Saturday, July 4, 2015

දිසාපාමොක් නොදනී



දිවා රැය නිදි නැතුව
දුක සතුට සමව ගෙන
කැකුලක්ව පුබුදන්න
ගසක් දුක් විඳි තරම්
අනේ දිසාපාමොක් නොදනී....

හීන අහුරු අහුරු ගෙන
දේදුන්නේ පාට ඉල්ලා ඇඳි
බලි කුරුටු වල කතාව
අනේ දිසාපාමොක් නොදනී....
.
පෙති දෙපෙති විහිද ගෙන
උදා හිරු දකින්නට
මල් කැකුළ පැතු පැතුම්
අනේ දිසාපාමොක් නොදනී....

බිඳී ගිය මල් බඳුන
පාස්සා ගනු බැරිව
ගස හඩා වැටෙන බව
අනේ දිසාපාමොක් නොදනී....

පරව ගිය මල් කැකුල
බිමට නොවැටෙන ලෙසට
ගස දරා ඉන්න යුරු
අනේ දිසාපාමොක් නොදනී....





10 comments:

  1. "පරව ගිය මල් කැකුල
    බිමට නොවැටෙන ලෙසට
    ගස දරා ඉන්න යුරු
    අනේ දිසාපාමොක් නොදනී...."

    මේ ටික නම් මාරයි!!

    ReplyDelete
  2. නියමයි................

    ReplyDelete
  3. ස්තූතියි පවුරේ

    ReplyDelete
  4. Replies
    1. ඔවු ඉවාන් නූතන දිසාපාමොක්ලා වැඩි හරියක් ඒ වගේ තමයි

      Delete
  5. ඔව් ඒක ඇත්ත මොකද අද දිසාපාමොක් ල නෑ. ඉන්නෙ කච්චපුටල
    ඒ හන්ද කතාව ඇත්ත කියල පිලිගන්නව.
    ඒත් අතරිං පතර ‍නියම ගුරුවරු කියන්නපුලවං අයත් ඉන්න වග මං අමතක කරල නෑ හොදේ

    ReplyDelete
    Replies
    1. හැක් හැක්..ඔවු මේ අපි වගේ දිසාපාමොක්ලත් ඉන්නව හරිය...................

      Delete
  6. මනුස්සකම පුරවගත්ත දිසාපාමෝක් කෙනෙක් වියන් නගේ පොඩි එවුන්ගේ ජීවිත වල හැමදාම රැදෙන....

    ReplyDelete
    Replies
    1. ඔවු අයියේ පුංචි උන්ට හඳක් වෙන්න බැරි වුනොත් මං ඉටිපන්දම් එලියක් හරි දෙනවා

      Delete