Saturday, September 26, 2015

කොටදෙනියාවේ පුතුට හැම අම්ම කෙනෙක්ගෙන්ම,



ආදරණීය පුතේ,






උඔ ගිය මාසෙ වෙනකල් උඹේ අම්මගෙයි තාත්තගෙයි පුතා විතරයි.ඒත් මේ වෙනකොට උඹ මේ රටේ හැම අම්ම කෙනෙක්ගෙම තාත්ත කෙනෙක්ගෙම පුතෙක්.



උඹට එල්ල වුන චෝදනාව සරල නෑ වගේම අහිංසක උඹ ඒකෙන් වින්ද මානසික වේදනාව අපි කවුරුත් හෑල්ලුවට ගන්නෙ නෑ.



අනිත් අතට මිනිහෙක් මරල වීරයො වෙන්න පුළුවන් මිනිස්සු ඉන්න රටක ,අහිංසක කෙල්ලො 100කගෙ ගෞරවය නැති කරල රෙකෝඩ් එකක් තියල ඒ වෙනුවෙන් පාටි දාන මිනිස්සු ඉන්න රටක උඹ ඇත්තටම ඒ වගේ දෙයක් කලත් ඇත්තටම ඒක වැරැද්දක්ද කියලත් වෙලාවකට හිතෙනව.



ඒ අසරණ පුංචි එකී ගෙනාපු ආයුස ඉවරයි.ගෙදර මිනිස්සු කල්පනා කරල ජනේලෙ වහල තිබ්බනං හරි ජනේලෙට ග්‍රීල් දාල තිබ්බනං හරි අර මිනිහ කලින් හිරබාරයට ගත්ත වෙලාවෙ මානසික ප්‍රතිකාර ලබා දිල තිබ්බනං හරි මොහෙම දෙයක් නොවෙන්න තිබ්බ.



ඉතින් පුතේ උඔ ගෙවන්නෙ උඹේ සමනල් වයස.ඒ වයසෙදිම රටේ ලෝකෙ හැම එකාම එකතු වෙලා උඹේ අත්තටු කපල දැම්ම කියල උඹ හැමෝටම වෛර කලත් ඒතන අසාධාරණයක් නෑ තමයි.



උඹේ ලැප් එකේ වැල වීඩියෝ තිබුනළු.රහස් පොලීසිය අත්අඩංගුවට ගත්ත ලැපේ තිබුන දේවල් පහුවෙනිදම මීඩියා වල යනවනං ඒ පොලෝසියේ තියන “රහස්“ පදය අයිං කරල දාන්ඩ ඕන.

උඹ මීට අවුරුදු 10ට කලින් කුණු හබ්බයක් වත් නොදැන හිටි පුංචි එකෙක් වෙන්ඩ ඇති.මේ වෙනකොට වෙනස් වුන උඹේ හෝමෝන වැල වීඩියෝ බලන්න උඹ පොළඹවන්න ඇති.

ඉස්කොලෙ යන පුංචි උන් ඔව්ව බලන එක මං අනුමත කරනව නෙමෙයි.ඒත් සෙක්ස් කුණුහරුපයක් විදියට සලකන අපේ රටේ මිනිස්සුම තමයි ඒ වචනෙ ඉන්ටනෙට්ටුවෙන් වැඩි පුර හොයල තියෙන්නෙ.

ඇත්ත.............. උඔල අන්තර් ජංජාලෙන් හරි හොයා නොගත්තනං කොහොමද මේ දේවල් දැන ගන්නේ.කොයි අම්මද තාත්තද උඔලත් එක්ක උඔලගෙ සරීරයේ සිතිවිලි වල වෙන වෙනස් කම් ගැන කතා කරන්නෙ.උඔල මොනවද පවුල් ජීවිතය ගැන දන්නෙ.විෂය නිර්දේශයේ යන්තං උඩින් පල්ලෙන් තිබ්බත් කොයි ගුරුවරයද  මේ විෂය ගැන ගැඹුරින් උඹල එක්ක කතා කලේ.පාඩම කරන වෙලාවෙදි උඔලට නැගුන අනේකවිද ප්‍රශ්න ගුරුවරයගෙන් අහන්න උඹලට ගටක් නැති වෙච්ච එක අරුමයක් නෙමෙයි.සමාජ සමිමත උඔලගෙ කටවල් හිත් ගැට හහල.


අනික උඔල කවදාවත් අම්මගෙ තාත්තගෙ ආදරේ විනිවිද දකින්න උත්සහ කරල තියනවද?සැමියා හා බිරිඳ ආදරය කල යුත්තෙ නිදන කාමරේ දොරවල් වහගෙන යතුරුත් දාල තියෙද්දි විතරයි කියල හිතන මිනිස්සු ඉන්න රටක උඔලට යතුරු හිලෙන් එබිල බලන්ඩ හිතෙන එකම අරුමයක් නෙමෙයි.

හෝමෝන උඔලව ඇහැරවද්දි ඒව පාලනය කරගන්න සමාජයෙන් උඹලට මග පෙන්වීමක් තිබුනද?මෙන්න මේකයි හරි පාර ....ජීවිතේ පිලිවෙලක් කරගෙන කසාදයක් බඳිනකල් මේ විදියට කරල උඹලගෙ හැඟීම් පාලනය කර ගනිල්ල කියල කවුද උඹලට කියල දුන්නෙ.



එහෙවු  එකේ හෝමෝන උඹල පොළඹවද්දී වැලක් බලල පුංචි සතුටක් විඳින එක ජාත්‍යන්තර අපරාධයක් වගේ සලකන්න පුළුවන්ද?ඒ වගේ දේකින් විතරක් මිනිහෙක් දූෂකයෙක් මිණී මරුවෙක් වෙනවනං අපේ රටේ පිරිමින්ගෙන් 90% විතරක් නෙමෙයි ගෑනු අයත් 25% වත් හිර ගෙවල් වල දම්මන්නයි වෙන්නෙ.

උඹේ වැරදි කියන්ඩ මීඩියා නිවුස් කියන පැය බාගෙන් පැය කාලක්ම  ගත්ත.වෙන එකක් තියා උඔ ලස්සනට වවාගෙන උන්න නියපොතු ටිකත් ලං කරලම පෙන්නුවේ උඹ අර කෙල්ල දූෂණය කලේ මැරුවේ ඒ නියපොතු වල වැරුද්දෙන් කියනව වගේ.

දැන් හැම දෙයක්ම එලි වෙලා .උඹ නිදොස් වෙලා..උඹට දොස් කියපු හැමෝගෙම හිත් දැන් අනුකම්පාවෙන් බර වෙලා.ඒත් පළුදු උන උඹේ ආත්මාභිමානෙ තවත් උඹට රිද්දනව කියල මට දැනෙනව.උඹ දිහා උඹගෙ ගෙදර උදවිය දිහා බලන සැක සහිත බැල්ම දැන් ඉවරයි.ඒත් උඹ සතුටු වෙයන්.මුළු ලෝකෙම උඔ අපරාධකාරයෙක් කියල කියද්දි , උඔ දිහා සැකෙන් බලද්දි මේ ලෝකෙ එකම එක්කෙනෙක් උඔ ගැන තිබුන විස්සාසෙ බිඳ ගත්තෙ නෑ..උඔ ටී වී එකේ බලපං අර හැබෑ අපරාධකාරයාගෙ අම්මගෙ කටහඩේ තිබුන වේදනාව ,කලකිරීම ,පරාජිත බව.අපි කොයිම වෙලාවකවත් දැක්කෙ නෑ උඹේ අම්මගෙ කටහඩේ තියෙනව.කඳුළු වලින් අවහිර වුනත් අචල කටහඩකින් අම්ම හැම වෙලේම කිවුවෙ “මගෙ දරුව වැරදිකාරයෙක් නෙමෙයි “ කියලයි.

උඹේ හිත මුළු ලොකෙම ගැන වෛරයෙන් පිරිල තිබුනත් උඹ ඒ අම්ම ගැන හිතපන්.උඹට අසාධාරන වුන සමාජයට රිද්දන්න ගියොත් වැඩිපුරම රිදෙන්නේ උඔව විස්වාස කරපු ඒ හිතට කියල හොඳින්ම මතක තියා ගනින්.

උඹ නිවැරදියි කියල දැන දැනත් උඹේ සමාජය-පාසල මිතුරෝ උඹෙන් තවමත් ඈත් වෙලා ද ඉන්නෙ.එහෙනං උඔ දැන ගනින් ඒ මිත්‍ර ප්‍රතිරූපකයෝ විතරක්ම බව.සමහර විට උඹ ලාබාල පෙම්වතෙක් වෙලා ඉන්ඩත් ඇති.ඇයත් මේ වෙලාවෙ උඹ තනිකලාද?එහෙනං උඹ තවත් සතුටු වෙයං.විවාහ ජීවිතයේ අනේක විධ ගැටළු මැද උඹව තනිකරල දාන කෙනෙක් උඹේ බිරිඳ වීමෙන් වැලකුව මේ අවස්ථාව උඹේ වාසනාවක් කියල හිතපං.මේ වගේ දෙයක් වෙලා හරි උන්ගෙන් දුරින් දුරු වෙන්න ලැබිච්ච එක ගැන උඹ සතුටු වෙයං. .උඹේ පෙම්වතිය  තාමත් උඔ එක්ක නං.ජීවිතේ කිසිම දවසක ඇය මඟ හරව ගන්න එපා.උඹේ ජීවිතයට උරුම වටිනාම සමිපත ඇය වේවි


උඔට මේ දුන්න වඳ වේදනාවලට උඔ සමාජයෙන් පලි ගනින්.ඔවු උඹේ හිතට  දුන්න වේදනාවට  හිතේ තියන තරහ දුරින් දුරු වෙනකල්ම පලි ගනින්.

ඒත් උඹ හිතනවනං පලි ගන්ඩ තියන හොඳම විදිය උඹ ගැන කලින් මිනිස්සු කිව්ව දේවල් ඇත්ත කරන එක කියල උඹ වැරදියි.උඹ ස්ත්‍රි දූෂකයෙක් මිණී මරුවෙක් අපරාධ කාරයෙක් කියල කියපු මේ සමාජයෙන් පලි ගන්න තියන හොඳම විධිය තමයි උඹ ඒ එකෙක්වත් නොවෙන එක.

එතකොට මේ සිද්ධිය ඒ මේ අත හරව හරව පණ්ඩිත කතා කියපු උන් නිකංම පල් වෙලා යාවි.

උඔ මේ පීඩනය උඹේ ශක්තිය කර ගනින්.ඒ ශක්තියෙන් පන්නරය ලබා ගනින්.අළු ගසාදාල නැගිටපං.ඉස්කෝලෙං බැරිනං ටියුෂන් එකෙන් බැරිනං තනියෙන් හරි ඉගෙන ගනිං.උඔට පනින්න තියන ආසන්නම කඩ ඉම තමයි උසස්පෙල විභාගය.මේ ශක්තිය උඔට කැම්පස් එකකටම බල්ටියක් ගහන්න ප්‍රමාණවත්.එදාට උඔ ලෝකෙට ම වීරයෙක් වේවි.මේ තරං කරදර මැද උඹ ලබන දිනුම ගැන තවත් බරීස් වලවොයි කෙනෙක් තවත් සැබෑ මිනිසෙකුගෙ කතාවක් ලියාවි.






ආදරණිය පුතේ,


උඹට පලිගන්න තියන හොඳම විදිය තමයි සැබෑ මිනිසෙක් වෙන එක.

ඊට අවශ්‍ය පන්නරය පහුගිය සති දෙකේ  සමාජයෙන් උඹට නිර්ලෝභීව ලැබුන.


වඩාත් ලස්සන හෙට දවසකදි අපි ආයෙත් හම්බෙලා ගෙවිල ගිය අද දවස ගැන හාස්‍යෙයන් කතා කරමු.


උඹට බුදු සරණයි!!!!!!

21 comments:

  1. මට නම් ටී වී බලන්න වෙලාවක් ඇත්තෙම නෑ. නියපොතු ෆෝකස් කරල පෙන්නුව කියන්නෙ මේ මාධ්‍ය වල ඉන්නෙ අමුම අමු අලුගෝසුවො කියන එක.මුන් නම් ම්ලේච්ඡයො. ගිජුලිහිනියො වගෙ සේයා දුවගෙ නිරුවත් ඡායාරූප ගන්න උත්සාහ කළේ මේ සක්කිලියො. එවෙලෙ සේයාගෙ තාත්ත එක්ක රන්ඩුවුනාට පස්සෙ තාත්තගෙන් පලි ගත්තෙ ඔහු සමාජය ඉදිරියෙ වැරදිකාරයෙක් කරල.සේයා පිළිසිදගත්ත කාල වකවානුත් මේ සක්කිලියො කිව්ව.

    පොලිස්කාරයො කියන්නෙනම් ම්ලේච්ඡයොමනෙ.ඒක සමාජ සම්මතයක්නෙ. එලවලු මස්මාලු ටික පවා නිකම් ගන්න අහිංසකයෙක් දැක්ක හැටියෙ අතපය කඩන ලොක්කෙක් ඉස්සරහ නකුට පිටිපස්සෙ ගහගන්න සත්තු ටිකක්නෙ.

    එන් ජී ඕ ගෑනියක් උඩපැන්න දැක්කද සතියක් ඇතුලටහ් මේ සිසුවා එල්ලන්න කියල.දැන් සැකකාරය පාපොච්චාරනය කරනවානෙ ඇයි එල්ලන්නෙ නැත්තෙ කියල කෑ ගැහුවෙ.එන්ජීඕ ගෑනු උද්ඝෝෂනය කලේ මේ සිසුවයි ටයිල් බාසුයි එල්ලන්න කියල. කොණ්ඩය ඒ වෙනකොට අත් අඩංගුවට අරන් තිබුනෙ නෑ.කොන්ඩය වැරදිකාරයද කියලත් අපි තවම දන්නෙ නෑ.

    මෙතන ප්‍රශ්නක් ඇතිවෙනව. කිරිකාරයො පාන්කාරයො වගෙ ගෙවල් වලට ගොස් සේවා සපයන්නන් වගෙ අය ට ලොකු අවදානමක් තියනව. ඔවුන් බරපතල කායික අකර්මන්‍යතා සහ මාන්සික පීඩා රක්ෂ්නායක් දාගන්න ඕන.මූලික විමර්ශන සාධාරන සැක මොකවත් නෑ පොලිස්කාරයගෙ හිතුමතය තමයි.

    සිවිල් ජනතාවට ආරක්ෂක අංශ වලින් සිදුවන හිරිහැර ගැන මීට වඩානීතිමය ආරක්ෂාවක් අවශ්‍යයි.අන්තනෝමතික ලෙස අත් අඩංගුවට ගැනීමෙන් නිදහස ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙ සහතික කරල තියනව. නඩු තීන්දුවලිනුත් සහතික කරල තියනව නමුත් නීති දැඩි වියයුතු අතර වගකීමෙන් තොර පොලිස්කාරයන්ට දැඩි දඩුවම් අවශ්‍යයි.

    දැන් අසභ්‍ය දේවල් ලගතබාගත්ත කියල සිසුවට නඩු දානවලු.මසාජ් කිලිනික් ගනිකා මඩම් වලින් නොමිලෙ සේවය ඉල්ලන රාලල. රත්නපුරේ බට්ටිට වේවැලෙන් ගැහුවෙ ලිංගික සේවය නොමිලෙ ඉල්ලපුවම බෑ කිව්ව කියල.කුතුහලය නිසා ගෙදරට හොරෙන් වලක් බලන කොල්ලන්ට තමා නඩුදාන්න යන්නෙ.පොලිස්කාරයන්ට ඒ වගන්තිය පැටලිලා.සන්තකයෙ තබාගැනීම කියන එකට අටපාස්පොලිස් අර්ථදැක්වීමක් කරල.

    අපි නොදන්න පොලිස් කිව්වලු

    ReplyDelete
  2. ++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  3. කියන්න වචන නෑ............ සුපිරි, පට්ට, නියමයි, අපූරුයි......... ඔය ඔක්කොම කිව්වත් මදි...........

    ReplyDelete
  4. යකෝ කොල්ලෙක්ගේ රහස් තියෙන්නට බැරිද???? උෟ ඒක බලලා කරගන්න දෙයක් ස්වයංව කරගත්තා නම් ඒකේ අැති වැරැද්ද මොකක්ද??? උෟගේ හෝමෝන වැඩෙන කාලෙට අහල පහළ ගෑණුන්ගේ මිරිකන්න ගියේ නැත්තං... නාන තැන්වලට ඒබෙන්න ගියේ නැත්තං උෟ ඒක බලලා ඒ අමාරුව අඩු කරගෙන බුද්ධිමත්ව හිතලා වැඩ කරානං කාටවත් අැති රුදාව මොකක්ද????

    කොල්ලෙක්ගේ ලැප් ඒකේ තියෙන ඒවා අවුස්සලා උෟව රටම ඉස්සරහා ලැජ්ජා කරනවා... යකෝ දරුවෙක් ඉපදුනාමත් අපි මාධ්‍ය සංදර්ශන දදා කියනවාද මේ අම්මයි තාත්තයි අහවල් ඒකක් කොරලා තමා මේ දරුවා හම්බෙලා තියෙන්නේ කියලා.... ඒවා රහස්.... දරුවෙක් හම්බෙද්දි අම්මයි තාත්තයි කරන දේ වගේ ම තමා කොල්ලෙක් උස් මහත් වෙද්දි උෟගේ ජීවිතෙත් හැංගිලා කරන දේවල් ටිකක් තියෙනවා... යකෝ මේවා බලලා නැත්තං උෟ බැන්දාම සාර්ථක ලිංගික ජීවිතයට පාර කියලා දෙන්නේ පොලීසියෙන්ද??????

    ReplyDelete
    Replies
    1. ඔව් උගේ වයිෆ්ටනම් කියලා දේවි මේන් කියලා...

      Delete
  5. යකෝ මේවා බලලා නැත්තං උෟ බැන්දාම සාර්ථක ලිංගික ජීවිතයට පාර කියලා දෙන්නේ පොලීසියෙන්ද??????
    එල කිරි කුරුටු

    ReplyDelete
  6. මම නම් එදා ඉඳලම කිව්වා ලංකාවේ පොලීසියට 'රහස්' කෑල්ල වැඩක් නෑ කියලා............. උන්ට අහම්බෙන් තමයි ගොඩක් අපරාධකාරයෝ අහුවෙන්නේ.... නැතිව හරි පරීක්ෂණයක් කරලා අල්ලනවා නෙවෙයි. මේ කේස් එකට පොලිසියටයි, පත්තර, TV කරයින්ටයි විරුද්දව නඩුවක් දමන්න ඕනේ අපහාසෙට වන්දි ඉල්ලලා...........

    ReplyDelete
    Replies
    1. අනිවා බණ්ඩෝ...ඒත් අර දරුවට වුනු දේවල් වලට මොනම වන්දියක්වත් සෑහෙයිද

      Delete
  7. ඉතාමත් සාර්ථක කරැනු පැහැදිලි කිරිමක්.
    ලයිසන් චන්ඩින්ට ඔන අපරාධකාරයේ අල්ලන්න නෙවෙයි.කවුරැ හරි අල්ලන්න.නීතිය ක්‍රියාත්මක කරන්නත් නෙවෙයි..නීතිය වල් වදින විදියේ ගොන්කමි කරන්න.එකෙන් වෙන්නේ අසරණ පිරිසක් තව තවත් අසරණ වෙනවා.පීඩාවට ලක්වෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවා මනෝ....උන් හැදුවේ උන්ගෙ ඇඟ බේර ගන්න.ඒ කෙන් මේ දරුව අසරණ වුනා

      Delete
  8. එක රැයකින් ලංකාවේ තියන ඔක්කොම කොම්පියුටරුයි , ස්මාර්ට් ෆොනුයි චෙක් කරොත් ලංකාවෙන් 75% ක් පරිඝනක, ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන එවුන් උසාවියේ. ඉන්ටර්නෙට් හිස්ට්‍රි චෙක් කරොත් ඉතුරු එවුන්ගේනුත් භාගයක් උසාවියේ.. ලංකාව තියෙන්නේ ලෝක සිතියමේ ලිඳක් ඇතුළෙද මන්ද..

    ReplyDelete
  9. කවුරුවත් නොකරපු දෙයක්.. මං කියුවේ කොල්ලගේ හිතට කතා නොකරපු එක.. ටීචර් ඒ වැඩේ හොඳට කරලා තියෙනවා.. මේක කොල්ලට කියවන්න දෙන්න වටිනවා..

    ReplyDelete
    Replies
    1. අනිවා...දැන් මුළු රටම එකතු වෙලා ඒ කොල්ලගෙ හිත හදන්න වෙයි.නැත්තන් හිතේ තියන ආවේගෙට ඒ දරුවා මොනව කරාවිද

      Delete
  10. මෙතන සීන් එක ලංකාවේ සංස්කෘතිය නේ?? ඒක ඇතුලේ ඔය වැඩ බෑනේ?? අනික ඔවා වැදගත් දේවල් නම් ඉස්කෝලේදී කියලා දෙනවානේ? එහෙම නෑ කියන්නේ ඒක නරක දෙයක්! අපි අපේ අවුරුදු 2500ක සංස්කෘතිය රැකගන්ඩ ඕනේ!!

    ReplyDelete
    Replies
    1. ඔය රැකිලා තියෙන්නේ අපූරුවට.

      Delete
  11. ලංකාවේ රහස් පොලිසිය කියන්නේ මීඩියා වලටද කියල හිතෙනවා.... මෙහෙම හැම දේම එලි කරන්නේ අසරණයන්ගේ විතරයි... හරියට මහලොකු වැඩක් කරනව වගේ....
    මීඩියා කාරයෝ නම් වෙලාවකට ගිජුලිහිණියෝ වගේනේ ඒත් මේ රහස් පොලීසිය මොකද මේ වගේ පහත් තැනකට වැටෙන්නේ...
    ලංකාවම ලේ පිපාසිත කරලා මේ මීඩියා වලින්... හැම එකාම දැන් ඉල්ලන්නේ ලේ වන්දිය... අනේ මන්දා....

    ReplyDelete
    Replies
    1. අනිවා..අවුස්සනවා..මීඩියා වලින්.කඳුළු පෙරන මූනවල් පෙන්නවා.එවුව බලන අපිත් බුද්ධියට වඩා හැඟීම් වලට වහල් වෙනවා...මාධ්‍ය මීට වඩා වගකීමෙන් කටයුතු කලයුතුයි.මිනිස්සු ඉල්ලන දේ නෙමෙයි මිනිස්සුන්ට අවශ්‍ය දේවල් දෙන්න මාධ්‍ය බුද්ධිමත් විය යුතුයි

      Delete
  12. ලිවිල්ල පට්ටයි..! සංවේදීයි.
    ඒ දරුවට මේ ලිපිය ලබාදෙන්න පුළුවන් වුණා නම් හුඟක් අගෙයි..

    ReplyDelete