Wednesday, July 1, 2015

මමත් අම්මා කෙනක්





සඳ දිය දොවා ගෙනැවිත්
තරු කැට සමඟ ගවසා
සුදු නෙළුම් යහනට
වැඩමවන්නේ කෙලෙස නුඹ මම.....

සුදු ගවුම පොඩ කොට
පොත් මිට අතුල යහනත
නිකලැල් සෙනෙහෙ හොරු ගත්
ළඳු කැලේ ගැන නොකියවමි මම....

ධවල ඇත් පොව්වෙක්
පැදකුණු නොකල යහනක
නින්දා වළඳමින්
කඳුලැල් පොවමි කිරි කොට......

ආදර දෙවොල ඉදිකොට
ගිලිහෙන විටදි සළුපොට
සිතිවිලි ලෙහී විසිරුණ
සැනින් දුටුවෙමි සැබෑ නිරුවත....

ගුගුරවා මිහිකත
හැංගී අකුණු පහරක
වැඩිය මුත් කුස යහනට
නුඹත් කැකුලකි සුවඳ විහිදන.....
පොරු මස්තක නැතිවම
කිරි බර ඉසිදු දෙතනට
දහසක් නුරා නෙත්
හී සර විදී දින දින......

නින්දා රසය දැන දැන
මගේ  දුක් විල පිපි නුඹ
විසිරුණ සිහින පොදි බැඳ
සඟවයි සිතේ තැන තැන....

කිරි කවඩි නැති මුත්
පෙණ පිඬු විසිර ගිය මුත්
නොපියවා නුඹ නෙත්
නිදන් පුත ඉර එබෙයි අපටත්.....

13 comments:

  1. සුදු ඇත් පොව්වෙක් සුදු පියුම සොඩින් ගෙන
    පදකුණු නොකලත් සිරියහනේ
    පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු
    මට රජ පැටියෙක්

    හන් කිති කවමින් කුසතුල සක්මන් කරනා
    නුබ දගයෙකු වී දැයි නිකමට මෙන් මට සිතේනා
    පැටියෝ.... නුබ දුවෙකු උනත් මට පුතෙකු උනත් නුබෙ හිස පලදන්නේ
    වෙනසක් නැති එක ආදරයයි ආදරයයි ආදරයයි..

    කුසතුල දරුවැයි මතු බුදුවන පෙරුමන් නෑ
    ලෙය කිරි කර පෙව්වැයි උදම් අනන්නට රිසි නෑ
    පැටියෝ.... නුබ දුවෙකු උනත් මට පුතෙකු උනත් මා නුබට පුදන්නේ
    සැබෑව දිදුලන ජීවිතයයි ජීවිතයයි ජීවිතයයි..

    https://www.youtube.com/watch?v=CQnjyWPeBKw

    ReplyDelete
    Replies
    1. හ්ම් හිතට කතාකල සිංදුවක් ඉවාන්

      Delete
  2. විනාඩි 15ට වැඩිය කල්පනා කරලත් තේරුනේ නෑ.....
    ඒ වුනට පට්ට....තේරුන ගමන් ආයේ එනවා...

    ReplyDelete
    Replies
    1. මලේ උ.පෙ ලඟ හින්ද ඔයාගේ මොලේ පිරිල හින්දයි...විභාගෙ ඉවරවෙලා කියවලා බලන්නකෝ

      Delete
  3. ලස්සනයි කවිය
    කවි රිප්ලයි කොටන්න බැර්වට දුකයි

    ReplyDelete
  4. ලස්සනයි කවිය
    කවි රිප්ලයි කොටන්න බැර්වට දුකයි

    ReplyDelete
    Replies
    1. අයියෝ හිතන්න එපා මහේෂ්...ඇවිත් ගිය එකම මදැයි

      Delete
  5. //නිදන් පුත ඉර එබෙයි අපටත්.....//

    මම ආසම යෙදුම මෙතැනයි වත්සලා, මුළු කවියේම එලිය අන්තිමේ මෙතනට ගොනු වෙලා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අල්තයිර්..මමත් ඒ යෙදුමට හරි ආසයි

      Delete
  6. ලඟදීම කිරි සුවඳ ඉතිරේවා.. සුභ සිහින ඉටුවේවා!

    ReplyDelete
  7. හපොයි මිත්තරේ..තැන්කුයි වේවා!

    ReplyDelete
  8. හ්ම්. මොනවා කියන්නද කියලා හිතුවේ.. කොහොම උනත් අම්මා කෙනෙක්ට දරුවන්ව වටිනවා.. හුඟක්..

    ReplyDelete
  9. ඇත්ත අවජාතක දරුවෙක් උනත් අම්ම කෙනෙකුට මැණිකක්

    ReplyDelete