Friday, July 10, 2015

දයාබර නුගේගොඩ.


දයාබර නුගේගොඩ
අදත් ඒ වගේමයි
දහසක් මතක සිත දරා
නිහඩවම නිසලවම....
සිහිලැල් බෝධි පාමුල
ඉපදුනු සොඳුරු සෙනෙහස
කවියක්ව රැකගත්
නොමල හදවත නුඹ නුගේගොඩ....
ආදර දබර විඳගෙන
උණුසුම් සුසුම් මැනගෙන
එදත් මේ වගේමම
බලාහිටියා නුඹ නුගේගොඩ..
සීන පොදි විසි කොට
නික්ම ගියපසු මා සඳ
දෙනෙතින් ගැලූ දුක් කඳ
දරා ගත්තෙත් නුඹ නුගේගොඩ...
මෙතරම් කලක පසුවත්
දැනේ සුපුරුදු උණුසුම
මියගිය මතක පණ දෙන
හදේ කොටසකි නුඹ නුගේගොඩ
ඩබ්.කේ
2015/07/10

6 comments:

  1. හ්ම් මටත් ලීවහැකි කුරුණෑගල ගැන හිහි
    අපි දන්නවැයි නුගේගොඩ
    අපූරුයි

    ReplyDelete
  2. ස්තූතියි මහේෂ්...ලියමු බලන්න එහෙනම් කුරුණෑගල ගැන

    ReplyDelete
  3. වටෙන් එන එංජින් හෝන් නද..
    උඩින් එන කාක් වසුරු පිඩ
    විටින් විට යන එන මිනිස් කැල
    කොයින්ද ඔය කියන නුගේගොඩ සැනසුම..

    ReplyDelete
    Replies
    1. ආදරය කරන ාකාලෙ කාටද අනේ ඔවුව දැනෙන්නේ

      Delete
  4. අගෙයි කවි පද ටික................... මතකයන් හාරා අවුස්සලා වගේ

    ReplyDelete
    Replies
    1. ස‘තුතියි කුරුටු.ඔවු ඔවු අවුරුදු 4කට එහා මතකයක්

      Delete