Saturday, October 31, 2015

කල් ඉකුත් වූ සමනලී


නිවෙන දැල්වෙන පහන් අබියස
මැලවෙලා ඇත මගේ තරු නෙත
ඇයිද මිතුරනි අස්ප වේගෙන්
ඉගිල යන්නේ මගෙන් ඉවතට......

මිහිරි දෙව් සයනයන් මත්තේ
මගේ සිතගත සතපවපු බව
මගේ රොන් සුනු උරා බිව් බව
නුඹලගෙ මතකයේ දැන් නැති........

සඳළුතලයේ  සුරඟනුන් ලඟ
නොතිබි සුවයක් මගෙන් ලද මුත්
ඒ අතීතය සිහිනයක් බව
හඩන කුස මයි කියා දෙන්නේ...

එදා දොඩමළු නෙත් ගිලී ගොස්
සොඳුරු ඉඟි බිඟි අද දෙන්න බෑ
ඇපල් දොකොපුල වැලලිලා ඇත
මුදු හාදු තවරන්න බැරි ඇති..

නමුත් නිතරම හඩනවා දැන්
නිමි වසන්තය කුස දන්නෙ නැති
මටම පමණක් හිමි සිසිර යම
මහතුනේ නුඹලට අහිමි ඇති.............

5 comments:

  1. නීල තරු නෙතු
    මසිත කළඹන
    කුමට පිපුණිද
    නුවන් අද්දර...
    රිදෙන නෙතු අග- කඳුළු සඟවා
    සැලේ නුඹෙ - ඉඟි බිඟි සිනාවත
    පාව යන සිහිනයක සතපා
    නුඹෙ නමට තැනු මනෝ මන්දර
    අසම්මත සමනල් සිහිනයෙන්
    සමුගනිමි මං නුඹෙන්
    සදහට...

    ඔන්න මං දන්න හැටියට උත්තර ලීවා ටීචර්. අද මං එක. ලස්සනයි ඔයාගේ පෙල ගැස්ම. අනේ මන්දා අමරසිරි පීරිස් මහත්තයගෙ ලඳුනේ සිංදුව මතක් වෙනවා මේකත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුජීව.ඔයාගෙ කවිය හරිම ලස්සනයි.ලස්සන වචන ටික

      Delete
    2. ස්තුතියි. දිගටම ලියන්න. රසවිඳින්න බලන් ඉන්නවා.

      Delete
  2. Nimi wasanthaya kusa danne nathi.. ehema neweyi hemanthayeth mal pipena bawa kusa dannawa.. ekai.. ☺

    ReplyDelete
    Replies
    1. මිත්තරෙත් දන්න දේවල්...

      Delete