Thursday, July 16, 2015

කැලයක උපන් මල් වත්තක මතක සුවඳ පොද - 13 කොටස උදේ රැස්වීමේ රියහසල් එක


9 වසර ඒ පංතිය ගිය සතියේ උදය රැස්වීම සංවිධානය කල දිනයේ පටන් තාම අටේ පන්තියේ සිටින මගේ දරු රොත්තටත් උදය රැස්වීමක් සංවිධානය කිරීමේ උණක් පහල විය.පොඩි උන්ටික වැඩේ අනාගෙන ළමයි 365ක් ඉදිරියේ චාටර් වී යාවි යැයි බියක් දැනුනත් පොඩි උන්ගේ එඩිතර කම හමුවේ මම මගේ සිතිවිලි හකුලා ගතිමි.
අනතුරුව එළඹියේ විශේෂාංග බාර දීමේ අවස්ථාවයි.සාමාන්‍යෙයන් සිදු වන්නේ ප්‍රධාන විශේෂාංග කිහිපයටවත් ළමුන්ගේ ප්‍රමාණවත් තරම් ඉදිරිපත් නොවන නිසා බලෙන්ම විශේෂාංග ඔවුන් වෙත පැටවීමයි...සබකෝලය ඉහවහා ගිය ඔවුන්ගෙන් ඇතමෙක් අදාල දිනයේ පාසල් නොපැමිනීමද සාමාන්‍ය සිද්ධියක්  විය.

නමුත් මට මුහුණ දීමට සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් අකරතැබ්බයකටය.පන්තියෙන් වැඩි දෙනෙකුට කුමක් හෝ ඉදිරිපත් කිරීමට වේදිකාවට නැගීමට උවමනා විය.ළමුන් 22 දෙදෙනෙකුගේ විශේෂාංග 22ක් වේදිකාව මත දිග හැරෙද්දී වේදිකාව දෙස බලා සිටගෙන සිටින ළමුන්ගෙන් අඩක්වත් සිහිසුන්ව යාමේ අවදානමක් ඇති බැවින් කුමක් කරන්නදැයි සිතා ගත නොහැකිව මම හොල්මන් වී ගියෙමි.
අවසානයේ දමිළ ගීතයක්,ඉංග්‍රිසි කතාවක්,දවසේ පුවත් විස්තරයක්,ලිපියක්,ජන ගායනයක් ඔබා යන්තම් වැඩි දෙනෙකුගේ හිත සැදීමට මට හැකිවිය.

අවධානමකට පෙර සූදානමක් තිබිය යුතු බැවින් මම මගේ ඉතිහාසය කාලජේදය වැය කලේ උදය රැස්වීමේ පෙර පුහුණුවක් පැවැත්වීමටයි.හදිසියේ මගේ ඔළුගෙඩියට රිංගා ගත් මේ අදහස නිසා විශේෂාංග සඳහා සූදානම් නොවූ දරුවන් අමාරුවේ වැටුනෝය.විශේෂයෙන් දවසේ පුවත්  ලබා ගත යුත්තේ ඉදිරිපත් කිරීම කල යුතු දිනයේ උදෙන්ම බැවින්  රියහසල් එක දිනයේ ඉදිරිපත් කිරීමට ඔවුන්ට පුවත් නොවීය.
නමුත්පසුබට නොවූ ඔවුන් එය ඉදිරිපත්කලේ මුළු පන්තියම සිනා සාගරයේ ගිල්වමිනි..


පුවත් සංස්කරණය -8 වසර ඒ

ඉදිරිපත් කිරීම  -ජීවන්ත ශශීක නාමල්
                      -සප්න ඉමෂාන්

මෙන්න දවසේ ටකරං පුවත්

සිරස්තල
කුඩා අලියා මරුට
ටිං ටිං නෝනා මරුට
ඔබේ දරුවාට විශේෂ පානයක්
ඇමරිකාව කුඩේ කුඩු


දේශිය පුවත්
දැවැන්ත කූඹියා සමඟ සටන් වැදුනු  කුඩා අලියා මරුට
තම ස්වාමිපුරුෂයා වූ තම්බි මල්ලී සමඟ දබර වූ ටිංටිං නෝනා කංකුං ගසේ එල්ලී මරුට
ඔබේ දරුවාගේ ඈලි මෑලි ගතියට ලෑලි කෑලි දෙකක් තම්බා හුළං කළං එකක් සමඟ දෙන්න


විදේශ පුවත්
ඇමරිකාවට වැටුනු පරමාණු බෝම්බයකින් හිරෝෂිමාවේ කූඹි තුන්දෙනෙක් මරුට


ක්‍රීඩා පුවත්
මුල් වතාවට වොලි බෝලයකින් ක්‍රිකට් ගසයි


පාසල් පුවත්
නා ගසේ කොළයක් වැටෙයි (අප පාසල් මිදුලේ පෞරාණික පෙනුමින් යුත් දැවැන්ත නා ගස් දෙකකි.ඉන් එකක් තට්ටු දෙකකින් යුතු ගොඩනැගිල්ලක ඉහල මාලයේ වූ මගේ දරුවන්ගේ පංතිකාමරය ආසන්නයේම ඇත.“නා ගසෙන් කොළයක් වැටීම පාසල් පුවතක් වූයේ ඒ නිසා විය හැක.)


මම එවෙලේ නම් මුළු පන්තියම සමඟ එක්ක බඩ බදාගෙන හිනා වූ බව හැබැයි.නමුත් පසුව නිවී හැනහිල්ලේ කල්පනාකර බලද්දී මගේ දෑසට ඉණුවේ කඳුලක්.ඒ උඹලාගේ නිර්මාණශීලී බව නිසා උපන් සතුටු කඳුලක්.
උඹලා තාම පුංචි දරුවෝ...තව මම වසර දහයකින් උඹල අතරින් ප්‍රෙඩී සිල්වාකෙනෙක්වත් ,මිස්ට බීන්  කෙනෙක් වත් බලාපොරොත්තුවෙන්නේ නෑ.ඒත් උඹලා හාස්‍ය අඳුනනවා.උඔලා හිනාවෙන්න අනිත් අය හිනස්සන්න දන්නවා. දහසක් ගැටළු මැද හිනාව සොයාගන්න දැනටමත් උඹලා දන්නවා.එය උඔලාගේ ජීවිතය රසවත් කරාවි.උඹලා අනිත් අයගේ ජීවිතත් රසවත් කරාවි.මටත් උවමනා එච්චරමයි.




ප.ලි - මගේ දරුවන් අද උදෑසන රැස්වීම මෙහෙය වන ලදී.8 වසර දරුවන්ගෙන් බලාපොරොත්තු විය නොහැකි තරම් හොඳින් ඔවුන් එය ඉටුකල බව මගේ පුද්ගලික මතයයි.වාසනාවට උදෑසන රැස්වීම වෙනදාට වඩා දිග් නොවීය.කලන්තය දැම්මේ යන්තම් 5ක් හෝ 6ක් පමණි.

11 comments:

  1. පොඩි උන් ටික නම් එල.....
    මගේ මතය නම් උදේ රැස්වීම් වැඩක් නෑ කියලයි!!! ප්‍රින්සිපල් කයිවාරුව ගහලා ඉවර වෙනකම් ගිනි අව්වේ හිටන් ඉන්ඩ වෙන එක මෙලෝ වැඩකට නැති දෙයක්!! ඕක ගැන ටීචර්ලා හිතන්නේ ඒවා කරන එකෙන් ළමයින්ගේ නායකත්ව ගති දියුණු වෙනවා කියලා...මොන බොරුද?
    එකෙන්ම උදේ රැස්වීම් තේරුමක් නෑ...

    ReplyDelete
    Replies
    1. දරුවන්ගේ ඉදිරිපත් කිරීමේ හැකියාව දියුණු කරන්න මේක වටිනවා මලේ.ප්‍රින්සිපල් කරන්නේ විනාඩි 5න් දැනුම්දීම් ටික කියලා ස්තූති කතාව කරනවා විතරයි.අනිත් සේරම කරන්නේ දරුවෝ.

      මේකෙ තේරැමක් තියනවා.එකෙන්ම

      Delete
  2. අපේ උදේ රැස්මීව් නං අර රූපෙ කියපු මොඩල් එකමතමයි
    ඒත්
    හැම සතියකම සිකුරාදට තියෙනව රැස්වීම් වගේ ඒත් රැස්වීම් නොවෙන ඒව.. ඒවගෙ සම්පූර්ණ පාලනය ළමයි.. හතර වසරෙ ඉදන් 12 සහ 13 වසර දක්වා මේ රැස්වී ම් තියෙනව...
    මේ සතියෙ සාහිත්‍ය නම් ඊළග සතියෙ බුද්ධ ධර්මය හා අෙනකුත් අාගම් තවත් සතියක සමාජීය විශයන් සම්බන්ධ රැස්වීම්...
    ඒක ඒක විශ්ෂාංග ෙම් හැම රැස්වීමකම තියනව.. ඒ්ත් සතියකට සැරයක් පවත්වන ප්‍රධාන රැස්වීම නං අර රූපය කිව්ව වෙග් ෙබා්රිං තමයි කරන්ෙන ළමයි උණත් සෑර්ලයි මැඩම් ලයි කතා අහන්න ගියාම සංසාෙර ඒපා ෙවනව..
    අරක ෙශ්‍ර්ණි ෙවනම තිබ්බත් ඒ්ක තියන්ෙන 6 වසර පංති වලිං ඉහළ හැම ළමයටම..
    අන්න ඒ්ෙක නං කලන්ත කාරෙයා ඔ්න තරං
    හිහි

    ReplyDelete
    Replies
    1. අපේ සාමාන්‍ය රැස්වීම නම් පන්සිල් අරං ව්‍යායාම කරලා ගුරුවරයෙක්ගේ විනාඩි 5ක විතර කතාවකින් ඉවර වෙනවා.ඒ කියන එවුවට නම් ළමයි වැදි අවධානයක් දෙන්නෑ.ඒත් බ්‍රහස්පතින්දා එයාලමනේ කරන්නේ.සිංදු එහෙමත් තියන හින්දා හොඳට අහගෙන ඉන්නවා.මෙච්චර කල් ඕක කලේ උසස්පෙල ශිෂ්‍යනායකයෝ.වෙනස පටන් ගත්තේ 9න්.ඒක දැකලා තමයි අපේ උන්දෙලත් ඇවිස්සුනේ

      Delete
  3. මාරු පොඩි උන් ටිකනේ

    ReplyDelete
    Replies
    1. මරුදත් කියලා අහනවා ඉවාන්.මරේ මරු

      Delete
  4. මට නම් හිතුනේ අපේ කාලේ අටේ පන්තියේ දී මේ වගේ දෙයක් කළා නම් ඔච්චර මරණ ගැන ලියවෙන්න තිබුණේ නෑ කියායි.

    ReplyDelete
    Replies
    1. දැන් ප්‍රවෘත්ති බැළුවම රහ කරල කියන්නේ මරපුව ගැනනේගඒව ළමා මනසට කා වැදිලා ඇති නිවැරදි පම්ප්‍රදාය ඒක තමයි කියලා.අනේ මන්දා රසික.අපි ළමයි කාලෙ වගේ නෙමෙයි දැන්

      Delete
  5. ළමයින් ගේ හොඳම උපහාසය තමයි අර නා ගසෙන් කොලයක් බිම වැටීමේ කතාව. එයින් හැඟවෙන්නේ නොනිල වාරණයක් ගැනයි නේද?

    නැතිනම් ඔය තරම් මරණ ගැන සහ වෙනත් දේ ගැණ උපහාස කතා කියූ ළමුන් පාසල ගැන එවැනි කිසිවක් ලියා නැත්තේ ඇයි? ස්වයං වාරණයක්! එය එලියට ඇවිත් තියෙන්නේ ඒ නොවැදගත් පුවත ඉස්මතු කර පෙන්නීමෙන්.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා රසික ඉස්කෝලෙ මොකෙක්වත් මැරුනා කියන එක හරි මදි හින්ද වෙන්න ඇති.අනිත ඉස්කෝලෙ ගුරුවරයෙක් ඉස්සරහනේ කියවන්නේ.

      Delete
  6. නිර්මාණාත්මක පරපුරක් තැනෙන හැටි හා තනන හැටි. හදවතින්ම සතුටුයි. අදයි මේ පැත්තට ආවේ මම.

    ReplyDelete