Wednesday, April 13, 2016

අවුරුදුත් දැන් පොෂ් වෙලා


“හම්මේ  හරී මහන්සියි.කෝ මේ කෙල්ල “මම හැම තැනම බැළුවා...

“තාමත් මේකි නෑ....යකෝ ගිය ඔක්තොඹර් වල ඉඳලම කතා කරලා කතා කරලා දැන් මගෙ හොටත් රිදෙනවා...

මං පිහාට්ටකින් හොටේ ලාවට පිරිමැද ගන්න ගමං කීවා

කෙහී...මේකි වෙන කොහෙක් එක්ක පැනල ගිහින්ද මන්දා

අදළු අවුරුද්ද...ඈ යකෝ අද අපේ දවස...මේකි තාමත් නෑ

ඇයි යකඩෝ ...අපි සිරිලංකාවටම සංගීතෙ දෙන්ඩ එපායැ අද

මං රවුං බිත්තරයක් කාලෙ මයෙ අම්ම මාව කපුටගෙ ගෙදර බෝඩ් කොලා
දුප්පත් ඈට කූඩු කෑල්ලක් අටෝ ගන්ඩ සමුද්දියවත් නැතිකොට ඈ මුනා කරන්ඩද

ඒත් කපුට කූඩුවෙන් ඉගිලෙන කං වහං වෙලා ඉන්න ඈ දවල්ට හොරාවට ඇවිත් මාව උනුහුමට තුරුල් කොරං හිටිය
.
පරණ ගම කතා කොහා වංශය වගේ දේවල් වලිං මං පෝසනය කලා

පරණ ගම කතා ඇතුලෙ අවුරුදු කතා වලට එක වෙළුමක්ම වෙන් වෙලා තිබ්බ

කෙහී පැත්තකිං තියල මං අවුරුදු හොයන්ට ගත්ත

අවුරුද්ද...........................................

හැම ගෙදරකට වැට දිගට එරබදු පිපිල
උංචිලි පදින ගැටිස්සියො
කැවුම් සුවද
තරහ මරහ අමතක කෙරිලි
නෑ ගං යාම
අවුරුදු සෙල්ලං
සතුට
අළුත් ඇදුං

මයෙ අම්ම අවුරුදු ගැන කීවෙ එහෙමයි.

උඩිං ඉගිල්ලිලා යනකොට රතුපාට එරබදු වැට පැහැදිලි සලකුනක් හංද මං අවුරුදු හොයන්ඩ ඉස්සරලම හෙවුවෙ එරබදු වැට

හුටා...මොන එරබදු වැටවල්ද?

හැම තැනම ලොකු සිමෙංති වැටවල්...එරබදු මලක් ලඟ පාතක නැ

මහංසිය වැඩි කමටම මං සිමෙන්ති වැටකට හේත්තු වුනා

.......
ගෙදරක අවුරුදු

මට කෙහී හම්බුනා කියල මොහොතකට හිතුන

මේ ගෙදර උදවිය ඈව පෙට්ටියක හිර කරල..ඉතිං ඈ මං ලඟට එන්නෙ කොහොමද?

ඈ නොනවත්තාම කෑ ගහනව

ඩැඩී...ඩැඩී  මොකාද මේ ටී.වී එකේ පෙන්නන බර්ඩ්....ළමා කටහඩක්...
ආහ් අළුත් චීත්ත ගවුම් අඳින පුංචි එකියක් වෙන්ඩෑ..මං ලාවට එබිල බැළුව

ආහ් නෑ...දනඉහෙන් ලොකු පිහාට්ටක් විතර උඩට රෙදි පටියක් ඇඳපු පැංචියක්.

මෙහෙට අවුරුදු නැද්ද

එහෙනං ඇයි කෙහීව හිර කරං

ඕ ඕ ඕ සිස්............ඒ කපුටා...

නෑ පුතේ ඒ කොහා...ඔසරිය ඇඳගෙන තෙල් හැන්ද අතට ගත්ත අම්ම

නෑ නෑ...ජීන්ස් එකක් ඇඳල මොබයිල් ෆෝන් එක 

“හලෝ... හලෝ... ඈ කෑගානව...
මේ ****** කේටරිංද?..........ආ ඔවු අපිට පපඩම් වගේ ජාතිය 10යි කැවුං 10යි අර කොන්ඩෙ තියන කැවුං 10යි එවනවද?....ආ නෑ..නෑ ඕන කැවුමක්...ආ ඔවු ..ඔවු....10 ගානෙ ඇති.අපි කෙලෙස්ටරෝල් වලින් පරිස්සං වෙන්ඩ ඕනනේ...තව ලියා ගන්ඩ නොනගතේදි කන්ඩ ෆයිඩ් රයිස් 4කුයි ඩිකන් ඩෙවල්  02කුයි එවන්ඩ..

“ඔයා බෝතල් ටික ගෙනාව නේද?ඇය තව කෙනෙක් දිහාට හැරුන

ඔවු ඔවු දවස් 2ක් බාර් වහනවනේ මං කලිංම ගෙනාව...

හක් හක් හක්...ඔවුව තියනවනං අපිට හැමදාම අවුරුදු.....

හපොයි..මගේ කං වලිං දුං පිට උනා .......අපිට හැමදාම කෑ ගහන්ඩ වෙයිද?

බලන්ඩ‍ෙකා අනේ මේ කැවිලි වල ගනන්..කැවුමක් 30ක් වෙලා..මං එවෙලෙ මේසෙ හදන්ට විතරක් ඕඩර් කලා

කමක් නෑ කමක් නෑ....නැත්තං ඉතින් වෙසක් කන්ඩ නෙමෙයි වෙන්නෙ ලෙව කන්ඩ....

ආ..ඒ කියන්නෙ කැවුම් හදන එකත් මධ්‍යගත වෙලා..

ඔවු අනේ නෑයො හැමෝම තෑගි දෙනකල් බලං ඉන්නව.....මෙකෝ සල්ලි නෑ කියන්ඩයැ..

“කිව්වත් පිලිගනීද අනේ ලෝබ කම කියාවි....

අළුත් අවුරුද්දෙ වැඩට යන්ඩ මං ගිය පාර ඔයාගෙ උපන්දිනේට දුන්න ෂර්ට් එක අරං තිබ්බ....අපිට අළුත් ඇඳුම් ගන්ඩ සල්ලි මදි උනානෙ“

හ්ම්.. සුසුමක්...ඔයාට?

මං අර තේනුකගෙ වෙඩිං එකට ඇඳපු සාරිය අඳිනවා....ඒක ඔෆිස් එකට නං ටිකක් වැඩියි වගේ..ඒත් ඉතිං මක් කරන්ඩද

යකෝ එතකොට වසන්ත මංගල්ලෙ අවමංගල්ලයක් වෙලාද

අම්මලා අවුරුදු නැකත් ඉවර වෙලාම මෙහේ ඒවි?

මට හරි මහංසියි අනේ.....එයාලට සාත්තු සප්පායං කරල පහුවදත් වැඩට යන්ඩ එපැයි...

මොනා කරන්ඩද අනේ ඒව චාලිත්තරනේ...මොකෝ ගෙදර එන්ඩ හදනකොට එපැයි කියන්ඩයැ...

ඩැඩී...කවුද අර රැවුල් අංකල්....

ආ ...එයා ගොඩක් උගතෙක් මං හිතංනෙ...අවුරුද්දෙ වටිනාකම කියා දෙනව

ඒ අංකල් කියන එවුව තේරෙං නෑ මමී....

ආ ඒ කතා කරන්නෙ ඉස්සර කාලෙ බාසාවනේ බබා

ඉතිං මමී...අපිට තේරෙන්නෙත් නැතුව එයා කියවන්ඩ මහංසි වෙන්නේ  ..පවු නේද අනේ

එයාලට ඕවට සල්ලි හම්බෙනව

ඩොං පටෝං

මොනවද ඩැඩී ටීවී එකේ පුච්චන්නෙ

ඔවුවට කියන්නෙ රතිංඥ කියල

කනුත් රිදෙනව මමී...ඇයි අපි එවුව දාන් නැත්තෙ

ඔවුවට පිච්චුනාම බේත් ගන්ඩ වෙනව..අනික රෙක්සි කැමති නෑ ඔය සද්ද වලට

මමී අර සෙල්ලංද රබං ඔලිඳ කෙලිය...

හ්ම්

ඔලිද කියන්නෙ මුනාද ඩැඩී

ගස් ජාතියක් ළමයෝ..ගූගල් සර්ච් කරල හොයා ගන්නවකො වද දෙන් නැතුව

ඉතිං එව්ව මේ අපි කරන වීඩියෝ ගෙම් වලට වඩා ජොලිද මමී

නෑ නෑ එවුව කරන්ඩ ගියාම නරක ලමයි එක්ක රංචු ගැහෙන්ඩත් වෙනව..මෙන්න මෙහෙට වෙලා  වීඩියෝ ගේම් එකක් කරනවා

මං මේ නොනගතේදි සෙට් වෙන්ඩ රවියට එන්ඩ කිවුවා...ගින්දර වගේ බයිටක් ඕන....... ඩැඩී මේසයක් උඩ බොතල් ගොඩක් අහුරන්ඩ ගත්ත

නොනගතේ පංසල් යන අය කෝ..

ඇයි අනේ මලක් පානක් වත් පූජ කරන් නැද්ද

ඔයයි ලමයි 2න්නයි යන්ඩ..මං කැබ් සර්විස් එකක් කතා කරන දෙන්නං

ඕන නෑ අනේ...පංසල් ඇඳන් යන රෙදිත් හෝදන්න වෙනව මට

බබාල ඔන්න ඔය හෝම් වර්ක් කරල ඉවර කරන්ඩ..ග්‍රැනීල ආවම එයාලත් එක්ක පාර්ක් යන්ඩ උනොත් ඒ ටික කරන්ඩත් බැරි වෙනව..

ගනුදෙනු....

වඳින්න බුලත් අත් ගන්නෙ කොහොමද/බුලත් කොලයක් රුපියල් 6යි...

අනේ බොරු වැඩ..අපේ උන් මොකටද දන නමන්නෙ කවුරුවත් ඉස්සරහ.ටටා බායි කියන්ඩ පුරුදු උන ළමයි

ඩැඩී මං නං වදිනව ලොකු මාමට..එයාට වැන්දාම සුපියල් 1000ක්ම දෙනව

ඉතිං නැන්දලත් දෙන්නෙ

එයාල දෙන්නෙ සීයෙ කෑලි.වීඩියෝ ගේම් එකක්වත් ගන්ඩ පුළුවන්ද 100කින්යයියෝ

ෂං..... මුන් නැකතට කලින් කිරිබත් ගේන එකක් නැද්ද

ටං ටං...

ආ ගෙනත්...

මමී බඩගිනියි...

මොන නැකත්ද අනේ පොඩි උන් බඩගින්නෙ තියන්ඩ පුළුවනැයි....ඔන්න ඔහෙ කන්ඩ කියන්න..කොයි වෙලේ කෑවත් බඩටනේ..ලුනු මිරිස් සැර ඇති....අර චිකන් ටික හදල ගන්ඩ

හපොයි කෙහී හම්බ නොවෙන එක හොඳයි.....මං අපේ බිත්තර වලට මේ අවුරුදු කතා කියා දෙන්නෙ කොහොමද?මේ විශේෂ කතාවක් යැයි..අවුරුද්දෙ දවස්  365ම කතාව මේකනේ



24 comments:

  1. හෙක් අවුරුද්ද වෙනස් වෙලා නැහැ, මිනිස්සු වෙනස් වෙලා, එත් වෙනස් උණු මිනිස්සු දිනයක් වටේ පොඩි ගැහෙනවා. අපුරු කතාව. අවුරුද්ද පොෂ් වෙලා. ජය. සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. සුබ අළුත් අවුරුද්දක් සොමියෝ

      Delete
  2. ඔයා හරි. හැම දේම මේ විදිහට පොශ් වෙලා. අපූරු කතාව..
    සුභ අලුත් අවුරුද්දක් ඔයාටත්...

    ReplyDelete
  3. අවුරුද්ද අනාථ වෙලා.. ඔය මට්ටමට වඩා ටිකක් ධනවත් උනාම ආයෙ ශේප්.. ඔය මට්ටමට වඩා ටිකක් දුප්පත් උනා නම් ඒත් ශේප්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අර මුස්ලිම් සිරිතට බාරියාවො ගන්නව වගේද?දුප්පතා කූඩාරං 4 අටවලා දෙනවා.ධනවතා මාලිගා 4ක් හදනවා.මධ්‍යම පාංතිකයා එක ගෑනියෙක් විතරක් ගන්නවා.හැමෝටම එක විදියට සලකන්න කියලලුනේ තියෙන්නෙ

      Delete
  4. කොහත් කොරන වැඩ පැත්තකට වෙලා ඉන්නැතුව...හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. අම්මපා බලපංකො රසිකයෝ

      Delete
  5. අවුරුද්ද විතරක් පොෂ් නොවී තිබුනොත් තමා පුදුම.

    ReplyDelete
    Replies
    1. වැල යන පැත්තට මැස්ස ගහන්ඩ එපාය මල්ලී

      Delete
  6. සෙනෙහස් වැසි වැටී පොහොණි ව දිවි කතර
    දුකඳුරු මැකී එළි පෙහෙළි ව මග හසර
    හද කෙත පුරා මනුදම් පීදෙන අතර
    අරුණැල්ලක් ව ඇහැරේවා නව වසර

    ReplyDelete
    Replies
    1. ලස්සන වඩන ලස්සන අදහස් නංගා
      එසේමවේවා

      Delete
  7. Subha nawa wasarak. Kehi hamu wewa! Super writing. :)

    ReplyDelete
    Replies
    1. එසේම වේවා මිත්තර 5ස් කට්ටුවටම.

      Delete
  8. නියම කතාව... පොෂ් ගෙවල් වල නම් මෙහෙම තමයි... ඒත් අපේ ගමේ නම් හැම ගේකම වගේ මොනවහරි දෙයක් හදනවා... දැං ඉන්න ළමයි කොත්තුව ගැන දන්නවා... හත් මාලුව දන්නෑ.... අවුරුදු තියෙන්නෙ ටීවි එකේ... හනේ හෆොයි!
    ඔබ සැමට සුබ නව වසරක් වේවා!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. අනිවා පොඩි මල්ලී...අවුරුදු තියෙන්නෙ ටී.වී එකේ ...අපේ අම්මලගෙ ගෙදර නං තියනව.මෙහෙ නැන්දම්ම තැටි කේක් වියාපාරයක් කරනවනේ..අවුරුද්දට බිසිනොස් නැගල යනව...ගෙදර අයගෙ වැඩේ අවුරුදු පැත්තකින් තියල එව්ව හදනව

      Delete
  9. / ආ..ඒ කියන්නෙ කැවුම් හදන එකත් මධ්‍යගත වෙලා.. /

    මධ්‍යගත නෙවෙයි බොල විමධ්‍යගත වෙලා. මධ්‍යගත කියන්නෙ ඔක්කොම වැඩ එක තැනකින් කෙරෙන එක. විමධ්‍යගත කිව්වම එක එක වැඩ වල වගකීම නොයෙක් අයට බෙදාහැරෙනව. ඒ හින්ද කැවුම් පිටින්ගන්නව කියන්නෙ ඒ වැඩේ විමධ්‍යගත වෙලා...තේරුණෙයි?

    / මං මේ නොනගතේදි සෙට් වෙන්ඩ රවියට එන්ඩ කිවුවා… /

    අන්න ඒකනෙ දැක්කද? ඒ මනුස්සය දන්නව අලුත් අවුරුද්දෙ හා හා පුරා කියල වැදගත් මනුස්සයෙකුට ආරාධනා කරන්ට..ස්තූතියි ස්තූතියි...

    ***********************************

    ඔබතුමියටද ගරුතර සුද්දා මහත්තයාටද දෙමව්පිය සහෝදර සහෝදරියන්ටද නෑදෑ හිතවතුන්ටද ඔබේ සිසු දරුවන්ටද එසේම සුරතල් බලු බළල් ආදී සුරතළුන්ටද සුබ නව වසරක් වේවා!!! සියලු පැතුම් ඉෂ්ඨ සිද්ධ වේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා රවි උත්තමයෝ
      මධ්‍යගත කියනඑකෙන් මං අදහස් කලේ හැමෝම කැවුම් හදන එක එක තැනකට බාර දීල වගේ අදහසක් එන්ඩ
      අදහස අවුල්ද මංද
      අනිවා අනිවා....අවරුද්දටම ඇතිවෙනඩ පානය කරන්ඩ පුළුවං පොරක් හොයන්ඩ ඒ මුනියා සමීක්සනේකුත් කොරලලු ඔබ තුමාව තෝර ගත්තෙ

      Delete
  10. අයිසෙල මොනව හරි ලියනව හලෝ, තමුසෙලට අවුරුදු උනාට අපට මෙහෙ අවුරුදු නෑ යකුනෙ.

    ReplyDelete
    Replies
    1. වෙලාවට අවුරුදු නැති එකත් හොඳයි කියලා හිතෙනව යකූ..අවුරුද්ද කියන්නෙ අමතර වුඩ ගොඩක් විතරක්ද මන්ද වෙලාවකට හිතෙනව

      Delete
  11. කාලේ වෙනස්..තාලේ අළුත්..

    සුභ අළුත් අවුරුද්දක් හැමෝටම..

    ReplyDelete