Thursday, December 31, 2015

මංගල යෝජනාව



මගේ පාසල් නිවාඩු කාලය මට කිසිසේත්ම විවේක සුවයෙන් ගතකිරීමට නොහැකි වූයේ වසර 40 පමණ පැරණි අපේ ගෙදර ට ෆුල් රෙපෙයාර් එකක් දෙන්ට පටන් ගැනීම නිසාය.එම නිසා මාසයක් පමණ සයිබරයෙන් ඉවත් වී හිඳින්නටද මට සිදුවිය.


මගේ වන් & ඔන්ලි මස්සිනාගේ කාරුණික අනුග්‍රහය ලැබිච්ච හින්ද අපේ ගෙදර තිබුන සබ්බ සකලමනාවම පියවර දොලහක් එපිටින් තිබුන එයාගේ ගෙදර තැම්පත් කලා.බඩු මුට්ටු පොදි ගහපු කාඩ්බෝඩ් පෙට්ටි පෙරහැරක් සැරන් සැරේ පහල ගෙදරට ගමන් කලා
.

අන්තිමේදී තමයි ගෙදර තිබුන ලීබඩු එකින් එක  කෑලි කරන්ඩ ගත්තේ.නැන්දම්මයි මාමණ්ඩියි සහයෝගයෙන් ගෙයි කොනක තිබුන කැබිනට් එකක් ගලවන්ඩ ගත්තේ මේ අහුඅස්සේ.මං කැන්දන් ඇවිත් දැන් අවුරුදු හතරකටත් වැඩි වෙච්චි එදා මෙදා තුර ඒකට කවුරුවත් අත තබාවත් තිබුනේ නැත.



එක පාරටම එතනින් පැන නැග්ගේ මහා හිනාවක්.පුටු පුටු ග ගා මොන මොනවාදෝ කියවන සද්දෙකුත් ඒ එක්කම ඇහුනා.ඕනෑම ඕපයකට හා කන් දැමීමේ ප්‍රවීනතාවයකින් යුත් මම සියළු වැඩ පැත්තක දාලා එතනට පාදුර්භූත වුනේ ඇහි පිය සැලෙන මොහොකතින්.



අම්මා (සුද්දගේ අම්ම) කෞතුක පෙනුමකින් යුත්ත කහ ගැහුන කොලයක් බලාගෙන කියවන අතර තාත්තා අතර මැදින් ඇඩ් දමයි.අම්මා කියවන වාක්කිය රචනය හිනාව නිසා අතර මැද හිරවෙයි.
සේරම වැඩ අතරමැද දමා මමත් එතනින් තප්පලං ගසා ගතිමි.මා වෙනුවෙන් නිධාන කතාව පවසන්නට තරම් තාත්තා අනුග්‍රහශීලි විය.



පියදාස එකල පවුලේ හිත මිත්තරයෙක් විය.තාත්තලා එකල ජීවත් වූ ගම් පියසක  විසූ හේ  පංසලේ ප්‍රධාන දායකයා විය.භාවනා සමිතියේ  සභාපති විය.පාසැලක ගුරුවරයෙක්ද විය.

මෙසේ දැහැමෙන් සෙමින්  ජීවත් වන අතර ඔහු සෝ සයුරේ ගිල්ලමින් ඔහුගේ හිතාදර බිරිය මිය ගියාය.දරුවන් තිදෙනෙකු සමඟ මෙලොව හුදෙකලා වූ ඔහුට කෙමෙන් කෙමෙන් හුදකලාව දැනෙන්නට විය.මැදිවයසේ    හුන් ඔහුට  යලි විවාහයක් කර දීමට ඥාති හිත මිත්තර කිසිවෙක් උනන්දු නොවුනේ ඉස්මුරුත්තාවටම ආ ධර්මිෂ්ට කම නිසා ජීවිතයේ ඉතිරිය අනගාරිකව සිටීවියැයි උපකල්පනය කල නිසා විය යුතුය.

දිනක් ඔහු සමිතියේ ලේකම් ගේ ගෙදරට ගොඩ වුනේ  දෙපැත්තම පුරවන ලද හාෆ්ෂීට් කොලයක් පරිස්සමට ඔතාගෙනය.

“මේං මේක උඹල සමිතියෙන් දාන විදියට පත්තරේට දාල දියං“


එය ලේකම් -  තාත්තාට දෙමින්  පැවසුවාලු.

කොහොමිං  කොහොමිං හරි එය පත්තරේට නොගිහිං කැබිනට් ලාච්චුවක් පතුලේ නිදං වී ඇත.එදා හමුවන  තුරුම.අළුත් පදිංචියත් සමඟ ඔහු උන්නදැයි මලාදැයි නොදන්නා බව අම්මා  කීයේ දැන් ඔහු විවාහකදැයි මා ඇසූ පුස්නයටය.ඔහුගේ වයස අනුව මේ වන විට ඔහු වැලලූ තැන ගසුත් පැලවී තිබීමට පුළුවන් බවත් දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකුම විදේශ ගතවූ බව නං දන්නා බවත් තාත්තා කීය.


මේ ඒ ලිපියයි

යුධ හමුදාවේ මාණ්ඩලික නිලයක් දරා බිරිඳගේ බලවත් ඉල්ලීම පරිදි ඉන් අස්වී ඇත.ඉන් පසු කොළඹ ******* අමාත්‍යාංශයේ විධායක නිලධාරියෙක් ලෙස වසර දෙකක් සේවය කර ඇත.එයිනුත් බිරිඳගේ ඉල්ලීම නිසයි අස්වී තිබෙන්නේ.ඇයට උවමනා වී තිබුනේ තම ස්වාමියා නිවසේම තබාගෙන සිටීමටයි(ඒ ආදරය වැඩි නිසයි)


එසේම ගමේ උදවිය ද මේ මහතාට සලකන්නේ දේවතාවෙකුට ලෙසිනි.මෙතුමා **************** පංසලේ සීල සංවිධානයේ භාවනා උපදේශක නිසා අපිම ඒ මහතා නැති අවස්ථාවක යෝජනා කර ගත්තේ නැවත විවාහයක් කර දීමටයි.


ඔහුට එය ඉදිරිපත් කල විට ඔහු  ආදරය, කරුණාව දයාව හඳුනන නිහඩ ජීවිතයක් ගත කිරීමට යන හර බර වචන ගොඩක් යොදා  කීවේ එහෙම අයෙක් ලැබුනොත්  අකමැත්තක් නැති බවයි.**************** ජාතික පාසලේ විශ්‍රාමලත් විදුහල්පති වන**************** මහතාද මෙතුමාගෙන් උපදෙස් ලබා ගන්නා නිසා ම ඔහුගේ මැදිහත්වීම නිසාම අපි සියළුදෙනා ඉතා අමාරුවෙන් එතුමාව කැමති කරවාගෙනයි මේ ලිපිය ලියන්නේ.

මේ මහකාගේ බිරිඳ විද්‍යා උපාධිදාරි ගුරු මහත්මියක්.ඇය තම ස්වාමියාත් දරුවනුත් සමඟ සෑම පාසල් නිවාඩුවකටම වන්දනා ගමනක් යනවා.තමන්ගේ වාහන වලිනුයි යන්නේ.


මේ මහත්තයයි නෝනයි ඩ්‍රැයිවරුයි දරුවනුයි තමන්ගේ කාර් එකෙන් දින 02ක වන්දනා ගමනක් ගිය අවස්ථාවක අදික රුධිර පීඩනය නිසා නෝනා මියගොස් ඇත. ** ශ්‍රී කාරයක්ද ශ්‍රි ලාන්සර් වර්ගයේ කාරයක්ද ඇත.


ජීවත් වීම සඳහා බැංකු ගිණුම් වල තැන්පත් මුදල් ඇත.රබර ඉඩමක්ද මැලේසියානු රඹුටන් වගාවක්ද (කුඩා කල සිට අල්ලපු ගෙදර විසූ තාත්තා දැක ඇත්තේ නං ගස් 5ක් පමණයිලු) ලක්ෂ 20 පමණ වටිනා දෙමහල් ගොඩනැගිල්ලක්ද(නිවසක්??????) ඇත.අංග සම්පූර්ණ ලක්ෂ ගානක ගෘහ භාණ්ඩද ඇත.






(මෙය අපහාසය තකා නොව හුදෙක් උපහාසය තකා කරන ලද ඉදිරිපත් කිරීමක් වන අතර මිනිසාගේ සිතිවිලි හා ඒවා එලි දක්වන  විෂම ආකාරයන්  පිළිඹද මඳක් සිතා බැලීමට ඔබ යොමු වෙතැයි උදක්ම සිතමි) 

33 comments:

  1. ඒ පව් හලෝ........
    ඒ මනුස්සයා තාම ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවද දන්නෑ??

    ReplyDelete
    Replies
    1. පවු තමා හලෝ..ඒත් ඉතිං මං මක් කරන්ඩද මලේ

      Delete
  2. ඒක පත්තරේට නොදා ගෙදර හංගගෙන හිටපු එකනම් කැච වැඩක් ඔන්...

    ReplyDelete
    Replies
    1. ඔයි වගේ එකක් සමිතියක නමිං පත්තරේ විකට තීරුවේ දාන්නයැයි අම්බලම්
      සමිතියේ නමට හානියක් වෙනවනේ

      Delete
  3. ඇස් ලොඩි එලියට එනකං පාර බලං ඉන්නැති පොර.. පියුං බැල් එක ගහන වාරයක් වාරයක් ගානෙ අක්මාවත් එක්ක ගැහෙන්න ඇති... කෙටිකතාවක් ලියන්න තිබුනා නෙව.. මිනිහගෙ පුරසාරම් කෙසේ වෙතත් උපහාසෙකට වඩා දුකක් වගේ එකක් හීනියට දැනුනා ඉගෙ පෞර්ශත්වය මදිකම ගැන.ගෑනියෙක් ඕන නම් කෙලිං කියන්න තිබුනා... පව් ඉතිං.. කාටත් හොඳ පාඩම්.ලිපිය පලකරපු එක හොඳයි.හෙහ් හෙහ්..
    ජයවේවා...!!

    ReplyDelete
    Replies
    1. ඔවු ලබූ....පවු තමයි.ඉතින් ඕක කෙලින්ම කියලා නොනෙක් හොයා ගත්තනං අහවරයි නොවැ.

      Delete
  4. ඔය සමිති සමාගං වල නිලතල කොරන එවුන් කොහොමත් ඔහොම පිස්සො තමා

    ReplyDelete
    Replies
    1. එයාල තමං ගැන පොරවල් විදියටනේ හිතන්නේ අයියේ.සේරම අලි වංශයෙන් කරන්ඩ යන්නේ.ඉතින් අපිට උන්ව පෙනෙන්නෙ පිස්සො වගේ තමයි

      Delete
  5. මංගල දැන්වීමේ ෆෝන් නම්බර් එහෙමත් නොදාන කාලෙක එයාටම ඕක තැපැල් කරන්නත් තිබුනනේ, ලියල තියෙන පල්හෑලි දැක්කම මෝඩ උද්දච්ච මනුස්සයෙක්දෝ කියලා මට හිතෙනවා...

    එක අතකට ඒ මනුස්සයා පවූත් එක්ක...
    තමන්ගේ උවමනාව මේ විදිහට හරි එළියට පෙන්නපු එකේ ඔයාගේ මාමණ්ඩිලට වෙන කාව හරි දැනුවත් කරලා හරි එයාට පොඩි සපෝට් එකක් දෙන්න තිබ්බනම් තමයි හොඳ...

    ReplyDelete
    Replies
    1. පවු තමයි ලොකූ....මිනිහගෙ හැටියටද දන්නෑ එහෙම කලේ.අහක යන නයෙක් වෙයිද දන්නෑනේ

      Delete
  6. හය්යෝ සල්ලි.. පව් අප්පා... හැබෑටම මිනිහ හෙන හෝප්ස් එහෙම තියං ඉන්ට ඇති නේ...
    ඊළග අවුරුද්දෙ හම්බෙමු
    සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. එසේම වේවා මහේෂ්..ආයෙ හම්බෙන්න අවුරුද්දක් බලං ඉන්ට පුළුවන්ද අප්පා

      Delete
  7. අවුලක් නෑ. ඒ ඇත්තනේ කියල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කිව්ව විදියනේ අවුල රාජ්.

      Delete
  8. ඇයි ඉතින් ඔයාගෙ ආදරබර මාමණ්ඩි ඒක තැපැල් කරලා නැත්තේ. මොනාඋනත් පවු අයියෝ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මාමණ්ඩි එහෙම කොලේ ඇයි කියලා.මටත් පවු කියලා හිතුනා

      Delete
  9. අපූරු මාමණ්ඩියි ලේලි පොඩ්ඩයි....උඹල දෙන්නටම ගහන්ට ඕන අර අපේ ජනාදිපතිතුමා කිව්ව වගෙ මඩු වලිගෙකිං....

    මාමණ්ඩිය අර අහිංසකය ගෙනත් දුන්නු දැන්නීම් කොලේ පත්තරේ නොදා හංග ගත්ත. ඒ මදිවට ලේලි දැං මේ අවුරුදු ගානකට පස්සෙ ඒක රටේ ලෝකෙ හැමෝන්ටම කියවන්ට ප්‍රසිද්ද කලා....අම්මාපල්ල මොකටද ඉතිං මම කියන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ රවි තුමෝ...මාමණ්ඩියා එයාගේ පුතණ්ඩියා මට බාර දුන්නේ

      Delete
  10. පව් ඒ මනුස්සයා.. බොලා මාමණ්ඩිට තිබ්බේ ඕක පත්තරේ නොදා දැනුම් තෙරුන් තියෙන දෙතුන් දෙනෙක් එක්ක කතා කරලා උන්දැට පෙළවහක් කරලා දෙන්න ගැලපෙන තැනකින්. අන්න එහෙමයි කල්‍යාණ මිත්තරයෝ උනාම වැඩ කරන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. මේ කෝපි කාලෙ කතාවක්නෙ මිත්තරේ.එහෙම කලේ ඇයි කියලා මාමණ්ඩියගෙන් අහන්ඩ ගියොත් මට දුන්න පුත්තරයා ආයෙ ඉල්ලාවි කියලා බයයි අෆ්ෆා

      Delete
  11. ඔය ලියුම බ්ලොග් එකක ලියවේවි කියලවත් කවුරු කවුරුත් රස විඳීවි කියලවත් ලියපු කෙනා හීනෙන්වත් හිතන්න නැතිව ඇති. කොහොම උනත් තනියම ඉඳීමේ දුක ලිපියෙන් හොඳින් පෙනෙන්ට තියෙනවා.හරියට නිකං අර ආසයි බයයි ලියුමක් වගේ.

    ReplyDelete
    Replies
    1. ආසයි බයයි....ඒත් ඇයි මිනිස්සු ඔහොම හැඟීම් තෙරපගෙන ඉන්නේ කියලයි මට නොතේරෙන්නේ හැලපේ

      Delete
  12. ඔකට තමා කියන්නේ උද්දච්චකම, මහන්තත්වකම එක්ක බැඳී එන මෝඩකම කියලා. යකෝ මේ රටෙ මෙදාට වඩා ප්‍රජාතන්ත්‍රවාදය ඉහලින්ම එදා තියෙන්න ඇති. එහෙම එකේ තමන්ගේ සැබෑ අවශ්‍යතාවය කෙලින් කිව්වනම් අහවරයි නේ. පවු තමා.

    මංගල යෝජනාවල නම් හිටවන බොරු තියෙන්නේ.

    ලබන්නා වු 2016 වසර ගුරුතුමාටත් ඔබතුමීටත් පවුලේ සියළු දෙනාටත් සියළු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා.!!!

    ReplyDelete
    Replies
    1. සමහර එවුව ඇත්ත සුජී...මං මේ අගේට සුද්දව හොයා ගත්තේ

      ඔබටත් එසේම වේවා

      Delete
  13. චැක් මම හිතුවෙ ටිචගේ පරණ ලිවුමක් කියල...හෙක් හෙක්..

    ReplyDelete
    Replies
    1. හපොයි ...විලි ලැජ්ජාවයි

      මං ඔහොම නෑ...ගෙදර හැමෝටම ඇහෙන්ඩ කියනවා
      අම්මේ මේ මට කියන්ඩ ලැජ්ජයි තාත්තට
      මං තරුන වයසේ හැඩි දැඩි කෙල්ලෙක්
      හොයාල දෙන්නකො ලස්සන කොල්ලෙක් කියල

      Delete
  14. සුභ නව වසරක් වේවා.................

    ReplyDelete
  15. චැහ්.. මිනිහට 40 ශ්‍රී ලොරියක් ගන්න තිබ්බ චෑන්ස් එක බොලාගෙ මාමණ්ඩි විසින් මිස් කොරලනෙ.

    සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. කියල මොකටද ප්‍රසන්න..ඉරිසියාවට වෙන්ටෑ..ඔබටත් එසේම වේවා!

      Delete
  16. ආන්න පුතේ මගුල් දැන්වීම් කිවුවලු :D

    සුබ නව වසරක් වෙවා!!!

    ReplyDelete
  17. Great post. I'm going through a few of these issues as well..


    Feel free to visit my web page; pirate kings hack tool no survey

    ReplyDelete