Friday, April 8, 2016

ලස්සන රෝස විතරද....? ඇයි නිදිකුම්බා

මල් වලින් ලස්සන රෝසමල් විතරක්ද?ඇයි නිඳි කුම්බා මලක් ලස්සන නැද්ද?රෝස කටු කොච්චර නපුරුද? නිදිකුම්බා කටු උනත් රොස කටු වලට වඩා කොයිතරම් මුදුද?රෝස මල් මිදුලෙ පාත්තියක වැඩි සැලකිලි මැද පිපෙන එකයි නිඳිකුම්බා කැලේ තණ කොල මැද පිපෙන එකයි අතර ඔය තරම්ම ලොකු පරතරයක් තියනවද? මං මගෙන්ම ඇහුවා

ප්‍රථම ප්‍රේමයේ සුන්දර අසුන්දර මතක...

ඒ 2008 අවුරුද්ද..මට තාමත් අමතක නෑ...ඉස් ඉස්සෙල්ලාම ඔය ඇස් මට මුණ ගැසුනෙ 122 බස් එකකදි..අවුරුදු නිවාඩුවට ගිනි ගත්ත කොලොම් පුරේ අතර ඇරල ගම් පලාත් වලට ඇදෙන සෙනග ගොඩේ තෙරපිලා ඉන්නෙද්දි...

එදා අපේ ඇස් කතා කලේ සසර සර ආදරයක් ගැන කියල එදා ඔයත් හිතුව..මාත් හිතුව

අපේ ආදර කතාව පටන් ගත්තෙ පූජා බිමක...රත්නපුර මහ සමන් දේවාලෙන්.....සමන්දෙයියන්ගේ ආසිර්වාදෙ අපිට නොලැබුනේ ඇයිද මන්ද?

උඹ මට අදුන්වල දුන්නෙ මං කවදාවත්ම නොදැකපු ලෝකයක්..උණුසුමින් හිනාවෙන් හා සතුටින් පිරිල තිබුන ලෝකයක්...

මං හිතුවේ ඔයා  පාරාදීසියකට දොර ඇරල දුන්නයි කියල...
පංසලක් පල්ලියක් දේවාලයක් දකින හැම මොහොතකම මගේ ප්‍රාර්ථනය වුනේ සසර සැරි සරනකල්ම ඔයාගෙම වෙන්න...

ඒත් ඒ වසන්ත හීනය බොහොම තාවකාලිකයි..
.
“උඹ අඩු ජාතියේ ගෑණියෙක් ගෙනාවම අපි ගමට රටට මූණ දෙන්නේ කෙහොමද?“

මුල්ම වෙඩි මුරේ ඔයාගෙම අම්මගෙන්

“අඩු ජාතිය“???

ඒ මොකක්ද?

එහෙම එවුව තියනව.- ඔයා අහක බලං කිව්වෙ

ඉතින් මගේ මොනවද අඩුයි කිව්වෙ.- මං ඇහුවෙ ඕනෑවටත් වඩා පුෂ්ටිමත් මගේ සරීර කූඩුව දිහා බලන ගමන්

“වාසගම“

“වාසගම“????? ඕක ඉතින් තාත්තලගෙන් සීයලගෙන් ආව එකනේ“මං උවමනාවට දාගත්ත එකක් යැයි,,,
මං කිව්වෙ හිනා වෙන ගමං

“අපි ගොවිගම...ඔයාල හකුරු“

“හරි එහෙමයි කියමුකො...ඉතින් ඒක මං කරපු දෙයක් යැයි...අපේ සම්බන්දෙට ඒක බලපාන්නෙ කොහොමද?.....මට තාමත් තේරුන්නෑ...

ඔයා අඩු කුලේ..ඔයාගෙ කටහඩෙත් පිලිකුලක් තිබුනා.....

???????????

මගේ වාසගම ***********ආරචිචිල්ලාගේ,ඔයාගේ  *****ගේ

ආහ් දැන් මට තේරුනා..ඔයාගෙ වාසගම කෑලි දෙකයි...මගේ වාසගමට එක අකුරයි

ඔවු

ඉතින් ඒක අපේ ආදරේට බලපාන්නේ කොහොමද?

“ගෙදරින් කවදාවත් ඔයාට කැමති වෙන්නෑ..අපි මේක නවත්තමු....

මුළු ලෝකෙම එක පාරට නැවතුනා..ඉර එලියත් ටිකක් මලානික උනා...නුගේ ගොඩ අහස අඩන්න අර ඇද්ද

අනේ ඉතිං මං ඔයාට ගොඩක් ආදරෙයිනේ....

ඒ වුනාට කරන්න දෙයක් නෑ...

ඉතිං අයියේ මං ඔයාට වරදක් කරලා නෑනේ...ඔයාගෙ අම්මලටවත්....

එතකොටත් මගේ මුල්ම රස්සාවේ මුල්ම පඩියෙන් ඔයාටයි ඔයාගෙ අම්මටයි තාත්තටයි ගත්ත ඇඳුම් බෑග් එක මං ලඟ තිබුනා...

ඒ වුනාට මේක කෙරෙන්නෑ තේරුම් ගන්ඩ..

ඔයා නැතුව මං ජීවත් වෙන්නේ කොහොමද? අනේ අයියේ..මාව දාල යන්ඩ එපා...

මට කරන්ඩ වෙන දෙයක් නෑ...මං පවුලේ එකම ළමයා“...

ඉතින් පසුසෙ එයාල අපිට සමාව දෙයි...

එහෙම වෙන එකක් නෑ...

ඉතින් ඇයි මං නොකරපු දෙයකට මට දඩුවම් දෙන්නේ....මගේ උගත්කම සල්ලි මදිනං එවුව මට හම්බ කරල පෙන්නන්න පුළුවන්....ඒත් මං කොහොමද මගේ ඇගේ ලේ වෙනස් කරගන්නනේ

ඒක බැරි හින්ද තමයි මේක නවත්තමු කිවුවෙ

අන්තිමට බෙල්ලන්විල පංසලේදි අපි සමු ගත්ත..එදා මං හරි ආසාවෙන් එකතු කරපු සැමරුම් -අපි එකට ගමන් ගිය බස් ටිකට්,කාපු ටොෆි කොල චොක්ලට් කොල,උදේ හවා උණු තොත්තු දීපු ඔයාගේ ෆොටෝ එක..ඒ සේරම මං ඔයාට දුන්නා..ඔයත් මං අකුරින් අකුර අමුණල ඔයා වෙනුවෙන් ලියපු කවි සේරම මගෙ දිහාට දිග් කලා...

තුවාලෙ ආය ආය පාර ගන්න බැරි කමටමයි කාලයක් මගේ ජීවිතේටත් වඩා වටිනාකමක් දුන්න ඒ සැමරුම් මගේ අවසන් කඳුළු බිංදුත් එක්ක බෝඩිමේ කුණු වලේ නිධං කරල දැම්ම..

පිරිත් පැං පොදක් වගේ භක්තිමත් මගේ ආදරේ කෙලවර වුනේ කහල ගොඩකින්....සරසවියේ ගේට්ටුව ගාව ඔයාගේ මූණ එක් චුට්ටක් දකින්න මං පැය දෙක තුනක් හිටගෙන බලං උන්න.ඔයා මං දිහා නොබලම අහක බලං ගියා....එහෙම මං හලපු කඳුළු විජේරාම පාර දිගේ ගල් කැට වෙලා තාමත් පාර දෙපැත්තෙ ඇති.

මං මගේ රස්සාව නැති කර ගත්ත.... විභාගෙ ඇණ ගත්ත...චාටඩ් විබාගෙ නවත්තලම දැම්ම..ඔවු එවුව මගේ මෝඩ කම.

ජීවිතේම අතේ ඇඟිලි අතරින් බිමට වැටෙද්දි රැක ගන්න තරම් ඒවගෙ වටිනාකමක් මට දැනුනෙ නෑ.

මං බලං හිටිය ..බලං හිටිය...බලං හිටිය

කවදා හරි මගේ ආදරේ තේරුම් අරං ආපහු එයි කියල 
මං මග බලං හිටිය

ඔයා කවදාවත්ම ආවෙ නෑ..

මාත් ජීවිතේට ඉඩ දුන්න..

ඊට හුඟ කාලෙකට පස්සෙ මං දැන ගත්ත ඔයා අපේ සම්බන්දෙ නවත්තනකොටත් ඔයාගෙ විවාහ උත්සවයේ මූලික සැලසුම් වැඩ ඉවර කරගෙන ඉවරයි..

ඔයා මගෙන් ප්‍රයෝජන ගත්තාම විතරයි

ඔයා මගේ ෆොන් නම්බර් එක බ්ලැක් ලිස්ට් කරල...මට ඔයාගෙ කට හඩ අහන්න තිබුන අයිතිවාසිකමත් මරල දැම්ම.

මගේ නමට ඉස්සරහින් එල්ලල තියෙන කෑල්ල එච්චරම අජූවද මට මේතරම් දඩුවමක් දෙන්න තරමටම..

මං හිටියෙ මං ගැන ආඩම්බරයෙන්..කවදාවත් කතාවක් අහ නොගෙන ආරක්ෂා කරපු මගේ චරිතය ගැන මං හිටියෙ අහංකාරයෙන්...මං මහන්සි වෙලා ඉගෙන ගත්තෙ හෙට දවස වඩාත් ලස්සන කර ගන්න...මට ආඩම්බර වෙන්න තරම් විවිධ දස්කම් ටිකකුත් උපතිංම මං අරන් ඇවිත් තිබුන

ඒත් වාසගමකට ඒ හැම දෙයක්ම යටත් වුනා...මට කවදාවත් නිවැරදි කර ගන්න බැරි වරදක් මගේ උපතත් එකක්ම සිද්ද වෙලා තිබුන..

අන්තිමට මං ඔයාගෙන් ඉල්ලල අඩං වැටුනෙ ඔයා මගෙන් උදුර ගත්ත මගේ ආදරය නොමෙයි...මගේ නැති කරල දාපු සතුටත් නෙමෙයි....ඔයා සුන්නද්දූලි කරල දාපු මගේ ආත්මාභිමානය....

ඒක ආපහු ගොඩ නගා ගන්න මට අවුරුදු හතරක්ම ගියා

ඔයත් එක්ක ආගිය පාරවල් තනියම යන්න ආයෙත් මං පුරුදු උනා.
..
මං දැක්ක ඔයා මට පිටුපාල තුරුලට ගත්ත ගොවිගම අප්සරාවී තුරුල් කරගෙන බුකියෙ ඉඳන් මං දිහා බලං ඉන්නව

මට දේදුන්නෙ රං හා වලාකුලෙන් සේද හම්බුනා..ඔයාගෙ ඇස් ඒවෙලේ මට කිව්ව

ඒත් මං කවදාවත් ඔයාට කීවෙ නෑ...ඔය මුකුත් නැතුවට දැන් මට මගේ ජීවිතේම හම්බුන බව

රොස මල සුවඳයි ලස්සනයි අහංකාරයි..ඒක දැන් මට වැටහෙන බව.

ඒත් මට ජීවිතයක්ම ගෙනත් දීපු මගේ පුංචි නිදි කුම්බා මල මට ලෝකයක්ම බව


29 comments:

  1. මං මගේ ළමයි තුන්දෙනාගෙන් එකෙකුටවත් වාසගම් දාලා නෑ.. උන්ගේ වාසගම උන්ට හදාගන්න දීලා තියෙන්නේ.. මම බඳින්න යනකොටත් එහෙන් මෙහෙන් ඔය කතා ආවා.. අපි උඩ එයාල පාත.. අපි ගොවි එයාල කරා ආදී වශයෙන්.. එක පාරයි රැවුවේ 'මම බඳින්නේ ගනියෙක්ව මිසක් කුලයක් නෙවෙයි' කියලා.. ආයි කවුරුත් හුම් කියුවේ නෑ.. හිත ගියේ නිදිකුම්බා මලටද.. එතන තමයි මාළිගාව..

    ReplyDelete
    Replies
    1. කමිය මැරයා, ගෙදරටත් සද්ද දාල

      Delete
  2. අනිවා අයියේ පිරිමියෙක්ට කොන්ද පණ තියෙන්ඩ එපැයි ඒවගේ තීරණයක් ගන්ඩ
    මේ සේරම අලකලංචි අස්සෙ මගේ ජීවිතේට වටිනා කමක් දුන්න මගේ සුද්ද මට ලෝකයක්

    ReplyDelete
  3. වෙමින් යන හා වෙමින් ආ ආදරකතාවල ඛේධාන්තය නේද.........කුලයකින් මිනිසා වෙන්කරනා විට මනසින් ඔහු උසස් වන්නේ කෙසේදැයි නොවැටහේ....

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මලේ....පිස්සු තමයි....

      Delete
  4. සමාන කතාවකි මටද ඇත්තේ...
    ඒත් මම නම් නෑ වෙනස් වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අම්මපා මේ........පොඩි එකාටත් එහෙම කතා තියෙයිද...අම්මට කියන්ඩම වටිනවා

      Delete
    2. පොඩි එකා!!!
      අනී ඒ උනාට අම්මට කියන්න එපා... මං පවුනෙ...
      හැක්....!

      Delete
  5. මම හිතන්නේ නෑ කුලේ නිසා මිනිස්සු උස් පහත් වෙනවා කියලා.මමත් විවාහවුනේ කුලේ බලල නම් නෙවෙයි. ඒත් විවාහ උනාට පස්සේ එයාගේ නෑදෑයොත් එක්ක සම්බන්ධ කම් පවත්වනකොට නම් ප්‍රශ්ණ කෝටියයි. ඒ කුලේ එක්ක බැදිලා තියන සිරිත් විරිත් සමහර ගති පවතුම් නිසා. එක්කෙනෙක් දෙන්නෙක් ඒ දේවල් වලින් වෙනස් උනාට පරම් පරාවක් විදියට ගත්තම ඒ වෙනස මම පැහැදිලිව දැක්කා. විවාහ වෙලා ටික දවසකින් මගේ අයියා කෙනෙක් කොහොමද ජීවිතේ කියලා ඇහුවම මම කියුවෙ කරකවලා ඇත ඇරියා වගේ කියලා. (ඇත්තටම ඒ අය අතර මට දැනුනේ ඒ වගේ.) අයියා මට කියුවෙ "කුලේ කියන්නේ පරම්මරාවෙම චරිත සහතිකේ එක්කෙනෙක් දෙන්නෙක් වෙනස් උනාට වැඩි දෙනෙක් ලඟ පරම්පරා ලක්‍ෂන තියනවා. ඒවා වෙනස් කරන්න බෑ කියලා." ඇත්තටම මගේ අත්දැකීම් එක්ක ඒක එහෙම නෙවෙයි ලියලා කියන්න පුලුවන් කමකුත් නෑ.
    වාසනාවකට අපි දෙන්නගේ අදහස් වල ලොකු වෙනසක් තිබුනෙ නෑ. ගොඩාක් දේවල් කතාකරලා විසදගන්න පුලුන් කම තිබුනා. ඒත් අපේ ළමයි නිදහසේ හැදෙන්න ඕන නිසා අපි නෑදෑයන් ගෙන් ඈත්වෙලා ජීවත්වෙනවා.

    ReplyDelete
  6. මේ ලෝකයෙ තියෙන එපා කරපුම දේ තමා කුලභේදය.. අනෙක් අතට මේ වගේ මිනිහෙක්ගෙන් දුරින් දුරු වෙලා යන එක කොච්චර වාසනාවක්ද?

    ReplyDelete
  7. මේ විදිහට කුලය නිසා ආදරයක් එකපාරට නවත්තන එක ගැන නම් මටත් තියෙන්නේ පිළිකුලක්..
    ඒත් කසාද බඳිද්දි අපි ආදරය කරන මනුස්සයා විතරක් නෙවෙයි ඇගේ/ඔහුගේ පවුලේ අයත් දෑවැද්දට අයිති නිසා මේ කුල ප්‍රශ්නේ අපි හිතනවාට වැඩිය සංකීර්ණයි..

    වාසගමක් නිසා තමන් ආදරය කරන කෙනාව කාටහරි දාලා යන්න පුළුවන්නම් එතන ආදරය තියනවද කියලත් ප්‍රශ්නයක්..

    ReplyDelete
  8. පුදුම මිනිස්සුනේ...මේ විසි එක්වන සතවර්සෙලු.....

    ReplyDelete
  9. ඔය කුලේ බලන මිනිස්සු වගුගඩ්ඩක්, ඇස් දෙකක්, ලේ බිඳක් හොයද්දි කුලේ බලනවද දන්නේ නැහැ, එතකොට වැල්ලේ කරා උන් අල්ලපු මාළු කන්නේ නැද්ද දන්නේ නැහැ, කුඹල් ගම අය හදපු වලදක බතක් උයන් නැද්ද දන්නේ නැහැ, අනේ මොන විකාරයක්ද මේ, මොනා උනත් කතාව ලස්සනයි. ජීවිතයට සුවඳ රෝස වලට වඩා නිදිකුම්බා වටිනවා.ජය.

    ReplyDelete
  10. ඒ ඒ වෘත්ති වලට අදාලව කුල මල හදාගෙන ඒවා උස් පහත් කියාගෙන හිටපු කාලයක් තිබුනා.විශේෂ ප්‍රාගුන්‍ය යටතේ හොඳ වැඩ්ඩො බිහිවෙන්නත් ඒක බලපාන්න ඇති.ඒත් දැං තියෙන සමාජ ක්‍රමයට අදාලව කුල ක්‍රමේට ලොකු අභියෝගයක් එල්ලවෙලා ඔප්පු වෙලා තියෙනවා මේක මහ පුහු මජර සිස්ටම් එකක් කියලා.
    දැන් තියෙන රස්සා වල හැටියට කුල හැදුවොත් පට්ට ආතල් එකක් තියෙයි.
    නෑයො හැමෝම හැමවෙලේම එකට ඉන්නෙ නැති නිසා කොහොමත් අවුලක් නෑ.ඒත්... දේශපාලකයො තමුන්ගෙ ඡන්ද පදනම තියාගන්න මේ ක්‍රමේට පොහොර දානවා.ඒකයි අවුල..
    ගස්ලබ්බගෙන් මූණට අහල තියෙනවා මොකද්ද කුලේ කියලා.තියෙන්නෙ එක උත්තරයයි. අපි මනුස්ස කුලේ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මනුස්ස කුලේ..එල එල

      Delete
    2. මනුස්ස කුලේ..එල එල

      Delete
  11. කුලේ උකුලේ තියාලා ,බුලත් විටක් හපාලා න්කෙල ගහපං ..

    කුලේ ,, මිනිස්සු ප්‍රශ්න නැතුව ජීවත් වෙන්න කැමති නැති නිසා විහින් හදාගත්ත ප්‍රශ්නයක් . හැබැයි අදහන්නේ බුදු දහම , බුදු හාමුදුරුවොනන් කිව්වේ මින්හෙක් වසලයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි වෙන්නේ ක්‍රියාවෙන් කියල .

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ මචං මේ යකා වසලයෙක් කියල හොඳට පෙන්නල තියෙයි.

      Delete
    2. මාත් ඔයි තර්කෙම ගෙනාවා ඉවාන්..කෝ ඉතින් වැඩක් උනැයි

      කසුන් මල්ලි කීව “වචනෙට“ දුක හිතුනා...මොනව උනත් තාමත් හිතේ පොඩි ගෞරවයක් වගේ දෙයක් තියනවද මන්දා මලේ

      Delete
  12. අඩු කුලේ කියාලා අසරනයා
    මැඩලන්නෙ මෙ ලෝකේ වසලයා...

    ReplyDelete
  13. ජීවිතයෙන් ඔබ උගත් එක් මහඟු පාඩමක් ලෙස එය සළකා අභිමානයෙන් යුතුව නැඟී සිටින්න...මම ඔබට පවසන්නේ එපමණකි මැතිණියනි!

    ReplyDelete
  14. මං හිතුවේ මේක ප්‍රභන්ධයක් කියලා.. අපොයි ! අන්තිමට මං ඔයාගෙන් ඉල්ලල අඩා වැටුනෙ ඔයා මගෙන් උදුර ගත්ත මගේ ආදරය නෙමෙයි...මගේ නැති කරල දාපු සතුටත් නෙමෙයි....ඔයා සුන්නද්දූලි කරල දාපු මගේ ආත්මාභිමානය....// මට කියන්න වචන නෑ වත්සි. වසලයෙක් තමා. අතීතයට ඉස්මතුවෙන්න ඉඩ නොදී සතුටින් ඉන්න..

    ReplyDelete