Friday, July 24, 2015

අප්පච්චී...........

දහදියෙන් ඇනූ සිමෙන්ති මත
ගඩොලින් ගඩොල බඳිමින්
ජීවිත බිත්ති බැඳ
ඉහල යන පලංචිය මත හිඳ
දහදිය මල් නෙලා
සිනාසුනා නුඹ හරි ලස්සනට..................

සොයා ගස වට පරිධිය
කඳුළු කිරි උනවමින්
ජීවිතේ පොල්කටු පුරවන්න
දා බිඳු වගුරමින්
සෙනෙහසේ දුම් ගෙය පුරා
සිනා සුනා නුඹ තෙත් ඇස් හංගා..........

අවු වැසි සුළං  රැක
දළු ලන විටදි මදහස
නොරිදෙන ලෙස නෙලා
සිහිනෙන් සිහින උපයා
අපේ ලොව පුරවලා
සිනා සුනා නුඹ හිස් අතින්ම..........

11 comments:

  1. අව්වේ මුතු කැට වපුරා
    ඒ මුතු පණමට හරවා
    අපේ කුසේ ගිණි නිවලා
    නුඹ කුස ගින්නේ
    ඉද හිනැහෙන්නේ අපේ අප්පච්චි
    නුඹ කුස ගින්නේ අපේ අප්පච්චි....

    ReplyDelete
    Replies
    1. අප්පච්චිලා එහෙමයි

      Delete
  2. අන්දරයායේ වැව් තාවුල්ලේ..
    සක්මන් කරනා අප්පච්චී..
    දොලේ දියයි ඔබ.. කෙතේ නිලයි..
    ගහ වැලේ මලයි ඔබ..
    අප්පච්චී...

    ReplyDelete
    Replies
    1. අපේ අප්පච්චී ඉන්නේ රජරට නෙමෙයි.සබරගමු කඳු වැටියේ.ඉතින් කෙතේ නිල වෙනුවට තේ දල්ලෛ් කඳුලයි රබර් කිරි කඳුළුයි තමයි උරුම

      Delete
  3. ලස්සනයි නිර්මාණය.......................

    ReplyDelete
  4. අපූරුයි....
    මං සිංදුවක් කොටන්න කියල ආව මට කලිං ආපු කර කළණ කියන ඩෑල් එක ඒක කොටල කියන්නකො
    අප්සට් ඈ හිහිහිහ

    ReplyDelete
    Replies
    1. ඒකට මොකැයි...මං ඔයත් ඒ සිංදුව කෙටුවා කියලා හිතා ගන්නම්කො එහෙනම්

      Delete
  5. කියන්න වචන නෑ ලස්සනයි

    ReplyDelete
  6. ‍අ‍පි ‍ගො‍ඩාක්‍ ‍දෙ‍නෙක්‍ ‍අප්‍‍ප‍චි‍චී‍ව ‍තේ‍රුම්‍ ‍ගන්‍‍නේ ‍නෑ ‍ත‍ම‍නුත්‍ ‍අම්‍‍ම ‍කෙ‍නෙක්‍ ‍අප්‍‍පච්‍‍චී ‍කෙ‍නෙක්‍ ‍වෙ‍න‍කම්‍ . ‍කෙ‍නෙක්‍‍ට ‍පු‍ලු‍වන්‍ ‍නම්‍ ‍ඒ ‍තැ‍න‍ට ‍එන්‍‍න ‍ක‍ලින්‍ ‍අප්‍‍ප‍චි‍චී‍ව ‍තේ‍රුම්‍ ‍ගන්‍‍න ‍ගො‍ඩක්‍ ‍ව‍ටි‍න‍වා , ‍ක‍වි‍ය ‍‍පු‍දු‍ම ‍ත‍රම්‍ ‍ලස්‍‍ස‍න‍යි ,‍අ‍රුත්‍ ‍බ‍ර‍යි

    ReplyDelete