Sunday, July 12, 2015

මං මුලාව


මාල බැන්ද ගෙල හැඩ කර සොයාගෙන පැසුනු මී අඹ උණ,ඹ ගැට ඇහිඳ ඇයි ඔබ මාල ගිරවියේ............... කැදැල්ලක රසය ගුණ විඳ උදුල සඳමඩල සේ හිඳ සුළි සුලං වවුලෙකුට හද පිදු මාල ගිරවියේ................. ගයා පෙම් ගීත මනහර ලොවෙන් නෙතු වැසුන මොහොතක ගැලෙවුවද නුඹේ අත්තටු ස්වර්ණ හංසියේ................... දියෙන් කිරි ගන්න බැරුවම පියාපත් සවිය නැතිවම කැකුළු මල් තුඩින් බිඳ දැමු හංස රැජිනියේ.................... කැඩුනු තටු තදින් පිරිමැද සනසන්න වරම් නැතිවම මගේ කඳුළු කවි ඇසුනද බිහිරි කෙවිලියේ............ පස් මහා බැළුම් බලමින් මතු භවේ සොයා එන්නම් එතෙක් දරාගෙන ඉනු මැන කඳුළු සමනලී........... අසා මගේ රණ ගී වෙන් කරන් දියෙන් කිරි බිඳු පරවියෙක් එවනවද මට

පවන් රැල් අතේ...........

16 comments:

  1. සින්දුවක් වගේ ගායනා කරන්න පුළුවන්. ලස්සනයි පද වල.

    ReplyDelete
  2. කවි ටික හරිම ලස්සනයි.................... සුපර්

    ReplyDelete
  3. http://sinhala.lankanewsweb.net/index.php/features/cyber-wall-lankanewsweb/17711-2015-07-13-08-41-44

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ දිරි ගැන්වීම් මට ශක්තියක්

      Delete
  4. හොඳින් කිව්වට අහන්නේ නෑ.

    ඒයි වස්සලා නංගී .. මේක වර්ඩ් වල ලියලා ,එතනින් කොපි කරලා නෝට් පෑඩ් එකට පේස්ට් කොරන්ඩ අරී
    ඊට පසේ නෝට් පෑඩ් එකෙන් කොපි කරලා , බ්ලොගේ අලවන්ඩ අරී ..
    එතකොට ඔය අකුරු වටේට සුදු පාට වෙන එක නවතිනවා අරී

    ඔන්න ආයේ කියල්ලෑ අරී , අපි නාක මුනියා කොරන්ඩ එපා අරී

    ReplyDelete
    Replies
    1. සමාව භාජනයකට දාන්න ඉවානයෝ......මට හදිස්සියට උපදේසේ අමතක වුනා නොවැ......

      Delete
  5. අපූරුයි ... ජය!!

    ReplyDelete
  6. මොනවද මේ ලියන ඒවා???
    අනේ මන්දා!! එකපාරටම මෙනවාහරි තෙලක් පෙවිලද කොහෙදෝ??
    දිගටම ලස්සනට ලියනවනේ!!

    ReplyDelete
    Replies
    1. ආ තෑන්කුයි රූපෙ මලයෝ

      Delete
  7. සුපිරිම..................!!!!! තව ඕනේ..

    ReplyDelete