Monday, August 3, 2015

විලේ කළු තාරාව මං

දෙනුවරක් කළඹා
පියුමක් ලෙසට පහලව
දවසින් දවස හැඩ වුන
විලේ රණ තිසරෝ
මමයි ඒ දෙව්දත්
විලේ කළු තාරාවා...............

නෑසිය පිරිවරා
ලෝකෙට ශිල්ප දක්වා
මා නැගනි පැහැර ගත්
විලේ රණ තිසරෝ
මමයි ඒ දෙව්දත්
විලේ කළු තාරාවා...............

නුඔ ලොවට හිරු වී
මා තරු නිවා දැමු විට
වෛර පිරිමහනු මිස
පෙම් කල හැකිද කියපන්
මමයි ඒ දෙව්දත්
විලේ කළු තාරාවා...............

ඉතින් ගල් හෙලනු මිස
නාලාගිරි එවනු මිස
දුණු දිය අදිනු මිස
මෛත්‍රීකල හැකිද දැන් මට
කියන්  රණ තිසරෝ
මමයි ඒ දෙව්දත්
විලේ කළු තාරාවා...............

එය පාපායක් වද
අපා ගත කලේ මා අද
මට ඉඩ බිඳක් නුදුන්
නුඹ නිවැරදිද හැම විට
කියන්  රණ තිසරෝ
මමයි ඒ දෙව්දත්
විලේ කළු තාරාවා............

16 comments:

  1. කවි ටිකනම් පංකාදුයි............ සුපිරියි........

    ReplyDelete
  2. දෙව්දත් කියල ලිව්වනම් වඩාත් හොඳයි....:)

    ReplyDelete
    Replies
    1. මලා දැන් හදන්න යනවෝ

      Delete
  3. මේ මොකද අනේ author කියන එකාව හම්බුනොත් හම ගහනවා මගේ කමෙන්ට් රිමූ කලාට

    ReplyDelete
  4. වෙනස් ඇහැක්.. දෙව්දත් ට උනත් කියන්න කතාවක් ඇති.. අපි අහල තියෙන සුදුම සුදු කතා ගොඩාක් වෙලාවට මේ වගේ..

    ReplyDelete
    Replies
    1. අනිවා මිත්තරේ..මාත් හිතන්නේ කට්ට කළු හරි කිරි සුදු හරි චරිත මෙි ලෝකේ නෑ කියලා....

      Delete
    2. අනිවා මිත්තරේ..මගේ විස්වාසය නම් කට්ට කළු හරි කිරිසුදු හරි චරිත ප්‍රායෝගික ලෝකේ නෑ කියලා

      Delete
  5. ///නෑසිය පිරිවරා
    ලෝකෙට ශිල්ප දක්වා
    මා නැගනි පැහැර ගත්///

    මේ සිද්ධිය පොඩ්ඩක් පැහැදිලි කරන්න...

    ReplyDelete
    Replies
    1. ඇයි දෙයියනේ දේව දත්ත පරදවලා ශිල්ප දක්කලානේ යශෝදරාව දිනාගත්තේ

      Delete
    2. ඒකත් එහෙම වෙලා රත්තරන් තැටියටත් කෙළවෙලා (තව මට මතක නැති ඔක්කොම දේවලුත් වෙච්ච) මානසික පීඩාවට පත්වෙච්ච මනුස්සයෙක් ද එතකොට ඒ...
      හැබැයි තමන්ට එහෙම දේවල් පෙර ආත්ම වලදී සිද්ධ උනා කියල දෙව්දත් දැනගෙන ඉන්න විදිහක් නැහැ නේද...?

      Delete
  6. උඹට පවු සිද්දවෙයි හොඳේ...අපි දන්නේ නෑ

    නියමයි නංගී.ජය වේවා...

    ReplyDelete
    Replies
    1. නෑ...නෑ කටුස්සෝ මං බුදු දහමට අපහාස කලා නෙමෙයි හොඳේ..පාට මාරු කරලා හරියට බලන්ඩෝ

      ඉස්කෝතුයි

      Delete