Wednesday, October 21, 2015

ඵෙතිහාසික ටොම් පචය

වාල්මිකී උඔ දන්නෙ නෑ
මවු යෝනියකින් මිසක
නගුල් ලීයෙන් දරුවන් නූපදින බව..........

වාල්මිකී උඔ දන්නෙ නෑ
කෛකෛගේ දුස්ට කම් වලට
දඩුවමක් දිය නොහැකි තරමටම
දශරථ ස්ත්‍රී ධූර්තයෙකු බව.......................

වාල්මිකී උඔ දන්නෙ නෑ
රාජධානියක් භරතට දී
අත පිහදාගන්න තරමටම
රාම බියගුල්ලෙකු බව...................

වාල්මිකී උඔ දන්නෙ නෑ
රාමගේ නැට්ට වගේ
ලක්ෂ්මනයා කැලේට ආවෙ
මං ගැන පිස්සු වැටිල බව...........

වාල්මිකී උඔ දන්නෙ නෑ
පිනට හම්බුනු සැපත් නොතකා
රජ පුටුවෙ සපත්තුවක් ඉන්දවපු
භරත මන්ද මානසික දරුවෙකු බව............

වාල්මිකී උඔ දන්නෙ නෑ
මෙච්චර ගෑනු ඉන්න රටක
මං පස්සෙම ඇවිත්
මහා මිනිස් සංහාරයක් කරපු
රාමට පිස්සු බව......

වාල්මිකී උඔ දන්නෙ නෑ
චාලි මරවලා තාරාදේවි බේරගන්න
රාම ලඟට දුවන් ආපු හනුමා
ඇගෙ අනියං සැමිය බව.................

වාල්මිකී උඔ දන්නෙ නෑ
හුඹහක් උඹ වටේ එතෙනකං
ඒකවත් නොතේරුන
උඹ මහ මැටි හරකෙක් බව..............

වාල්මිකී උඔ දන්නෙ නෑ
අහස් යන්තරයක් හදපු
පලවෙනි මිනිහ දුෂ්ටයෙක් කියල
පචයක් ගොතාපු උඹ
සේරටම වැඩිය දුෂ්ට බව....................

36 comments:

  1. වාල්මීකි උඹ දන්නෙ නෑ
    උඹ බොරුව කවද හරි එළිවෙන බව
    වාල්මීකි උඹ දන්නෙ නෑ
    එදාට උඹට මඩ ගහල කවි පවා ලියවෙන බව


    ලස්සනයි
    ජයවේ - ඩබ්කේ

    ReplyDelete
  2. අපූරු නිර්මාණයක්. ඇත්තටම සේරටම වඩා තමන් වටා හුබහක් බදිනකම් හිටපු වාල්මිකී තමයි ලොකුම මෝඩයා. ඇත්තට මෙහෙම දෙයක් විශ්වාස කරගෙන පුදපූජා පවා කරන මිනිස්සු ඉන්නවනෙ.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතුනා යාළු

      Delete
  3. සිරා කවිය වත්සලා..! :)
    ඉන්දියාව එදා ඉඳන්ම කොරලා තියෙන්නෙ ඔය ටික තමා..හැබැයි ඔව්වා දැක්කම සමහරු කියන්නේ කට පියන් ඉඳින් කියලා..:)

    ReplyDelete
    Replies
    1. අනිවා තරුව..ඒත් අපිට බැරිත් ඒක නොවැ

      Delete
  4. නියමයි ... වාල්මිකීලට ඕන හැටියට තමා හැමදේම වෙන්නේ

    ReplyDelete
    Replies
    1. අනිවා ඉවාන් ඌ පොතක් ලිවුවා අපේ එකා වැරදි කාරයා කරල.තද වෙනව බං

      Delete
  5. නියමයි, මෙය අනික් මාධ්‍ය වලටත් අරින්න.

    ReplyDelete
  6. චාලි ෙනාව වාලි ෙලස නිවැරදි විය යුතු යැයි සිතමි...
    මැටි ෙගාඩකට තවත් මැටි ටිකක් ඒක් වුණා කියල ෙවනසක් තිෙය්ද වස්සලා අක්කා...
    මං නං කතා රසයට කියවනව මිසක් ඒ් අැෙරන්න ෙදයක් ගන්ෙන නෑ..
    ඒ්ත් රාමායණය මහාභාරතය කියවපු ෙකෙනක්ට ඒ් වෙග් මැජිකල් ස්ෙටා්රි ලියෙනක සිම්පල්

    ReplyDelete
    Replies
    1. වාලි වෙන්ඩ ඇති මලයා.මාත් හරියට ඒක නං දන් නෑ.
      අනිවා මැටිම තමයි.රාවනාව සාධාරණී කරණය කරලා ලංකාවෙ කෙනෙක් පොතක් ලියල තිබ්බ.නම නං මතක නැති වෙයි

      Delete
    2. වාලි තමයි නිවැරදි.

      Delete
  7. කවුද මෙයා චාලි කියන්නෙ.. සිංගප්පූරු චාලිද..?

    කයිය එල..

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ හනුමගෙ බොස් වෙන්ටෑ

      Delete
  8. හත්තිලව්වේ.............. කියෙව්වේ ඒක හුස්මට...... පට්ටම පට්ටයි......

    මේක මගේ අතින් ලියැවුණා නං (තරහා ගන්න ඒපා) මං තියන මාතෘකා මේවා.

    වාල්මිකී උඹ දන්නෑ........
    රාවණා නෙමේ දුෂ්ට උඹයි වාල්මිකී..........
    රාමා මේවා දන්නෑ වාල්මිකී......
    වාල්මිකී, රාවණා නෙමෙයි ගෑණු හොරා ........

    තුෂාර විතාරණ

    ReplyDelete
    Replies
    1. වාල්මිකී රාවණා නෙමෙයි ගෑනු හොරා තුෂාර විතාරණ හැක හැක හැක ඇත්තම කියලා

      Delete
    2. http://kurutugegeepawra1.blogspot.com/

      ගිහින් බලන්න..............

      Delete
    3. පවු ඉවාන් ඔහොම කියන්න හොඳ යැයි

      Delete
    4. තෑන්කූ කුරුටු

      Delete
  9. වෙලාවට මේක ලංකාවෙ ලියවුනේ. ඉන්දියාවෙදි ලිව්ව නං.......

    ReplyDelete
  10. මාව එල්ලාවිද රාජෝ..මං බය නැතෝ

    ReplyDelete
  11. ඇත්තටම ලස්සනයි. ඉන්දියානු කතා ගොඩක් බොරුව ලස්සනට වනලා තියෙන ඒවා. කොහොම වුණත් මොනවා හරි ගෑණු හුටපටයක් තියෙන්න ඇති රාජතාන්ත්‍රික මට්ටමින්. නැත්නම් අපේ මනුස්සයා ගෑණු හොරෙක් කරයිද. කවිය මරු.

    ReplyDelete
  12. පච වවාගෙන කන්න කොහොමත් උං දස්සයො නෙ බං ඩබ් කේ සහෝ!!!

    පොතක් ලිව්ව නිසා ද දන්නෑ, වාල්මිකී පණ්ඩිතයෙක් ලු!!! 
    අහෝ "පණ්ඩිත" තනතුරටත් නිගාවක් ද මංදා!!

    ReplyDelete
    Replies
    1. වාල්මිකී කියන නමේ අරුත "මුගුරක් අතින් ගත්" කියන එක...
      ඔහු රැකියාව වශයෙන් කර තිබුනේ ඔහුගේ නිවාස ආසන්නයේ පිහිටි කැලයක් හරහා ඇති පාරෙන් යන මිනිසුන්ගේ ඔලු කුඩු වනසේ මුගුරෙන් පහර දී මරා වස්තුව පැහැර ගැනීමයි...
      දිනක් නාලක තවුසා ඇතුළු තිදෙනෙක් කැලේ හරහා යද්දී මේ මංපහරන්නා ඔවුන් මරා ළඟ ඇති දෑ පැහැර ගන්නට උත්සාහ කර තිබෙනවා...
      එවිට ඔහුට බැගෑපත් වූ ඔවුන් ඔහුගෙන් බේරී ගොස් ඇත්තේ නාලක තවුසා විසින් පැවසු අනාගත වාක්‍යයක් නිසා...
      එනම් ඉදිරි කලෙක වාල්මිකී ලෝ ප්‍රකට වන පොතක් ලියන බවට පැවසීමෙන්. එය කුමන විෂයක පොතක්ද කුමක් අරභයා ලියවෙන්නක්දැයි විමසු විට නාලක තවුසාගේ පිළිතුර වී ඇත්තේ "එම කාරණය ඉදිරි අනාගතයේදී ඔබ සොයා පැමිණෙනු ඇත" යන්නය...
      අභය ලද ඔවුන් එතනින් පිටව ගිය අතර වාල්මිකී ද ඔහුගේ සැහැසිකම් නවතා දැමු බවක්ද එහි වූ බව මතකයට නැගේ...
      කෙසේ නමුත් කලකට පසු රාම විසින් අතහැර දමන සීතා සහ දරුවන් යනඑන මං නැතිව ඉබාගාතේ ගොස් පැමිණෙන්නේ වාල්මිකී වෙතටය...
      ඔවුන්ගෙන් අසා දැනගත් කරුණු අනුව රාමායනය ලියවී ඇති බව මා කියවූ පොතක සඳහන්ව තිබුණි...

      ඒ පොත කියවීම සඳහා ගෙනගිය මිතුරෙක් පසුව සිනහමුසු මුහුණින් සහ හරිම සැහැල්ලුවකින් කියා සිටියේ "ඒ පොත නැති වෙලානේ" යනුවෙන් බැවින් ඒ පොතේ නම හෝ කතුවරයා හෝ මතකයට නගා ගත නොහැකිය...
      මිලදී ගත්තේ අනුරාධපුර අටමස්ථානය අසලක පිහිටි කුඩා පොත් ලෑල්ලකිනි...

      Delete
  13. නිර්මාණාත්මකයි, සියුම් විවේචනය තාර්කිකයි, සුපිරිම ලියවිල්ලක්, ජය.

    ReplyDelete
  14. වාල්මිකී මොන බොරුව ලිව්වත් "විභීෂණ" පාවා දුන් බව කියවෙන කතාව නම් නිවැරදි යැයි මම විශ්වාස කරන්නේ විභීෂණ යනු ලාංකිකයකු බැවිනි... ;)

    ReplyDelete
  15. කුරුට්ටට පිං සිද්ධ වෙන්න මේක දැකගත්තා. තාර්කිකයි ඩබ්ලිව් කේ.

    ReplyDelete
    Replies
    1. මාත් ආවේ එතනින් තමයි

      Delete