Sunday, October 25, 2015

පෙල පොතේ මල ගම

සාමා එන්න - මල් පිපී දැයි බලන්න
කෝ අනේ සල් ගහ
මන්ත්‍රීගෙ ලී මෝලෙ
දැනටමත් පතුරු වී ඇති...
ඒත් කෝ අමර දැන්
කුඩු අරන් මත් වෙලා
කුනු කෙලත් පෙරාගෙන
බස්හෝල්ටෙකේ බුදි ඇති.........

රටකජු නාරං තබා
සීනි බෝලවත් නැතිවම
පැය ගනන් කඹුරලා
සොච්චමක් අතට ගෙන
පාං බාගෙත් අරන්
තාත්තා කෝච්චියෙ ඇති............

පැටවුන් බඩ බැඳ ගස්උඩ යනවා
කියන්න මගෙ නම කියන්න කීවත්
ලැයිසොන් තුවක්කු දෙවියගෙ උදහස
හින්දම වඳුරත් ගහ මුල දොයි ඇති...
සමහර විට අර දැල්වෙන ගින්දර
මැද රස හොද්දක් වෙලා හිඳින්නැති
ඒ ගින්දර පණ ගසා කියන්නේ
උගෙ අඹු දරුවක්ගේ දුක් වෙන්නැති............

කොලයක් ගත්තත් ඔරුව හදනු බැරි
සහස්‍රකේ අපි ඒවා දන්නැති
ඒකට ටියුෂන් යන්නත් ඕනැති
කොම්පීතර ගේම් වගේ නොවෙන්නැති..........

ඔරුවක් හැදුවත් වැස්ස දකිනු බැරි
පොත් තුල කිමිදෙමු තෙරක් පේන්නැති
සල්මලකක හැඩරුව නරඹන්නට
ඉන්ටනෙට්ටුවෙන් වරම් සොයන්නැති

22 comments:

  1. සැබෑව හා යථාර්තය...

    ReplyDelete
  2. මේ සිලබස් වෙනස් වෙලාලු නේද? අපි ඉගෙන ගත්ත පොත ගිය අව්රුද්ද වෙනකල්ම තිබුනනෙ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද කසුන්....මං මේ පොත ළඟදි ඉස්කෝලෙ ගබඩාවෙ තිබිල හොයා ගත්තා.අකුරු අඳුනන්නැති 8 පන්තියේ ලමයෙකුට උගන්නන්න

      Delete
  3. 90 දශකයෙන් මෙහා දරුවන්ගේ ඛේදවාචකය තමා මේ.

    ReplyDelete
    Replies
    1. අනිවා...ලමයි සල් මල් හොයන්නෑ...සෙක්ස් ඊට වඩා ආකර්ෂනීයයි 2 වසරෙ ලමයෙකුට වුනත්

      Delete
  4. //කෝ අනේ සල් ගහ
    මන්ත්‍රීගෙ ලී මෝලෙ
    දැනටමත් පතුරු වී ඇති...
    ඒත් කෝ අමර දැන්
    කුඩු අරන් මත් වෙලා//
    ++++

    ReplyDelete
  5. තාත්තා ගෙනා පාන් භාගෙ
    කාපු අපි හතරදෙනා
    ඩුබායි ගිය අම්ම එවු
    කහවණුත් ඉතුරුකර
    මොරටුවට මම පාස්
    සිස්සත්තෙන් නංගි එක
    සමාජෙ යනු අපියි බං
    අපි හරිනම් ඒකත් හරි

    ReplyDelete
    Replies
    1. මාත් එකඟයි...ඒ වගේම ඔයා ගැන ආඩම්බරයි

      සමාජෙ යනු අපියි බං
      අපි හරිනම් ඒකත් හරි

      ++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  6. මේවා කියවද්දී හරි දුක හිතෙනවා

    ReplyDelete
    Replies
    1. මටත් බණ්ඩෝ..අපේ ලමා වියයි අපේ ලමයින්ගෙ ලමා වියයි හුඟක් වෙනස්

      Delete
  7. මන්ත්‍රීගෙ ලී මෝලෙ
    දැනටමත් පතුරු වී ඇති...
    ඒත් කෝ අමර දැන්
    කුඩු අරන් මත් වෙලා//
    +++++++++++++++++++++++++++++++

    මුල් කවිවල අපට වෙච්ච දේ ගැන කියවෙනව.
    අවසන් කවිවල සමාජ වෙනස්වීම තමයි කියවෙන්නෙ. ඒකනම් වළක්වන්න බෑ.
    සාමල අමරල වෙනුවට වෙන නම් ආදේශ වේවි. ඒ අය අන්තර්ජාලය හරහාම දැනුම ලබාගන්නා අය වේවි. ඒ වගේම video conferencing හා virtual reality වැනි දේවලුත් අධ්‍යාපනයට එකතු වේවි.මම දැක්ක නිව්ස් එකක් virtual realty වලින් කවදාවත් නොගිය තැන් ගැන දැනුම ලබාදෙන ආකාරය ගැන නිව්ස් එකක්.මෙන්න ලින්ක් .

    http://geekdad.com/2015/10/google-education-with-vr/

    http://www.theverge.com/2015/9/28/9409571/google-expeditions-virtual-reality-field-trips



    සාමල අමරල එක්ක වගෙ නෙමෙයි ඊලඟ සෙට් එක එක්ක වැඩ කරන්න ගුරුවරුන්ටත් අප්ඩේට් වෙන්න වේවි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔත්තු වලට

      අනිවා...අපි අප්ඩේට් වෙන්නම ඕන..අපිට වඩා සමහර දරුවො දැනටමත් තාක්ෂණය ගැන දැනුවත්

      Delete
  8. සහතික ඇත්ත කතාව.. ගුරුවරුන්ටත් වඩා අම්මල ගෙ සිස්ටම් අප්ඩේට් එක වැරදියට වෙනහින්ද තමයි හුගක්ම නස්පැත්ති.
    තරගෙටම හිත යොමනව උං ප්‍රැක්ටිකල් නෑ... ඒ මදිවට මනුස්සකම් දන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. අනිවා..මහේෂ්..මේ තරඟය දමා මනස කෘතීම කරල.ළමයි කැමති නෑ පාඩමකදි යාළුවන්ට උදවු කරන්න.ඌ තමන්ට වඩා ලකුණු ගණියි කියල බයට.මල විකාර

      Delete
  9. උඩුගං බලා පීනන්න එක ළමයෙක් හරි පුරුදු කරමු..

    ReplyDelete
    Replies
    1. අපි ට්‍රයි කරමු මිත්තරේ

      Delete
  10. ආයේ ඉතින් කියන්න දෙයක් නෑ.සහතික ඇත්ත

    ReplyDelete