Thursday, July 9, 2015

මී විතට දිය වූ සිත..


සීත පවනැලි අතර
මන්ද ස්වරයෙන් ගැයූ
ප්‍රේමයේ වෙන මිහිර ගොළු වුනා.....

ඉකි ගසන කඳුළු කැට
ගිණි වැදුන යහන මත                                              
මධුයාම සිහින ගෙන වැලලුනා......

 දුර ඈත කිරි සිහින
 සඳ සාවි ගෙන ගිහින්
තරු පොකුර මැද තනිව සැඟ වුනා.....

ජීවිතය සැතපෙව්ව
 දෑත් මත පර වෙද්දි
 සිනාවේ මළ බෙරය හැඬවුනා .....

සෙනේ ඉතිරූ දෑස
ගිනි ගනී මත් දියට
 මීවිතට ආදරය සැඟවුනා.......



පිපුනු වතුසුදු යාය
ගසමතින් ඇද වැටී
 පිණි බිඳක් සොය සොයා ලතවුනා.....



8 comments:

  1. සුපිරි!
    "සිනාවේ මළ බෙරය හැඬවුනා"!!
    ඒක නම් අමුතුයි!

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි...භාෂාව අළුත් කරන්ට පුළුවන් වාසුට විතරයෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑ

      Delete
  2. ඔහ්...
    අහන්න දකින්න ලැබෙන කතාවක්
    කොල්ල කෙල්ල රවටන්නෙ නැතිව ඇත්තම කීව නං ඉවරනෙ... මං බොනව කියල නැද්ද හා

    රසික අක්ක ලියපු කවියක් මතකු වණා මේකට ලොගු කැලපුමක් නැතත් මෙතන ෙප්ස්ට් එකක් දාන්නං


    ඔබ මා දමා ගිය තැන
    රැඳී ඉමි තවම
    වැඩිවිය පවා නොපැමිණ.

    ගිණි ගොඩකි ජීවිතය
    සඳුන් දර වුව
    දැවෙන විට දැවෙයි හද."

    'දැන් හුඟක් රෑ වෙලා
    ඔයා ගිහිං නිදියන්න
    ඉක්මනට ලොකු වෙලා
    ආයෙ දවසක එන්න.

    මේව දැන ගත්තොතින්
    ගෙදර අය පව් නේද?
    ඉඳහිටක මිසක ඔබ
    හුඟක් බොන් නෑ නේද?'

    ReplyDelete
    Replies
    1. අන්න කොල්ලෝ...හැමෝම ඔහොම නෑනේ අෆ්ෆා

      Delete
  3. මුලදි කෙල්ලට හංගන දේවල් කවදා හරි එලි වෙනවා කියලා දැන ගෙන බොරු නොකර ඇත්තම කියලා විසඳා ගන්නවා නම් ඉවරයිනෙ...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ කැමරෝ

      Delete
  4. හප්පා සෑහෙන දුක් කඳුළු කතාවක්

    ReplyDelete