Wednesday, September 9, 2015

තරුවකට ලියමි

එපා සඳ හිනැහෙන්න
මනමාල මගෙ හිතට
එපා තරු ඉඟි මරන
ඔය දෙනෙත් ඇතිය මට




එපා මුතු ගෙල ලන්න
ඔය කඳුළු මට දෙන්න
මිණි ඔටුනු පට සේල
හැර පියා පැමිනෙන්න








දඟකාර සුළඟ විත්
මගෙ සුවඳ ගෙන යන්න
අහස් මං තලාවෙන්
බසින තුරු ලඟ ඉන්න


14 comments:

  1. චිත්‍රය දැක්කම නම් පේරාදෙණියයි අක්බාර් පාලමයි මතක් උනා.....

    ReplyDelete
  2. සක්.. මේකේ ලයික් බට්න් එකක් නැති එක හරි අපරාදයක්.

    ReplyDelete
    Replies
    1. හිකිස්.ලයික් එක වදන් කරන්න මිත්තරේ

      Delete
  3. Replies
    1. ෂාාාාාාාාාාාාා මෙන්න මෙයත් ඇවිත්..ස්තූතියි

      Delete
  4. සරලයි ලස්සනයි
    ජයවේ ඩබ්.කේ.

    ReplyDelete