනා ෆිල්ම් සෙට් එකක්. මෙතන කියන්ඩ බැරි තරං සෝචනීයයි. එයිට හොඳා මෙව්ව,

    1. දිස් කොරකඩේ පෑන් ලෙටව්ස්
    2. ද බ්ලොක් ගල්
    3. එන්න නංගි බන්ට් එක දිගේ
    4. කව්ද ටොයිලට් එකේ ටක් ටක්...
    5. ඇයිද චූ පමා (චයිනිස්)
    6. වනේ කංගු (දෙමළ)
    7. එන්ට ද ඩ්‍රැගන් පාට් ටූ - එන්ට එපා ද ඩ්‍රැගන්
    8. එන්ට ද ඩ්‍රැගන් පාට් ත්‍රී - යන්ට ද ඩ්‍රැගන්

    ReplyDelete
    Replies
    1. එන්ට ද ඩ්‍රැගන් පාට් ෆෝ - ගිහින් එන්ට ද ඩ්‍රැගන්

      Delete
    2. කැරි ඔන් ද බෙඩ් ෂීට් කියල ඉංගිරිස් ෆිලුමක් තිබ්බා ඒ කාලේ.. ඇයි අර නාට්ටියකුත් තිබ්බේ රතු හුන්ඩුව කියලා.. හැක හැක හැක..

      Delete
    3. අප්පද බොල ඔයි තියෙන්නෙ මං නොඅසපු එව්වත්

      Delete
    4. හනේ බොල කමියො... අරක “බෙරි ඔන්ද කැඩ්ෂීට්“ යකෝ...! එව්ව ඔට්ටුයි නං මෙන්න මගෙන් තවත්...

      කීටු නම්බ (ඉංග්‍රීසි)
      කැන මොරියද ගඹිලි තැහේ (හිංදි)
      කල්ල වඩන් වරුකලෛ (දෙමළ)
      වනකානන් කල්ල වඩන් පාකන් (අර උඩ එකේ දෙවෙනි කොටස - දෙමළ)
      දිල්වාලේ අංක දෙක - දිල්ල වලේ (හිංදි)
      සෙල්ල වලවේ (වාර්තාමය)

      Delete
  20. මොනවා උනත් අම්මල මාමල ජොලියෙන් ඉඳලා තියෙනවා ඒ කාලේ.. දැන් දුව ඉන්නවා වගේ.. එච්චරනේ වෙන්න ඕනි.. :)

    ReplyDelete
  21. මේ තියෙන්නෙ
    දෙමළ චිත්‍රපටි
    වනකනන් කල්ලවඩන්
    නයියේ පාඩගම් (ප්‍රධාන චරිතය- ගයිල්මාලා)
    සෙල්ලවලවේ

    ReplyDelete
    Replies
    1. එවුව වැඩිහිටියන්ට පමණයි ලේබලෙන් ආව එවුව නොවැ ඇනෝ

      Delete
  22. පරණ කතා මතක් වුනා.

    ReplyDelete
  23. /ලාම්පුරෙ ප්යාර් කෙරේ.../
    ටීවී කතාව කිව්වාම මතක් වුණේ. ඒ කාලෙ ගමේ වැඩියෙ ටීවි තිබුන්නෑ. අපේ කඩයක් තියෙනව ගෙදරම, තිබුණෙත් කලු සුදු ටීවි එකක්. ඒ දවස් වල ගමේම වයසක උන්දැල අපෙ ගෙදරට එනව ප්‍රවෘත්ති බලන්න. 7ට් අයි.ටී.එන්, 8ට ජාතික රූපවාහිනියෙ. ජාතික රූපවාහිනියෙ රොබින්සන් අන්දරය, රවුන්ඩ් ද ට්විස්ට් වගේ ලස්සන ළමා කතා පෙන්නුව කාලෙ, 7ට. මාත් ඉතිං පුංචි එකානෙ අප්ප.අරගොල්ලො නිවුස් බලන්න නොදුන්නම ගස්සගෙන යනව. අප්පච්චි කැමති වේයැයි ගණුදෙනු කාරයො නැති කරගන්න... මං කැමති වෙයිද ඉතින් අර ටික නොබල ඉන්න...? එක යුද්ධෙ ගෙදර හැමදාම රෑට. තාමත් මට පෙන්නන්න බෑ කියන්නකො අර සීයල සැට් එක... මගෙ ළමා කාලෙ හතුරො ටික.

    ReplyDelete